Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post
Market Place

Add an ad

View all ads

Latest topics

» PLC Script dividend @ Rs 14.20.. please mention suggestions...
by ddrperera Yesterday at 4:45 pm

» srilanka regulator charges two over Manipulation
by Capton KIng Cool Yesterday at 3:29 pm

» Dankotuwa pocelin launches-ivory -grade
by Capton KIng Cool Yesterday at 3:23 pm

» Dankotuwa pocelin launches-ivory -grade
by Capton KIng Cool Yesterday at 3:22 pm

» http://www.ft.lk/news/Controversial--Takeover-Act--repealed-by-Parliament/56-680434
by Capton KIng Cool Yesterday at 3:18 pm

» Keep eye on Politics
by samaritan Yesterday at 2:48 pm

» LLUB Pattern reversed. Good buy @60, target +20%
by Teller Yesterday at 11:38 am

» Triple Bottom Reversal
by signals20 Yesterday at 10:31 am

» collect LLUB AND LEDV AND ECL ALONG WITH BFN
by nuwanmja Yesterday at 9:07 am

» LLUB in RISK...Government opened a Plant in Muthurajawela...Becareful
by MarketWch Yesterday at 8:30 am

» USD Bond Issue 3 times over Subscribed.
by ranferdi Tue Jun 25, 2019 3:18 pm

» HEXP 2ND DIVIDEND
by Cricketman Tue Jun 25, 2019 5:21 am

» AEL Recommendation @ 14...
by ddrperera Mon Jun 24, 2019 9:20 pm

» Cut your losses without sinking in it, that's the only way to win in a falling market.
by bhanu Sun Jun 23, 2019 7:38 pm

» Senthilverl Drives Sri Lanka Stock Market Turnover to hit Rs.2 billion
by samaritan Sun Jun 23, 2019 10:57 am

» Dockyard can go beyond 60/-
by hammurabi Sun Jun 23, 2019 10:53 am

» lOFC definitely will hit 6/-
by BANDB Sat Jun 22, 2019 8:31 am

» Why should we elect Naganada kodi..as our next president
by Yahapalanaya Sat Jun 22, 2019 4:56 am

» SAMP Oversubscribed?
by Agape Fri Jun 21, 2019 4:52 pm

» LOFC - LDEV -EXPO ....BULL RUN TIME FOR COLLECTION ..
by Aruna Chandana Fri Jun 21, 2019 1:26 pm

» NEXT RUN People's leasing and Finance WAIT AND WATCH ENJOY RIDE..
by ddrperera Fri Jun 21, 2019 12:04 pm

» SME M&A opportunity
by raheem72@gmail.com Fri Jun 21, 2019 11:41 am

» CIND , 10% guaranteed return
by Teller Fri Jun 21, 2019 2:46 am

» Look PAP Amazing company
by Teller Fri Jun 21, 2019 2:44 am

» Bottom of market
by Teller Thu Jun 20, 2019 10:52 pm

» Triple Top Reversal pattern
by Teller Thu Jun 20, 2019 9:16 pm

» BFN - PRIVATE PLACEMENT ANNOUNCEMENT TO COME SOON
by mahasona2 Thu Jun 20, 2019 1:00 pm

» Why AAIC Should trade above RS.50/-
by wisdom79 Thu Jun 20, 2019 12:38 pm

» PAN ASIA POWER
by Nuwan Samarawickrama Thu Jun 20, 2019 10:33 am

» Aluf will be better
by wisdom79 Thu Jun 20, 2019 8:50 am

» Stop promoting garbage. Don’t get deceived.
by wisdom79 Thu Jun 20, 2019 8:46 am

» RICH is not bad @ 9/-
by Teller Thu Jun 20, 2019 3:18 am

» BFN බොරු සෙලින් දාලා කොහොම හරි 11 වගේ ගානට 500000 එකතු කරගන්න කියලා අර 14 ට ලක්ශයක් සෙලින් දැම්මේ මේ ටේලර් මහත්තයාම තමයි
by Teller Thu Jun 20, 2019 3:16 am

» Be careful with HVA and LITE
by Teller Thu Jun 20, 2019 3:11 am

» WATA future looks good
by Teller Wed Jun 19, 2019 10:00 pm

» If i am the EPF buyer,I will go for PLC
by Teller Wed Jun 19, 2019 9:59 pm

» THE CURSE ON JKH
by Teller Wed Jun 19, 2019 9:04 am

» Why we should buy AEL.N0000…?
by Miss-Sangeetha Wed Jun 19, 2019 7:45 am

» The Curse Of AEL
by Yahapalanaya Tue Jun 18, 2019 11:06 pm

» 8 Finance companaies to be closed very soon
by samaritan Tue Jun 18, 2019 8:52 pm

» Copreus (Pvt) Ltd - Need some Information
by Copreus Tue Jun 18, 2019 12:44 pm

» BALA can come down to 9/-
by Teller Tue Jun 18, 2019 12:27 am

» MARKET UP......BUT BFL....GRAN....TAFL......
by Trader321 Mon Jun 17, 2019 4:31 pm


You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » කොටස් වෙළඳපොළේ කතා » කොටස් වෙළදපොල සිංහලෙන්

කොටස් වෙළදපොල සිංහලෙන්

Go to page : Previous  1, 2, 3

Go down  Message [Page 3 of 3]

K.Haputantri

K.Haputantri
Co-Admin
First topic message reminder :

study කොටස් වෙළදපල ගැන සිංහලෙන් ලියැවුනු පාඩම් විරලය. එබැවින් මෙම පාඩම් මාලාව පල කිරීමට කලක සිට අදහස් කලෙමි. කෙසේ වෙතත් ඇතැම් ඉංග්‍රීසි පාඨ නිවැරදිව තේරැම් කල හැකි සිංහල වදන් නොමැතිවීම නිසා මෙම කාර්‍ය්‍ය තරමක් දුෂ්කර විය. එබැවින් ඇතැම් විට නව සිංහල යෙදුම් තනන්නටද සිදු විය. විශය මූලික අදහස් වලට අමතරව මවිසින් යොදා ඇති නව වදන් වෙනුවට වඩාත් සුදුසු වෙනත් වදන් ඇත්නම් ඒ ගැනද තම අදහස් පල කරන මෙන් ප්‍රවීණයන් ගෙන් ඉතා කරැණාවෙන් ඉල්ලා සිටිමි. ඉඩ ලැබෙන හැටියට සෑම මසකම පලමු වැනිදින මෙම පාඩම කොටස් වශයෙන් පල කිරීමට අදහස් කරමි. මෙයින් නවක ආයෝජකයනට යහපතක්ම වේවා!
Copy rights reserved අවසර නොමැතිව පිටපත් කිරීම උපුටා පල කිරීම තහනම්.


කොටස් වෙළදපල සිංහලෙන්- පාඩම අංක 01


පෙර සූදානම හෙවත් විවිධ ආයෝජන අවස්ථා හඳුනාගැනීම

තම ඉතිරි කිරීම් ආයෝජනය කිරීමේ වැදගත් කම අවබෝධ කරගත් පසු ආයෝජනය කිරිමට ඇති විවිධ ක්‍රමවේද සහ අවස්ථා හඳුනා ‍ගෙන ඒ අතරින් තමන්ට සුදුසුම ක්‍රම වේදය තෝරා ගැනීම ඉතා වැදගත් කරැණකි. ක්ෂණික හැඟීම් වලට වහල් නොවෙමින් ද නොමඟ යවනසුලු ප්‍රචාරක උපක්‍රම වලට හසු නොවෙමින් ද වෙහෙස මහන්සියෙන් උපයා ගත් තම ධනය ඉවසී‍මෙන් සහ මනා අධ්ය්‍යයනයකින් තෝරා ගත් ආයෝජන සැලැස්මක යෙදවීම මනා සංයමයකින් යුතුව කළ යුතු වෙයි.

වාණිජ බැංකුවල ඉතිරි කිරීමේ ගිණුම් පවත්වා ගෙන යාම, මූල්‍ය හෝ කල්බදු සමාගම් වල හෝ ගිණුම් ඇරඹීම, මුදල් ණයට දීම, බැංකුවල හෝ රජයේ සුරැකුම්පත් වල ආයෝජනය, කොටස් වෙළඳපල ආයෝජනය, අනාගතයේදී මිල ඉහල යාහැකි වත්කම් මිලට ගැනීම සහ තම ව්‍යාපාර කටයුතු සඳහාම මුදල් යෙදවීම දැනට ඔබට ඇති ප්‍රධාන ආයෝජන ක්‍රම හා විධි වෙයි.

“ඔබගේ සියලු බිත්තර එකම මල්ලක දමාගන්න එපා” (Don’t put all your eggs in one basket) යන ඉංග්‍රීසි කියමන ආදර්ශ පාඨයක් ලෙස මෙහිලා සිහිගන්වනු කැමැත්තෙමි. මින් අදහස් වන්නේ තම සියලු වත්කම් ඉහත දැක්වූ එක් ආයෝජන ක්‍රමයක පමණක් යෙදවීම නුසුදුසු බවය. එයට හේතු වන්නේ ආයෝජකයාගේ එදිනෙදා අවශ්‍යතාවන් වල වෙනස් කමි හා  එක් එක් ආයෝජන ක්‍රම වල ඇති අවදානම් මට්ටමේ වෙනසත් ප්‍රතිලාභවල ඇති වෙනස් කමුත්ය. කෙසේ වතුදු තම ආයෝජන අනවශ්‍ය ලෙස ආයෝජන ක්‍රම විශාල සංඛ්්‍යාවක නොයෙදවීමටද වග බලාගත යුතුය. (Don”t put your eggs in too many baskets either) ඒ මන්ද යත් එවිට එම ආයෝජනවල කාර්‍ය්‍ය සාධනය පිළිබඳ සොයා බැලීම දුශ්කර බැවිනි. වඩාත් යෝග්‍ය වන්නේ තමන්ට පහසුවෙන් පාලනය කරගත හැකි සුදුසු ආයෝජන ක්‍රම කිහිපයක පමණක් තම ඉතිරි කිරීම් යෙදවීමය.

ආයෝජකයෙකු තම එදිනෙදා සහ කෙටිකාලීන අවශ්‍යතා සඳහා කිසියම් නිශ්චිත අරමුදල් ප්‍රමාණයක් වෙන් කර තැබීම අනිවාර්ය වේ. මෙම අරමුදලේ ප්‍රමාණය එක් එක් තැනැත්තාගේ අවශ්‍යතාවන් අනුව තීරණය කල යුතුය. එම අරමුදල පහසුවෙන් අවශ්‍ය විට ආපසු ලබාගත හැකිලෙස සුදුසු ඉතිරි කිරීමේ ගිණුමක තබාගත හැකිය. වෙනත් ආයෝජන අවස්තා සඳහා සිත යෙදවිය යුත්තේ ඉන් පසුව ඉතිරියක් ඇතිනම් පමණි. එහිලා පහත දැක්වෙන “ප්‍රතිලාභ අවදානම් විශ්ලේශණය” ඔබට ප්‍රයෝජනවත් වනු ඇත.

සරල ප්‍රතිලාභ-අවදානම් විශ්ලෙශනයක්

මෙම ආයෝජන ලැයිස්තුව පරීක්ෂාකිරීමේ දී පැහැදිලි වන්නේ එක් එක් ආයෝජන අවස්ථාව මගින් ලැබිය හැකි ප්‍රතිලාභ එකිනෙකට වෙනස් බව හා ඒවායේ අවදානම් සහගත භාවය ද එකිනෙකට වෙනස් බවය. එබැවින් සුදුසු ආයෝජන ක්‍රම වේදයක් සකසා ගැනීමේදී ප්‍රධාන වශයෙන් එක් එක් පුද්ගලයාගේ ආයෝජන අරමුණු, වයස, මානසික හා ආර්ථික අවදානම දරාගැනීමේ හැකියාව සහ ආයෝජනය පිළිබඳ දැනුම අනුව සුදුසු ආයෝජන කෙරෙහි අවධානය යොමුකල යුතුය.

පහත දැක්වෙන සටහනෙහි එක් එක් ආයෝජන ක්‍රමවල ප්‍රතිලාභ සහ අවදානම පිළිබඳ සරල සංසංදනයක් දැක්වේ.

සටහන

එක් එක් ආයෝජන ක්‍රමවල ප්‍රතිලාභ සහ අවදානම පිළිබඳ සරල සංසංදනයක්

කොටස් වෙළදපොල සිංහලෙන් - Page 3 Screen12


උක්ත සටහණ අනුව කොටස් වෙළඳපල ආයෝජනය උපරිම අවදානමක් සහ උපරිම ප්‍රතිලාභයක් ලැබිය හැකි ආයෝජන විධියක් බව පැහැදිලි වෙයි. කෙසේ වෙතත් මෙම ආයෝජනය බොහෝ දෙනා විස්තර කරන පරිදි ලේසි පහසු කාර්‍ය්‍යයක් නොවේ. කොටස් වෙළඳපල ආයෝජනය පිළිබඳව පොත පතින් පහසුවෙන් උගත හැකි වුවත් ප්‍රායෝගිකව සාර්ථක ලෙස ක්‍රියාවට නැගීම ඉතා අපහසු බව සිහිතබා ගත යුතුය. එය නවකයෙකුට ඉතා අවදානම් සහගත කටයුත්තකි.    

පෙර සූදාන‍මෙහි වැදගත් කම

කොටස් වෙළඳපල ආයෝජනයට එක්වීමට අදහස් කරන නවකයෙකු ප්‍රථමයෙන්ම කල යුත්තේ තමන්ට ගැලපෙන සමබර ආයෝජන ක්‍රමවේදයක් අනුව තම ආර්ථික සුරක්ෂිතතාවය තහවුරැ කර ගැනීමය. ඒ සඳහා තම එදිනෙදා අවශ්‍යතා, කෙටිකාලීන හා මැදිකාලීන අවශ්‍යතා, දිගුකාලීන අවශ්‍යතා ආදී සියලුදෑ හොඳින් අවබෝධ කොටගෙන ආයෝජන අතර සමබරතාව තීරණය කොට අවශ්‍යවූ විට ඒ ඒ අවශ්‍යතා සඳහා නිශ්චය කරනලද අරමුදල අපහසුවකින් තොරව ආපසු ගැනීමට හැකි සහ උපරිම ප්‍රතිලාභ ගෙන දෙන ආයෝජනවල පමණක් ආයෝජනය කිරීමට වගබලාගත යුතුය.

මෙම තීරණය තමන්ට හැර වෙනත් අයෙකුට ගත නොහැක්කේ තම අවශ්‍යතා හොඳින් හඳුනන්නේ තමන් පමණක් බැවිනි. කිසි විටෙක මෙම තීරණය ගැනීම තම ආයෝජන උපදේශකට හෝ වෙනකෙකුට හෝ නොපැවරිය යුතුය. අවශ්‍යම නම් ඔවුනට සවන් දීමේ වරදක් නැත. එහෙත් මෙම කරැණ සම්බන්ධව විසේසඥතාව ඇත්තේ තමන්ට පමණක් බව විශේෂයෙන් අවබෝධකර ගත යුතුය.

මෙම කරැණ වඩාත් හොඳින් අවබෝධකර ගැනීම පහසු කරනු පිණිස යුධ බිමෙන් උදාහරණයක් පෙන්වා දීමට කැමැත්තෙමි. වත්මන් කොටස් වෙළඳපල තුල සාර්ථකත්වයක් ලඟා කරගැනීමට එහිදී යොදාගන්නා ක්‍රමෝපාය වැදගත්ය. යුදය සඳහා හමුදා තර කිරීමට අමතරව ඔවුන් හොඳින් පුහුණු කිරීම, අවශ්‍ය අවි ආයුධ සහ අවශෙෂ උපකරණ සැපයීම, ආහාරපාන සැපයීම, වෛද්‍ය පහසුකම් සැපයීම, කඳවුරැ ශක්තිමත් කිරීම සහ යුදය දික් ගැසුනහොත් රඳා ගැනීමේ ශක්තිය තරවුරැ කිරීම, මානසික ශක්තිය සහ උනන්දුව රඳවා ගැනීම බුද්ධි තොරතුරැ රැස් කිරීම සහ උපායශීලී සැලසුම් ආදී පෙර සූදානම් මෙහිලා තීරණාත්මක සාධක වෙත්. යුදය දරැණු අතට හැරැනහොත් පසුව එය ජයග්‍රහණය කරා මෙහෙයවිය හැක්කේ පෙර සූදානම නිසි ලෙස සිදුවිණිනම් පමණි.

කොටස් වෙළඳපල ආයෝජනයේදී ද තම ප්‍රථම ආයෝජනය නොසීතූ ලෙස අසාර්ථක විණි නම් එයට නොසැලී මුහුණ දීමට මෙම පෙර සූදානම අතිශය ප්‍රයෝජනවත්ය. තම කෙටිකාලීන අවශ්‍යතා කිසිවක් සැලකිල්ලට නොගෙන තම සියලු ධණය කොටස් වෙළඳපලෙහි පමණක්ම යෙදවීම අනුවණ කමකි. කොටස් වෙළඳපල ආයෝජනයට පෙර තම නිවාස කඳවුර ශක්තිමත් කරගත යුතුය. එය යුධයට හමුදාව තර කිරීමට අමතරව කෙරෙන අවශෙෂ කාර්ය්‍යයනට සමානය. කලින් විස්තර කල පරිදි තම එදිනෙදා අවශ්‍යතා, කෙටිකාලීන අවශ්‍යතා, මැදිකාලීන අවශ්‍යතා සහ දිගුකාලීන අවශ්‍යතා හඳුනා ගැනීමද විවිධ ආයෝජන ක්‍රමවල ප්‍රතිලාභ සහ අවදානම හඳුනා ගැනීමද තම අවශ්‍යතාවලට සරිලන පරිදි ආයෝජන ක්‍රමොපාය කල් ඇතිව තීරණය කිරීමද කොටස් වෙළඳපල ආයෝජනයේදී අවශ්‍ය නොසැලෙන මානසික තත්ත්වය රඳවා ගැනීමට අත්‍යවශ්‍යය  වෙයි.        

එමගින් වෙළඳපල උච්ජාවචනයන්ට සාර්ථක ලෙස මුහුන දෙමින් නොසැලී සිටිමටද තමනට දැරිය හැකි මට්ටමේ අවම අවදානමකට මුහුණ දෙමින් උපරිම ප්‍රතිලාභ පහසුවෙන් ලබාගැනීමටද තමන්ටම ගැලපෙන ආයෝජන උපායක්‍රම තමන් විසින්ම සකසා ගැනීමටද හැකිවනු ඇත. ඒ පිළිබඳ තීරණ තමන් විසින්ම ගතයුතු අතර එම තීරණ පිළිබඳ වගකීමද තමන්ම බාරගැනීමට අවංක විය යුතුය.  
මෙම පාඩමින් උත්සාහ දරා ඇත්තේ පාඨකයාගේ මානසික තත්ත්වය කොටස් වෙළඳපල ආයෝජනයට සුදුසු මට්ටමට උසස් කිරීම සහ එකී ආයෝජනය පිළිබඳ දැණුම වර්ධනය කිරීමද හැකිතරම් දුරට එහි අවදානම අවම කිරීමේ උපක්‍රම හඳුන්වා දීම ද වේ.

කිසියම් ආයෝජනයකින් ඉහලම ප්‍රතිලාභයක් ලබා ගැනීම පිණිස හැකි තරම් අඩු වයස් මට්ටමකදී ආයෝජනය ආරම්භ කල යුතුය. ලොව බොහෝ සාර්ථක ආයෝජකයන් කුඩා කල සිටම ආයෝජනයන් හී නිරත වූවන් ය. ඊට හේතුව නම් ආයෝජන ප්‍රතිලාභ කාලයත් සමග සබැඳීව වැඩිවන හෙයින් සහ ආයෝජන පිළිබඳ පලපුරැද්ද කාලය ගත වීමත් සමග තියුණුව වැ‍ඩෙන බැවිනි. එබැවින් තම දරැවන්ට ආයෝජන පිළිබඳ හුරැවක් කුඩාකල සිටම ඇති කිරීම පිළිබඳව දෙමාපියන් උනන්දු වීම වැදගත් වේ. එවිට තමන්ට කල නොහැකිවූ දෙය ඔබගේ ජීවිත කාලය තුලදීම ඔබේ දරැවන් කරනු ඇත.

වයස් ගත වූවන් ආයෝජන නොකල යුතු යයි මෙයින් අදහස් නොකෙරේ. නිසි ක්‍රමොපාය යන් ඉවසීමෙන් යුතුව අනුගමනය කරන්නේ නම් ඔවුනට ද සාර්ථක ආයෝජකයන් විය හැකි ය.[i]



Last edited by K.Haputantri on Fri May 03, 2013 2:00 pm; edited 2 times in total


Roboticfx


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
ක්‍ෂය සදහා තවදුරටත් පැහැදිලි කිරීමකි.

ක්‍ෂය යනු දිගුකාලීන වත්කමක වටිනාකමින් නිශ්චිත ප්‍රතිශතයක්, සෑම වර්ෂයකදී ම වියදමක් ලෙස ආදායම් ප්‍රකාශයට ඇතුලත් කිරිම වේ.

දිගුකාලීන ස්ථාවර වත්කමක් ක්‍ෂය කිරීමට ප්‍රධාන හේතු මෙසේය.

1. නිෂ්පාදනයේදී හෝ සේවා සැපයීම සදහා ස්ථාවර වත්කම් දායක කරගැනීමේ වියදම හදුනාගැනීම.

මෙසේ නොකළහොත් ආයතනය උපයනු ලබන ආදායම් ඉපයීම සදහා වැය කරන ලද නිවැරදි වියදම ගණනය නොවේ. එවිට ලාභය අධි තක්සේරු වනු ඇත.

2. ස්ථාවර වත්කම ගෙවී යාමෙන් පසු නැවත මිලදී ගැනීම සදහා මුදල් රදවාගැනීම.

ක්‍ෂය වියදමක් ලෙස ලාභාලාභ ගණනයේදී ඇතුලත් නොකළහොත් ඇතැම්විට එම ප්‍රමාණය ලාභාංශ වශයෙන් මුදල් මාධ්‍යයෙන්ම පිටතට ඇදී යනු ඇත. එවිට කාලයාගේ ඇවෑමෙන් ගෙවී ගිය වත්කම මිලදී ගැනීමට මුදල් ප්‍රමාණවත් නොවිය හැකිය.

ක්‍ෂය කිරිමේ ප්‍රධාන හා ප්‍රකට ආකාර 2ක් පවතියි.

1. සරල මාර්ග / පිරිවැය මත ක්‍ෂය ක්‍රමය.
2. හීනවන ක්‍ෂය ක්‍රමය / ශුද්ධ අගය මත ක්‍ෂය ක්‍රමය


1.සරල මාර්ග / පිරිවැය මත ක්‍ෂය ක්‍රමය.

ජංගම නොවන එනම් දිගුකාලීන වත්කමක් මිලදි ගැනීමට වැයකළ පිරිවැයෙන්, එම වත්කම භාවිතා කර අවසන් වූ පසු ඉතිරිවන සුන්බුන් විකුණා ලබාගත හැකි මුදල අඩුකළ පසු ලැබෙන අගය, එම වත්කම භාවිතයට ගැනීමට අපේක්ෂිත වසර ගණනින් බෙදීමෙන් වාර්ෂික ක්‍ෂය ප්‍රමාණය ගණනය කරනු ලබයි.

වාර්ෂික ක්‍ෂය ප්‍රමාණය = (වත්කමේ පිරිවැය - සුන්බුන් විකුණා ලබාගත හැකි මුදල)/වත්කම භාවිතා කළහැකි වසර ගණන

මෙහිදී සැම වර්ෂයකම ක්‍ෂය ප්‍රමාණය සමාන වේ. ක්‍ෂය වියදම වාර්ෂික ආදායම් ප්‍රකාශය තුලට ඇතලත් කරනුයේ වත්කම භාවිතා කළහැකි වසර ගණන පුරාවට පමණි. පහත උදාහරණය බලන්න.

ABC සමාගම 2013/1/1 දින රු.600,000 වටිනා යන්ත්‍රයක් මිලදී ගෙන ඇත. මෙම යන්ත්‍රය වසර 5ක් භාවිතා කිරිමේ හැකියාවක් ඇති අතර වසර 5ක් අවසානයේ දී ගෙවීගිය යන්ත්‍රය රු.100,000 කට විකිණිය හැකිය. 2013/12/31 න් අවසන් වර්ෂය සදහා වාර්ෂික ක්‍ෂය ප්‍රමාණය ගණනය කරන්න. (යන්ත්‍රයේ මිල නොවෙනස්ව පවතින බව උපකල්පනය කරන්න.)


වාර්ෂික ක්‍ෂය ප්‍රමාණය = (වත්කමේ පිරිවැය - සුන්බුන් විකුණා ලබාගත හැකි මුදල)/වත්කම භාවිතා කළහැකි වසර ගණන
                       =(600,000 - 100,000)/5
                       =500,000 / 5
                       =රු.100,000

2013 වර්ෂය සදහා ක්‍ෂය ප්‍රමාණය රු.100,000 කි. මෙලෙස වත්කම භාවිත කර අවසන් වනතෙක්, එනම් 2013 සමග වසර 5ක් පුරාවට රු.100,000 බැගින් ක්‍ෂය කල යුතුය.

2013 = රු.100,000
2014  = රු.100,000
2015 = රු.100,000
2016  = රු.100,000
2017  = රු.100,000
එකතුව = රු.500,000

2013 සිට 2017 තෙක් ක්‍ෂය වියදම, 2013 සිට 2017 දක්වා වූ ආදායම් ප්‍රකාශවලට ඇතුලත් කරමින් එම සම්පුර්ණ කාලපරිච්ජේදයේ සම්පුර්ණ ලාභයෙන් රු.500,000ක ප්‍රමාණයක්, ලාභය වශයෙන් සටහන් වීමට ඉඩ නොදී රඳවාගෙන ඇත. එනම් ලාභාංශ වශයෙන් මුදලින් ගෙවීම වලක්වා ගෙන ඇත. ඒ අනුව 2017 වර්ෂය අවසානයේ රු.500,000 ක  මුදලක් ඉතිරිකරගෙන ඇත.

2017/12/31 වන විට මෙම යන්ත්‍රය භාවිතා කර අවසන්ය. එය තවදුරටත් කාර්යක්ෂමව ක්‍රියාත්මක නොවේ. දැන් මෙවැනිම යන්ත්‍රයක් නැවත මිලදී ගැනීම කල යුතුය.
යම්හෙයකින් එම යන්ත්‍රයම භාවිත කළහොත් ඉතා විශාල නඩත්තු වියදම් දැරීමට සිදුවනු ඇත. තව ද, විටින් විට එහි ක්‍රියාකාරිත්වය ඇනහිටීම නිසා සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය ද අතරමග නතර විය හැකිය. එය ඉතා අවාසිසහගත තත්ත්වයකි.

යන්ත්‍රයේ මිල, ගැටලුව තුල සඳහන් වන පරිදි 2017/12/31 දිනට ද රු.600,000ක් වේ.
වාර්ෂිකව ක්‍ෂය කිරීම තුලින් රු.500,000 ක මුදලක් ඉතිරිකරගෙන ඇත. එසේනම් ඉතිරි රු,100,000 ක මුදල සපයා ගන්නේ කෙසේද?

ගැටළුවක් නැත. පැරණි යන්ත්‍රයේ ඉතිරි වී ඇති සුන්බුන් විකුණා රු.100,000 ලබාගත හැකිය. ඒ අනුව නව යන්ත්‍රය මිලදී ගැනීම සඳහා අවශ්‍ය සම්පුර්ණ මුදලම ආවරණය කරගෙන ඇත.
----------------------------------------------------------------------------------------------------
හීනවන ක්‍ෂය ක්‍රමය පසුවට සාකච්ඡා කරමු.




K.Haputantri


Co-Admin
NUINTH - Appreciate your encouraging words.

K.Haputantri


Co-Admin
Roboticfx, appreciate your valuable input. Let us continue this for the benifit of all Sinhala readers.

By the way, what is the Sinhala Font you use. Mine is Bhashitha2, as a result certain words gets separated when posted.

Roboticfx


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Exactly I don't know the font, but I used google sinhala input tool. It's easy and correct.

nihal123


Manager - Equity Analytics
Manager - Equity Analytics
Roboticfx

ඔබට ස්තුතියි

K.Haputantri

K.Haputantri
Co-Admin
ආයුබෝවන්! සුපුරැදු පරිදි මාසයේ පලමුදාම අපගේ පාඩම ඉදිරිපත් කිරීමට නොහැකිවීම ගැන කනගාටු වෙමි. කොටස් වෙළදපොල සිංහලෙන් - Page 3 Icon_study 

පාඩම - 8



මුදල් ප්‍රවාහ ප්‍රකාශ

ආයෝජනයක් කිරීමට ප්‍රථම, කිසියම් සමාගමක එදිනෙදා බිල්පත් පියවීම වැනි කෙටිකාලීන වගකීම් ගෙවීමට සෑහෙන ආදායමක් එම සමාගමට තිබේද?, අනාගත සංවර්ධනය සඳහා බැංකු වැනි බාහිර පාර්ශව වලින් ලැබෙන ප්‍රාග්ධනය කෙරෙහි යැපෙන්නට සිදු‍වී ඇත්ද? යන ගැටලු වලට පිලිතුරැ ලබාගැනීම ආයෝජකයෙකුට අත්‍යවශ්‍ය වෙයි. ඒ සඳහා එම සමාගමෙහි මුදල් ප්‍රවාහ ප්‍රකාශය හැදෑරිය යුතුය. මුදල් ප්‍රවාහ ප්‍රකාශයක සමාගම තුලට ලැබෙන මුදල් හා සමාගමෙන් පිටවන මුදල් ප්‍රවාහ සාරාංශ කොට දක්වනු ලැබේ. සරල මුදල් ප්‍රවාහ ප්‍රකාශයක සැකිල්ලක් පහසුව සඳහා පහත දක්වා ඇත.
 රැපියල්
ව්‍යාපාරික කටයුතු වලින් ලැබෙන මුදල් ප්‍රවාහ 
සාමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලින් ලද මුදල්X
පොලී (ගෙවීම් අඩු කරන්න) ලැබීම් එකතු කරන්නX
බදු (ගෙවීම් අඩු කරන්න) ලැබීම් එකතු කරන්නX
ව්‍යාපාරික කටයුතු වලින් ජනණය කල ශුද්ධ මුදල් ප්‍රවාහයA
  
ආයෝජන කටයුතු වලින් ලැබෙන මුදල් ප්‍රවාහ 
(.ගැණුම් අඩු කරන්න) විකුණුම් එකතු කරන්න - වත්කම්, යන්ත්‍ර සහ උපකරනX
(අත්පත් කර ගැනීම් අඩු කරන්න) වාකිණුම් එකතු කරන්න ව්‍යාපාරX
ආයෝජන කටයුතු වලින් ජනණය කල (උරා ගන්නා ලද) ශුද්ධ මුදල් ප්‍රවාහයB
  
මූල්‍යමය කටයුතු වලින් ලැබෙන මුදල් ප්‍රවාහ 
කොටස් නිකුතුවලින් ලද මුදල් එකතු කරන්න(ස්ව කොටස් මිලදී ගැනීමට ගෙවූ මුදල් අඩු කරන්න) X
නව ණය ලැබුම් එකතු කරන්න (ණය ගෙවුම් අඩු කරන්න)X
ලාභාංශ ලැබුම් එකතු කරන්න(ලාභාංශ ගෙවුම් අඩු කරන්න)X
මූල්‍යමය කටයුතු වලින් ජනණය කල (උරා ගත්) ශුද්ධ මුදල් ප්‍රවාහයC
  
මුදල් සහ මුදල්වලට සමානදෑවල මුදල් ප්‍රවාහයෙහි සමස්ථ වර්ධනය (සංකෝචනය)A+B+C
වසර ආරම්භයේ ශුද්ධ මුදල් ශෙෂය එකතු කරන්නD
වසර අවසන ශුද්ධ මුදල් ශෙෂයA+B+C+D
මෙම සටහනෙහි සිය මුදල් ලැබීම් එකතුවෙන් සිය මුදල් ගෙවීම අඩුකොට වසරේ ආරම්භක මුදල් ශෙෂය එම ප්‍රතිඵලයට එකතු කිරීමෙන් වසර අවසන මුදල් ශෙෂයට ගැලපුම් කර ඇති බව පැහැදිලි වෙයි. ඇතැම්විට වසර අවසන ශෙෂය ධණ හෝ ඍණ විය හැකිය. ඍණ ශෙෂ ඇති සමාගම්වල තත්ත්වය ඉතා අවදානම් සහගත බව කිව යුතුය.

 
මෙම ප්‍රකාශය ආදායම් වියදම් ප්‍රකාශයට වඩා වෙනස් වන්නේ වසරට අදාල මූල්‍යමය නොවන වියදම් සහ ආදායම් නොසලකා හැර මුදලින් කරනලද ගෙවීම් සහ ලැබීම් පමණක් සැලකිල්ලට ගැනීම නිසාය. උදාහරණයක් වශයෙන් වසරට අදාල ගෙවිය යුතු බිල්පත්ද වසරට අදාල ලැබිය යුතු ආදායම්ද මෙහිදී නොසලකා හැර ඇත. වසරට අදාල නොවුවත් අදාල වසර තුලදී ගෙවන ලද වෙනත් වසර වලට අදාල සිය මුදල්ද වසර තුල මුදලින් ලද වෙනත් වසර වලට අදාල සිය ආදායම්ද මෙහිදී ගණන්ගනු ලැබේ.


එහෙයින් මෙම ප්‍රකාශය ආදායම් වියදම් ගිණුමක් නොව සමාගමෙහි ද්‍රවශීලතා තත්ත්වය මතුකොට දක්වන ප්‍රකාශයක් ලෙස සරල ලෙස හඳුනාගත හැකිය. එබැවින් මුදල් ප්‍රවාහ ප්‍රකාශ තේරැම් ගැනීමට ගැඹුරැ ගණකාධිකරණ දැණුමක් අවශ්‍ය නොවේ.

කෙසේ වෙතත් ඇතැම් සමාගම්, කොටස් හිමියන් නොමග යැවීමට අනුගමනය කෙරෙන කවු සැරහුම් වැනි (Window Dressing) උපක්‍රම හඳුනා ගැනීම ආයෝජකයනට ඉතා වැදගත්ය. සමාන්‍ය ව්‍යාපාරික කටයුතු වලින් ප්‍රමාණවත් මුදල් ප්‍රවාහයක් ජනණය නොවන විට වත්කම් විකිණීම මගින් අවශ්‍ය ද්‍රවශීලතාව පෙන්වීම මෙවැනි උපක්‍රමයකි. එබැවින් ආයෝජකයන් සාමාන්‍ය ව්‍යාපාරික කටයුතුවලින් කෙරෙන අරමුදල් ජනණය කෙරෙහි විශෙෂ අවධානයක් යොමු කල යුතුය.

මුදල් ප්‍රවාහ ප්‍රකාශයක් පරීක්ෂා කිරීමෙන් සමාගමට එදිනෙදා බිල්පත් ගෙවීමටද කාරක ප්‍රාග්ධනය සඳහා අවශ්‍ය මුදල් අභ්‍යන්තරව ජනණය කර ගැනීමේ හැකියාවක් ඇත්ද යන්න හඳුනාගත හැකිය. දුර්වල මුදල් ප්‍රවාහයක් ඇති සමාගම් වලට වියදම් අධික මාර්ග වන බැංකු අයිරා වල පිහිට පතන්නට සිදුවනු ඇත. එයින් සමාගමේ ලාභදායීතාවට බාධා ඇති වෙයි. එවැනි සමාගම්වල කොටස් මිලට ගැනීම අවදානම් සහගත බව කිව යුතුය. අඩු පොලියට ණය පහසුකම් ඇති අවස්ථාවලදී සමාගම් වල දුර්‍වල ද්‍රවශීලතාව ගැටවක් නොවන මුත් පොලී අනුපාත ඉහල මට්ටමක පවතින විට මෙම ත්ත්වය ඉතා අවදානම් සහගත බව කිවමනාය. විශ්වාසදායී ධණ මුදල් ප්‍රවාහයක් සමාගමකට අවශ්‍ය වන්නේ එහෙයිනි.   


මෙම පාඩම තරමක් කෙටි වුවද ඒ පිළිබද දැනුම ආයෝජකයනට ඉතා වැදගත් හෙයින් සත්‍ය ශෙෂපත්‍ර ඇසුරෙන් වැඩිදුර අධ්‍යයනය ප්‍රයෝජනවත්ය. ඹබ සැමට ජය පතමි. sunny

nihal123

nihal123
Manager - Equity Analytics
Manager - Equity Analytics
Thanks Hapu

ගැට කවු සිය

K.Haputantri

K.Haputantri
Co-Admin
You are welcome, Nihal.

chap


Senior Equity Analytic
Senior Equity Analytic
ලගදි thread එක update වෙලා නැ නේ  Sad 

90කොටස් වෙළදපොල සිංහලෙන් - Page 3 Empty Font සමිබන්ධ ගැටළුව on Tue Aug 26, 2014 11:00 am

sajith.warushavithana

sajith.warushavithana
Stock Trader
Dear Sir

ඔබගේ Font සමිබන්ධ ගැටළුවට පිළිතුරක් ලෙස,

මා දන්නා තරමින් බොහෝ මුද්‍රණ ආයතන වල භාවිතා කරන Font එක වන්නේ FMAbhaya යි. ඔබ යතුරුලියනය කල ලිපි පෙළ පහත සඳහන් කරන Link (Real Time Unicode Converter) එක හරහා පිවිසී පහසුවෙන් FMAbhaya Font එකට හරවාගත හැකියි. ඔබගේ ලිපි පෙළ ඉතා අගයකළ යුතු වටිනා ලිපි පෙලකි.

converter.malinthe.com/

MAKARA


Equity Analytic
Equity Analytic
WOULD YOU MIND USING ENGLISH TERMINOLOGY (TECHNICAL TERMS) WHEN DESCRIBE IN SINHALA ALSO,,,,Surprised Surprised Surprised Surprised Surprised Surprised Surprised Surprised Surprised Surprised Surprised

NC

NC
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics
Keep up the good work... Exclamation

93කොටස් වෙළදපොල සිංහලෙන් - Page 3 Empty Real Time Unicode Converter on Wed Sep 03, 2014 11:00 pm

IO3+O


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

MAKARA


Equity Analytic
Equity Analytic
is this over,we are waiting more,, this is really great please continue,,,,,Crying or Very sad Crying or Very sad Crying or Very sad Crying or Very sad Crying or Very sad Crying or Very sad Crying or Very sad Crying or Very sad Crying or Very sad Crying or Very sad Crying or Very sad Crying or Very sad Crying or Very sad Crying or Very sad Crying or Very sad Crying or Very sad Crying or Very sad Crying or Very sad Crying or Very sad

rangananwr

rangananwr
Manager - Equity Analytics
Manager - Equity Analytics
Look like good

Eng Krishantha

Eng Krishantha
Expert
Expert
mmmmmmmmmmmmmh

IO3+O


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

sampath.anuradha


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
mata danaganna ona "warrant" kiyanne mokadda ,buy karala thiya gathoth mokada wnne ,ex; 40rs warrant eka 10.10.2014 closing date,now market price 0.10,next 7 days its close,ma gawa thiynawa 0.10 ewa 10000 k,shear price eka 25rs ,awasanaye mokada wenne..thank u

99කොටස් වෙළදපොල සිංහලෙන් - Page 3 Empty Very Important on Fri Oct 17, 2014 9:15 pm

jsamarasinghe


Stock Analytic
Stock Analytic
Thank you Sir....
This is soo much

Quibit

Quibit
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Please feel free to contribute to the most viewed topic like this which is now consolidated for the benefit of the forum members.

Quibit

Quibit
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
We like to welcome Mr Haputantri back SLEF Forum.
Thank you for your valuable contribution.

ayesh84

ayesh84
Stock Analytic
Stock Analytic
This is Gold! thank you so much! 

I am a newbie and I value this knowledge a lot.

Have not invested in the market yet, but after I learn in detail, I will. Razz

EquityChamp

EquityChamp
Moderator
Moderator
මටත් මෙම ත්‍රෙඩ් එකට සෑහෙන දායකත්වයක් දෙන්න පුලුවන් නමුත් අන්තිමට වෑඩක් නෑ කියල කවුරුහරි ලිව්වොත් මට අප්සෙට්.

ayesh84

ayesh84
Stock Analytic
Stock Analytic
තමන් දන්නා දෙයක් වෙනත් කෙනෙක් ට කියල දීල එහ කෙනා එකෙන් ඉගෙන ගෙන අර්පහු ඉස්තුති කරද්දී එන සතුට වෙනස්.. Smile

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
I am very happy Mr Hettiarachchi has come again

We can learn lot from him

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Before Warren Buffett long time ago we knew 

"UGATHAMANA SILPAYA MAY MATHU REKENA"

Warren Buffett also saic sama thing in different words

applicable to different situvation

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Before Warren Buffett long time ago we knew 

"UGATHAMANA SILPAYA MAY MATHU REKENA"

Warren Buffett also saic sama thing in different words

applicable to different situvation

trader7


Manager - Equity Analytics
Manager - Equity Analytics
There is No need to learn CSE  in Sinhala. English is taught and practiced widely all over the island.
It will make things easier for all if they just learn basic English.

ayesh84

ayesh84
Stock Analytic
Stock Analytic
True. But sometimes when we learned everything in a Sinhala medium some concepts are pretty easy to grasp. Laughing Laughing Laughing

DANIDU


Manager - Equity Analytics
Manager - Equity Analytics
@D.G.Dayaratne wrote:I am very happy Mr Hettiarachchi has come again

We can learn lot from him

Who is Mr. Hettiarachchi ?

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
Karunasena Hettiarachchi , our excellent def sec da?


By the way, Nobody has come again.

ayesh84 has reactivated an old thread.

nimantha80


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
KOTAS WENADA POLA DAN KIYANNA WELA THIYENNE "SUDDA SINHALEN"

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics
@nimantha80 wrote:KOTAS WENADA POLA DAN KIYANNA WELA THIYENNE "SUDDA SINHALEN"

lol! Smile

D.G.Dayaratne


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Sorry Mr Haputhantri

ayesh84

ayesh84
Stock Analytic
Stock Analytic
@EquityChamp wrote:මටත් මෙම ත්‍රෙඩ් එකට සෑහෙන දායකත්වයක් දෙන්න පුලුවන් නමුත් අන්තිමට වෑඩක් නෑ කියල කවුරුහරි ලිව්වොත් මට අප්සෙට්.
 technical Analysis ගැනත්  පාඩමක් තිබුනා නම් හොඳයි නේද?

Sponsored content


Back to top  Message [Page 3 of 3]

Go to page : Previous  1, 2, 3

Permissions in this forum:
You cannot reply to topics in this forum