(www.randora.lk-27/05/14 )- කොළඹ කොටස් වෙළෙඳ පොළ අද දිනයේ ඒකක 25.58 කින් පහළ යමින් ඒකක 6267.44 ක් වු අතරේ S&P දර්ශකය ඒකක 15.72 කින් පහළ යමින් ඒකක 3447.17 ක් විය.
දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 1.3 ක් වු අතරේ එයින් රුපියල් මිලියන 900 කම දායකත්වය එන්ට්‍රස්ට් සමුහයේ ගිවිසගත් ගනුදෙනු දෙක (මේ පිළිබඳව සියළු තතු පහත පළ කර ඇත.) විසින් සපයනු ලැබිය.
අද වාර්තා වු තවත් ගිවිසගත් ගනුදෙනුවක් වුයේ ඒෂියා ඇසෙට් හි කොටස් මිලියන 50 ක් කොටසක් රුපියල් 1.90 බැගින් හුවමාරු විමයි.
ලාෆ් ගෑස් හා ද ෆීයිනෑන්ස් නිශ්චන්ද කොටස් අද සක්‍රිය වනු දක්නට විය.
අලුතින් පිහිටුවන ලද එන්ට්‍රස්ට් හෝල්ඩිංග්ස් නම් සමාගමට අද උදැසන ගිවිසගත් ගනුදෙනු දෙකක් මගින් මල්ට් ෆීනෑන්ස් මුදල් සමාගමේ සහ එන්ට්‍රස්ට් සෙකුරිටිස් හි කොටස් හුවමාරුවක් සිදු කළ බව එහි ජ්‍යෙෂ්ඨ නිළධාරියෙකු රන්දොරට කීය.
මේ අනුව එන්ට්‍රස්ට් සෙකුරිටිස් හි කොටස් මිලියන 28.6 ක් කොටසක් රුපියල් 20.50 බැගින්ද මල්ට් ෆීනෑන්ස් හි කොටස් මිලියන 19 ක් කොටසක් රුපියල් 16.60 බැගින්ද අද එන්ට්‍රස්ට් හෝල්ඩිංග්ස් වෙත මාරු කර තිබු බව සදහන්ය.
මෙම එන්ට්‍රස්ට් හෝල්ඩිංග්ස් සමාගම යටතට, ඉදිරියේදි පසුගියදා ඔවුන් විසින් මිලදි ගත් සෙරන්ඩිබ් කොටස් තැරුවිකාර සමාගම,එන්ට්‍රස්ට් වෙල්ත් මැනේජ්මන්ට් සමාගම ඇතුළු එන්ට්‍රස්ට් සමුහයේ සමාගම් කිහිපයකම අයිතිය පැවරිමට නියමිත බව සදහන්ය.
මේ අනුව,මුදල් සමාගම්,රජයේ සුරැකුම්පත් අදාල ප්‍රාථමික වෙළදුන්,ඒකක භාර,සමාගම් ණය කළමණාකරන ,කොටස් තැරුවිකාර ආදි අංශ රැසක මෙහි ව්‍යාපාරික කටයුතු මේ වන විට විහිදි පවති.
කන්ද උඩරට චානුක රත්වත්තේ පාර්ශවය නායකත්වය දෙන Entrust සමුහය සතුව ලැයිස්තුගත සමාගම් 02 ක් එනම් Entrust Securities නමි ප්‍රාථමික වෙළෙදාම් (භාණ්ඩාගාර බිල්පත් හා බැදුම්කර සේවා) සමාගම හා මල්ට් ෆීයිනෑන්ස් නම් මුදල් සමාගමක් සතුව ඇත.
කඩා වැටුණු සෙලින්කෝ සමුහයේ පාලනය යටතේ තිබු Sriram Securities (Pvt) Ltd, Sriram Asset Management (Pvt) Ltd මෙන්ම Sriram Capital Management Services (Pvt) Ltd සහ Ceylinco Leasing and CLC Asset Management සමාගම (කලින් The Standard Credit Lanka Ltd) යන සමාගම් මෙලෙස Entrust නාමය යටතේ නව ප්‍රාග්ධන හිමිකාරිත්වයක් යටතේ ස්ථාපිත වි ඇත.
පසුගිය පාලන සමයේ සිදු වුයේ කියන මුල්‍ය වංචාවක් සමිබන්ධ කාරණාවක් නිසා මෙහි පෙර සිටි ප්‍රධානින් ඉවත් කිරිමටද වත්මන් පාලනාධිකාරිය කටයුතු කර තිබිණි.
පොලිස් රගර් සමාජයේ නිල අනුග්‍රාහකයින් වන මොවුන් යෝෂිත රාජපක්ෂ නායකත්වය දෙන The Western Warriors රගර් කණ්ඩායම අයත් Western Sports Management (Pvt.) Limited හිද හිමිකාරිත්වය Entrust සමුහය දරයි.
පසුගියදා කොළඹ කොල්ලුපිටියේ සිට පහත සදහන් ස්ථානයට ස්වකිය ව්‍යාපාරික කටයුතු ගෙන යාමටද Entrust සමුහය කටයුතු කළේය.
Entrust Securities PLC
Level 16, West Tower,
World Trade Centre, Echelon Square,
Colombo I ,
නව දුරකතන අංක Telephone: 0115500600 & Fax: 0114715769