මේ අනුව මෙහි මුළු ලයිස්තුගත කොටස් 125,200,002 න් කොටස් 93,900,000 ක් අදාල පර්ශවයන් සතුවන බව කියයි.
හේමාස් සමුහය සුව සේවා හා පාරිභෝගික භාණ්ඩ අංශයට ස්වකිය ව්‍යාපාර ඉලක්ක කර ගනිමින් ඇති පසුබිමක එයින් පරිබාහිරව යන මෙම අංශ විකුණා දැම්මට යන බව හේමාස් ප්‍රධානින් කියයි.
මොවුන්ගේ තාප විදුලිය නිපදවන හෙළදනව් බලාගාරයේ (Heladhanavi plant) විදුලිය මිළදි ගැනිම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය සමඟ වන ගිවිසුම මෙම වසර අඟ අවසන් විමට නියමිත ව තිබියදි එය නැවත අලුත් කරවා ගැනිම සම්බන්ධයෙන් සමාගම විශාල අවිනිශ්චිතතාවයකට මැදිහත් ව ඇති පසුබිමක මෙම විකුණා දැම්ම සිදු වන බව ද වාර්තා කරයි.මේ අනුව අදාල සමාගම ඉවත් කර මෙම ගනු-දෙනුව සිදු වන බවත් සමාගමේ නාමයද වෙනස් විමට නියමිත බවත් මෙම නිවේදන වල සදහන්ය.
මේ වන විට විදුලි බල මණ්ඩලය සමග මෙවැනි තාප විදුලි ගිවිසුම් අස්සන් කර තිබු සමාගම් තුනත පමණ් කල් ඉකුත් වු ගිවිසුම් නැවත අලුත් කිරිම මේ දක්වා විදුලි බල මණ්ඩලය සිදු කර නොමැති අතර මේ සදහා මුළික වි ඇත්තේ මිළ අධික තාප විදුලිය වෙනුවට නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ මීළඟ අදියර ක්‍රියාත්මක විමත් සමඟම අදාල විදුලි අවශ්‍යතා අඩු පිරිවැයකින් සපුරාලිමට හැකියාව ලැබිම බව විදුලි බල අංශයේ ප්‍රවිණයෙකු කීය.
පසුගිය වාර්ෂික වාර්තාව මගින් HEMAS POWER PLC සඳහන් කර තිබුණේ යම් හෙයකින් මෙම ගිවිසුම අලුත් නොකළහොත් ඇති වන අලාභ /පාඩු වෙනුවෙන් රුපියල් මිලියන 575.7 ක වෙන්කිරිමක් පසුගිය මාර්තු 31 න් අවසන් වු මුල්‍ය වර්ෂයේ සිදු කර ඇති බවයි.
From the company’s perspective, there has been concern raised regarding our Thermal power sector owing to many factors of which mainly is the renewal of power purchase agreement. The Ceylon Electricity Board so far, has not made any arrangements for extension of the terms of the power purchase agreement which is due to expire in December 2014. Therefore we have, on the basis of prudency, worked with our Auditors and have considered an impairment of the Heladhanavi power plant. Accordingly, the group impact of this impairment provision is Rs. 575.7 Mn. Excluding this impairment provision, the group’s operating profit increased by 43% to Rs. 622.9 Mn, and a net profit by 46% to Rs. 413.1 Mn over the corresponding period. This is consistent with our growth strategy to move further towards the hydropower segment. -Annual report
කෙසේවෙතත්,මෙම අවිනිශ්චිතා වෙන් කිරිම් මැද පසුගිය මාර්තු 31 න් අවසන් වු මුල්‍ය වර්ෂයේ සමාගමේ ශුද්ධ ලාභ පසුගිය මුල්‍ය වර්ෂයට සාපේක්ෂව සියයට 46 කින් ඉහළ ගොස් රුපියල් මිලියන 413.1 ක ලාභයක් වාර්තා කර තිබිණි.සමාගමේ අදායම්ද පසුගිය මුල්‍ය වර්ෂයේ සියයට 17 කින් ඉහළ යමින් රුපියල් බිලියන 6.5 ක් වු අතර එහිදි මුලිකවම සියයට 144 කින් ජල විදුලි අංශයේ සිදු කළ පුළුල් වු ආයෝජන හෙතු වු බව සමාගම කියයි.
පෑන් ඒෂියන් පවර් සමාගමේද සියයට 29 ක අයිතිය පසුගියදා මොවුන් සතු කර ගත්තේ පුනර්ජනනිය බලශක්ති විෂයෙහි සමාගමේ ඉදිරි ප්‍රමුඛතාව ඇති පසුබිමකය.