තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය චම්පික රණවක මහතා මේ බව සඳහන්කර සිටියේ අද (23) උදෑසන තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවති 'සහසක් නිමැවුම් ජාතික නව නිපැයුම් ප්‍රදර්ශනය හා තරගය 2014' සඳහා පැවති පූර්ව මාධ්‍ය සාකච්ඡාවට සහභාගී වෙමිනි.
ශ්‍රී ලංකාවේ නවෝත්පාදන ක්ෂේත්රයට රජය විසින් ආයෝජනය කරන මුදල කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත්, දේශීය නව නිපැයුම් කෙරෙහි නැඹුරුවක් ඇති කරමින් ඒ ඔස්සේ නවෝත්පාදන ආර්ථීකයක් බිහිකිරීමට අත්‍යවශ්‍ය බව අමාත්‍යවරයා අවධාරණය කරසිටී.
නිරන්තරයෙන්ම නව නිපැයුම් පිළිබඳව අවධානය යොමු කරමින් ඒ සඳහා ආයෝජනය කරනු ලබන රටවල් සීග්‍රයෙන් දියුණුව කරා ගමන් කරන අතර නිරන්තරයෙන් නව භාණ්ඩ හා සේවා හඳුන්වා දෙයි.
ලෝක දළ ජාතික නිෂ්පාදනයෙන් 30% ක් අධි තාක්ෂණික නිෂ්පාදන තුළින් නිර්මාණය වී තිඛෙන අතර අඛණ්ඩව නව නිපැයුම් සඳහා යොමුවන රටවල් ලෝකයේ දැවැන්ත ආර්ථීකයන්ට උරුමකම් කියනු ලබයි.
ශ්‍රී ලාංකිකයන් වශයෙන් අපද නව නිර්මාණ බිහිකිරීම තුළින් රටේ ආර්ථීකය සවිමත් කිරීමට පෙරමුණ ගන්නේ නම් එය දේශීය ආර්ථීකය හරහා ලෝකය විනිවිද දකින දැවැන්ත පියවරක් වනු ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.