මේ අනුව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) හා නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් 6.50% සහ 8% ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කළ බව මහ බැංකුව කියයි.
මහ බැංකු දත්ත වලට අනුව ඔක්තෝම්බර් මාසයේදී පුද්ගලික අංශය වාණිජ බැංකු වලින් ලබාගත් ණය ප්‍රමාණය රුපියල් බිලියන 42 කින් හෙවත් සියයට 5.1 කින් පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව වර්ධනය වී ඇත.මෙයින් රුපියල් බිලියන 36 ක් ම දේශීය වාණිජ බැංකු විසින් ලබා ගත් ඒවා බවද සදහන්ය.මෙම පුද්ගලික අංශයේ ණය වර්ධනය සිදු ව ඇත්තේ අඛණ්ඩව තෙවන මසට බව කියන මහ බැංකුව මේ සමගින් රන් ණය මත හැකිලි තිබු බැංකු ණය ගැටළුව සමථයකට පත් වි ඇති බවද කියයි.