ඒ සමගින් කොමිෂමට පංච පුද්ගල අධ්‍යක්ෂ මණ්ඩලයක්ද පත් කිරිමට මේ දිනවල අගමැතිතුමා හා සාකච්ඡා සිදු කරමින් පවතින බවත් කීය.
සමාගම් රේජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුයේ ප්‍රධානියා,ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනයේ සභාපති,මහ භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයෙකු සමඟ ව්‍යාපාර හා නීති අංශයේ වෘත්තිය වේදියෙකු බැගින් මෙහි අධ්‍යක්ෂ මණ්ඩල ය සමන්විත යුතු වේ.
ස්ථීර අධ්‍යක්ෂ ජෙනරාල්වරයෙකු නැතිව මේ ආයතනය ඉදිරියට ගෙන යන්න බැහැ.මේ නිසා මගේ මුල්ම කටයුත්ත අදාල පුරප්පාඩුව පිරවිමයි.අදාල යෝජිත නම් ගම් දැනට හෙළි කරන්න බැහැ
ඒ ඇරෙන්න කොමිෂමේ පණතට අදාල සංශෝධන කඩිනම්න් ඉදිරියට ගෙන යාම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්න මම බලාපොරොත්තු වනවා යැයි කීය.
කොමිෂමේ මේ වන විට අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරේ කාර්යය භාර නිළධාරිවරයා ලෙස කටයුතු කරන්නේ මෙහි ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළින්ම සිටින එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ධම්මික පෙරේරා මහතායි.