එකක් රු. 100 බැගින් වූ මුහුණත වටිනාකමකින් යුතු පොලී නියම කරන ලද, යටත් කළ හැකි, සහතික කළ හැකි, නිදහස් කළ හැකි ණයකර මිලියන 10 ක් මෙහිදී නිකුත් කෙරිණි.
මෙම ණයකර සඳහා වාර්ෂිකව 10.50% ක ස්‌ථාවර පොලී අනුපාතිකයක් (වාර්ෂික සඵල පොලී අනුපාතිකය 10.92% කි.) ගෙවනු ලබන අතර පොලී ගෙවීම සෑම කාර්තුවකදීම සිදු කරනු ලැබේ. 2015 මැයි 21 වැනිදා (ඊයේ) මෙම ණයකර නිකුතුව විවෘත කෙරිණි.
මෙම ණයකර නිකුතුව සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් µsනෑන්ස් පී.එල්.සී. හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරි රජීව්
කාසි චිට්‌ටි මහතා මෙසේ සිය අදහස් දැක්‌වීය. zzණයකර නිකුතුවේ සාර්ථකත්වය පිළිබඳ අප ඉතා සතුටට පත්වෙනවා. ඒ වෙනුවෙන් දායකත්වය සැපයූ සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපගේ හෘදයාංගම ස්‌තුතිය මෙහිදී පුද කර සිටිනවා. මෙම ණයකර නිකුතුව ආයෝජකයන් හට ඉහළ ප්‍රතිලාභයක් අත්පත් කර දෙන බවට නිසැකවම සඳහන් කරන්න පුළුවන්.
Courtesy: Diwaina 22 May 2015