පුරා දින 05 ක් එක දිගටම පසුබා සිටි කොළඹ කොටස් වෙළෙඳ පොළ අද සතියේ අවසන් දින යාන්තමින් සියයට 0.49 කින් ඉහළ යනු දක්නා ලදී.
මේ සඳහා සක්රීය දායකත්වයක් Blue Diamond Jewellery Worldwide හා E-Channeling වෙතින් ලබාදුන් අතර ඒ අනුව E-Channeling කොටස් මිලියන 42 ක් (රුපියල් මිලියන 313 ක් වටිනා) හා Blue Diamond Jewellery කොටස් මිලියන 31 ක් (රුපියල් මිලියන 302 ක් වටිනා) දිනය තුළ ගනුදෙනු වී තිබුණි.
අද සියළු කොටස් මිල දර්ශක අගය ඒකක 34.32 ක් හෙවත් සියයට 0.49 කින් ඉහළ යමින් 7050.03 ක්වූ අතර මිලංක දර්ශකය සියයට 0.48 කින් ඉහළ යමින් ඒකක 6,600.87, ක අගයක් ගත්තේය.දිනයේ පිරිවැටුම රුපියල් බිලියන 2.5 ක් විය.
Blue Diamond Jewellery Worldwide කොටසක මිල දිනය තුළ රුපියල් 1.70 කින් ඉහළ යමින් රුපියල් 9.70 ක්වූ අතරේ, E-Channeling කොටසක මිල රුපියල් 7.50 කට දිනය අවසන ස්ථාවර වූයේ දිනය තුළ ශත 60 ක මිල ඉහළ යාමක් පෙන්නුම් කරමිනි.කොළඹ කොටස් වෙළෙඳ පොළට මෑතකදී හඳුන්වා දුන් බිම්පුත් ලංකා කොටසක් රුපියල් 82 දක්වා සියයට 49.91 කින් දිනය තුළ ඉහළ ගියේය.
මේ අතරේ, කොළඹ කොටස් වෙළෙඳ පොළ විශ්ලේෂකයින් පවසන්නේ, ඇමෙරිකානු හා යුරෝපා ආර්ථීකයේ බිඳ වැටීම් ස්ථීරව වශයෙන්ම සිදුවන බවට දැන් ඉතා පැහැදිලි පෙර මඟ සංඥා පෙන්නුම් කරමින් තිබෙන බවයි. මේ අනුව, විශාල වශයෙන් විදෙස් අරමුදල් නැගීගෙන කොටස් වෙළෙඳ පොළ වෙත විතැන් වීමක් පැහැදිලිව අපේක්ෂා කළ හැකිය.මේ තත්ත්වය විශේෂයෙන් ආසියාවේ ඉතා හොඳින්ම ක්රියාත්මක වන වෙළෙඳ පොළ ලෙස කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත ඉතා ආකර්ශනීය ඉල්ලුමක් ඇති වීමට හේතුවිය හැකිය.මේ අනුව, ඕනෑම විදේශිකයෙකුට මෙහි ආයෝජන පහසුවෙන්ම සිදු කර වාසි අත්පත් කර ගත හැකිය.
කොටස් තැරුව්කරුවන්ගේ බලපෑම් මත, ආන්තික ගනුදෙනුකරුවන් (margin traders) විශාල වශයෙන් ක්රියාත්මක වන වාතාවරණයකදී වුවද, තවදුරටත් ජනප්රිය කොටස් සඳහා ශක්තිමත් මිලදී ගැනිමේ සංඥා පෙන්නුම් කරන බවද කොටස් විශ්ලේෂකයින් පවසයි.
http://www.vimasuma.com/