කොළඹ කොටස් වෙළඳපොළේ ලයිස්තු ගතකිරීමට පෙර සමාගම් විසින් පුද්ගලයින්ට විකුණන කොටස් ලයිස්තුගත කර වසරක් යන තෙක් විකිණිය නොහැකි බවට නීතියක් විනිමය කොමිසම පනවයි.
සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව පවසා තිබෙන්නේ යම් සමාගමක් කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත කිරීමට වසරකට පෙර පුද්ගලයින්ට විකුණා ඇති කොටස් ලයිස්තුගත කර වසරක් සපිරෙන තෙක් මෙම නීතිය යටතේ විකුණා දැමීමට නොහැකි බවයි.
වසර තිහක කුරිරු යුද්ධය අවසන් කිරීම හමුවේ ඇතිවී තිබෙන ආර්ථික පිබිදීමත් සමග මේ වසරේදී කොළඹ කොටස් වෙළඳපොළේ සමාගම් විශාල ප්‍රමාණයක් ලයිස්තු ගත කෙරෙනු ඇතිබව විනිමය කොමිසම පවසයි.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=1984&Itemid=56