Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post
Market Place

Add an ad

View all ads

Latest topics

» BUY BFN 12.20 levels for a month good to collect.
by Capton KIng Cool Today at 2:56 pm

» BFN BFN BFN ගොන් කම අත ඇරල ටික කාලයක් අල්ලන් හිටියනම් ඔක්කොමලා ගොඩ BFN BFN BUY AND HOLD -
by karuna2 Today at 1:27 pm

» Why AAIC Should trade above RS.50/-
by wisdom79 Today at 11:24 am

» Market will test 4700
by Promoney Today at 10:38 am

» lOFC definitely will hit 6/-
by Eugine Fernando Today at 10:24 am

» Will ACME touch the peak in this week.?
by sanjulanka Today at 9:46 am

» SFIN.N will hit Rs 15.50 today
by Bakka1988 Today at 9:42 am

» NEXT RUN People's leasing and Finance WAIT AND WATCH ENJOY RIDE..
by karuna2 Today at 1:07 am

» SFIN.N will be the next bull run
by Bakka1988 Yesterday at 4:33 pm

» RCL.N0000 - Trading at a discounted prcice.
by ddrperera Yesterday at 11:51 am

» CSE BULLISH MODE TO CONTINUE
by Yahapalanaya Yesterday at 10:37 am

» Next super star SINGER FINANCE..
by samansilva Yesterday at 9:49 am

» LOFC -XR big transaction
by Promoney Tue Jul 16, 2019 10:03 am

» LLUB Pattern reversed. Good buy @60, target +20%
by KOLAA Tue Jul 16, 2019 8:32 am

» Momentum will begin after 5400
by prabath Tue Jul 16, 2019 8:12 am

» WATA future looks good
by Teller Tue Jul 16, 2019 3:36 am

» Look APLA its trending to 98LKR
by Teller Tue Jul 16, 2019 3:34 am

» RICH is not bad @ 9/-
by Teller Tue Jul 16, 2019 3:33 am

» Sri Lanka Dialog Axiata net profits up 21-pct in June quarter
by bhanu Mon Jul 15, 2019 1:17 pm

» AEL lovers good news..Rusi again back on the track to AEL....
by Winner123 Sun Jul 14, 2019 9:32 pm

» Look PAP Amazing company
by Teller Sun Jul 14, 2019 1:03 am

» NEXT GEM.. HNB Non voting (HNB X)..
by samansilva Sat Jul 13, 2019 11:20 pm

» LIOC upward curve
by samansilva Sat Jul 13, 2019 11:17 pm

» TKYO.X0000 will it move furthur?
by samansilva Sat Jul 13, 2019 11:07 pm

» IDL IDL IDL
by samansilva Sat Jul 13, 2019 10:15 am

» No Confidance motion against the Government was defeted by 119 and 92 against. 13 Absent
by Capton KIng Cool Fri Jul 12, 2019 9:28 am

» Contact us for your bank instruments such as SBLC/BG/LC/MTN 100% Protected
by summitplc Thu Jul 11, 2019 10:04 pm

» Contact us for your bank instruments such as SBLC/BG/LC/MTN 100% Protected
by summitplc Thu Jul 11, 2019 10:00 pm

» PAN ASIA POWER
by Nuwan Samarawickrama Thu Jul 11, 2019 9:58 pm

» Today JVP's No confidance motation in the Parliment is Very cruicial .WHY?
by Yahapalanaya Thu Jul 11, 2019 9:33 pm

» Sri Lanka’s Royal Ceramics group expands contract manufacture in India
by shameen Thu Jul 11, 2019 11:53 am

» CIND , 10% guaranteed return
by Teller Thu Jul 11, 2019 2:45 am

» BUY AEL Few crossings on the way..
by rukshan1234 Wed Jul 10, 2019 11:51 pm

» Unisyst Engineering Known as(Alufab) have annouced a right issue
by Capton KIng Cool Tue Jul 09, 2019 3:43 pm

» what is the future of KHL (JOHN KEELES HOTELS)
by shameen Tue Jul 09, 2019 1:48 pm

» 10 Deadly Trading Mistakes!
by ipo Tue Jul 09, 2019 10:15 am

» AIA Insurance Payment Method @ 2500/= per share
by Capton KIng Cool Tue Jul 09, 2019 9:16 am

» KUDOS TO PRESIDENT FOR REINTRODUCING CAPITAL PUNISHMENT
by ipo Mon Jul 08, 2019 11:17 pm

» AIA INSURANCE DE-LISTING (CTCE)
by ipo Mon Jul 08, 2019 11:12 pm

» Regarst to 8 FINANCE Copmany's to be closed But no body knows excatly but avoid SFL,and MFL
by samaritan Mon Jul 08, 2019 8:01 pm

» http://www.ft.lk/front-page/Biz-confidence-rebounds/44-681514
by nuwanmja Mon Jul 08, 2019 2:02 pm

» Sri Lanka Shares Surge As Gov't Flags Projects & Rupee Steady
by samaritan Mon Jul 08, 2019 1:33 pm

» Tommorow's winning encounters
by Cma Sun Jul 07, 2019 10:57 pm


You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » අනං## මනං ##

අනං## මනං ##

Go to page : 1, 2  Next

Go down  Message [Page 1 of 2]

1අනං## මනං ## Empty අනං## මනං ## on Thu Oct 11, 2018 9:05 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
අනං## මනං ## Fetch?filedataid=565&type=largeඅනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==

මේ දවස්වල ලෝකයේ වඩාත් කතා බහට ලක්වන රාජ්‍ය නායකයෙක් තමයි පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්. ඒ පාකිස්ථානය ගොඩ නගන්න ඔහු ගන්න ප්‍රතිපත්ති නිසා.

ඊයේ පාකිස්ථාන අගමැති නිවසේ අමුතු වෙන්දේසියක් තිබ්බා. ඒ අගමැති නිවසේ හිටිය මී හරක් වෙන්දේසියක්. හිටපු අගමැති නවාස් ෂරීෆ් තමන්ගේ පෞද්ගලික පරිහරණය සඳහා භාවිතා කල උසස් වර්ගයේ මී හරක් 8 දෙනෙක් තමයි මේ විදියට වෙන්දේසි කරේ.

මේ වෙන්දේසියෙන් පාකිස්ථාන රුපියල් විසිතුන් ලක්ෂයක් උපයාගෙන තියෙනවා. එක මී හරකෙක් ඇමරිකානු ඩොලර් 2500 ක් මුදලකට වෙන්දේසි වෙලා තියෙනවා. එම මී හරකෙක් මිලදී ගත්ත නවාස් ෂරීෆ්ගේ අනුගාමිකයෙක් කිව්වේ හිටපු අගමැතිගේ පරිහරණය සඳහා මී හරකා පරිත්‍යාග කරනවා කියලා.

ඉම්රාන් ඛාන් පහුගිය දවසක අගමැති නිවසේ තිබ්බ වෙඩි නොවදින රථ කිහිපයකුත් වෙන්දේසි කරා.

https://www.colombotribune.com/2018/09/28/

2අනං## මනං ## Empty Re: අනං## මනං ## on Fri Oct 12, 2018 9:00 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
ආණ්ඩුවට බැරිනම් අපට කියන්න අපි කරන හැටි කියල දෙන්නම්
අනං## මනං ## Colombotribune-ariyasheela-wikraanayake-ranil-wikramasinghe

මේ වනවිට රටේ ආර්ථික තත්වය පිලිබඳ විවිධ තර්ක විතර්ක මතු වෙමින් පවතින වකවානුවක් බවට පත්ව ඇත. බොහෝ විට එයට හේතුව වී ඇත්තේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අව ප්*රමාණය වීමද විය හැකිය. කෙසේ වෙතත් පසුගිය දා මව්බිම ලංකා පදනමේ නිර්මාතෘ ආරියශීල වික්*රමනායක මහතාගේ චරිතය අලලා රචිත ග්*රන්ථයක් දොරට වැඩුමේදී ආරියශීල වික්*රමනායක මහතා සිදු කල දේශනයකට වැඩි අවධානයක් යොමුව තිබෙනවා. එයට හේතුව මේ රට සංවර්ධනය කරන ආකාරය පිළිබඳව ඔහු ඉදිරිපත්කල කරුණු හේතුවෙන්.

ඕනෑම දෙයක් වැවෙන සශ්*රික භූමියක ජිවත් වෙමින් කෑම ටික පවා පිට රටින් ආනයනය කිරීම පිළිබඳව ඔහු දැඩි විවේචනයකින් අදහස් පල කල අතර ඔහු වර්තමාන අගමැති රනිල් වික්*රමසිංහ මහතාටද මුහුණටම කියා ඇත්තේ මේ රට හදන්න බැරිනම් ඖ මෝඩයකු බවයි.

මේ අතර රට සංවර්ධනයට අවස්තාව දෙනවානම් කිසිදු ය කිරීමකින් තොරව රට වෙනුවෙන් එය කිරීමට සුදානම් බවද ඔහු කියා සිටියා. ඔහු කල ප්*රකාශය සම්පුර්ණ වීඩියෝව පහතින් නරඹන්න…

https://www.colombotribune.com/2018/09/30/

3අනං## මනං ## Empty Re: අනං## මනං ## on Fri Oct 12, 2018 9:02 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
සුපර්මාර්කට් අපිට ඇත්ත බිල්ද දාන්නෙ..? 




අනං## මනං ## Svd


කොට්ටාව කීල්ස් සුපර් මාර්කට් එකෙන් අතේ තිබුන මුදල් ගානට බඩු ටිකක් ගත්තා. අතේ තිබුනේ රුපියල් හාරදහසක් පමණයි. ගත්ත බඩු වලට රුපියල් 3000ක් විතර වෙන බව මට දැණුනා. මම කවුන්ටරේට මුදල් ගෙවන්න ගියා වෙලාව හවස 7.20ට විතර ඇති. ගෑනු ළමයා ඉක්මණින් ඉක්මණින් බඩු ටිකට බිල් කරනවා .

මම බලන් හිටියා …රුපියල් හාරදහසක්පහු කරගෙන වාසනා චක්කරේ කැරකෙනවා වගේ කැරකිලා ගිහින් රුපියල් පන්දාහත් වුණා. මම වහාම ඇයව නවත්තලා කිව්වා

“මගේ අතේ තියෙන්නෙ රුපියල් හාරදාහයි “කියලා.ඇය යෝජනා කරා බඩු අඩු කරන්න.මම හිතුවා යහපාලනේ වැඩක් තමා කියලා.

මම ගත්ත බඩු සාමාන්*ය ගෙදර දොරේ බඩුු නිසා එතරම් ගණනක් වන්න බැරි බව මම හිතුවා. අතේ සල්ලි තිබ්බනම් මම මෝඩයෙක් වගේ ගෙවලා එනවා අනිවාර්්*යයෙන්ම. ඒකේ දෙකක් නැහැ.

ගත්ත බඩු දැන් එකින් එක අඩුවෙනවා. මට හිතාගන්නම බැහැ මේක කොහොම වෙන්නද කියලා.. මම ඒ ගෑනු ළමයගෙන් ඇහුවා “මොනවද මම මෙතැනින් ඉහළ මිළගානක් දීලා අරන් තියෙන්නේ” කියලා.

අරන් තියෙන උපරිම සිල්ලර මිළ වටිලා තිබුනෙ බිත්තර 10කට. අනිත් සියල්ල සුළු ගණන්.මම කිව්වා “බිල් එක චෙක් කරන්න” කියලා. මට පිටිපස්සෙන් හිටපු අය මගේ දිහා බලනවා.

ගෑනු ළමයා එකින් එක චෙක් කරලා කිව්වා”සොරි මිස් බිත්තර වල 226 එකක් හැටියට පන්ච් කරන්න ඔ්නෙ එක 11ක් හැටියට පන්ච් වෙලා “කියලා. එතකොට 226ඒවා 11ක්.

ඊට පස්සේ වටේ හිටපු අයත් බයවුණා.මං ඇහුවා “මේ වගේ කීදෙනෙක් වැඩියෙන් ගෙවලා ගිහිල්ලා ඇතිද ඔයාලගේ නොසැලකිල්ල එක්ක” කියලා.

ඒ සේවිකාව කිව්වෙ “සමහරු ආපහු එනවා “කියලා.ඒත් සමහරු ආපහු එන්නෙ නැහැ.මම ඒ ළමයට කිව්වා” මම කවදාවත් ගෙදර ගිහින් බිල චෙක් කරන්නෙ නැහැ හැබැයි අද ඉඳන් මම ඒක කරනවා “කියලා.

ඒ වගේම “මගේ අතේ ඒ වෙලාවෙ රුපියල් හාරදහසක් තිබ්බෙ හොඳ වෙලාවට” කියලත් මම කිව්වා.

මට පාඩමක් ඉගෙන ගන්න ලැබුනා. සුපර්මාර්කට් අපිට මේ වගේ වැරදි කොච්චර කරලා ඇතිද? ඒ හින්දා සුපර්මාර්කට් වලින් බඩු ගන්න අය හොඳ සිහියෙන් යුතුව බිල බන්න කමන් ගන්න බඩුවලට නිසි මිළද ඔබ ගෙවන්නෙ කියලා.

https://www.colombotribune.com/2018/10/09/

4අනං## මනං ## Empty Re: අනං## මනං ## on Sat Oct 13, 2018 8:38 am

EquityChamp

EquityChamp
Moderator
Moderator
@ruwan326 wrote:සුපර්මාර්කට් අපිට ඇත්ත බිල්ද දාන්නෙ..? 




අනං## මනං ## Svd


කොට්ටාව කීල්ස් සුපර් මාර්කට් එකෙන් අතේ තිබුන මුදල් ගානට බඩු ටිකක් ගත්තා. අතේ තිබුනේ රුපියල් හාරදහසක් පමණයි. ගත්ත බඩු වලට රුපියල් 3000ක් විතර වෙන බව මට දැණුනා. මම කවුන්ටරේට මුදල් ගෙවන්න ගියා වෙලාව හවස 7.20ට විතර ඇති. ගෑනු ළමයා ඉක්මණින් ඉක්මණින් බඩු ටිකට බිල් කරනවා .

මම බලන් හිටියා …රුපියල් හාරදහසක්පහු කරගෙන වාසනා චක්කරේ කැරකෙනවා වගේ කැරකිලා ගිහින් රුපියල් පන්දාහත් වුණා. මම වහාම ඇයව නවත්තලා කිව්වා

“මගේ අතේ තියෙන්නෙ රුපියල් හාරදාහයි “කියලා.ඇය යෝජනා කරා බඩු අඩු කරන්න.මම හිතුවා යහපාලනේ වැඩක් තමා කියලා.

මම ගත්ත බඩු සාමාන්*ය ගෙදර දොරේ බඩුු නිසා එතරම් ගණනක් වන්න බැරි බව මම හිතුවා. අතේ සල්ලි තිබ්බනම් මම මෝඩයෙක් වගේ ගෙවලා එනවා අනිවාර්්*යයෙන්ම. ඒකේ දෙකක් නැහැ.

ගත්ත බඩු දැන් එකින් එක අඩුවෙනවා. මට හිතාගන්නම බැහැ මේක කොහොම වෙන්නද කියලා.. මම ඒ ගෑනු ළමයගෙන් ඇහුවා “මොනවද මම මෙතැනින් ඉහළ මිළගානක් දීලා අරන් තියෙන්නේ” කියලා.

අරන් තියෙන උපරිම සිල්ලර මිළ වටිලා තිබුනෙ බිත්තර 10කට. අනිත් සියල්ල සුළු ගණන්.මම කිව්වා “බිල් එක චෙක් කරන්න” කියලා. මට පිටිපස්සෙන් හිටපු අය මගේ දිහා බලනවා.

ගෑනු ළමයා එකින් එක චෙක් කරලා කිව්වා”සොරි මිස් බිත්තර වල 226 එකක් හැටියට පන්ච් කරන්න ඔ්නෙ එක 11ක් හැටියට පන්ච් වෙලා “කියලා. එතකොට 226ඒවා 11ක්.

ඊට පස්සේ වටේ හිටපු අයත් බයවුණා.මං ඇහුවා “මේ වගේ කීදෙනෙක් වැඩියෙන් ගෙවලා ගිහිල්ලා ඇතිද ඔයාලගේ නොසැලකිල්ල එක්ක” කියලා.

ඒ සේවිකාව කිව්වෙ “සමහරු ආපහු එනවා “කියලා.ඒත් සමහරු ආපහු එන්නෙ නැහැ.මම ඒ ළමයට කිව්වා” මම කවදාවත් ගෙදර ගිහින් බිල චෙක් කරන්නෙ නැහැ හැබැයි අද ඉඳන් මම ඒක කරනවා “කියලා.

ඒ වගේම “මගේ අතේ ඒ වෙලාවෙ රුපියල් හාරදහසක් තිබ්බෙ හොඳ වෙලාවට” කියලත් මම කිව්වා.

මට පාඩමක් ඉගෙන ගන්න ලැබුනා. සුපර්මාර්කට් අපිට මේ වගේ වැරදි කොච්චර කරලා ඇතිද? ඒ හින්දා සුපර්මාර්කට් වලින් බඩු ගන්න අය හොඳ සිහියෙන් යුතුව බිල බන්න කමන් ගන්න බඩුවලට නිසි මිළද ඔබ ගෙවන්නෙ කියලා.

https://www.colombotribune.com/2018/10/09/
Good post and very true. I am too checking the super market bills very seriously as a policy.

5අනං## මනං ## Empty Re: අනං## මනං ## on Sat Oct 13, 2018 1:26 pm

samaritan


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
ruwan,
In my opinion its human error as 11 has been punched instead of 1 and this could occur when they are doing it fast. I feel sorry for these girls who keep standing all the time and who had to work under pressure and in addition are at the receiving end from some nasty customers as well (certainly not in this instance but some scold them over trivial issues). You may have visited the outlet on numerous occasions and how many times had this sort of thing has taken place????
However, its better to check bills before leaving.

6අනං## මනං ## Empty Re: අනං## මනං ## on Sat Oct 13, 2018 9:34 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@samaritan wrote:ruwan,
In my opinion its human error as 11 has been punched instead of 1 and this could occur when they are doing it fast. I feel sorry for these girls who keep standing all the time and who had to work under pressure and in addition are at the receiving end from some nasty customers as well (certainly not in this instance but some scold them over trivial issues). You may have visited the outlet on numerous occasions and how many times had this sort of thing has taken place????
However, its better to check bills before leaving.
This is not blaming anyone samaritin Wink
Even today in cargills one girl punch 610/= instead of 560/= for sams sausage pack,but she corrected it right away and it was a system error.

One thing I found about Sri lankan(specially Sinhalese) they do not respect their job. We need to change this mentality and made all the employees happy/proud about the job they do and etc......

Finally have a idea about each items price you pick and in the counter have a look on the price and check your bill before you leave ....that's my advice.

7අනං## මනං ## Empty Re: අනං## මනං ## on Sat Oct 13, 2018 9:45 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
කුණුටික හරියට දාගන්න බැරි කුණු වෙච්ච ජාතියක් ​​​​​​​

අනං## මනං ## Colombo_tribune_galeface_after-wesak_colombo-wesakඅනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==

අපි අපේ ජාතිය ආගම ගැන සහ වසර 2500ක ප්‍රෞඩ ඉතිහාසය ගැන පම්පෝරි ගහන අපි ඇත්තටම මහ කාලකන්නි ජාතියක් නොවේද? අපි දිහා බලාගෙන හැදුන රටවල් රොත්තක් අපිව පහු කරගෙන ගොඩාක් දුර ගිහින් ඉවරයි. අපි සුද්දා ගිය දා සිට යන්නේ රිවස් එකට කියන එක දිනෙන් දින ඔප්පු වෙමින් ඇත. මේවා ඒවාට උදාහරණය…

සිරිපා වන්දනාව අවසන් වනවිට එතන කුණු කන්දකි….
නුවර පෙරහැර අවසන් වූ විට පාරවල් කුණු වලින් පිරි ඉතිරෙයි…
මේ වෙසක් උත්සව අවසානයේ කොළඹ එක තැනක (ගෝල්ෆේස් පිටිය අවට) තත්වයයි…
ඊළඟට එන පොසොන් කාලයට අනුරපුර පොළොන්නරු වැව් අවට බැලුවොත් අපේ කෙරුවාව හොඳින් දැකිය හැකිය…

ඇත්තටම අපි ජාතියක් විදියට සිටින්නේ කොතනද? අනිත් රටවල් අප පසුකොටගෙන යාම පුදුමයක් නැත්තේ මෙවන් මිනිසුන් ඒ දියුණු සමාජයට නොගැලපෙන නිසාද කියා විටෙක සිතේ….

සුද්දා අපිට නිදහස දුන්නාද නැතිනම් අපිව තවත් හදන්නට බැරි තැන අපෙන් ගත හැකි උපරිමය ගෙන අපෙන් ගැලවී ගියාද යන්න සිතිය යුතු කරුණකි…

දේශපාලකයින්ට පමණක් බැන වැදී වැඩක් නැත ජනතාව ලෙස අප සියලු දෙනා වෙනස් විය යුතුය…
නැතුව හොද දේශපාලකයින් හදන්නට බැරිය හේතුව ඔහුන් පැමිණෙන්නේද මේ මිනිසුන් කුලකයෙන්ම නිසාය…

උපන් දා පටන් විභාග පාස් වෙන්න ළමයින්ට උගන්නන එක නවතා සැබෑ මිනිසත්බව ඇති මිනිසුන් ලෙස ජිවත් වන්නට දරුවන්ට උගන්වන තෙක් මේ රට හදන්නට බැරිය… සියල්ල නවතා හෝ හොඳ අධ්‍යාපන ක්‍රමයක් සැකසිය යුතුය නැතහොත් අපට යලි ගොඩ ඒමක් නැත…

මෙය බලන කිහිපදෙනා හෝ මේවා යලි නොවන්නට දැනුවත් වෙමු…අන් අය දැනුවත් කරමු…

https://www.colombotribune.com/2018/05/03/

8අනං## මනං ## Empty Re: අනං## මනං ## on Thu Nov 01, 2018 8:57 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
විලි ලැජ්ජාවෙ ...සංතොසේ බෑ ......... රටේ පළමු පුරවැසියා...........



9අනං## මනං ## Empty Re: අනං## මනං ## on Sat Nov 10, 2018 7:53 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
මී කතුරේ කතාව..............

අනං## මනං ## Fetch?id=6047&d=1541859744&type=small

ගම ගෙදරක ජීවත් උන මීයෙක් දවසක් දැක්කා ගමරාල අමුතු පන්නයේ පෙට්ටියක් විවෘත කරනවා.

මීයා හිතුවේ මොනවා හරි අලුත් ජාතියක කෑම වර්ගයක් ගෙනල්ලා කියලා....
ඒත් පාර්සලේ ඇතුලේ තිබුනේ අලුත්ම මී කතුරක්.
මී කතුරේ කතාව ගෙදර අනෙක් සත්තුන්ටත් කියන්න හිතපු මීයා ඉස්සෙල්ලාම ගියේ කුකුළා ලගට.
ගෙදරට මී කතුරක් ගෙනාපු එකෙන් මට අනතුරක් නෑ. ඒකෙ අනතුර තියෙන්නේ උඹට කියල කුකුලා කීව

ඊට පස්සේ මීයා ගියේ එලුවා ලගට...
මම නම් මී කතුරු අස්සේ රිංගන්නේ නෑ කියල එලුව කීව

ඊට පස්සේ මීයා ගියේ හරකා ලගට
මට නම් මීකතුරෙන් අවුලක් නෑ කියල හරක කියුව.

යාලුවෝ කියපු කතා වලින් කං කඩා වැ*ටුනු මීයා තමන් ගේ ගුලට ආව

දින දින ගතවෙත්ම දවසක් නිවස පුරා ශබ්දයක් පැතිර ගියා,මී කතුරට සතෙක් අහු වෙලා
මී කතුරට අහුවුනේ මොකෙක්ද බලන්න ගෙහිමියාගේ බිරිද දුවගෙන ආවා....

කලුවර නිසා ඇය දැක්කේ නෑ මී කතුරට අහු වෙලා හිටියේ මොකාද කියලා, මී කතුරට අහුවෙලා හිටියේ විෂ කුරු සර්පයෙක් , කතුරට හිරවෙලා කෝපාවිශ්ටව හිටිය සර්පයා දෂ්ඨ කලා....

ගෙහිමියාගේ බිරිද රෝහලට රැගෙන ගියා. ලෙඩවෙලා හිටිය ඇයට සුප් එකක් හදන්ඩ ඕනෙ වුනා , ගෙදර හිටිය කුකුල ඒ වෙනුවෙන් කැප වුනා.

ගෙහිමියාගේ බිරිද බලන්න ආව නෑදෑ හිත මිතුරන් ගෙන් ගෙදර පිරුනා, මෙයාලට කන්න දෙන්න එලුවා මැරුවා....

අසාධ්*යවුනු ගෙහිමියාගේ බිරිද ටික දවසකින් මිය ගියා
මල ගෙදර විය හියදම් වලට සල්ලි නැතිව හි හරකා වික්කා මස් කඩේට

සිද්ද වෙච්ච සියල්ල දිහා මීයා බලන් හිටියා,

කිසියම් අයෙකු තවකෙකුගේ තර්ජනයට මුහුන දුන් විට එය ඔබට අදාල නොවේ යැයි සිතා ඔබ එය නොසලකා හැරීම නොකල යුතුය . එක් අයෙකු එවන් තර්ජනයට ලක් වූවා නම් එය මුලු ප්*රජාවටම එරෙහි තර්ජනයකි
ජීවිතය නැමති ගමනේදී අප සෑම දෙනාම එකිනෙකා හා සම්බන්ධ අතර අන් අයෙකුට ප්*රශ්ණයකට මුහුන දුන් එහි යුක්ත අයුක්ත භාවය වෙනුවෙන් කතා කිරීම යුතු කමකි.

සිරිසේන කියන්නේ මී කතුරක්. 
සිරිසේනගෙ මී කතුර නිසා අද වෙනකොට නිදහස් පක්ෂය , රනිල්, මහින්ද , බැසිල්, ගෝටා විතරක් නෙවෙ, 
රටත් ජනතාවත් අනතුරට පත් වෙලා ඉවරයි...!!!

(https://www.facebook.com/nationbuildingforce/)

10අනං## මනං ## Empty Re: අනං## මනං ## on Sat Nov 10, 2018 9:27 pm

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
ලිප ගිනි මෙලවෙන   තෙක් දිය සැලියේ සැපයක් යැයි කකුලුව දිය කෙලියේ....තක්කිට තරිකිට තෙයි...කාටත් ඔය ටික වෙයි....අමතක කරන්න එපා අනුන් ආරක්ශිත නැත්නම් තමනුත් ආරක්ශිත නැත.

11අනං## මනං ## Empty Re: අනං## මනං ## on Tue Nov 13, 2018 8:52 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
ගැණු පස්සේ යන, කුඩු ගහන, සූදූ කෙලින අය පාර්ලිමේන්තු යවන්න එපා දෙයියනේ...



ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
මීගමු කළපුවෙන් කරවල වන මිනිස්සු...
NOVEMBER 23, 2018

‘අප පෝෂණය කළ අපේ කළපුව කරවල ව්‍යාපාරය නිසා දූෂිතව අවසන් ගමනේ, නිහඬව බලා සිටිමුද?’ මීගමුව නගරයේ තාප්ප මත අලවා ඇති කළු සුදු පෝස්ටර වල සඳහන් වන්නේ එසේය. නිහඬව නොසිට අපිද පෝස්ටරයේ කියන අවසන් ගමන ගැන කතාව සොයා මීගමුවට ගියෙමු.

මීගමුව හඳුනා ගැනීමට ඇති ලෙහෙසිම ක්‍රමය නම් අවට සුළඟ මදක් ඉවකර බැලීමයි. එහි මාළු කුයිල දැවටී ඇත. ඒත් ඔබ මේ සමයේ මීගමුවේ සුළඟ ඉවකර බැලුවොත් මාළු කුයිල පරදන ගන්ධයක් මීගමු සුළඟේ දැවටී ඇති වග ඔබට හැඟෙන්නට පුලුවන. කුණු පිරුණු දූෂිත මීගමු කළපුව ඔබේ හැඟීමට හේතු සපයනු ඇත. රිජිෆෝම් පෙට්ටි, ප්ලාස්ටික් බෝතල්, පොලිතින් කවර, පොහොර කවර ඇතුලු තව බොහෝ දේ කළපුවේ ඉවුරු ආසන්නයේ ගොඩගසා ඇත. කළපුවේ වතුර කළු පැහැතිය. කිසිඳු ප්‍රියමනාප බවක් එහි නැත.

අපි කළපුව අද්දරින් පිටිපන දෙසට ඇදුනෙමු. අප යන මාර්ගයේ කළපුවට ජලය ගලායන ඇළ මාර්ග බොහෝය. පසු කරන සෑම ඇළ මාර්ගයක්ම පාසා නහයට එක් කරන්නේ අප්‍රසන්න ගන්ධයකි.

කළපුව විනාශයි

අප නිශාන්තගේ නිවසට යන විට ඔහු පෙරදා රාත්‍රියේ මුහුදු ගොස් පැමිණ තවම නිදිය. එහෙත් අප පැමිණි බව දැන්වූ විට ඔහු අවදිව පැමිණියේය. ‘ඉස්සර මීගමුවේ සුන්දර බව වැඩි කරපු එක සාධකයක් තමයි මීගමුව කළපුව කියන්නේ. අපේ අම්මලා තාත්තලා අපට පීනන්ඩ පුරුදු කළේ මේ කළපුවට දාලා. දැන් කළපුවේ පීනන්ඩ නෙවෙයි බහින්ඩවත් බෑ. මම දැන් මුහුදු ගියාට අපේ මාපියෝ අපිව උස් මහත් කරේ මේ කළපුවෙන්. ඉස්සර කළපුවෙන් හම්බකරපු මාපියන්ට දැන් කුලී වැඩ කරලා තමන්ගේ දරුවන්ට කන්ඩ දෙන්ඩ වෙලා තියනවා.’ නිශාන්ත ජීවත් වන්නේ උතුරු පිටිපන ප්‍රදේශයේය.
අප නිශාන්තගේ නිවසට පැමිණ සිටින බව දැන ජෝසප්, නිශාන්තගේ නිවසට ගොඩ වූයේ ඔය අතරතුරය. ජෝසප් මීට කාලයකට පෙර සිය ප්‍රධාන ආදායම් මාර්ගය ධීවර වෘත්තිය බවට පත් කරගෙන සිටි අයෙකි. එහෙත් දැන් ජෝසප් ඉඳි ආප්ප විකුණා සිය ජීවිකාව සරිකරගනී.

‘දැන් කළපුවේ ඉස්සන් මාලු නැතුව ගිහිල්ලා. ඉතින් රස්සාවකුත් ඕනේ හින්ද දැන් නෝනත් එක්ක ඉඳි අප්ප තම්බනවා. ඉඳලා හිටලා කළපුවට ගිහිල්ල එනවා. මට තිබුණ පර්චස් අනූවක විතර පොකුණක්. ඒකේ මම ඉස්සර අවුරුද්දට රුපියල් ලක්ෂෙක විතර මාලු අල්ලනවා. අද කීයක් වියදමට ඕනේද, ඒ ගාන හොයාගෙන තමයි පොකුණෙන් ගොඩට එන්නේ. දැන් ඒකත් මුඩු බිමක් වෙලා.’ ධීවරයෝ යනු තනිව ස්වාධීනව නැගීසිටි පිරිසකි. එහෙත් ඒ ධීවරයන්ට අද අත්ව ඇති ඉරණම ඛේදජනකය. ඒ අතර නිශාන්ත නැවත කතා කරන්නට විය.

‘මහ කළපුවෙන් පුංචි ඉස්සෝ අල්ලගෙන ඒ ඉස්සෝ මුහුදු ගෙනියනවා ඇමක් විදිහට. හැබැයි ඒකට උන් පණ පිටින් ඉන්ඩ ඕනේ. ඒකට ඉස්සර අපේ ධීවරයො රෑට ඉස්සන්ව අල්ලගෙන ඇවිල්ල තමන්ගේ ගේ ළඟ ඇලේ ඉස්සෝ හිටවනවා. හැබැයි දැන් එහෙම කරන්ඩ බෑ. මේ ඇළවල් වල ඉස්සෝ හිටෙව්වොත් ඉස්සෝ ටික මැරෙනවා. එහෙම ඉස්සෝ ටික මැරුණොත් දෙතුන් දාහක් පාඩුයි. පණ තියන ඉස්සෝ කූඩයක් රුපියල් තුන්දාහක් විතර වෙනවා. හැබැයි උන් මැරුණට පස්සේ රුපියල් දාහක්වත් ගන්ඩ බෑ,’

මේ ධීවරයන්ට අනුව කළපුවේ වර්තමාන තත්ත්වයට හේතුව වී ඇත්තේ කළපුව ආශ්‍රිතව කඩොලාන දූපත් වල ඉදිකර ඇති කරවල වාඩිය. ඒ ගැන කියන්නේ ජෝසප්ය. ‘කෙනෙකුට අහන්ඩ පුලුවන් මාළු අපද්‍රව්‍ය විතරමද මීගමු කළපුවේ විනාශයට හේතු වෙලා තියෙන්නේ කියලා. හැබැයි අපි විඳවපු විඳවිල්ලයි, අපේ අත්දැකීම් එක්ක කියන්ඩ පුලුවන් මාලු අපද්‍රව්‍ය තමයි කලපුවේ විනාශයට ප්‍රධානම හේතුව කියලා.’

කළපුවේ මේ විනාශයත් සමඟම කළපුව පෝෂණය කළ ඇළ මාර්ග, ගංගා පවා විනාශ වූ බව සාන්ත මරියා කට්ටුදැල් ධීවර සමිතියේ සභාපති ඔස්කා ප්‍රනාන්දු පැවසීය. ‘කුඩා ගඟේ ඉස්සර ඉස්සෝ මාළු යහමින් හිටියා. ඒකට තමයි කරවල වාඩි වලින් ඉස්සල්ලම මාළු අපද්‍රව්‍ය දාන්ඩ ගත්තේ. එහෙම අපද්‍රව්‍ය දාන්ඩ පටන් ගත්තට පස්සේ ඒකේ ඉස්සෝ මාළු නැති මුඩු බිමක් බවට පත් වුණා. ඊට පස්සේ රොන් මඩ අයින් කළහම මේක හරියනවා කියලා රජයෙන් මේක අඩි හතක් විතර හෑරුවා. දැන් ඒ හාරලා අවුරුදු එකහමාරක් විතර ගියා හැබැයි තාමත් ඒක මුඩු බිමක්.’

එරනවල

ඒ එරනවලයි. එරනවලින් කළපුව පෝෂණය කරන ඇළමාර්ගයක් ගලා යයි. එය දිස් වනුයේ ඇළ මාර්ගයක් ලෙස නොව, කුණු ඇළක් ලෙසය. එහි ජලජ ජීවීන් හැර අනෙකුත් සෑම දෙයක්ම ඇත. පොලිතින්, පොහොර උර, රිජිෆෝම් පෙට්ටි, මාළු අපද්‍රව්‍ය මේ හැම දෙයකින්ම ඇළ පොහොසත්ය. ඇළ මාර්ගය අසල ඇති කරවල වාඩි වල සියලු අප ජලය මුදා හරින්නේ එම ජල පෝෂකයටය.
අපි ගොඩ වැදුනේ ශානිකාගේ නිවසටය. එහි ගොඩවැදුනු විගස හමා ආවේ ප්‍රියමනාප ගන්ධයක් නොවේ. අවට පරිසරයම පිරී ඇත්තේ කුණු ගඳෙනි. ඒ ගඳ හමන්නේ මේ නිවාස වටා පිහිටා ඇති කරවල වාඩි වලිනි. ශානිකාගේ නිවසට ඉදිරියේ තුෂාරිගේ නිවස ද ඒ අසලම ශර්මිලාගේ නිවස ද සචිනි හා රීනා ගේ නිවෙස් ද පිහිටා ඇත. කරවල වාඩි පිහිටා ඇත්තේ මේ නිවෙස් මැදි කරගෙන ඒ නිවෙස් වටාය.
‘ළමයකුට කෑම ටිකක් කන්ඩ නෑ. අප්පිරියාවට වමනේ යනවා. පාඩමක් කරගන්ඩ නෑ.’ ශානිකා කීවාය.

‘වෙලාවකට මේගොල්ලො ගඳ යන්ඩ කියලා කජු ලෙලි පුච්චනවා. එතකොට ඊට වැඩිය අමාරුයි. කරවල කටු ගිනි තියනවා. පොලිතින් ගිනි තියනවා. අපි කෑගහපුවහම නවත්තනවා. හැබැයි ආය ටිකකින් පටන් ගන්නවා.’ තුෂාරි කියයි.

‘අපේ දරුවන්ට හැමදාම ලෙඩ. උණ හෙම්බිරිස්සාවට වැඩිය බෙහෙත් ගන්ඩ යන්නෙ බඬේ අමාරුවට. මගෙ දරුවට ඊයෙයි පෙරේදයි වමනේ. කන්ඩ ගිහිල්ල මේකෙ ආපු ගඳට කන්ඩ බෑ කියල වමනෙ දැම්ම.’ රැස්වූ පිරිස අතුරින් මතුවන අදහස් කවුරු පවසන්නේද යන්න හඳුනාගැනීමට නොහැකි වන තරමත එක මත එක අදහස් පතිතවේ. රැස්වූවෝ තමන් විඳින දුක වචන බවට පෙරළති.
‘ඒ ගොල්ලො මාළු ගෙනල්ලා කපලා වැඩකරන අයට සල්ලිත් දීලා ගෙවල් වලට යනවා. අපිට උයාගන්ඩත් බෑ, උයාගත්ත දෙයක් කන්ඩත් බෑ. ඒ මිනිස්සුන්ගේ ගෙවල් මෙහේ නෙවේනේ තියෙන්නේ ඒ හින්දා ඒගොල්ලන්ට මේ දුක දැනෙන් නෑ’ නිහැඬියාවකින් පසු සචිනි පැවසුවා.

අපට හෝරාවක් දෙකක් දරාගත නොහැකි ගඳ ඔවුන් දැනට බොහෝ කාලයක් දරාගනිමින්ද සිටීම සුළුපටු නැත.

‘කපුටෝ වාඩියෙන් මාළු ජරාව ගෙනල්ලා හැමතැනම දානවා. අද උදේ අතුගාද්දි තනිකරම මිදුල පුරා තිබුණේ මාළු ජරාව.’ රීටා කියයි.
මේසා අප්‍රසන්න සිදුවීම් හමුවේ මොවුන් තවදුරටත් තමන් කුණු ගොඩක ජීවත් නොවන්නේ යැයි සිතන්නේ කෙසේද? තමන්ගේ ගෙවල් වටේ ඇති කරවල වාඩි පරිසරයට ද මිනිසුන්ට ද විශාල හානියක් සිදු කරමින් කිසිදු නීතිමය වාරණයකට ලක් නොවී තිබෙන්නේ ප්‍රදේශයේ දේශපාලන බලවතුන්ගේ ආරක්ෂාව එම කරවල වාඩි වලට ඇති නිසා බව ගම්මුන්ගේ අදහසයි.
‘අපි පොඩිකාලේ මේ කළපුවේ තමයි නෑවේ, සෙල්ලම් කළේ. හැබැයි අපේ දරුවන්ට ඒ දේ කරන්ඩ බෑ. අපි පුංචි කාලේ ඉඳලා මේ පරිසරයේ ජීවත් වුණ මිනිස්සු. මේ සුන්දර පරිසරයට වෙලා තියන දේ ගැන අපට ඇත්තටම දුකයි.’ ශානිකා එසේ කියයි. කලපුවට අපද්‍රව්‍ය දමන කරවල වාඩි මේ විනාශ කරමින් පවතින්නේ මීගමුවේ මිනිසුන්ගේ ඒ සුන්දර අතීතයයි.
‘අපේ ගෙවල් වලට මනුස්සයෙක් ආපුවහම යන්නේ කොයිවෙලාවෙද කියලා බල බල ඉන්නේ. ඇයි මනුස්සයෙකුට උහුලන්ඩ පුලුවන් ගඳක්ද මේක’ මැද පිටිපන, මියුරින් හාමි එසේ කියයි. ඒ කතාවට ඇගේ සැමියාද හවුල් වේ. ‘මිනිස්සු හිතන්නේ අපේ ගෙයින් කුණු ගඳ එනවා කියලනේ. කරවල වාඩියෙන් මේ ගඳ එන්නේ කියලා ඒ මිනිස්සුන්ට නිච්චියක් නෑ.’ ජුසේ ප්‍රනාන්දු කියයි. ඔවුන් දෙදෙනාම තවම ධීවර වෘත්තියේ නියැළේ. ධීවර වෘත්තියේ නියැලී ඔවුන් සාදාගත් නිවස ද ඔවුන්ගේ සිහින ද ගෞරවය ද කරවල වාඩියේ සුළඟ විත් දූෂණය කරයි.

කුණු මාළු කරවල, රින්සෝ සහ පෙට්‍රල්

‘මීට කලින් මේ පැත්තේ මිනිස්සු කරවල වේලුවේ නැද්ද?’ අපි ඔවුන්ගෙන් ඇසුවෙමු.
‘මොකද නැත්තේ. ඉස්සරත් අපි කරවල වේලුවා. දැනුත් වේලනවා. හැබැයි මේ කරවල වාඩි වල වගේ කුණු මාළු නෙවෙයි. මේ වාඩි වලට ගේන්නේ ලංකාවෙන් පිටරට යවල එහෙන් අයින් කරන මාළු. ඒව කුණු වෙලා ගඳ ගහනවා. ඒක තමයි මේ උහුලන්ඩ බැරි ගඳ.’ ඔවුහු කියති.

‘කුණු වෙච්ච මාළු කොහොමද කරවල කරන්නේ. ඒවගේ පණුවෝ එහෙම ඉන්නවනේ?’ අපි ඔවුන්ගෙන් විමසුවෙමු.
‘මාළු සුද්ද කරලා මාළු වලට පෙට්‍රල් ටිකක් ස්ප්‍රේ කරලා වේලෙන්ඩ දානවා. එතකොට පෙට්‍රල් කුයිලට මැස්සෝ එහෙම එන්නේ නෑ. පණුවෝ ඉන්නවා නම් කරන්නේ රින්සෝ දාපු වතුර එකකින් මාළුවා හෝදලා වේලෙන්ඩ දාන එක. ඊට පස්සේ පණුවෝ ගහන්නේ නෑ’ ගම්මු එසේ කියා අපට උපදෙසක් දීමටද අමතක නොකළහ. ‘ලොකු කරවල ජාති මුකුත් කන්ඩ එපා. හාල් මැස්සො නම් කෑවට කමක් නෑ.’
සිය නම සඳහන් කරනවාට අකමැති වූ පිටිපන එක් වයෝවෘද ධීවරයකු එදා කරවල කර්මාන්තය අද දක්වා වර්ධනය වීම පිළිබඳව පැහැදිලි කළේ මෙසේය.

‘ඉස්සර මෙහෙ කරවල කර්මාන්තය කළේ එදා අල්ලන මාළු වල වැඩි ටික කරවල කරපු එක. ඒකෙදි කරවල වලට ගත්තේ දවසේ මාළු. හැබැයි දැන් ගන්නේ මාස ගාණකට කලින් අල්ලපු ලෝකේ වටේ ගිහිල්ලා අයින් කරන මාළු. මීගමුවේ එහෙම තිබ්බ කරවල කර්මාන්තයට ඒ හින්දම හොඳ ඉල්ලුමක් තිබ්බා. ඒත් එක්කම ක්‍රමානුකූලව මීගමුවට විශාල කරවල වාඩි ආවා. ඒවගේ කරවල කර්මාන්තය කළේ මහා පරිමාණව. එයාලට ඒකට මීගමුවේ මාළු ප්‍රමාණය මදි වුණා. ඒකට එයාල මුලින් කළේ ලංකාවේ වෙනත් පළාත් වලින් මීගමුවට මාළු ගෙනල්ලා කරවල කරපු එක. ඊට පස්සේ එයාලට ඒකට වියදම් කරපු ගාණට වඩා අඩු ගාණකට පිටරටවල මාළු හම්බවෙන්ඩ ගත්තා. දැන් තනිකරම කරවල කරන ලොකු මාළු පිටරට යවල අයින් කරන මාළු.’
මාළු කරවල කිරීම සඳහා ඒ මාළු ලුණු ජලයේ බහා තැබීම සිදු කරයි. ඒ සඳහා මේ කරවල වාඩිවල විශාල ටැංකි තනා ඇති අතර යම් කාලයක් තිස්සේ ඒ වතුර භාවිත කිරීමෙන් පසු ඒ ජලය බැහැර කරන්නේ කළපුවේ ජල පෝෂක වලට සහ කළපුවටයි. ‘දැන් ඇළවල් වල වතුර එක එක වෙලාවට එක එක පාට. වෙලාවකට රතු පාටයි. වෙලාවකට කොළ පාටයි. වෙලාවකට රෝස පාටයි. දේදුන්නක් වගේ’ එසේ කියන්නේ සුසිත් ය.

මීගමුව, කුණු නගරය

මීගමුවේ උසාවි සංකීර්ණයද, නිවුස්ටඞ් කාන්තා විද්‍යාලයද, ඓතිහාසික වටිනාකමකින් යුත් පැරණි තානායමද, ධීවර අධ්‍යක්ෂ කාර්යාලයද ඇතුලු නගරයේ බොහෝ රජයේ ආයතන සහ ජනතාව ගැවසෙන ජනාකීර්ණ ස්ථාන පිහිටා ඇති මීගමුවේ නගරයේ තැනක කරවල ව්‍යාපාරය සිදු කරන ස්ථානයක් වෙයි. එයින් හමන අප්‍රසන්න ගන්ධය මේ කියන ස්ථාන සෑම තැනකටම පාහේ දැනෙන බව අමුතුවෙන් කිව යුතු නැත.
අපට පිටිපනදී විදුහලේ සංවර්ධන සමිතියේ ලේකම් අජිත් සුරංග මුන ගැසුණි.
‘ඉස්කෝලෙට කරවල වාඩියෙන් එන ගඳ දරාගන්ඩ බෑ. අලුතෙන් එන ටීචර්ස්ලා හැම වෙලාවෙම සාරියෙන් මූණ වහගෙන ඉන්නේ. සාරියෙන් මූණ වහගෙන මේගොල්ලෝ කොහොමද වැඩ කරන්නේ. හරියට ළමයකුට උගන්න ගන්ඩවත් බෑනේ. එහෙම වුණහම ළමයිනුත් අනාතයි, එන ගුරුවරුත් අනාතයි. ළමයිට කෑමක් කන්ඩ බෑ. ළමයි වමනේ කරන වෙලාවල් තියනවා, බඩඑලිය යන වෙලාවල් තියනවා. ඉස්කෝලයක් කියන්නේ පිරිසිදුව තියෙන්ඩ ඕනේ තැන්නේ. ඒවගේ තැනකට කරවල වාඩියක් ආවහම ලොකු ප්‍රශ්නයක්.’

මීගමුව නගරය ගඳ ගස්සවන මේ කරවල වාඩිය මෙහි තවදුරටත් තිබීමට හේතුව ප්‍රදේශයේ දේශපාලනඥයකුගේ උවමනාව බව ප්‍රදේශවාසීහු පවසති. ඒ බව අපට සනාථ වූයේ මේ පිළිබඳව නගරයේ බොහෝ දෙනකු සමඟ කතාබහ කළද ඔවුන් මේ පිළිබඳව යමක් පැවසීමට මැලිවූ බැවිනි.

කුණු කළපුවට

අප මීගමුව කළපුවට ධීවරයන් සමඟ ගමන් කළ අතර එහිදී අපට ඔවුන් කී කාරණාවල සත්‍යතාව වැටහුණි. කළපුව වටා පිහිටා ඇති කඩොලාන පරිසර පද්ධතිය කපා එළිපෙහෙලි කර ඒවායේ කරවල වාඩි ඉදිකර ඇත. එසේම කරවල වාඩි වලින් පිටකරන අප ජලය ඍජුවම මුදාහරිනු ලබන්නේ කළපුවටය. ඒ ජලය රතු පැහැතිය. රතු පැහැ ජලය කළපුවට එකතු වූවායින් පසු කිරි පැහැයට සමාන රෝස පැහැයක් ගනී. එසේම ඒ ජලය වැටෙන ස්ථාන වල විශාල පෙණ බුබුලු සමූහයන් දැකගත හැකිය.

එසේම මාළු ඔලු, හම් කැබලි ඇතුලු අනෙකුත් අපද්‍රව්‍ය කළපු ජලයේ තැන තැන පාවේ. ජලය කළු පැහැතිය. ඒ හරහා කළපුවේ අඩිය නොපෙනේ. අප සමඟ සංචාරය කළ ධීවරයන් පැවසූවේ කළපු පතුලේ ‘කාවාඩි’ නම් සත්ත්ව විශේෂයක් සිටින බවයි. ඒ නිසා කළපුවට බැසිය නොහැකි බවත්, බැස්සහොත් කකුල් කැපෙනා බවත්ය. එසේම කළපු ඉවුරේ කළපුව තුළට වන්නට ගොලු බෙල්ලන් වැනි සත්ව විශේෂයක් සිටින බව අපට නිරීක්ෂණය විය. ධීවරයන් ඔවුන්ට පැවසූවේ ”ඌරි” යනුවෙනි. මේ ආකාරයට ඌරි සහ කාවාඩි මීට පෙර කළපුවේ නොසිටි බවත් ඔවුන් කළපුවට පැමිණියේ කරවල කර්මාන්තය ආශ්‍රිත අප ජලය කළපුවට මුදා හැරීම් පටන් ගත්තායින් පසුව බවත් ධීවරයෝ පැවසූහ.
මීගමුවේ කළපු ධීවරයන්ගේ සේම, මුහුදු ධීවරයන්ගේ ද හෙට දවස තීරණය වන්නේ කළපුවේ හෙට දවස අනුවය. ඒ නිසා කළපුවේ හෙට දවස යහපත් විය යුතුව ඇත. මීගමුවේ ධීවරයන්ගේ ද අභිලාශය හෙට දිනයේ පිරිසිදු කළපුවක් බිහිවනු දැකීමයි.


http://ravaya.lk/?p=173706

13අනං## මනං ## Empty Re: අනං## මනං ## on Sun Dec 02, 2018 8:12 am

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
We will adopt next strategy after Supreme Court ruling MR
2018-11-30


  • If General Elections are ruled out, we would get 113 in Parliament 



  • Efforts underway to engage international community 



  • Most countries are with us



  • We have no grudge against the western world



  • Today, the JVP and the UNP speak in one voice



  • There is no such thing called capturing power through the backdoor





 

අනං## මනං ## Image_1543526049-46986c1c8cඅනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==​ahinda Rajapaksa, former President and Prime Minister appointed by President Maithripala Sirisena on October 26,  in an interview with the Daily Mirror, spoke about the current status of the country and the plans he wishes to carry out after the Supreme Court ruling on dissolution of Parliament, expected on December 7, 2018. Excerpts: 


 

 

අනං## මනං ## Image_1543526069-250d9556e2අනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==Q   Now, the country is ungovernable. There is instability in the country. How do you intend to end this crisis?



There is no instability in the country as I can see.  There is a certain dispute involving Parliament only. That is all. It has not affected the country as a whole. People get on with their normal work. Public servants report to work.  I travel all across the country. That is what I see.  Likewise, we have meetings and demonstrations throughout the country.
During the previous rule, we saw underworld killings. On a daily basis, four to five persons got killed. The situation has changed now.  Actually, things have changed for the better in the country in some aspects. 

Q   Now, there is a crisis involving Parliament. It has hampered decision making. Won’t it affect the country in another month or two?



Whatever it is, we have to wait for the ruling by the Supreme Court on December 7. The matter is pending before court.  We will be able to talk about the country’s

අනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==
 situation subject to the court ruling only. Until then, we cannot talk anything about it. 

Q   What are you planning to do?



We will decide after the court ruling. We are in a win-win situation.  We took over the Government. We always requested for elections. We agitated for elections.  We do not mind even if we do not get an election. We have the support of 113 MPs. We will show it at the right time. 

Q   How certain are you that you have the support of 113 MPs in Parliament?



In case, a General Election is ruled out, we will show it in Parliament and proceed. 

Q   Now, the JVP and the UNP say they are ready for any election, but not under your Government. They want your Government to be unseated as a condition for elections. What is your view? 



Today, the JVP and the UNP speak in one voice. JVP Leader Anura Kumara Dissanayake is the mouthpiece of UNP Leader Ranil Wickremesinghe.   It is no wonder that both the parties have the same viewpoint.  

Q   There is perception among some that you took over the Government entering through the backdoor despite your ability to winඅනං## මනං ## Image_1543526372-a331aa7b01අනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==​ elections in the future. What is your view?



There is no such thing called capturing power through the backdoor. A political party is not meant to be in the opposition forever. It should try to become the ruling party on the very first occasion made available to it.  We vowed to topple the Government after two Vesak Poyas.  One Vesak Poya is over. We toppled the Government before the next Vesak Poya.   Our duty is to topple the Government if it is possible. It is actually in the greater interests of the country. The previous Government alienated the national assets. If it continued, there would be nothing left in the country for posterity. We reversed the move to introduce a separatist Constitution. Otherwise, it would also have been declared as adopted by voice vote in Parliament. (Ekath Aye Uye gala sammatha  karai)
In that context, we have taken a correct decision in the interests of the country. We also faced a similar problem with regards to the Free Trade Agreements at that time.   The previous Government did not think of the country. They acted in their personal interest   and the interests of foreign countries.  

Q   The change of Government has been subjected to criticism by a section of the international community; namely the western countries.  How can a Government be run without the cooperation from the western countries?



We have no grudge against the western world. Yet, the western world looks at us from a different angle.  We are taking steps to change their attitude towards us. 

 

Q   What is your strategic plan to do it?



We have already started it. We remain engaged with them. They have an ill-informed opinion of us.  When a new ambassador is posted to Sri Lanka, he relies on information provided by predecessors. Their opinion is shaped in that manner. We are trying to give them the correct picture. 
There are some persons attending parties thrown by the embassies. Actually, the opinion expressed by these party-goers cannot be taken as the common opinion of Sri Lankans.  Mostly, the views expressed by these persons frequenting the embassies and high commissions are taken as the common position of Sri Lankans, unfortunately. 
Only a handful of countries raise concern with us.  The middle-eastern countries have no issue with us. Only a few western countries take up this issue with us. We would be able to correct it. 
Most countries are alright with us. China believes that Sri Lankans have the wisdom to resolve their issues. Likewise, Russia also believes the same.

Q   What are the Government’s priorities till December 7?



We have worked out a programme to give concessions to the agriculture sector. That was a neglected sector during the previous rule. We have focused attention on it.  If we develop this sector, we can feed ourselves. We will pay more attention on the export-oriented industries. We have initiated talks for the development of the tourism sector through new promotional activities. We gave concessions to those sending foreign remittances. During the previous rule, people did not send foreign remittances.  Even our expatriate workers who toil in the Middle East were taxed. We are correcting all these areas. 

Q   When you give tax concessions, it affects the Government’s revenue. How do you address such concern?



The Government did not receive much  revenue by way of taxes levied on these sectors.  We do taxation appropriately.  We should not burden people in the process of taxation. As I always say, it is proverbially similar to sucking nectar from a flower without damaging it. That is our policy. 

Q   Once you joined hands with President Maithripala Sirisena, everybody thought  that the factions of the Sri Lanka Freedom Party (SLFP) would be united. But, you obtained the membership of Sri Lanka Podujana Peramuna(SLPP). Why did it happen?



We formed the SLPP under the Pohottuwa symbol. We have operated that party from its inception.  It is nothing new that I obtained its membership. In fact, I have virtually acted as a member of that party right from the beginning. 

Q   Won’t it affect the identity of the SLFP?



It will not happen.  We will act as a common front.  It does not matter whether we belong to the SLFP or the SLPP. 

Q   Would you be contesting future elections under the Pohottuwa symbol?



We have talked about a common alliance.  Discussions are underway for a common symbol.  No final decision has been taken about the symbol. We have to choose a symbol which appeals the most to the people. I believe it should not be a symbol which requires to be introduced freshly to people. We are negotiating on this matter.

Q   Some people think that the UNP received a boost  as its members became active after their leader was sacked from the post of Prime Minister. How will it affect you?



 It happens normally in the event of an election. We expected it. The UNPers may remain silent. In the event of an election, they get active. It is a normal phenomenon.  Let alone, at village level, the situation is totally different. People do not talk about Ranil or Sajith. 
Whatever it may be, it is better for the UNP to discard vindictive politics.  The UNP has a departure from politics followed by its founder leaders D.S.Senanayake and Dudley Senanayake.  The UNP is actually a forum of mudslingers today. The UNP should correct its tarnished reputation. 

Q   There is an allegation that you took over the Government to cover up cases pending against your family members. Is it true?



We have not done anything to cover up cases. We will not stop politics in fear of court cases.  We will not shy away from them. We don’t mind court cases instituted over our political activities. It is nothing new for us. We faced such legal cases in 1980s as well. 

Q   Are you planning to initiate action against the Central Bank bond fraud reported during the former rule?



The President has already made a statement in this regard. He will look into it.

Q   You maintained the position that the Financial Crimes Investigation Division (FCID) should be disbanded. What are you planning to do with it?



We stick with the same position. It is up to the President to take any decision in this regard. We are against the establishment of such police units, comprising specially selected police officers, to politically victimise people.  It conducted investigations regarding complaints sent by then Prime Minister Ranil Wickremesinghe only.

Q   There is a demand by the UNP to conduct an early presidential election. What is your response?



 Now, there is a question involving Parliament. It has nothing to do with the presidency. Therefore, a parliamentary election is appropriate. 

Q   In case, the Presidential Election is declared by the President, are you ready for it?



Let’s see it then!  

​​​​​​​http://www.dailymirror.lk/article/We-will-adopt-next-strategy-after-Supreme-Court-ruling-MR-159105.html

14අනං## මනං ## Empty Re: අනං## මනං ## on Mon Dec 03, 2018 8:48 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
ඊයේ ඩොලරය පහළ ගියේ ඇයි?

අනං## මනං ## Jerome-Powell-Trump-770x432
දිගින් දිගටම දිනපතා කීයකින් හෝ ඉහළ යමින් තිබුණු ඇමරිකන් ඩොලරයක මිල අද දිනයේ (29 බ්*රහස්පතින්දා) පොඩ්ඩක් අඩු වුනා. ඒ ඇයි? ජනාධිපතිවරයා හා කතානායකවරයා අතර සාකච්ඡාවෙන් පස්සෙද? නැත්නම් මහ බැංකු මැදිහත්වීමක් නිසාද?

ඇත්තටම වුනේ රුපියල ශක්තිමත් වීම නෙමෙයි. ඩොලරය පොඩ්ඩක් දුර්වල වීමයි. මෙය සිදුවුනේ ඊයේ (28 බදාදා) ඇමරිකානු ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපති ජෙරමි පවල් විසින් කළ ප්*රකාශයක් නිසයි.

පහුගිය කාලයේ ඩොලරයේ මිල ඉහළ යන්න හේතු වුනේ ඩොලරය ශක්තිමත් වීම බව මාස කිහිපයකට පෙර මහ බැංකුව පැත්තෙන් ඇහුනු දෙයක්. එය සම්පූර්ණ ඇත්තක් නොවුනත් අර්ධ සත්*යයක්. මේ ගැන මා ඒ දවස් වල පැහැදිලි කළා.

පසුගිය ආර්ථික අවපාතයෙන් පසුව ඇමරිකන් ආර්ථිකය නැවත උඩට ගැනීම පිණිස පොලී අනුපාතික හොඳටම අඩු කළා. 2008 දෙසැම්බර් මාසයේදී ෆෙඩරල් පොලී අනුපාතික සෛද්ධාන්තිකව පහත හෙළිය හැකි අවම සීමාව දක්වාම අඩු කළා. එතැන් සිට වසර හතක් පුරා ෆෙඩරල් පොලී අනුපාතික පැවතුනේ 0-0.25% මට්ටමේ. මේ කාලය තුළ ප්*රාග්ධනය විශාල ලෙස ඇමරිකාවෙන් පිටත වැඩි පොලී අනුපාතික තිබුණු තැන් වලට ගලා ගියා. එහි ප්*රතිඵලයක් ලෙස ඇමරිකන් ඩොලරය ක්*රමයෙන් දුර්වල වුනා. ඒ කාලයේ ඩොලරයක මිල ඉහළ යාමේ ප්*රශ්නය හෝ විදේශ ප්*රාග්ධනය ආකර්ශනය කර ගැනීම ලංකාවට ලොකුවට බල නොපෑවේත් ඒ නිසයි.

මෙසේ ශුන්*ය මට්ටම ආසන්නයේ වසර හතක් පැවති පොලී අනුපාතික 2015 දෙසැම්බරයේදී 0.25-0.50% මට්ටම දක්වාත්, තවත් වසරකට පසු 0.50-0.75% දක්වාත් ආදී වශයෙන් ක්*රමයෙන් ඉහළ නැංවුනා. ඉන්පසුව 2017දී තෙවරක් හා 2018දී මේ වන තුරු තෙවරක් ෆෙඩරල් පොලී අනුපාතික ඉහළ නංවා තිබෙනවා. දැන් තිබෙන්නේ 2.00–2.25% මට්ටමේ.

සමාන අවදානමක් තිබෙන වෙනත් රටවලට සාපේක්ෂව රටක පොලී අනුපාතික ඉහළ යන විට ඒ රටට විදේශ ප්*රාග්ධනය ආකර්ශනය වෙනවා. එවිට, විණිමය අනුපාතිකය ශක්තිමත් වෙනවා. පසුගිය තෙවසරක පමණ කාලය තුළ ඇමරිකන් ඩොලරය ශක්තිමත් වෙන්න ප්*රධාන හේතුවක් වුනේ සාපේක්ෂව ඉහළ පොලී අනුපාතිකයි.

රටක මහ බැංකුව විසින් ප්*රතිපත්ති පොලී අනුපාතික ඉහළ දමන්නේ උද්ධමනය පාලනය කිරීමටයි. එහි ප්*රතිඵලයක් ලෙස ආර්ථික වර්ධනය අඩු වෙනවා. රටක ආර්ථික වර්ධනය අඩු කෙරෙන ප්*රතිපත්ති වලට රාජ්*ය පාලකයින් එතරම් කැමති නැහැ. ජනාධිපති ට්*රම්ප් හා අදාළව වුවත් මෙහි වෙනසක් නැහැ. ඔහු සවුදි අරාබියට බලපෑම් කරමින් තෙල් මිල පහළින් තබාගන්න උත්සාහ කරන්නෙත් තෙල් මිල අඩුවන තරමට ඇමරිකන් ආර්ථික වර්ධනය වේගවත් වන නිසයි.

ජෙරමි පවල්ගේ බදාදා ප්*රකාශයෙන් අදහස් වුනේ පසුගිය තෙවසර තුළ සිදු කෙරුණු පොලී අනුපාතික ඉහළ දැමීම තව වැඩි කලක් මේ ආකාරයට සිදු නොකෙරෙනු ඇති බවයි. පොලී අනුපාතික අවශ්*ය මට්ටම කිට්ටුවටම පැමිණ තිබෙන බව ඔහු විසින් පැවසීමෙන් බොහෝ දෙනෙක් තේරුම් ගත්තේ තවත් වරකට නැත්නම් දෙකකට වඩා පොලී අනුපාතික ඉහළ දමන්නට ඉඩක් නැති බවයි.

ඉදිරි කාලයේදී පොලී අනුපාතික දිගින් දිගටම වැඩි වෙන්නේ නැහැ කියන එකෙන් අදහස් වෙන්නේ ඇමරිකාවට ප්*රාග්ධනය ගලා එන එක සීමා වෙනවා කියන එකයි. ඒ කියන්නේ ඩොලරය ශක්තිමත් වෙමින් තිබෙන ප්*රවණතාව වෙනස් වෙනවා කියන එකයි. පවල්ගේ ප්*රකාශය සිදු වූ ඊයේ ඇමරිකන් ඩොලරය බ්*රිතාන්*ය පවුම, යුරෝව, යෙන් මුදල, චීන යුවානය, ඕස්ට්*රේලියානු හා කැනේඩියානු ඩොලර්, ඉන්දියන් රුපියල ඇතුළු ලෝකයේ ව්*යවහාර මුදල් බොහොමයකටම සාපේක්ෂව දුර්වල වුනා.

අද ඇමරිකන් ඩොලරයක රුපියල් මිල තරමක් අඩු වෙන්න හේතු වී තිබෙන්නේත් ඉහත ප්*රකාශයයි. බ්*රිතාන්*ය පවුම, යුරෝව, යෙන් මුදල ආදී අනෙක් විදේශ ව්*යවහාර මුදල් බොහොමයකට සාපේක්ෂව අද දිනයේත් රුපියල පිරිහී තිබෙනවා.

පවල්ගේ ප්*රකාශයට ඇමරිකානු කොටස් වෙළඳපොළත් ප්*රතිචාර දැක්වූවා. ඊයේ කොටස් වෙළඳපොළ දර්ශක සැලකිය යුතු ලෙස ඉහළ ගියා. පොලී අනුපාතික වැඩි වීම නවතිනවා කියන්නේ ආර්ථික වර්ධනය ඉහළ යනවා කියන එකයි. එවිට සමාගම් වල ලාබ ඉහළ ගොස් කොටස් හිමියන්ගේ ලාභාංශ ඉහළ යනවා. ඒ නිසා, පොලී අනුපාතික සීමා වෙන්න යන ප්*රවෘත්තියට කොටස් ඉල්ලුම වැඩි වී කොටස් මිල ඉහළ යනවා.

ජෙරමි පවල්ගේ ප්*රකාශය නිසා කොටස් වෙළඳපොළේ හා විනිමය වෙළඳපොළේ ඊයේ ඇති වූ තිගැස්ම සුළු හා තාවකාලික එකක්. ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපතිගේ කටින් පනින මෙවැනි කෙටි අදහස් දැක්වීමක් පවා ලෝකය පුරාම විශාල බලපෑමක් කරනවා.

http://economatta.blogspot.com/

15අනං## මනං ## Empty Re: අනං## මනං ## on Tue Dec 04, 2018 8:07 am

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
මාධ්‍යට වෙන වැඩක් හොයාගන්න වෙන කාලයක්...

16අනං## මනං ## Empty Re: අනං## මනං ## on Wed Dec 12, 2018 8:41 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

ලංකාවට සංචාරකයින් පැමිණීම අඩු වෙලාද?

අනං## මනං ## Downloadඅනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==
පසුගිය ඔක්තෝබර් 26 වෙනිදා සිට දිග්ගැසෙමින් තිබෙන ලංකාවේ දේශපාලන අර්බුදය අවසන් වන ආකාරයක් තවමත් පැහැදිලිව පෙනෙන්නට නැහැ. හෙට ලැබෙනු ඇතැයි සිතිය හැකි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් පසුව වුවත් තත්ත්වයේ ලොකු වෙනසක් වේදැයි සැක සහිතයි.

ලංකාවේ දැනට පවතින දේශපාලන වාතාවරණය රටේ ආර්ථිකයට බලපාන ආකාරය අපද ඇතුළු බොහෝ දෙනෙක් විසින් කතා කර තිබෙන දෙයක්. කොළඹ කොටස් වෙළඳපොළෙහි හා රාජ්‍ය සුරැකුම්පත් වල වූ විදේශ ආයෝජන රටින් පිටවීම පසුගිය මාසයේ දකින්නට හැකි වූ තත්ත්වයක්. එහෙත්, අප මීට පෙරද සටහන් කර තිබෙන පරිදි මේ ආකාරයෙන් විදේශ ප්‍රාග්ධනය රටින් පිටතට ගලා යාම තනිකරම දේශපාලන අර්බුදය නිසාම ඇති වූ තත්ත්වයක් නෙමෙයි. ඒ ප්‍රවණතාව කලින්ම ඇරැඹී තිබුණු එකක්. දේශපාලන අර්බුදය නිසා තත්ත්වය තරමක් උග්‍ර වුණා. ණය පොලී අනුපාතික ඉහළ යාමටනම් දේශපාලන අර්බුදය සෘජුවම සම්බන්ධයි.

දේශපාලන අර්බුදය නිසා ලංකාවේ සංචාරක කර්මාන්තයට සිදු වූ බලපෑමත් කතාබහට ලක් වූ කරුණක්. ඇතැම් රටවල් සිය පුරවැසියන්ට ලංකාවට පැමිණීම ගැන අවවාද කර තිබුණා. කලින් නියම කරගෙන තිබුණු සංචාර අවලංගු වී ඇති බව වාර්තා වී තිබුණා. නමුත්, සංඛ්‍යාලේඛණ දෙස නොබලා, මෙවැනි වාර්තා මත පදනම්ව නිගමන වලට පැමිණීම එතරම් හොඳ දෙයක් නෙමෙයි.

සංඛ්‍යාලේඛණ අනුව පෙනෙන විදිහට 2017 නොවැම්බර් මාසයට සාපේක්ෂව පසුගිය නොවැම්බර් මාසයේදී සංචාරකයින්ගේ පැමිණීම 16.8%කින් වැඩි වී තිබෙනවා. මෙය සැලකිය යුතු වැඩි වීමක්. වසරේ මුල් මාස දහය තුළ වූ සාමාන්‍ය වර්ධනය මීට වඩා අඩුයි. වසරේ පළමු මාස එකොළහ පෙර වසරේ එම කාලය හා සසඳා බැලුවොත් 11.2%ක වර්ධනයක් දැකිය හැකියි. පසුගිය වසර තුළ සංචාරකයින්ගේ පැමිණීම වර්ධනය වුනේ 3.2%කින් පමණක් බව සැලකූ විට මේ වර්ධනය කැපී පෙනෙනවා. මෙයින් 2018 ආර්ථික වර්ධනයටත් සැලකිය යුතු යහපත් බලපෑමක් වෙයි.

ලංකාවේ දළ ජාතික නිෂ්පාදිතයට සංචාරක කර්මාන්තයෙන් 5.3%ක සෘජු දායකත්වයකුත්, 11.6%ක සමස්ත දායකත්වයකුත් තිබෙනවා. ශ්‍රමික ප්‍රේෂණ හා ඇඟලුම් අපනයන හැරුණු විට වැඩිම විදේශ විණිමය ප්‍රමාණයක් ලංකාවට ලැබෙන්නෙත් සංචාරක කර්මාන්තය හරහායි. රටේ රැකියා වලින් 11%ක්ම සෘජුව හෝ වක්‍රව සංචාරක කර්මාන්තයට සම්බන්ධයි. ඒ නිසා, සංචාරක කර්මාන්තය වර්ධනය වෙනවා කියන්නේ ලංකාවේ ආර්ථිකයට විශාල සාධනීය බලපෑමක් සිදු කරන දෙයක්.

ලංකාවට පැමිණෙන සංචාරකයෙකු සාමාන්‍යයෙන් දින 11ක් පමණ නැවතී සිටින අතර දිනකට ඩොලර් 170ක පමණ මුදලක් වියදම් කරනවා. මේ මුදල වාර්ෂිකව ඩොලර් කිහිපයකින් හෝ ඉහළ යනවා. ඒ අතරම ඩොලරයක රුපියල් මිලත් ඉහළ යන නිසා කර්මාන්තයේ නියැලෙන අයගේ අයට අතට ලැබෙන ආදායම වඩා වේගයෙන් ඉහළ යනවා.

නොවැම්බර් මාසය තුළ යුරෝපීය සංචාරකයින්ගේ පැමිණීමේ වර්ධනය විශේෂයෙන්ම කැපී පෙනෙනවා. එය 37.1%ක්. එක්සත් රාජධානිය පමණක් ගත්තොත් 61.1%ක වර්ධනයක්. ඇමරිකානුවන්ගේ පැමිණීම 24.9%කිනුත්, සමස්තයක් ලෙස උතුරු හා දකුණු ඇමරිකානු මහාද්වීප වලින් පැමිණීම 23.9%කිනුත් ඉහළ ගොස් තිබෙනවා.  ඕස්ට්‍රේලියානු මහාද්වීපයෙන් පැමිණෙන්නන් 50.5%කින් ඉහළ ගොස් තිබෙනවා.

ඉන්දියානුවන්ගේ පැමිණීම 21.4%කින් ඉහළ ගොස් ඇතත් අනෙකුත් දකුණු ආසියානු රටවල සංචාරකයින්ගේ පැමිණීමේ සැලකිය යුතු අඩුවීමක් පෙනෙන්නට තිබෙනවා. චීනය, ජපානය හා කොරියාව ඇතුළු අග්නිදිග ආසියාතික රටවලින් මෙන්ම මැදපෙරදිග රටවල සිට පැමිණෙන සංචාරකයින්ගේද අඩුවක් දැකිය හැකියි. සමස්ත වර්ධනය 16.8% මට්ටමට සීමා වී තිබෙන්නේ මේ අඩුවීම් වල බලපෑමෙන්. නොවැම්බර් දක්වා පැමිණ තිබෙන මුළු සංචාරකයින් ප්‍රමාණය 2,080,627ක්. පසුගිය වසරේ මුල් මාස එකොළහ තුළ පැමිණ ඇත්තේ සංචාරකයින් 1,871,871ක් පමණයි.

එහෙමනම්, දේශපාලන අර්බුදය හේතුවෙන් සංචාරක කර්මාන්තයට වෙලා තිබෙන්නේ යහපතක්ද?

දේශපාලන අර්බුදය හේතුවෙන් රටට සංචාරකයින් පැමිණීම ඉහළ යන්න සෘජු හේතුවක් නැහැ. මේ යහපත් වර්ධනයට ප්‍රධාන හේතුව මේ මාසය හා පෙර මාසය තුළ රුපියල සෑහෙන තරමින් අවප්‍රමාණය වීමයි. රුපියල අවප්‍රමාණය වෙන්න ඉඩදීම ලංකාවේ ගෙවුම් ශේෂ ප්‍රශ්නය විසඳාගන්න කළ යුතු මූලිකම දෙය බව මා දිගින් දිගටම කියා තිබෙන දෙයක්. සංචාරක කර්මාන්තය කියන්නේ එහි ප්‍රතිඵල මුලින්ම පෙන්වන තැනක්. දේශපාලන අර්බුදය නොවන්නට සංචාරකයින්ගේ පැමිණීම මීටත් වඩා ඉහළ යා හැකිව තිබුණා.

​​​​​​​http://economatta.blogspot.com/

17අනං## මනං ## Empty Re: අනං## මනං ## on Wed Dec 12, 2018 8:46 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

ආර්ථිකයේ අවදානම් අඩුකරපු හැටි...

අනං## මනං ## Hedging-2අනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==
පසුගිය සියවස අවසන් වන තුරුම වගේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 25 මට්ටමට වඩා වැඩි වුණේ කිහිප වරකදී තාවකාලිකව පමණයි. 2001 අවුරුද්ද ඉවර වෙන කොටත් ඩොලර් 20කට අඩුවෙන් බොරතෙල් බැරලයක් විකිණුනා. නමුත්, ඉන් පසුව දිගින් දිගටම තෙල් මිල වැඩි වුණා. 2005 මුලදී බොරතෙල් බැරලයක මිල ඩොලර් 50 පැන්නුවා. 2006 මැද වෙද්දී ඩොලර් 75ට කිට්ටු කළා. 2008 මුල හරියේදී ඩොලර් 100 පැන්නුවා.

ඔය කාලය වෙද්දී ඉහළ යන තෙල් මිලේ බර ලංකාවේ ආර්ථිකයට ඉතා දැඩිව දැනෙන්න ගත්තා. ලොකුම ප්‍රශ්නය වුනේ බොරතෙල් බැරලයක මිල කොහෙන් නවතීද කියා හරියටම කියන්න කාටවත් නොහැකි වීම. චීනය, ඉන්දියාව වගේ රටවල් වල තෙල් ඉල්ලුම විශාල ලෙස වැඩිවීමත්, තෙල් සංචිත වල සීමාවක් තිබීමත් මත පදනම්ව තෙල් මිල නැවත කිසි විටෙකත් පෙර මට්ටමට පහත නොවැටෙනු ඇති බව ඔය කාලයේ බොහෝ දෙනෙක්ගේ අදහස වුනා. ඒ අනුව, වඩා ප්‍රචලිත අදහස වුනේ තෙල් මිල කිසියම් මට්ටමක ස්ථාවර වී එතැන් සිට අඩු වේගයකින් ඉහළ යනු ඇති බවයි. තෙල් මිල වැඩි වුනු ප්‍රවණතාවය දිහා බැලුවහම මේ අදහස නරක එකක් වුනේ නැහැ.

ඔය දවස් වල තෙල් බැරලයක් ඩොලර් 200ක් වෙනවා කියන එක සිදු විය නොහැකි දෙයක් බව පෙනුණේ නැහැ. එහෙම වුනානම් එය ලංකාව ආර්ථික අර්බුදයක් කරා මෙහෙයවන්න ඉඩ තිබුණා. කොහොමටත් 2008 මැද වන විට රටේ උද්ධමනය 30% මට්ටමට ගිහිල්ලයි තිබුණේ. පසුව බොහෝ කතාබහට ලක් වුනු හෙජින් ගනුදෙනු සිදු වුනේ ඔය වගේ පසුබිමකයි.

තෙල් සංස්ථාව විසින් ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව, ඩොයිෂ් බැංකුව හා සිටි බැංකුව වගේ විදේශ බැංකු එක්කත්, මහජන බැංකුව හා කොමර්ෂල් බැංකුව වගේ දේශීය බැංකු එක්කත් හෙජිං ගිවිසුම් ගණනාවක් අත්සන් කළා. මේ ගිවිසුම් බොහොමයක් අත්සන් කළේ 2008 මැද භාගයේදී වසරක කාලයක් සඳහා.

මේ හෙජිං ගිවිසුම් ගැන ගොඩක් අය දන්නේ නැති නිසා 2008 අගෝස්තු සිට වසරක කාලයක් සඳහා ඩොයිෂ් බැංකුව එක්ක අත්සන් කරපු ගිවිසුම මුලින්ම උදාහරණයකට ගන්නම්. ඒ ගිවිසුම සරලයි.

ගිවිසුම සඳහා පාදක කර ගත්තේ ඒ වන විට බොරතෙල් බැරලයක මිල වූ ඩොලර් 112.50. ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව මිල වැඩි වුනොත් මිල වෙනස ඩොයිෂ් බැංකුව විසින් තෙල් සංස්ථාවට ගෙවන්න ඕනෑ. මිල අඩු වුනොත් මිල වෙනස තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවන්න ඕනෑ. වෙනත් විදිහකට කිවුවොත් මිල අඩු වුනත්, වැඩි වුනත් තෙල් සංස්ථාවට යන වියදම බැරලයකට ඩොලර් 112.50යි. වෙළඳපොළේ මිල වැඩි වුනොත් ඩොයිෂ් බැංකුවට පාඩුයි, තෙල් සංස්ථාවට ලාබයි. මිල අඩු වුනොත් ඩොයිෂ් බැංකුවට ලාබයි, තෙල් සංස්ථාවට පාඩුයි.

කලින් කියපු ගිවිසුම අත්සන් කළේ මාසයකට තෙල් බැරල් 100,000කට. ඒ කියන්නේ, අවුරුද්දට තෙල් බැරල් මිලියන 1.2කට. ගිවිසුම අත්සන් කළාට පසු අවුරුද්දේ තෙල් මිල ඩොලර් 113.50ට ගිහින් දිගටම තිබුනොත් තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 1.2ක් ලාබයි. ඩොලර් 114.50ට ගිහින් දිගටම තිබුනොත් තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 2.4ක් ලාබයි. ඩොලර් 111.50ට අඩු වෙලා දිගටම තිබුනොත් තෙල් සංස්ථාවට ඩොලර් මිලියන 1.2ක් පාඩුයි.

කොහොම වුනත්, ගිවිසුම අනුව ඔය විදිහට ඩොයිෂ් බැංකුව විසින් තෙල් සංස්ථාවට ගෙවන්න එකඟ වෙලා තිබුණේ උපරිම වශයෙන් ඩොලර් මිලියන 2.5ක් පමණයි. නමුත්, තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවිය යුතු මුදල ඒ ආකාරයට සීමා කරගෙන තිබුණේ නැහැ. තෙල් සංස්ථාව වෙනුවෙන් ගිවිසුම අත්සන් කරපු අය මිල අඩු වෙයි කියා කීයටවත් නොහිතපු බව එයින් පේනවා.

තෙල් මිල අඩු වෙන්න කිසිම ඉඩක් නැත්නම්, දුවන කෝච්චියකට බෙල්ල තියනවා වගේ වැඩි වන මිල තෙල් සංස්ථාවට ගෙවන්න බැංකු ඉදිරිපත් වෙන එකක් නැහැනේ. ඔවුන් ගිවිසුමට කැමති වුනේ තෙල් මිල අඩු වෙන්න කිසියම් ඉඩක් තිබුණු බව ඔවුන් දැකපු නිසයි.

කොහොම වුනත්, තෙල් මිල දිගින් දිගටම ඉහළ ගියොත් ගිවිසුම නිසා තමන්ට වන විශාල පාඩුව ගැනත් බැංකු කල්පනා කරලා තිබුණා. උපරිම පාඩුව මිලියන 2.5කට සීමා කර ගන්නා කොන්දේසිය ඔවුන් දමාගන්න ඇත්තේ ඒ නිසා. නමුත්, තෙල් සංස්ථාව පැත්තෙන් එවැනි කොන්දේසියක් දමා ගන්න හිතලා නැහැ. මිල අඩුවීමේ ඉඩකඩ ඉතාම අඩුයි කියා ඔවුන් ඇස්තමේන්තු කරන්න ඇති. ඒ නිසා, මිල අඩු වන සෑම ඩොලරයක් වෙනුවෙන්ම තෙල් සංස්ථාව විසින් මසකට ඩොලර් 100,000 බැගින් ගෙවිය යුතුව තිබුණා.

ඔය කියපු ගිවිසුම ඩොයිෂ් බැංකුව එක්ක අත්සන් කරන විටත් තෙල් මිල වැටෙන්න පටන් අරගෙනයි තිබුනේ. කලින් මාසයේදී තෙල් බැරලයක් ඩොලර් 145ක් පමණ වුණා. එතැන් සිට ක්‍රමයෙන් පහත වැටුණු තෙල් මිල වසර අවසන් වෙද්දී ඩොලර් 30 ආසන්න මට්ටමටම වැටුනා. ගිවිසුමේ කොන්දේසි අනුව තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවිය යුතු වූ මුදල ඩොලර් මිලියන 60ක් පමණ වුණා. මේ මුදල මීටත් වඩා වැඩි විය හැකිව තිබුණා. නමුත්, ලැබිය හැකිව තිබුණු උපරිම වාසිය ඩොලර් මිලියන 2.5ක් පමණයි.

මේ ගිවිසුම එක් ගිවිසුමක් පමණයි. ඔය කාලය ඇතුළතම ස්ටෑන්ඩර්ඩ් චාටඩ් බැංකුව එක්ක අත්සන් කරලා තිබුණු එක් ගිවිසුමක් අනුව ඩොලර් 139.35කට වඩා අඩු වන සෑම ඩොලරයකටම තෙල් සංස්ථාව විසින් මසකට ඩොලර් 100,000 බැගින් (වසරකට ඩොලර් මිලියන 1.2ක්) ගෙවිය යුතුයි. ඒ කොන්දේසි අනුව තෙල් සංස්ථාව විසින් ඩොයිෂ් බැංකුවට ගෙවිය යුතු වූ මුදල ඩොලර් මිලියන 88ක් පමණ වුණා. නමුත්, තෙල් සංස්ථාවට ලැබිය හැකිව තිබුණු උපරිම වාසිය ඩොලර් මිලියන 2.5යි.

මෙවැනි ගිවිසුම් ගණනාවක් තිබුණා. එවැනි ගිවිසුම් අටකින් තෙල් සංස්ථාවට සිදු වී තිබුණු පාඩුවේ ඇස්තමේන්තුව ඇමරිකන් ඩොලර් මිලියන 500 ඉක්මවා තිබුණත්, තෙල් මිල ඉහළ ගියානම් ලැබිය හැකිව තිබුණු උපරිම ලාබය ඩොලර් මිලියන 10.5ක් පමණයි. ඒ කියන්නේ ගිවිසුම් අත්සන් කරද්දී තෙල් මිල අඩු වෙයි කියන එක ගැන හිතලාම තිබුණේ නැහැ. පහුගිය මාසයේ රාජපක්ෂ අගමැතිකම ගන්න කොට 113 හොයා ගන්න බැරි වුනොත් තත්ත්වය ගැන හිතලා නොතිබුණා වගේ, මේ හෙජින් ගනුදෙනු දිහා රජයේ පාර්ශ්වය බලලා තිබුණේ මාර සිරා ඩීල් ටිකක් දාගත්ත විදිහටයි.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුව ඔක්තෝබර් මාසයේදී මේ ගිවිසුම් අනුව තෙල් සංස්ථාව විසින් බැංකු වලට ගෙවිය යුතු මුදල් ගෙවන එක අත්හිටවනු ලැබුවා. ඉන්පසුව ගිවිසුම් වල පාර්ශ්වකරුවන් වූ විදේශ බැංකු ඔවුන්ට ගිවිසුම අනුව ලැබිය යුතු මුදල් අය කරගන්න විදේශ අධිකරණ වල නඩු පැවරුවා. ඇතැම් නඩු වලින් ඔවුන් පරාජය වීමත්, තවත් ඇතැම් නඩු හා අදාළව අතරමැදි එකඟතාවයකට පැමිණීමත් නිසා තෙල් සංස්ථාව විසින් ගෙවිය යුතු වූ මුළු මුදලම නොගෙවා සිටිය හැකි වුවත්, සෑහෙන පාඩුවක් වුනා. බැංකු වල අවාසියට හිටියේ පොදු ආයතනයක් වන තෙල් සංස්ථාවට මෙවැනි ගිවිසුම් වලට යන්න නීතිමය අයිතියක් නැතැයි යන නීති තර්කය මිසක් ගිවිසුමේ වගන්ති නෙමෙයි. එසේ නොවන්නට, ගිවිසුම අනුව ගෙවිය යුතු මුළු හිඟ මුදලට අමතරව ගෙවීම පමා වීම නිසා ඒ මත එකතු කළ යුතු පොලිය හා නඩු ගාස්තු ආදියත් ගෙවන්න වෙනවා.

ඔය ගිවිසුම් අත්සන් කරද්දී ඒවායින් රටට වන වාසිය ගැන සෑහෙන්න පුරසාරම් ඇහුණත්, ගිවිසුම් වලින් ඇත්තටම වාසියක් වුනානම් එහි නම්බුව ගන්න හිටපු බොහෝ දෙනෙක් තෙල් මිල අඩු වෙද්දී කළේ අන්තිමට ගිවිසුමට අත්සන තැබූ අයගේ පිටින් දමා ඇඟ බේරා ගැනීමයි. වැඩක් හරි ගියාම ලකුණු දාගන්න ඕනෑ තරම් අය හිටියත්, වැරදුනාම අන්තිමට කරපු කෙනෙක් නැහැ.

ලිපිය පටන් ගත්තේනම් හෙජිං ගණුදෙනු ගැන ලියන්න හිතාගෙන නෙමෙයි. තෙල් මිල ගැන ලියන්න හිතාගෙනයි. කමක් නෑ. ඒ ගැන පස්සේ කතා කරමු.

http://economatta.blogspot.com/

18අනං## මනං ## Empty Re: අනං## මනං ## on Sat Dec 15, 2018 7:24 am

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

රජෙක් පිස්සෙක් වුනොත්?

December 14, 2018


අනං## මනං ## Idiotඅනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==

ඉඩියට් (idiot) කියන ඉංග්‍රීසි වචනයේ විධිමත් නීතිමය හා මනෝවිද්‍යාත්මක අර්ථය වන්නේ මානසික මට්ටමෙන් අවුරුදු දෙකකට වඩා වයසෙන් අඩු, තමන්ගේ ආරක්ෂාව තමන්ටම සපයාගත නොහැකි මනස නොවැඩුණු පුද්ගලයෙක් කියන එකයි. ඉහත ප්‍රකාශය පදනම් වෙන්නේ විකිපීඩියාවේ තියෙන කරුණු මතයි. ඒ හැර වඩා විශ්වාශනීය මූලාශ්‍ර වල තිබෙන අර්ථදැක්වීම් මොනවාද කියලා මම හෙවුවේ නැහැ. මේ වචනය ගූගල් කළාම විකිපීඩියා පිටුව පෙන්වනවා. මේ විදිහට ගූගල් සෙවුමේ "images" ක්ලික් කළොත් උඩින්ම දැකිය හැක්කේ ජනාධිපති කෙනෙක්ගේ ඡායාරූපයි. ලංකාවේ ජනාධිපතිගේනම් නෙමෙයි.

පසුගිය අඟහරුවාදා ගූගල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිචායිට ඇමරිකන් කොංග්‍රසයේ කමිටුවක් ඉදිරියේ මේ ගැන කරුණු පැහැදිලි කරන්න සිදු වෙලා තිබෙනවා. මේ වැඩේ කිසිවෙකු විසින් හිතාමතා කරන දෙයක් නොවන බව පැහැදිලි කරන්න ඔහුට පහසු වෙලා නැහැ.

විධිමත් අර්ථයෙන් ගත්තොත් ජනාධිපති ට්‍රම්ප් ඉඩියට් කෙනෙක් නෙමෙයි. නමුත්, මේ වචනයට අවිධිමත් අර්ථයකුත් තිබෙනවා. එය වඩා ප්‍රචලිතයි. සිංහලෙන් පිස්සා කියා කියන්නේ මානසික රෝගීන්ටම නොවන්නාක් මෙන්. බොහෝ දෙනෙක් ට්‍රම්ප් කියන වචනය ඉඩියට් කියන වචනයත් එක්ක සම්බන්ධ කර භාවිතා කරන විට ගූගල් මෘදුකාංගය ඒ වචන දෙක අතර සම්බන්ධයක් ඇති බව තීරණය කරනවා.

ජනාධිපති ට්‍රම්ප්ට මානසික ආබාධයක් හා ආබාධ කිහිපයක් ඇති බවට ඇතැම් අය අදහස් පළ කර තිබෙනවා. මේ අය අතර අදාළ වෘත්තිකයින්ද සිටිනවා. වෘත්තිකයින් (මානසික වෛද්‍යවරුන්) විසින් නිසි රෝග පරීක්ෂාවක් නොකර, ප්‍රසිද්ධියේ පෙන්වන හැසිරීම් මත පදනම්ව, මෙවැනි ප්‍රකාශ කිරීම වෙනත් වෘත්තිකයින්ගේ විවේචනයටද ලක් වී තිබෙනවා. තමන් යහපත් මානසික සෞඛ්‍යයකින් සිටින බව පැහැදිලි කිරීමට ජනාධිපති ට්‍රම්ප් විසින් උත්සාහ කිරීමෙන් පෙනෙන්නේ මේ ප්‍රකාශ ගැන ඔහු කණස්සල්ලෙන් පසුවන බවයි. එය තේරුම් ගත හැකි දෙයක්. යහපත් මානසික සෞඛ්‍යයක් නැති බව තහවුරු වුවහොත් එය ඔහුගේ තනතුරට බලපානවා.

ජනාධිපති ට්‍රම්ප් කියන්නේ මානසික රෝගයකින් පෙළෙන බවට සැක කෙරුණු පළමු ඇමරිකන් ජනාධිපති නෙමෙයි. එක් පර්යේෂණ පත්‍රිකාවකට අනුව ඇමරිකන් ජනාධිපතිවරුන්ගෙන් අඩක් පමණ කවර හෝ මානසික ආබාධයකින් පෙළී තිබෙනවා. මානසික ආබාධයකින් පෙළෙන අයෙකු විධායකයේ ප්‍රධානියා වීම භයානක ප්‍රතිවිපාක වලට හේතු විය හැකියි.

පිස්සෙක් රජෙක් වීම වගේම රජෙක් පිස්සෙක් වීමත් භයානකයි. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර නිසි බලතුලනයක් තිබීම වැදගත් වන්නේ ඒ නිසයි.

අනං## මනං ## Psychiatric-Disorders-in-US-Presidents-1776-1974_W640අනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==
http://economatta.blogspot.com/

19අනං## මනං ## Empty Re: අනං## මනං ## on Tue Dec 18, 2018 7:54 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

පරණ ආණ්ඩුවමද? අළුත් ආණ්ඩුවක්ද?

අනං## මනං ## Ranil5අනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==
16 ඉරිදා ජනාධිපති ලේකම් විසින් ගැසට් නිවේදන දෙකක් නිකුත් කර තිබෙනවා. පළමුවැන්න අනුව, මහින්ද රාජපක්ෂ ඊයේ (දෙසැම්බර් 15) සිට අගමැති ධුරයෙන් ඉවත් වී තිබෙනවා. දෙවැන්න අනුව, රනිල් වික්‍රමසිංහව අද සිට අගමැති සේ පත් කර තිබෙනවා.

සාමාන්‍යයෙන් ජනාධිපතිවරයා විසින් මෙවැනි ගැසට් නිවේදනයක් නිකුත් කළ විට එය රටේ සියලු දෙනා විසින් පිළිගත යුතුයි. එහෙත්, ජනාධිපතිවරයාට ව්‍යවස්ථා විරෝධීව ගැසට් නිවේදන නිකුත් කිරීමේ හැකියාවක් නැහැ. එවැනි එක් ව්‍යවස්ථා විරෝධී ගැසට් නිවේදනයක් ශුන්‍ය හා අවලංගු බව මේ වන විට අධිකරණය විසින් තීරණය කර තිබෙනවා.

මා මෙයින් අදහස් කළේ අද නිකුත් වූ ගැසට් නිවේදන දෙකම හෝ දෙකෙන් එකක් ව්‍යවස්ථා විරෝධී බව නෙමෙයි. නමුත්, ඇතැම් විට මේ ගැසට් නිවේදන ශුන්‍ය විය හැකියි.

අද නිකුත් කර තිබෙන ගැසට් නිවේදන දෙක වලංගුනම් එයින් අදහස් වන්නේ දෙසැම්බර් 15 දක්වා ලංකාවේ නීත්‍යානුකූල අගමැති වූයේ මහින්ද රාජපක්ෂ බවයි. එසේනම්, ඊට පෙර ඔක්තෝබර් 26වන දින ඔහුව අගමැති සේ පත් කළ ගැසට් නිවේදනයත්, රනිල් වික්‍රමසිංහව අගමැති ධුරයෙන් ඉවත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනයත්වලංගු විය යුතුයි.

මහින්ද රාජපක්ෂගේ පත්වීමේ වලංගු භාවය ප්‍රශ්න කෙරෙන නඩුවක් මේ වන විට අභියාචනාධිකරණයේ විභාග වෙමින් පවතිනවා. එමඟින් ඉල්ලා තිබෙන්නේ ඔහු අගමැති සේ කටයුතු කිරීම වාරණය කරන ලෙසයි. මේ වන විට ඔහු අගමැති සේ කටයුතු නොකරන බැවින් ඒ නඩුව දිගටම ඇසෙනු ඇතැයි මා හිතන්නේ නැහැ. ඒ නඩුවේ පෙත්සම්කරුවන් විසින් ඉල්ලා සිටි  අතරමැදි සහනයක් ලබා දෙමින් මහින්ද රාජපක්ෂගේ අගමැති පත්වීම තාවකාලිකව වාරණය කෙරුණා. ඒ තාවකාලික වාරණය අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කෙරුණු නඩුවත් දිගටම විභාග වෙන්න හේතුවක් නැහැ. ඒ අනුව, රනිල්ව ඉවත් කිරීම නීතිය ඉදිරියේ ප්‍රශ්න කෙරෙන්නට ඉඩ තිබෙන්නේ ඕෂල හේරත්ගේ හා දඹර අමිල හිමිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගැනෙන අවස්ථාවේදී පමණයි. කොහොම වුවත් මා දන්නේ මේ නඩු හා අදාළව මාධ්‍ය වල පළ වී තිබෙන තොරතුරු පමණයි.

අදාළ කාලය ඉකුත් වී ඇති බැවින් රනිල්ව ඉවත් කිරීමට එරෙහිව වෙනත් මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කිරීමේ හැකියාවක් දැන් නැහැ. ඒ නිසා, ඉහත නඩු මූලික විරෝධතාවක් මත විභාගයට නොගැනුනොත් හෝ පෙත්සම්කරුවන් විසින් ඉල්ලා අස්කරගනු ලැබුවහොත් ජනාධිපතිවරයා විසින් අගමැති ඉවත් කිරීම ව්‍යවස්ථානුකූලද යන නීතිමය ප්‍රශ්නය තවදුරටත් එසේම පැවතිය හැකියි. මෙවැනි වැදගත් කරුණක් හා අදාළව ඒ ආකාරයේ බරපතල අවිනිශ්චිතතාවයක් ඉතිරිවීම හොඳ දෙයක් නෙමෙයි. ඕෂල හේරත්ගේ හා දඹර අමිල හිමිගේ මූලික අයිතිවාසිකම් පෙත්සම් නීතිමය වශයෙන් කොයි තරම් ශක්තිමත්ද කියා (අවශේෂ හේතුවක් මත ප්‍රතික්ෂේප නොවන්නට තරම්) මා දන්නේ නැහැ. ඒ වගේම එම පෙත්සම් වල කරුණු ඉදිරිපත් කර තිබෙන ආකාරය අනුව ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමට බලපෑ හේතුව මේ වන විට ඉවත් වී තිබෙන බව තීරණය කෙරෙන්නත් පුළුවන්. එසේ වුවත් වෙන්නේ මේ නීතිමය ගැටලුව අනාගතයට ඉතිරි වීමයි.

දිගින් දිගටම එජාප (හා එජනිස, ඊපීඩීපී හැර පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් පක්ෂ තුනේ) ස්ථාවරය වුණේ ඔක්තෝබර් 26 සිදු වූ දේ ව්‍යවස්ථානුකූල නොවන බවයි. ඒ ස්ථාවරය අනුව, ඔක්තෝබර් 26 සිට දෙසැම්බර් 15 තෙක් ව්‍යවස්ථා විරෝධී ලෙස පත් වූ අය විසින් ගත් තීන්දු නිත්‍යානුකූල නැහැ. දැන් ආණ්ඩු බලය නැවත හිමිකරගෙන තිබෙන එජාපෙ ආණ්ඩුව ඉහත තත්ත්වය නිවැරදි කිරීම පිණිස ක්‍රියා කරයිද? නැත්නම් හිමිහිට ප්‍රශ්නය මග හැර යයිද?

ප්‍රශ්නය මග හැර ගියොත් එයින් අදහස් වෙන්නේ පහුගිය දවස් පණහ තිස්සේ එජාපය දැඟලුවේ නැවත බලය අතට ගන්න මිසක් නීතියේ ආධිපත්‍යය සුරැකීම වෙනුවෙන් නොවන බවයි. ඒ වගේම, අනාගතයේ නැවත මෙවැනිම සිදුවීමක් වෙන්න පූර්වාදර්ශයකුත් ඉතිරි වෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම මඟින් ව්‍යවස්ථාව උල්ලංඝනය වූ බව තීන්දු වී හමාරයි. නමුත්, ඒ හේතුවෙන් වෙනත් බරපතල හානියක් සිදු වුනේ නැහැ. යම් හෙයකින් අතුරු තහනම් නියෝගය නිසි වෙලාවට නොදුන්නානම් එවැනි හානියක් විය හැකිව තිබුණා. අනෙක් අතට රනිල්ව ඉවත් කිරීම මඟින් ව්‍යවස්ථාව උල්ලංඝනය වූ බව මේ වන විටත් අධිකරණය විසින් තීන්දු කර නැහැ. ව්‍යවස්ථාදායකයට එවැනි තීන්දුවක් ලැබෙන තුරු බලා සිටීමෙන් අනතුරුව හෝ ඊටත් පෙරම යම් නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගන්න පුළුවන්කම තිබෙනවා. ඒ විදිහට ක්‍රියාමාර්ග ගැනීමෙන් පසුව යම් හෙයකින් ව්‍යවස්ථාව උල්ලංඝනය වී නැති බව අධිකරණය විසින් තීන්දු කළොත් ව්‍යවස්ථාදායකය හා අධිකරණය අතර අවුලක් ඇති වෙන්නත් ඉඩ තිබෙනවා.

එජාප ආණ්ඩුවට ක්‍රියා කළ හැකි ආකාර කිහිපයක් තිබෙනවා. පහසුම ආකාරය වන්නේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් සිදු වී තිබුණත්, පැවති තත්ත්වය සලකා එයට දායක වූ අයට (විශේෂයෙන්ම රජයේ සේවකයින්ට) පොදු සමාවක් ලබා දෙන බවට පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර ගැනීමයි. එවිට අධිකරණ තීන්දු ලැබුණත්, නොලැබුණත්, ඒ තීන්දු මොනවා වුනත් ප්‍රශ්නයක් නැහැ. දෙවැන්න අධිකරණ තීන්දු ලැබීමෙන් පසුව ඒ මත පදනම්ව හෝ එසේ නැතිව නඩු පැවරීමක් වැනි මට්ටමක් දක්වා යාමයි. පසුගිය කාලයේ ක්‍රියා කර තිබෙන ආකාරය අනුව, එවැනි මට්ටමකට එජාප ආණ්ඩුව යයිද යන්න සැක සහිතයි. තෙවැන්න, කිසිදු ක්‍රියාමාර්ගයක් නොගනිමින් මහින්දලා රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයක් හරහා බලය පැහැර ගන්න උත්සාහ කළ බව දිගින් දිගටම කියමින් දේශපාලන වාසි ගැනීමට උත්සාහ කිරීමයි. බොහෝ විට තෙවැන්න සිදුවිය හැකියි.

​​​​​​​http://economatta.blogspot.com/

20අනං## මනං ## Empty Re: අනං## මනං ## on Wed Dec 19, 2018 11:00 am

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
කුඩු ඇල්ලීම සහ රට කුඩුවීම

අනං## මනං ## Samithriඅනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==



මහින්ද චින්තනයේ ප්‍රධාන මාතෘකාවක් වූයේ මතට තිතය. එය අවසානයේ තිතට මත වී අහවර වූයේ රාජපක්ෂ කාලයේ මත්ද්‍රව්‍ය තිත තැබිය නොහැකි තරමට ව්‍යාප්ත වූ නිසාය. කුඩු ඇල්ලීමද කෙළවරක් නැතිවූ අතර කුඩු ගෙන ඒමද එකල කෙළවරක් නොවීය.

යහපාලන ආණ්ඩුවේ චෝදනාවක් බවටද මෙය පත්විය. ඒ අනුව ජනතාව යහපාලනය යටතේ කුඩු නැති රටක් ගැන සිහින දැක්කෝය. ඒ සිහින දකිමින් සිටි ජනතාව භිරාන්ත වන්නට ගත්තේ ඒ සිහිනවල කුඩුම පෙනෙන්නට පටන් ගත් නිසාය. රාජපක්ෂලාට නොදෙවැනි ලෙස යහපාලනයෙන්ද කුඩු මතුවිය. එසේ නම් ඉන් පැහැදිලිවන්නේ මෙය දේශපාලනිකව රැකවරණය ලද ව්‍යාපාරයක් බව නොවේද? එය ආණ්ඩු මාරු වූවාට වෙනස් නොවන බිස්නස් එකක් බව නොවේද?

නොබෝදා බලපිටිය හා බේරුවල අතර මුහුදු තීරයේදී රුපියල් කෝටි 280ක් පමණ වටිනාකමින් යුත් හෙරොයින් ඇල්ලීය. එය ප්‍රමාණාත්මකව කිලෝ ග්‍රෑම් 231කි. කිලෝ 231ක් යනු සුළු පටු ප්‍රමාණයක්ද? මෙය මෙරටින් සොයාගත් දෙවැනි විශාලතම හෙරොයින් ප්‍රමාණයය.

මෙරට ඇල්ලූ විශාලතම හෙරොයින් ප්‍රමාණය ඇල්ලුවේද යහපාලනය යටතේමය. ඒ 2016 දෙසැම්බර් 9 වැනිදාය. එදා එම හෙරොයින් අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ වරායේදීය. ඒ කුඩු තොගයේ බර කිලෝ 261ක වටිනාකම රුපියල් කෝටි 1856කි. එතරම් කුඩු ප්‍රමාණයක් කිසිදු බියකින් තොරව මෙරටට ගෙන්වනු ලැබූ තේක්ක දැව අඩංගු කන්ටේනරයක තිබී හසුවිය.
2016 ජූනි මස 14 වැනිදා තවත් කුඩු තොගයක් ඔරුගොඩවත්ත රේගු ගබඩාවෙන් සොයා ගන්නා ලදි. ඒ කුඩු තොගයේ වටිනාකම රුපියල් කෝටි 250ක් බව ගණන් බැලීය. බ්‍රසීලයෙන් ආනයනය කරනු ලැබූ සීනි කන්ටේනරයක් අස්සේ තිබී එම කුඩු තොගය හසුවිය.

මේ පසුගිය කාලයේ මෙරටදී ඇල්ලූ විශාලතම කුඩු ප්‍රමාණයන්ය. ඒ කුඩු තොග තුනෙහිම බර සැලකුවහොත් 2016 සිට මේ දක්වා වාර තුනකදි මෙරට කුඩු කිලෝ 750ට වඩා අල්ලාගෙන ඇත. මේ පාන් පිටි නොවේ. කිලෝ ගණන් කුඩුය. එසේ නම් මේ කුඩු අල්ලන ප්‍රමාණය අනුව මෙරටට කුඩු ගෙන්වීම මහ කජ්ජක් නොවන බව පැහැදිලිය. මීට පෙර මහා පරිමාණ කුඩු ඇල්ලුවද ඒවා ගෙන්වන වුන්ට දෙන දඬුවම් කුමක් වුවද කුඩු ගෙන්වීම තවමත් බියජනක අත්දැකීමක් නොවන බව මේ අනුව පැහැදිලිය. රටේ දේශපාලනයට විනාඩියෙන් විනාඩියට අදහස් ලබාදෙන භික්ෂූහු මෙරට කුඩු රාජ්‍යයක් වීම ගැන වචනයක් නොබිණූහ. අඩුම තරමේ කාඩිනල්තුමා මේ ගැන හඬක් හෝ පසුගිය කාලයේ නැගීය. මේ අප දකිනුයේ අහුවන කුඩුය. එලෙස අහුවන කුඩු වුව ඊට පසු කුමක් වනවාද යන්න දෙගිඩියාවක් පවතී. පහුගිය කාලයේ ජනපති සිරිසේන සහ අගමැති රනිල් කුඩු පුච්චනවා බලන්නට ගියේ පූජාවක් නරඹන ගාණටය. එහෙත් කුඩු අහවරවීද? කුඩුකරුවන් එල්ලා මරණ බව ජනපති රටට කීවේ එලෙස කොට මෙරට කුඩු උවදුර අහවර කරන බව කියමිනි. මෙවර කුඩු තොගය හසුවූ පසු ජනපති එල්ලා මරන්නට කට්ටිය හෙවූ මුත් ඒ අය එපිල් කර ඇතැයි කියා ජනතාව හිනැස්සුවේ එල්ලන්න තවත් එකෙක් නෑ කියන්නා සේය. ලංකාව තුළ මෙතරම් කුඩු හසුවුණද කුඩු හිඟයක් නැත. ඕනෑම තැනකින් කුඩු ලබාගත හැකිය. ඒ තැන් කුඩු උරන්නෝ මනාව දනිති. ලංකාව මේ කුඩු උවදුරෙන් බේරා ගැනීම ලේසි නැත්තේ කුඩු ගෙන්වීම නවතාගත නොහැකි නිසාය.

නොබෝදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පැවසුවේ 2008 වසරේ සිට මේ දක්වා කුඩු සමග හසුවූ 96 දෙනකුට මරණ දඬුවම ලබාදී ඇති බවය. ඒ අතර කාන්තාවෝ අටදෙනෙක්ද වෙති. මේ අයගේ තත්ත්වය සලකා බැලුවහොත් මොවුන් මරණයට බිලිවන්නේ එක්කෝ කුඩු උරන්නට ලබාගත් ප්‍රමාණයන් ළඟ තබාගෙනය. නැතහොත් ඉතා කුඩා ප්‍රමාණයක් අලෙවි කරන්නට ගොස්ය. එසේ නම් මේ අය ළඟට කුඩු ආ විදිහ සොයා ගත නොහැකිද? 2008 වසරේ සිට කුඩුවලට හසුවී මරණ දණ්ඩනය ලැබූ ගණන එසේ වුවත් කුඩුවලට ඇබ්බැහි වූ සෑහෙන පිරිසක් සමාජයේ සිටිති. ඒ අයට අවැසි කුඩු ලබාගත හැකි තැන්ද එමට තිබේ. එසේ නම් මරණීය දණ්ඩනය ලබාදී මේ වසංගතයෙන් මිදිය නොහැකි බව සහතිකය. මතට ඇලීම ගැලීම බණ කියා හෝ දේශන පවත්වා නතර කළ හැකි දෙයක් නොව අද තරුණ පරම්පරාව විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී ඇත. එලෙස ඇබ්බැහි වන ප්‍රමාණයද ඉහළය. ඉන් පාසල් යන අය ප්‍රමුඛය. මත්පෙති, මත් ස්ටිකර්, අයිස් වැනි දෑ අද පාසල් ළමුන් අතර බහුලව භාවිත වේ. මේ බොහෝවිට කුඩු දක්වා යන ගමනේ අතුරු පාරවල්ය.

මේ තත්ත්වයන් සමනය කළ හැකි පහසුම ක්‍රමය මේවා ගෙනෙන මාර්ග වසා දැමීමය. එහෙත් මේවා කළ නොහැක්කේ ආයුධ ඇරුණු කොට විශාල ආදායමක් ලැබිය හැකි අනෙක් මාර්ගය කුඩු නිසාය. ඒ නිසාම මේ දේවල් කරනුයේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් සහ දේශපාලකයන්ගේද සහය මත බව පැහැදිලිය. දේශපාලන රැකවරණයක් නැතිව මේවා කළ හැකි නොවේ.
කුඩුවලට හසුවන්නේ පොඩි චරිතය. එහෙත් පිටුපස ඇති යෝධ සෙවණැලි කිසිවිටකත් හෙළි නොවේ. බේරුවලදී නොබෝදා ඇල්ලූ කුඩු තොගයට වරදකරුවන් ලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙදෙනෙකි. මෙතරම් කුඩු තොගයක් පාකිස්තානයෙන් ගෙන්නුවේ නම් එය මෙරට සහ වෙනත් රටවලට බෙදාහරින්නට ගෙනාවේ නම් ඒ සියල්ල කරනුයේ අත්අඩංගුවට ගත් මේ දෙදෙනාද? මේ සියල්ලෙන් තේරෙනුයේ කුඩු ව්‍යාප්තිය ඉතාම සංවිධානාත්මකව කෙරෙන කාර්යයක් බවය. එය මේවායේ නියුතු දේශපාලකයන් හෝ රටේ මහා ව්‍යාපාරිකයන් ආරක්ෂා කොට ඉතා සූක්ෂ්ම ලෙස හාල්මැස්සන් ඇමට පටලා අහවර වන බවය. ජනපති මරණ දඬුවම දුන්නද? අවසානයේ මරනුයේ මහා කුඩු ජාවාරම්කරුවන් නොව කුඩු උරන්නෝ සහ සුළුවෙන් කුඩු විකුණන වුන්ය. ඒවා මෙරටට ගෙන්වන මහා පරිමාණවුන් රටේ ඉහළින්ම වැජඹේ.

කුඩු ඇල්ලීම, එහි ප්‍රමාණය මහා ඉහළින් කීම, කුඩු රජ්ජුරුවෝ රැජින යන නම් පටබැඳීම ඇරුණු කොට මධ්‍යයට වෙනකළ හැකි කිසිවක් නැත. වෙලේ සුදා යනුවෙන් මහා කුඩු මුදලාලි කෙනකු ගැන පසුගිය කාලයේ ලියැවිණ. අවසානයේ එය නිකම්ම නිකම් විගඩමක් විය. ඒ කතාවම කුඬේ කුඩු විය. කුඩු, පාතාලය, පොලිසිය, ව්‍යාපාරිකයෝ සහ දේශපාලකයෝ එක දම්වැලක පුරුක්ය. ඒ නිසා සම්පූර්ණයෙන් තුරන් කරන්නට නම් මේ සෑම අංශයකම ඊට සම්බන්ධ අය ඇල්ලිය යුතුය. එය කළ හැකි දෙයක් නොවේ. ඒ නිසා අපට ඉදිරියටත් කිලෝ ගණන බලමින් මහා කුඩු ප්‍රමාණයද? දෙවැනි තුන්වැනි ප්‍රමාණයද ලෙස වාර්තා කිරීම පමණක් කළ හැකිය. එහි විනාශය වෙනුවට වටිනාකම මුදලින් දැමිය හැකිය.

2016 වර්ෂයේ නොවැම්බර් මාසයේදී ගොතටුවේ කන්දෙ පුරාණ විහාරයේ පැවති උත්සවයක් ඇමතූ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ කීවේ ත්‍රස්තවාදයටත් වඩා මත්ද්‍රව්‍ය උවදුර භයානක බවය. එබැවින් සිංගප්පූරු ක්‍රමය ගෙනවිත් හෝ මත්ද්‍රව්‍ය උවදුර නැවැත්විය යුතු බවයි. එහෙත් එලෙස කියූමුත් කිසිවක් නොවුණි. සිංගප්පූරු ක්‍රම සිංගප්පූරුවේම විය. මෙරට කුඩු උවදුර එලෙසම ව්‍යාප්තවෙමින් පවතී. දේශපාලකයන්ට රට ගැන හෝ රටේ ජනතාව ගැන කැක්කුමක් ඇතැයි සිතීම මුලාවකි. ජනතාවට නම් දේශපාලකයන් ගැන කැක්කුමක් ඇත. එය මුලාවක් වුවත් කලාවට කරති. කුමක් කරමුද? සැමට කුඩු ගැසිය හැකි මට්ටමට කුඩු නම් රටේ ඇත. දැනට කුඩු නොගැහැව්වද? රටේ බොහෝ දේ වන්නේ කුඩු ගැසූ ගාණටය. කුඩු තොග ගණන් අල්ලද්දී රටද කුඩුවෙමින් පවතී.

http://ravaya.lk/?p=173858

21අනං## මනං ## Empty Re: අනං## මනං ## on Thu Dec 20, 2018 8:56 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

මහ බැංකු ස්වාධීනත්වය


Thursday, December 20, 2018​​​​​​​
අනං## මනං ## Fed-districtsඅනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==
ඊයේ දිනයේ ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව විසින් නැවත වරක් ඉලක්ක පොලී අනුපාතික ඉහළ දැම්මා. මේ අනුව, මේ වන විට ඉලක්ක පොලී අනුපාතික පරාසය 2.25-2.5 ලෙස පවතිනවා. මේ, මේ වසර තුළ මෙලෙස පොලී අනුපාතික ඉහළ දමනු ලැබූ සිවුවන වතාවයි.

පසුගිය නොවැම්බර් මාසයේදීත් ඇමරිකාවේ සේවා වියුක්ති අනුපාතිකය 3.7% මට්ටමේ පැවතුණා. එය එක දිගටම මාස තුනක්ම තිබෙන්නේ එම මට්ටමේ. එය දිගුකාලීනව පැවතිය යුතු සාමාන්‍ය මට්ටමට වඩා අඩු මට්ටමක්. ඒ අතර නොවැම්බර් මාසයේ ඇමරිකාවේ උද්ධමනය 2.2% මට්ටමේ පැවතුනා. මෙය සුළු වශයෙන් වුවත් ෆෙඩරල් සංචිත බැංකුවේ ඉලක්ක උද්ධමන මට්ටම වන 2%ට වඩා වැඩියි.

මේ දර්ශක දෙකෙන්ම පෙන්වන්නේ ඇමරිකාවේ පවතින ආර්ථික ක්‍රියාකාරීත්වය නියම මට්ටමට වඩා තවමත් වැඩි බවයි. ෆෙඩරල් සංචිත බැංකුව විසින් මේ දර්ශක දෙස සැලකිල්ලෙන් බලමින්, ආර්ථික වර්ධනය තරමක් අඩාල වන අයුරින් පොලී අනුපාතික ඉහළ දමා තිබෙනවා. ඒ තීරණය දැනුම් දීමෙන් පසුව ඩවු-ජෝන්ස් කොටස් වෙළඳපොල දර්ශකය ඊයේ දිනය ඇතුළත ඒකක 352කින් (1.5%කින්) පහළ ගියා.

ආර්ථික වර්ධනය අඩාල කරමින් ෆෙඩරල් සංචිත බැංකුව විසින් පොලී අනුපාතික ඉහළ දැමීම පිළිබඳව ජනාධිපති ට්‍රම්ප් වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. පොලී අනුපාතික ඉහළ යාම ගැන රජයකට අසතුටු වෙන්න හේතු දෙකක් තිබෙනවා. එක පැත්තකින් එය රජයේ මූල්‍යකරන පිරිවැය ඉහළ දැමීමට හේතු වෙනවා. අනික් පැත්තෙන් ආර්ථික වර්ධනය අඩාල වීම රජයේ බදු ආදායම් සීමා කරනවා. මේ හේතු දෙකෙන්ම රජයක අයවැය හිඟය තුලනය කිරීම අසීරු කරනවා. එහෙත්, මහ බැංකුවක මූලික ඉලක්කය මුදලේ අගය ස්ථාවරව පවත්වා ගැනීම නිසා ඇතැම් තත්ත්වයන් යටතේදී ආර්ථික වර්ධනය අඩාල වෙන්නට ඉඩ හරිමින් පොලී අනුපාතික ඉහළ දමන්න සිදුවෙනවා. රටක මහ බැංකුව රජයෙන් ස්වාධීන නොවේනම් එය කිරීම අපහසුයි.

ඇමරිකාවේ ෆෙඩරල් සංචිත බැංකුව යනුවෙන් පහසුව තකා මා ඉහත සඳහන් කළත් නිවැරදි වචනය ෆෙඩරල් සංචිත බැංකු පද්ධතිය යන්නයි. එයට හේතුව වෙනත් රටවල මහ බැංකු මෙන් ඇමරිකාවේ "මහ බැංකුව" තනි ආයතනයක් නොවීමයි. එය ආයතනික පද්ධතියක්.

ෆෙඩරල් සංචිත පණතින් සංචිත බැංකු කටයුතු හා අදාළව ඇමරිකාව කලාප 12කට වෙන් කර තිබෙනවා. මේ එක් කලාපයක් ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කයක් ලෙස හැඳින්වෙන අතර එය එම කලාපය තුළ ෆෙඩරල් සංචිත බැංකුව පිහිටි නගරය අනුවත්, දිස්ත්‍රික්කය හඳුනා ගැනෙන කිසියම් අංකයකිනුත් හැඳින්වෙනවා. උදාහරණ විදිහට නිවුයෝර්ක් ෆෙඩරල් සංචිත බැංකුව විසින් දෙවන ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කයේ කටයුතු නියාමනය කරන අතර සැන් ෆ්‍රැන්සිස්කෝ ෆෙඩරල් සංචිත බැංකුව විසින් දොළොස්වන ෆෙඩරල් සංචිත දිස්ත්‍රික්කයේ කටයුතු නියාමනය කරනවා. දොළොස්වන දිස්ත්‍රික්කයට කැලිෆෝර්නියා, නෙවාඩා, යූටා, වොෂින්ටන්, ඔරෙගන්, අයිඩහෝ, ඇලස්කා, හවායි හා ඇරිසෝනා යන ප්‍රාන්ත නවයත් ගුවාම්, ඇමරිකන් සමෝවා හා උතුරු මරියානා දූපත් යන ප්‍රදේශත් අයත් වෙනවා. දෙවන දිස්ත්‍රික්කයට නිවුයෝර්ක් ප්‍රාන්තය, නිවුජර්සි ප්‍රාන්තයේ උතුරු කොටස, කනෙක්ටිකට් ප්‍රාන්තයේ බටහිර කොටසක් හා පෝර්ටරිකෝ හා ඇමරිකන් වර්ජින් දූපත් අයත් වෙනවා. මේ ෆෙඩරල් සංචිත බැංකු සියල්ලේ කටයුතු අධීක්ෂණය කරන ෆෙඩරල් අධිපති මණ්ඩලය වොෂින්ටන් ඩීසීහි පිහිටා තිබෙනවා.

එක් එක් ෆෙඩරල් සංචිත බැංකුවේ "අයිතිය" තිබෙන්නේ අදාළ දිස්ත්‍රික්කයේ බැංකු වලටයි. මේ එක් එක් බැංකුවක අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයින් 9 දෙනෙකුගෙන් 6 දෙනෙක්ම පත්කරගන්නේ එම බැංකු විසිනුයි. ඉතිරි තිදෙනාව ෆෙඩරල් අධිපති මණ්ඩලය විසින් පත් කරනවා. බැංකු විසින් පත් කර ගන්නා අධ්‍යක්ෂවරුන් හය දෙනාගෙන් තිදෙනෙක් වෘත්තීය බැංකුකරුවන් විය යුතු අතර ඉතිරි තිදෙනා කෘෂිකාර්මික, කර්මාන්ත, පාරිභෝගික හා කම්කරු ක්ෂේත්‍ර වල කැපී පෙනෙන නායකයින් අතරින් තෝරා පත් කර ගත යුතුයි. ෆෙඩරල් අධිපති මණ්ඩලය විසින් පත් කර කරන නියෝජිතයින් තිදෙනා වාණිජ බැංකුවක නිලධාරීන්, කොටස් හිමිකරුවන් හෝ සේවකයින් නොවිය යුතුයි. එක් එක් ෆෙඩරල් සංචිත බැංකුවේ සභාපතිවරයාව තෝරා ගැනෙන්නේ මේ අධ්‍යක්ෂවරුන් අතරින් ඔවුන්ගේ ඡන්දයෙනුයි. එහිදී, බැංකුකරුවන්ට ෆෙඩරල් අධිපති මණ්ඩලයට වඩා වැඩි බලයක් තිබෙන බව පැහැදිලි කරුණක්.

ෆෙඩරල් අධිපති මණ්ඩලය සාමාජිකයින් හත් දෙනෙකුගෙන් සමන්විතයි. ඔවුන්ව ඇමරිකාවේ ජනාධිපති විසින් පත් කරනු ලැබ සෙනෙට් සභාව විසින් අනුමත කළ යුතු වෙනවා. මේ අයුරින් පත් කරන සාමාජිකයෙකුගේ ධුර කාලය වසර 14ක්. කෙසේ වුවත්, ජනාධිපතිවරයෙකුට සාමාජිකයින් හත් දෙනාම එක වර පත් කළ නොහැකියි. ඒ සඳහා ධුරයක් පුරප්පාඩු විය යුතුයි. මේ ධුර හතෙන් එක් ධුරයක් වසර දෙකකට වරක් බැගින් පුරප්පාඩු වෙනවා. එවිට, ජනාධිපතිවරයාට සෙනෙට් සභාවේ අනුමැතියට යටත්ව තමන් කැමති අයෙකු එම ධුරයට පත් කළ හැකියි. එහෙත්, එසේ පත් කිරීමෙන් අනතුරුව වසර 14ක කාලයක් යන තුරු ඔහුව හෝ ඇයව එම තනතුරෙන් ඉවත් කළ නොහැකියි.

ෆෙඩරල් අධිපති මණ්ඩලයේ සාමාජිකයෙකුගේ ධුර කාලය වසර 14ක් වුවත්, ඇමරිකන් ජනාධිපතිවරයෙකුගේ ධුරකාලය වසර හතරක් පමණයි. ඒ වගේම, එකම පුද්ගලයෙකුට ඇමරිකන් ජනාධිපති තනතුර දැරිය හැක්කේ උපරිම වශයෙන් වසර අටක කාලයක් පමණයි. ඒ නිසා, එක් ජනාධිපතිවරයෙකුට වෙනස් කළ හැක්කේ ෆෙඩරල් අධිපති මණ්ඩලයේ සාමාජිකයින් හත් දෙනෙකුගෙන් හතර දෙනෙක් පමණයි. එය කළ හැක්කේද දෙවන වරට පත් වුවහොත් එම දෙවන ධුර කාලය අවසන් වෙන්න කිට්ටුවයි.

ඇමරිකාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික ඇතුළු මුදල් ප්‍රතිපත්ති තීරණ ගන්නේ ෆෙඩරල් විවට වෙළඳපොළ කමිටුව විසිනුයි. එයත් ෆෙඩරල් සංචිත පද්ධතියට අයත් ආයතනික ව්‍යුහයේ කොටසක්. එහි සාමාජිකයින් දොළොස් දෙනෙකු සිටිනවා. එයින් බහුතරය එනම් හත් දෙනෙකු ෆෙඩරල් අධිපති මණ්ඩලයේ සාමාජිකයින්. ඉතිරි පස් දෙනා තෝරා ගැනෙන්නේ ෆෙඩරල් සංචිත බැංකු සභාපතිවරුන් අතරෙනුයි. මේ ආකාරයේ සංකීර්ණ ආයතනික ව්‍යුහයක් තිබෙන නිසා ඇමරිකන් රජයට හෝ ජනාධිපතිවරයාට ඇමරිකාවේ මුදල් ප්‍රතිපත්ති තීරණ වලට සෘජු බලපෑමක් කළ නොහැකියි.

ලංකාවේ බැඳුම්කර වංචාව ගැන සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අනුව 2015 පෙබරවාරි 27 දින පැවති බැඳුම්කර වෙන්දේසියේදී සිදුවී තිබෙන අක්‍රමිකතාව හේතුවෙන් රජයට රුපියල් මිලියන 689ක පමණ පාඩුවක් සිදු වී තිබෙනවා. මහබැංකු අධිපතිවරයා විසින් ඉහත අක්‍රමිකතාවය සිදු කරද්දී, අදාළ කටයුත්ත නිසා රජයට සිදුවිය හැකි හානිය ගැන අවබෝධයක් තිබිය යුතු, පළපුරුදු නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන් දෙදෙනා නිහඬව සිටීම ගැන කමිටුව විමතිය පළකර තිබෙනවා. ලංකාවේ පවතින ආයතනික සංස්කෘතිය හා ආයතනික රාමුව ඇතුළේ මේ අයුරින් දෙවැන්නන් විසින් ලොක්කන් විසින් කියන දේ කටවහගෙන අනුමත කිරීම පිළිබඳව මටනම් විමතියක් නැහැ. රාජ්‍ය ආයතන වගේම ලංකාවේ ව්‍යවස්ථාදායකය හා දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වෙන්නෙත් ඔය විදිහටමයි. ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ වර්තමාන ස්වරූපයත් එයයි. මේ තත්ත්වය වෙනස් වෙන්න තව කලක් යයි.

ජනාධිපති කොමිසමේ පරීක්ෂාවට භාජනය වූ කාලය තුළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම විසින් ලබා ඇති ලාභ ඉහත ඇස්තමේන්තුවේ තිබෙන රජයට වූ අලාභයට වඩා ගොඩක් වැඩියි. ඒ ලාභය රුපියල් බිලියන එකොළහක් පමණ වෙනවා. එයින් වැඩි කොටසක් උපයා තිබෙන්නේ රාජ්‍ය ආයතන හා සිදුකළ ගණුදෙනු හරහායි. කෙසේවුවත්, මෙහිදී සිදුවී තිබෙන්නේ එම රාජ්‍ය ආයතන වලට පාඩුවක් වීම නොවෙයි. ලැබිය හැකිව තිබුණු ලාබයක් අහිමි වීමයි.

රාජ්‍ය ආයතනයකට වෙළඳපොළේ වැඩි මිලකට විකිණිය හැකි දෙයක් අඩු මිලකට විකිණීමට සිදුවන විට ලැබිය හැකි ලාබ නොලැබී යනවා. ඒ ලාබ වෙනත් අයෙකු විසින් ලබා ගන්නවා. මෙහිදී සිදු වී තිබෙන්නේත් එයයි. අදාළ රාජ්‍ය ආයතන වලට රජයට වැඩි පොලියකට මුදල් ලබා දී ලබාගත හැකිව තිබුණු ලාබය කිසියම් හේතුවක් නිසා අහිමි වී තිබෙනවා. මේ "කිසියම් හේතුව" කුමක්ද?

මහ බැංකුව විසින් හෝ මහා භාණ්ඩාගාරය (මුදල් අමාත්‍යාංශය) විසින් රාජ්‍ය බැංකු වලට හා සේවක අර්ථසාධක අරමුදලට පොලී අනුපාතික පහළින් තබා ගන්නා මෙන් බලපෑම් කරන බව මේ ක්ෂේත්‍රයේ ඉන්න කවුරුත් දන්නා දෙයක්. මෙය අද ඊයේ සිට සිදුවන දෙයක් නෙමෙයි. සදාචාරාත්මක හේතු මත, මා පෞද්ගලිකව දන්නා, එහෙත් ප්‍රසිද්ධ තොරතුරු නොවන දේ ගැන කතා කරන්නට මා එතරම් කැමති නැහැ. දැන් මා මේ ගැන සෘජුව කතා කරන්න නොපැකිලෙන්නේ ජනාධිපති කොමිසම විසින් ප්‍රසිද්ධ කර තිබෙන දුරකථන සංවාද වලින් මේ කරුණ සනාථ වී අවසන් නිසයි.

රජය ණය ගන්නවනම් එහි මිල ගෙවන්නට රජයට සිදු වෙනවා. තමන්ට බලපෑම් කළ හැකි ආයතන වලින් "කුණු කොල්ලයට" ණය ගත්තත්, පෞද්ගලික ආයතන වලින් එසේ කුණු කොල්ලයට ණය ගන්න බැහැ. ඔවුන් නියම මිල අය කරනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ රාජ්‍ය බැංකු හා සේවක අර්ථසාධක අරමුදල වැනි ආයතන වල ලාබ අඩු වීමයි. උදාහරණයක් විදිහට කිසියම් ප්‍රාථමික වෙළෙන්දෙක් 12%ක පොලී අනුපාතිකයකට රජයට ණය දෙනවා. එය රජය විසින් ගෙවිය යුතු "නියම" මිලයි. නමුත්, රාජ්‍ය බැංකුවකට රජයෙන් ඒ මිල අය කර ගැනීම වලක්වා තිබෙනවා. නියම මිලට වඩා අඩුවෙන්, 9%ක පොලී අනුපාතිකයකට රජයට ණය දෙන්නට එම රාජ්‍ය බැංකුවට සිදුවෙනවා. අදාල රාජ්‍ය බැංකුවට රජයට සෘජුව ණය ලබා දී ලබා ගත හැක්කේ 9%ක පොලී අනුපාතිකයක් පමණක් නිසා ඔවුන් කරන්නේ ප්‍රාථමික වෙළෙන්දෙකුට 9.5%කට ණය දෙන එකයි. එසේ කිරීම රාජ්‍ය බැංකුවට වාසියි.

ඉහත අවස්ථාවේදී රාජ්‍ය බැංකුවට රජයට 12%කට ණය දීමේ හැකියාව වලක්වා තිබෙන්නේ ප්‍රසිද්ධියේ නෙමෙයි. එය කරන්නේ  අදාළ නිලධාරියෙකුට කරන වාචික බලපෑමක් හරහායි. මේ බව දැනගන්නා ප්‍රාථමික වෙළෙන්දෙකු විසින් කරන්නේ 12% පොලියට රජයට ණය ලබා දී අනෙක් පැත්තට 9.5% බැගින් රාජ්‍ය බැංකුවකින් ණය ලබා ගැනීමයි. එසේ කිරීම රාජ්‍ය බැංකුවටත් ලාබයි. රජයට 9% බැගින් ණය දීම ඊට වඩා පාඩුයි. මෙතැනදී රාජ්‍ය බැංකුවට ලබාගත හැකිව තිබුණු ලාබය නැති කර තිබෙන්නේ අර ප්‍රාථමික වෙළෙන්දා නෙමෙයි. ඔවුන්ට 12% බැගින් රජයට ණය ලබා දීමට තිබුණු අවස්ථාව අහිමි කළ මහ බැංකුවේ හෝ මහා භාණ්ඩාගාරයේ නිලධාරියා විසිනුයි.

ඉහත අවස්ථාවේදී රාජ්‍ය ආයතනයකට පොලී අනුපාතික පහළින් තබා ගන්නා සේ "නියෝග කරන" මහ බැංකුවේ හෝ මහා භාණ්ඩාගාරයේ නිලධාරියා එසේ කරන්නේ ඇයි? බොහෝ විට ඔහු හෝ ඇය එසේ කරන්නේ පෞද්ගලික වාසියක් වෙනුවෙන් නෙමෙයි. මෙහි අරමුණ රජයේ පොලී වියදම් පහළින් තියා ගැනීමයි. මහා භාණ්ඩාගාරයේ වගේම රාජ්‍ය ණය කළමනාකරණය කරන මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසිනුත් රජයේ පොලී වියදම් හැකිතාක් අවම කරගැනීමට උත්සාහ කිරීම කළ යුතු දෙයක්. නමුත්, ගැටළුව තිබෙන්නේ මෙය කරන්නේ වෙනත් රාජ්‍ය ආයතනයක වියදමින් වීමයි. එහි බරපැන වැටෙන්නේ සේවක අර්ථසාධක මුදලේ අරමුදල් හිමිකරුවන් හා රාජ්‍ය බැංකු වල තැන්පතුකරුවන් වන සාමාන්‍ය මහජනතාවටමයි.

සෘජු නිකුතු කියා කරන්නෙත් රාජ්‍ය ආයතන මත මුදල් අමාත්‍යංශයට හා මහ බැංකුවට ඇති අධිකාරී බලය උපයෝගී කරගනිමින් "බලහත්කාරයෙන්" අඩු පොලියට ණය ගැනීමයි. මෙය රජයට ලාබදායක බවට කෝප් කමිටු සාමාජිකයින් හා ජනාධිපති කොමිෂන් සාමාජිකයින්ට පෙනී යාමේ වැරැද්දක් නැතත් ඒ ලාබය රජයට ලැබෙන්නේ සේවක අර්ථසාධක අරමුදල් සාමාජිකයින්ගේ හා රාජ්‍ය බැංකු වල තැන්පතුකරුවන්ගේ වියදමින් කියන එක ගැන ඔවුන් අවබෝධ කරගෙන තිබෙන බවක් පෙනෙන්නේ නැහැ.

මෙහි තිබෙන්නේ පිළිසිඳියා ගැටුමක්. ලංකාවේ මහ බැංකුව විසින් මුදල් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට අමතරව රාජ්‍ය ණය කළමනාකරණය කිරීමත්, සේවක අර්ථසාධක අරමුදල කළමනාකරණය කිරීමත් කරනවා. රාජ්‍ය ණය කළමනාකරණයේ ඉලක්කය වන්නේ හැකි හැමවිටම පොලී අනුපාතික පහළින් තබා ගැනීමයි. සේවක අර්ථසාධක අරමුදලේ ඉලක්කය වන්නේ අරමුදල් වෙනුවෙන් හැකි තරම් ඉහළ පොලී අනුපාතිකයක් ලබා ගැනීමයි. මුදල් ප්‍රතිපත්ති ඉලක්කය පවතින සාර්ව ආර්ථික තත්ත්වය අනුව ඔය දෙකෙන් කොයි එක හෝ වෙන්න පුළුවන්.

මේ කටයුතු ස්වාධීනව කිරීම සඳහා මහ බැංකුවේ වෙන වෙනම දෙපාර්තමේන්තු තිබෙන බව ඇත්තක් වුවත් ඒ දෙපාර්තමේන්තු සියල්ලම තියෙන්නේ මුදල් මණ්ඩලයේ පාලනයට යටත්වයි. මහබැංකු අධිපති පත්වීම දේශපාලනික පත් වීමක්ව තිබීමට, අමතරව මුදල් අමාත්‍යාංශයේ ලේකම් නිල බලයෙන්ම මුදල් මණ්ඩලයේ සාමාජිකයෙකු වීම ප්‍රශ්නය තවත් උග්‍ර කරනවා. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ලාබ ලබා තිබෙන්නේ ආචාර ධාර්මික සීමාවන් ඉක්මවමින් බව පැහැදිලි කරුණක්. නමුත්, මෙහි විස්තර කර තිබෙන තත්ත්වයන් නොසලකා හරිමින් ඒ ආචාර ධාර්මික වැරදි දිහා වියුක්ත ලෙස බැලීම නිවැරදි නැහැ.

http://economatta.blogspot.com/

22අනං## මනං ## Empty Re: අනං## මනං ## on Fri Dec 21, 2018 1:06 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
How we are programmed at birth.... 

23අනං## මනං ## Empty Re: අනං## මනං ## on Sun Dec 23, 2018 7:04 am

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

දහයෙ කොළේ කතන්දරේ

අනං## මනං ## 10frontඅනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==
අනං## මනං ## 10backඅනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==
අද වත්පොතේ දකින්නට ලැබුණු කෙටි වීඩියෝවක පාරේ හමුවන සාමාන්‍ය පුද්ගලයෙකු රුපියල් දහයේ නෝට්ටුවක දකින්නට ලැබෙන රූප ගැන විවරණයක් කරයි. මේ වගේ සරල කතන්දර හරහා එළියට එන්නේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ජන විඥානයයි. වත්පොත් වැනි වේදිකා නොතිබුණු කාලයේ සාමාන්‍ය මිනිසුන්ගේ ජන විඥානය එළියට ආවේ මෙවැනි සරල කතන්දරද ඇතුළු ජන කතා, ජන කවි, තේරවිලි ආදිය හරහාය.

ලංකාවේ රජය සෑම වසරකම වාගේ ආදායම ඉක්මවා වියදම් කරයි. ඒ නිසා රාජ්‍ය අයවැය ශේෂය හැමදාමත් සෘණ අගයකි. මේ හිඟයෙන් කොටසක් පියවෙන්නේ අලුතින් මුද්‍රණය කරන මුදල් මඟින් නිසා රුපියලේ වටිනාකම වසරින් වසර පහළ යයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැන් රුපියල් දහයකින් කළ හැකි දෙයක් නැති තරම්ය. මේ වන විට රුපියල් දහයේ කාසි වලින් රුපියල් දහයේ නෝට්ටු බොහෝ දුරට ප්‍රතිස්ථාපනය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු නිකුත් කිරීමේදී ආකර්ශනීය නිමාවකින් යුතුව ඒවා නිකුත් කරයි. මේවායේ ලංකාවේ සංස්කෘතිය, ඉතිහාසය හා වෘක්ෂලතා ආදිය සංකේතවත් කරන විවිධ චිත්‍ර සටහන් දැකිය හැකිය. මහ බැංකුව විසින් අවසන් වරට නිකුත් කළ රුපියල් දහයේ නෝට්ටුවක මෙවැනි රූප සටහන් හතරක් දකින්නට පුළුවන.

රුපියල් දහයේ නෝට්ටුවක ඉදිරිපස යාපහුවේ සිංහයාගේ රූපයක් දැකිය හැකිය. පසුපස ඉහළින්ම ඇත්තේ කොකෙකුගේ රූපයකි. මා හිතන පරිදි මේ කොකා ලතුවැකියානම් පක්ෂියා විය යුතුය. මේ පක්ෂියාගේ තරමක් අසාමාන්‍ය පුරුද්දක් වන්නේ බිත්තර මත වසුරු හෙළා සුදු පැහැ ගැන්වීමයි. මෙසේ ලතුවැකියාගේ වසුරු අපට සුදු පැහැයෙන් පෙනුනත් පාරජම්බුල පරාසය දක්වා විහිදෙන චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති ලතුවැකියාට උගේ වසුරු හා ඒවා තවරනු ලැබූ බිත්තර ඇතැම් විට වර්ණවත්ව පෙනෙනවා වන්නට පුළුවන.

රුපියල් දහයේ නෝට්ටුවේ පසුපස මැද හරියේ දැකිය හැක්කේ පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ රූපයකි. මෙය දැන් ජනාධිපති ලේකම් කාර්යාලයයි. ඊට පහළින් ඇති මල් වර්ගය මට හරියටම හඳුනාගත නොහැකිය.

වත්පොතේ දුටු වීඩියෝව අනුව මේ රූප හතරෙන් කියවෙන කතාව මෙවැන්නකි.

දේශපාලනඥයෝ ජනතාවට මල් (සුබ අනාගතයක්) පෙන්නා පාර්ලිමේන්තුවට යති. එසේ යාමෙන් පසුව ඔවුහු සිංහයෝ වෙති. ඉන්පසුව, ජනතාව මල් හොයාගෙන පැමිණි විට මේ දේශපාලකයින් විසින් කරන්නේ ඔවුන්ට මල් වෙනුවට කොකා පෙන්වීමයි. ඔවුන්ට නැවත ජනතාව මතක් වන්නේ තමන්ගේ ධුර කාලය අවසන්ව නැවත මැතිවරණයකට මුහුණ දෙන්නට වූ විටය. එහෙත්, වරක් ජනතාවට කොකා පෙන්වා සිංහයින් වී සිටින අයට නැවත ජනතාවට මල් පෙන්වීම පහසු නැත. දහයේ කොළේ සිංහයා නැට්ට දෙපරන්ද අස්සේ ගහගෙන විරවපට්ටන් වී ඉන්නේ එබැවිනි. (වීඩියෝව අනුව සිංහයා ඇඟිල්ල අධෝමුඛයේ ගසාගෙන සිටී.)

මේ කතාව දේශපාලනඥයින්ට පමණක් නොව මාධ්‍යවේදීන්, කලාකරුවන් හා ව්‍යවසායකයින් වැනි බොහෝ දෙනෙකුට ආදේශ කළ හැක්කකි. ධනවාදී රාමුවක් තුළ ව්‍යාවසායකයෙකුට පාරිභෝගිකයින් 'සූරා කෑමේ' හැකියාවක් නැත. ඒකාධිකාර නැති තරඟකාරී වෙළඳපොලක යමෙක් එසේ කරන්නට උත්සාහ කළ වහාම පාරිභෝගිකයා ඔහුගෙන් හෝ ඇයගෙන් ගිලිහේ. ඒ නිසා, ව්‍යවසායකයෙකුට තමන්ගේ ලාභ පවත්වා ගැනීම සඳහා පාරිභෝගිකයන්ගේ ඉල්ලුම හඳුනාගෙන ඔවුන්ව තෘප්තිමත් කළ හැකි මාර්ග සොයන්නට සිදු වේ.

නිදහස් වෙළදපොලක සිදුවන ගනුදෙනුවක් යනු හැමවිටම වෙළෙන්දාට මෙන්ම පාරිභෝගිකයාටද වාසි සැලසෙන අන්තර්ක්‍රියාවකි. තමන්ට පාරිභෝගික අතිරික්තයක් නැත්නම් කිසිවකු භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නේ නැත.

ඇතැම් ගනුදෙනු වල ස්වභාවය අනුව, කිසියම් සේවාවක් ලබා ගැනීමට පෙර පාරිභෝගිකයාට ඒ සඳහා මුදල් ගෙවන්නට සිදුවේ. මෙහිදී පාරිභෝගිකයාට ගනුදෙනුවට එළඹීමේ තීරණය ගන්නට වෙන්නේ එහි අපේක්ෂිත වාසිය ඇස්තමේන්තු කරමිනි. මෙවැනි අවස්ථාවක ව්‍යවසායකයෙකුට මුදල් අය කිරීමෙන් පසු පාරිභෝගිකයාට සතුටු විය හැකි අයුරින් සේවාව නොසපයා ඉන්නට කිසියම් ඉඩකඩක් ලැබේ. එහෙත්, එවැන්නෙකුට වැඩිකලක් වෙළඳපොළෙහි රැඳී සිටිය නොහැකිය. මල් වෙනුවට කොකා පෙන්වන මෙවැනි ව්‍යාපාරිකයින් වෙළඳපොළෙන් ඉවත්කර දමන්නට ඉල්ලුම් සැපයුම් යාන්ත්‍රණයට ස්වභාවික හැකියාවක් තිබේ. එවිට සිදුවන්නේ නැට්ට දෙපරන්ද අස්සේ ගසාගත් සිංහයා මෙන් විරවපට්ටන් ගහගෙන ඉන්නටය.

මේ වගේ වෙලාවට දේශපාලනඥයින් විසින් ඇතැම් විට මැතිවරණ කල් දැමීම මඟින් දිගටම සිංහයින් ලෙස සිටින්නට උත්සාහ කරති. ධනවාදයක් තුළ ව්‍යාපාරිකයෙකුට එසේ කිරීමට හැකියාවක් නැතත්, රාජ්‍ය යාන්ත්‍රනය විසින් රටේ සමස්ත ආර්ථිකය වෙලාගත් විට ආණ්ඩුවේ උදවුවෙන් ව්‍යාපාරිකයින්ටද තරඟකාරිත්වයට මුහුණ නොදී සුපිරි ලාභ ලබමින් සිංහයින් සේ වැජඹෙන්නට ඉඩ සැලසේ. එවැනි පසුබිමක දහයේ කොළේ කතන්දරේ දේශපාලනඥයින්ගේ පමණක් නොව ව්‍යවසායකයින්ගේ කතන්දරයක්ද විය හැකිය.

​​​​​​​http://economatta.blogspot.com/2017/08/blog-post_13.html

24අනං## මනං ## Empty Re: අනං## මනං ## on Sun Dec 23, 2018 7:09 am

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@ruwan326 wrote:

දහයෙ කොළේ කතන්දරේ



අනං## මනං ## 10frontඅනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==
අනං## මනං ## 10backඅනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==
අද වත්පොතේ දකින්නට ලැබුණු කෙටි වීඩියෝවක පාරේ හමුවන සාමාන්‍ය පුද්ගලයෙකු රුපියල් දහයේ නෝට්ටුවක දකින්නට ලැබෙන රූප ගැන විවරණයක් කරයි. මේ වගේ සරල කතන්දර හරහා එළියට එන්නේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ජන විඥානයයි. වත්පොත් වැනි වේදිකා නොතිබුණු කාලයේ සාමාන්‍ය මිනිසුන්ගේ ජන විඥානය එළියට ආවේ මෙවැනි සරල කතන්දරද ඇතුළු ජන කතා, ජන කවි, තේරවිලි ආදිය හරහාය.

ලංකාවේ රජය සෑම වසරකම වාගේ ආදායම ඉක්මවා වියදම් කරයි. ඒ නිසා රාජ්‍ය අයවැය ශේෂය හැමදාමත් සෘණ අගයකි. මේ හිඟයෙන් කොටසක් පියවෙන්නේ අලුතින් මුද්‍රණය කරන මුදල් මඟින් නිසා රුපියලේ වටිනාකම වසරින් වසර පහළ යයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස දැන් රුපියල් දහයකින් කළ හැකි දෙයක් නැති තරම්ය. මේ වන විට රුපියල් දහයේ කාසි වලින් රුපියල් දහයේ නෝට්ටු බොහෝ දුරට ප්‍රතිස්ථාපනය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් නෝට්ටු නිකුත් කිරීමේදී ආකර්ශනීය නිමාවකින් යුතුව ඒවා නිකුත් කරයි. මේවායේ ලංකාවේ සංස්කෘතිය, ඉතිහාසය හා වෘක්ෂලතා ආදිය සංකේතවත් කරන විවිධ චිත්‍ර සටහන් දැකිය හැකිය. මහ බැංකුව විසින් අවසන් වරට නිකුත් කළ රුපියල් දහයේ නෝට්ටුවක මෙවැනි රූප සටහන් හතරක් දකින්නට පුළුවන.

රුපියල් දහයේ නෝට්ටුවක ඉදිරිපස යාපහුවේ සිංහයාගේ රූපයක් දැකිය හැකිය. පසුපස ඉහළින්ම ඇත්තේ කොකෙකුගේ රූපයකි. මා හිතන පරිදි මේ කොකා ලතුවැකියානම් පක්ෂියා විය යුතුය. මේ පක්ෂියාගේ තරමක් අසාමාන්‍ය පුරුද්දක් වන්නේ බිත්තර මත වසුරු හෙළා සුදු පැහැ ගැන්වීමයි. මෙසේ ලතුවැකියාගේ වසුරු අපට සුදු පැහැයෙන් පෙනුනත් පාරජම්බුල පරාසය දක්වා විහිදෙන චතුර්කේතුක දෘෂ්ඨියක් ඇති ලතුවැකියාට උගේ වසුරු හා ඒවා තවරනු ලැබූ බිත්තර ඇතැම් විට වර්ණවත්ව පෙනෙනවා වන්නට පුළුවන.

රුපියල් දහයේ නෝට්ටුවේ පසුපස මැද හරියේ දැකිය හැක්කේ පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ රූපයකි. මෙය දැන් ජනාධිපති ලේකම් කාර්යාලයයි. ඊට පහළින් ඇති මල් වර්ගය මට හරියටම හඳුනාගත නොහැකිය.

වත්පොතේ දුටු වීඩියෝව අනුව මේ රූප හතරෙන් කියවෙන කතාව මෙවැන්නකි.

දේශපාලනඥයෝ ජනතාවට මල් (සුබ අනාගතයක්) පෙන්නා පාර්ලිමේන්තුවට යති. එසේ යාමෙන් පසුව ඔවුහු සිංහයෝ වෙති. ඉන්පසුව, ජනතාව මල් හොයාගෙන පැමිණි විට මේ දේශපාලකයින් විසින් කරන්නේ ඔවුන්ට මල් වෙනුවට කොකා පෙන්වීමයි. ඔවුන්ට නැවත ජනතාව මතක් වන්නේ තමන්ගේ ධුර කාලය අවසන්ව නැවත මැතිවරණයකට මුහුණ දෙන්නට වූ විටය. එහෙත්, වරක් ජනතාවට කොකා පෙන්වා සිංහයින් වී සිටින අයට නැවත ජනතාවට මල් පෙන්වීම පහසු නැත. දහයේ කොළේ සිංහයා නැට්ට දෙපරන්ද අස්සේ ගහගෙන විරවපට්ටන් වී ඉන්නේ එබැවිනි. (වීඩියෝව අනුව සිංහයා ඇඟිල්ල අධෝමුඛයේ ගසාගෙන සිටී.)

මේ කතාව දේශපාලනඥයින්ට පමණක් නොව මාධ්‍යවේදීන්, කලාකරුවන් හා ව්‍යවසායකයින් වැනි බොහෝ දෙනෙකුට ආදේශ කළ හැක්කකි. ධනවාදී රාමුවක් තුළ ව්‍යාවසායකයෙකුට පාරිභෝගිකයින් 'සූරා කෑමේ' හැකියාවක් නැත. ඒකාධිකාර නැති තරඟකාරී වෙළඳපොලක යමෙක් එසේ කරන්නට උත්සාහ කළ වහාම පාරිභෝගිකයා ඔහුගෙන් හෝ ඇයගෙන් ගිලිහේ. ඒ නිසා, ව්‍යවසායකයෙකුට තමන්ගේ ලාභ පවත්වා ගැනීම සඳහා පාරිභෝගිකයන්ගේ ඉල්ලුම හඳුනාගෙන ඔවුන්ව තෘප්තිමත් කළ හැකි මාර්ග සොයන්නට සිදු වේ.

නිදහස් වෙළදපොලක සිදුවන ගනුදෙනුවක් යනු හැමවිටම වෙළෙන්දාට මෙන්ම පාරිභෝගිකයාටද වාසි සැලසෙන අන්තර්ක්‍රියාවකි. තමන්ට පාරිභෝගික අතිරික්තයක් නැත්නම් කිසිවකු භාණ්ඩයක් හෝ සේවාවක් මිලදී ගන්නට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වන්නේ නැත.

ඇතැම් ගනුදෙනු වල ස්වභාවය අනුව, කිසියම් සේවාවක් ලබා ගැනීමට පෙර පාරිභෝගිකයාට ඒ සඳහා මුදල් ගෙවන්නට සිදුවේ. මෙහිදී පාරිභෝගිකයාට ගනුදෙනුවට එළඹීමේ තීරණය ගන්නට වෙන්නේ එහි අපේක්ෂිත වාසිය ඇස්තමේන්තු කරමිනි. මෙවැනි අවස්ථාවක ව්‍යවසායකයෙකුට මුදල් අය කිරීමෙන් පසු පාරිභෝගිකයාට සතුටු විය හැකි අයුරින් සේවාව නොසපයා ඉන්නට කිසියම් ඉඩකඩක් ලැබේ. එහෙත්, එවැන්නෙකුට වැඩිකලක් වෙළඳපොළෙහි රැඳී සිටිය නොහැකිය. මල් වෙනුවට කොකා පෙන්වන මෙවැනි ව්‍යාපාරිකයින් වෙළඳපොළෙන් ඉවත්කර දමන්නට ඉල්ලුම් සැපයුම් යාන්ත්‍රණයට ස්වභාවික හැකියාවක් තිබේ. එවිට සිදුවන්නේ නැට්ට දෙපරන්ද අස්සේ ගසාගත් සිංහයා මෙන් විරවපට්ටන් ගහගෙන ඉන්නටය.

මේ වගේ වෙලාවට දේශපාලනඥයින් විසින් ඇතැම් විට මැතිවරණ කල් දැමීම මඟින් දිගටම සිංහයින් ලෙස සිටින්නට උත්සාහ කරති. ධනවාදයක් තුළ ව්‍යාපාරිකයෙකුට එසේ කිරීමට හැකියාවක් නැතත්, රාජ්‍ය යාන්ත්‍රනය විසින් රටේ සමස්ත ආර්ථිකය වෙලාගත් විට ආණ්ඩුවේ උදවුවෙන් ව්‍යාපාරිකයින්ටද තරඟකාරිත්වයට මුහුණ නොදී සුපිරි ලාභ ලබමින් සිංහයින් සේ වැජඹෙන්නට ඉඩ සැලසේ. එවැනි පසුබිමක දහයේ කොළේ කතන්දරේ දේශපාලනඥයින්ගේ පමණක් නොව ව්‍යවසායකයින්ගේ කතන්දරයක්ද විය හැකිය.

​​​​​​​http://economatta.blogspot.com/2017/08/blog-post_13.html

25අනං## මනං ## Empty Re: අනං## මනං ## on Fri Dec 28, 2018 9:12 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
පෙනුමට රසට වහ වැටෙන්න ඉස්සර…


අනං## මනං ## B693f5b864අනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==

ආහාරවල රසය, පෙනුම, තත්ත්වය හා ගුණාත්මක බව වෙනස් කිරීමට යොදා ගන්නා ද්‍රව්‍ය “ආහාර අතිරේක” ලෙස හැඳින්වේ. ප්‍රධාන වශයෙන් ඒ සියල්ල ආහාර රස ගැන්වීමට යොදාගන්නා රස කාරක, නරක් නොවී කල්තබා ගැනීමට යොදා ගන්නා සුරක්ෂක, ආහාර රුචිය වඩවනු පිණිස යොදාගන්නා වර්ණක, පෝෂණ අගයන් රැක ගැනීමට හෝ වැඩි කිරීමට යොදාගන්නා අතිරේක පෝෂක වශයෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

ආහාර අතිරේක භාවිතයට රෝම යුගය තෙක් අෑතට දිව යන ඉතිහාසයක් තිබේ. මේ වන විට ආහාර අතිරේක 3,800ක් පමණ භාවිත කෙරෙන අතර ඉන් 3,500ක්ම ඇත්තේ රස හා වර්ණකාරක ද්‍රව්‍ය වේ. මේවා අතර වර්ණක, ස්ථායි කාරක, දියර ස්වභාවය, ඝන ද්‍රව්‍ය, රසය තියුණු කරන ද්‍රව්‍ය, ප්‍රතිඔක්සිකාරක, සංරක්ෂක ද්‍රව්‍ය, විරංජකය, තෛලෝද කාරක, කැටිකාරක ආදී විවිධ රසායන ද්‍රව්‍ය රැසක් මේවාට ඇතුළත් වේ. ආහාර සුරැකීම සඳහා විශාල කාර්ය භාරයක් මේ අතිරේකවලට කළ හැකි වුවත් ඒ සඳහා යොදන ඒවාට ලොව පුරා ජනතා විරෝධයක් නැඟී ඇත්තේ ඒවා විස සහිත පිළිකා කාරක හා අසාත්මිකතා ඇති විය හැකි ද්‍රව්‍ය සේ සලකාගෙනය.

මේ නිසා එවැනි ආහාර ද්‍රව්‍ය ඇසුරුම්වල ආහාර ලේබල් කිරීමේදී ඒවායේ අන්තර්ගත සියලු දේ එනම් ආහාරවලට අමතරව ඊට එක්කර ඇති රසායනික ද්‍රව්‍ය හා ඒවා ප්‍රතිශතයන් පාරිභෝගිකයාට පෙනෙන සේ සටහන් කොට තිබිය යුතු යැයි ලොව පුරා බොහෝ රටවල නීති පනවා තිබේ. යුරෝපීය සංගමය අනුමත කළ ආහාර ද්‍රව්‍ය ඇසුරුම්වලට ඡ් අංකයක් ද ලබාදී තිබේ. ආහාරයක ඇසුරුමෙහි ඒ පිළිබඳව විස්තර ඇතුළත් කළ යුතු යැයි අප රටේ නීතියෙන්ද අනිවාර්ය කර ඇත. එබැවින් ඔබ පාරිභෝගිකයකු වශයෙන් මේ ගැනද හොඳින් දැනුවත් වීම ඉතා වැදගත් වන දෙයකි.

https://www.colombotribune.com/2018/12/28/

26අනං## මනං ## Empty Re: අනං## මනං ## on Fri Dec 28, 2018 9:20 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
කට රැකගෙන ලෙඩ රෝගවලින් මිදෙන හැටි මෙන්න

අනං## මනං ## Image_a856044345අනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==


සිරුරට නිසි පෝෂණයක් ලබාදීම නීරෝගී බව රුකගැනීමේ රහසයි. නිසි පෝෂණය ලබාගන්නට නම් ඔබ ගන්නා ආහාර තමන්ගේ සිරුරට ගැලපෙන ප්‍රමාණයට නිවැරැදි වේලාවට ගතයුතු බවයි වෛද්‍ය නිර්දේශය. ශාකමය ආහාර පමණක්ම ගැනීම මෙන්ම මාංශමය ආහාර සහ පිටි තෙල් සහිත ආහාර වැඩිපුර ගැනීමත් නීරෝගී පැවැත්මකට අවශ්‍ය පෝෂණය ලබාදීමට හේතු නොවේ. ඒ සඳහා විවිධත්වයෙන් යුතුව සකසාගත් ආහාර නිසි ප්‍රමාණවලින් ලබාගැනීම සිදුකළ යුතුයි.  ඔබේ දිනපතා ආහාරවේල් සඳහා ලබාගතයුතු නිර්දේශිත ආහාර කොටස් ප්‍රමාණයන් ගැනයි මේ ලිපිය. මේ අනුව ඔබේ දවසේ ආහාර පාලනය කරගැනීමෙන් ලෙඩරෝගවලින් මිදී සෞඛ්‍යසම්පන්න සිරුරක් පවත්වාගන්නට හැකිවේවී.

නිසි ආහාර “ප්‍රමාණයක්” යනු කුමක්ද?

සෑම ආහාර කාණ්ඩයකින්ම දිනපතා ඔබගේ ආහාර වේලෙහි කොපමණ ප්‍රමාණයක් අඩංගු කරගත යුතුදැයි යන්න පිළිබඳ අවබෝධයක් ලබාගත යුතුයි. ගන්නා ආහාර ප්‍රමාණය නිවසේ භාවිතා කරන විවිධ මිනුම් උපකරණ මගින් මැන ගැනීමට පුළුවනි.

උදා- බත් පීරිසි කෝපප 1ක් ආහාර ප්‍රමාණයන් 1කට සමාන ලෙස සැලකිය හැකියි. එසේම පාන්පෙති 1 (පාන් ගෙඩිය සමාන පෙති 9කට කැපූ විට) ආහාර ප්‍රමාණ 1කට සමානය. පිසිනලද මාළු ග්‍රෑම් 30ක් ආහාර ප්‍රමාණ 1කට සමානය.

• එක් එක් කාණ්ඩයට අයත් සහ ඒවායින් දිනකට ගතයුතු නිර්දේශිත ආහාර ප්‍රමාණයන් පිළිබඳ විස්තර මේ සමඟ ඇති 1 වැනි හා 2 වැනි සටහන් මගින් ඉදිරිපත් කර ඇත.

පළමුවැනි සටහන

එක් එක් ආහාර කාණ්ඩ සහ එයින් දිනපතා ගතයුතු ආහාර ප්‍රමාණයන්

සහල්, පාන්, අනෙකුත් ධාන්‍ය හා අල බතල 6-11, පළතුරැ 2-3, එළවළු 3-5, කිරි සහ කිරි නිෂ්පාදන 1-2, මාළු, මස්, බිත්තර, පියළි හා ඇට වර්ග 3-4, තෙල් බහුල ඇට හා බීජ වර්ග  2-4

දෙවැනි සටහන

ආහාර ප්‍රමාණයක් මැනගන්නේ මෙහෙමයි…
කෝප්ප 1 = මිලි ලීටර 200යේ පීරිසි කෝප්පයක් ලෙස මෙහිදී සැලකේ.
සහල් සහ පිටි සහිත ආහාර 
බත් – පීරිසි කෝප්ප 1 (ග්‍රෑම් 130-140), පාන් – පෙති 1 (ග්‍රෑම් 50), එළවළු – එළවළු ව්‍යාංජන    මේස හැඳි 3 (ගෙඩි සහ කොළ එළවළු)    (පීරිසි කෝප්ප 1/2), එළවළු සලාද        පීරිසි කෝප්ප 1

පළතුරු
මධ්‍යම ප්‍රමාණයේ පළතුරු ගෙඩි 1 (කෙසෙල් ගෙඩි 1ක් හෝ දොඩම් ගෙඩි 1ක්) කපන ලද පළතුරු හෝ පළතුරු සලාදය පීරිසි කෝප්ප 1/2,  වියළි පළතුරු මේස හැඳි 2 (ග්‍රෑම් 20-30)
මාළු, බිත්තර, කුකුළු මස්, මස් වර්ග, කරවල, පියළි හා ඇට වර්ග
පිසින ලද මාළු හෝ කුකුළු මස් හෝ
වෙනත් මස් ග්‍රෑම් 30, පිසින ලද පියලි හා ඇට වර්ග මේස හැඳි 3, බිත්තර 1, කරවල ග්‍රෑම් 15
කිරි හා කිරි නිෂ්පාදන 
කිරි පීරිසි කොප්ප 1 (මී. ලීටර් 200), යෝගට් හෝ මුදවපු කිරි පීරිසි කෝප්ප 1 (මී. ලීටර් 100),  කිරිපිටි ග්‍රෑම් 30 (මේස හැඳි 2) මේස හැඳි 1 (ග්‍රෑම් 15)

තෙල් බහුල ඇට හා බීජ වර්ග
පිසින ලද ආහාර, ව්‍යාංජනය රහිතව මනින ලද ලෙස සලකන්න.
විටමින් හා ඛනිජ ලවණවල කාර්ය භාරය
ඔබගේ දෛනික ක්‍රියාකාරිත්වයන් සඳහා අවශ්‍ය විටමින් හා ඛනිජ ලවණ ඇතුළු පෝෂ්‍ය පදාර්ථ පරිපූරක (කෘත්‍රීම විටමින්, පෙති හා සිරප් වර්ග)වලින් ගැනීමට වඩා පෝෂණ ගුණයෙන් යුතු හොඳ ආහාර වේලකින් ලබාගැනීම සුදුසු බව සලකන්න. සෞඛ්‍යසම්පන්නව ජීවිත් වීමට අවශ්‍ය විශේෂ පෝෂණ කොටස් ස්වභාවික ආහාරවල මෙන් මෙවැනි විටමින් හා ඛනිජ ලවණ පරිපූරකවල අඩංගු නොවේ. එහෙත් වෛද්‍ය නිර්දේශය මත අවශ්‍ය විටකදී මෙම පරිපූරක විටමින් හා ඛනිජ ලවණ භාවිතා කිරීමට පුළුවන.

නිර්මාංශ ආහාර වේලක්

නිර්මාංශ ආහාර වේලක් නියමිත ආකාරයට සියලු පෝෂණ පදාර්ථවලින් අංගසම්පූර්ණ පිළියෙළ කරගත් විට එය සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් වනු ඇත. නිර්මාංශ ආහාර ගන්නා අය අතර ප්‍රෝටීන, යකඩ, විටමින් බී 12, කැල්සියම් හා සින්ක් යන පෝෂ්‍ය පදාර්ථවල ඌණතාවයන් පැවතිය හැකි අතර, විවිධ වර්ගවලට අයත් ආහාර දිනපතා ගැනීමෙන් මෙම තත්ත්වය මඟහරවා ගතහැක. දිනපතා තම ආහාර වේලෙහි ධාන්‍ය, පියළි හා ඇටවර්ග හා තෙල් සහිත බීජ අඩංගු කර ගත යුතු අතර පළතුරු, එළවළු හා තදකොළ පැහැති පලා වර්ග දෛනිකව නිර්මාංශ ආහාර වේලෙහි අඩංගු වීමෙන් සියලු පෝෂකවල අවශ්‍යතාවය සපුරා ගැනීමට පුළුවන. මීට අමතරව කිරි, කිරි නිෂ්පාදන හා බිත්තර ආහාරයට ගැනීම ශරීර වර්ධනයට හා අලුත්වැඩියාවට උපකාරී වන අතර, අස්ථි සහ දත් වර්ධනයට අවශ්‍ය පෝෂක සපයයි.


​​​​​​​https://www.colombotribune.com/2018/12/27/

27අනං## මනං ## Empty Re: අනං## මනං ## on Mon Dec 31, 2018 8:01 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

සැන්ඩි එපා!

Monday, December 31, 2018

අනං## මනං ## Spriteඅනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==
සමහර වෙලාවට "සෝඩා ටිකක් දාල පොඩ්ඩක් ගේන්නද?" කියල ඇහුවහම විවිධ පිළිතුරු ලැබෙනවා. "පාවිච්චියක් නෑ!", "දැන් නවත්තල ඉන්නේ!", "දැන් බෑ!", "එහෙනං පොඩ්ඩක් ගම්මුකෝ!" ඉඳලා "සෝඩා එපා!" දක්වා විවිධ ප්‍රතිචාර ඔය අතර තිබෙනවා. ලාල්කාන්ත සහෝදරයා වගේ "උවමනාවක් නැතත්" යාලුවන්ගේ වදේට හරි "මානුෂික සම්බන්ධතා පවත්වාගැනීමේ ස්වරූපයක් විදිහට" හරි ගන්න අයත් ගොඩක් ඉන්නවනේ. හැබැයි ඉතිං ඔතැන උවමනාවක් නෑ කියන එකෙන් කියන්නේ ඔය විදිහට වෙනත් කෙනෙක් බල නොකළානම් හොයාගෙන ගිහින් ගන්න උවමනාවක් නෑ කියන එක පමණයි. වෙනත් අයෙකුගේ බල කිරීමට යටවෙන කෙනෙක් වුනත් කරන්නේ අවසාන වශයෙන් තමන් කැමති දේ. එහෙම නැත්නම් නොකර ඉන්න බැරිකමක් නැහැනේ!

සැර මත්පැන් පැණිබීම වලින් සැන්ඩි කරන එක ලංකාවේ සාමාන්‍ය දෙයක්. එයට ආර්ථික සාධක වගේම සංස්කෘතික සාධකත් හේතු වෙනවා.

සැන්ඩි කරන එකෙන් බලාපොරොත්තු වෙන්නේ මත්වීම පාලනය කරගැනීම. අනෙක් පැත්තට මූලික වශයෙන්ම මත්පැන් බොන්නේ මත්වෙන්න කියා හිතුවොත් මේ චර්යාවේ පරස්පරයක් පේනවා. වෙනත් විදිහකින් කිව්වොත්, බොනවා තමයි- ඒත් මත්වීමේ උවමනාවක් නැහැ. ඒකෙන් පැහැදිලි වෙන්නේ මේ විදිහට සැන්ඩි කරමින් බොන්නේ, යාලුවන්ගේ බල කිරීමට යටවුණේ නැත්නම්, හොයාගෙන ගිහිං බොන්න තරම් උවමනාවක් නැති අය බවයි. ඒ නිසා, මේක මානුෂික සම්බන්ධතා පවත්වාගැනීමේ ස්වරූපයක් කියන එකේ වැරැද්දක් නැහැ.

සමහර සාමූහික චර්යා වලින් පිළිබිඹු වෙන්නේ පුද්ගල චර්යා වල එකතුව නෙමෙයි. සමූහයක කිසිම තනි පුද්ගලයෙකුට පෞද්ගලිකව කරන්න අවශ්‍ය නොවන දෙයක් එවැනි පුද්ගලයින් සමූහයක් විසින් කරන අවස්ථා ඕනෑ තරම් තියෙනවා. බුදු පිළිමයක් කැඩීම, පල්ලියකට ගලක් ගැහීම, හදිසි අනතුරකින් පසු රියදුරාට පහර දීම වගේම සංචාරයක යෙදීම, සිල් ගැනීම වගේ තනි තනිව කරන්න කිසිවෙකුට උවමනාවක් නැති ගොඩක් දේවල් ඔය විදිහට පුද්ගලයින් කණ්ඩායමක් විසින් කරන්න පුළුවන්. එවැනි උවමනාවක් තිබෙන එක් පුද්ගලයෙකු හෝ කිහිප දෙනෙකු විසින් කවර ආකාරයෙන් හෝ සමූහයක් මෙහෙයවීම වෙනම කරුණක්. මා කියන්නේ ඒ ගැන නෙමෙයි.

සමාජගත වීම සඳහා මත්පැන් බොන ඇතැම් කණ්ඩායම් වල කිසිවෙකුටත් තනිතනිව මත්පැන් බොන්න අවශ්‍ය නැහැ. නමුත්, "අනිත් අය ගැන හිතා" හැමෝම සෙට් වෙනවා. සමාජ සත්ත්වයෙක් වන මිනිසාගේ ඔය වගේ හැසිරීම් ඕනෑ තරම් තියෙනවා. මේ වගේ හැසිරීම් ක්‍රීඩා න්‍යාය (game theory) ඇසුරෙන් පැහැදිලි කරන්න පුළුවන්.

තමන්ගේ උවමනාවට තනිව මත්පැන් බොන පුද්ගලයෙක්ට සැන්ඩි වැදගත් නැහැ. නමුත්, යාළුවන්ගේ උවමනාවට සෙට් වෙන කොටනම් සැන්ඩි නැතුවම බැහැ. මෙතැන ගේම් එක ඩෝප් නොවී වැඩි වෙලාවක් අල්ලගෙන ඉන්න එකයි. මොකද සතුට තියෙන්නේ සෙට් වෙන එකේ මිසක් මත්පැන් වල නෙමෙයි. මත්පැන් වලින් කරන්නේ සෙට් වෙන්න හේතුවක් සපයන එක පමණයි.

සංඛ්‍යාලේඛණ මත පදනම් නොවී නිගමන වලට එළැඹෙන එක නිවැරදි නැති වුවත්, මම හිතන විදිහට බටහිර රටක මිනිස්සුන්ට සාපේක්ෂව ලංකාවේ මිනිස්සු මේ විදිහට සෙට් වෙන්න වැඩි කාලයක් වෙන් කරනවා. කාලයේ ආවස්ථික පිරිවැය සාපේක්ෂව අඩුවීම මෙයට එක් හේතුවක් කියන්න පුළුවන්.

බටහිර රටකදීනම් මේ වගේ එකතුවකදී කියන වෙලාවට හැමෝම වගේ එනවා. පැමිණිය යුතු වෙලාව වගේම සාදය අවසන් වන වෙලාවත් බොහෝ විට ඇරයුමේම තියෙනවා. ඒ වෙලාවට සභා තොමෝ සතුටින් විසිර යනවා. හැබැයි මේ කියන්නේ ලංකාව වැනි රටවලින් ආ සංක්‍රමණිකයින් ගැන නෙමෙයි. (ඔවුන්ගේ හැසිරීම ග්‍රාම්‍යයි කියා කියන්න හදනවත් නෙමෙයි).

ලංකාවේ ඔය වැඩේ ඔය විදිහට නොවන බව කියවන කවුරුත් දන්නවනේ. "මචං, පොඩ්ඩක් පරක්කුයි. තව පැය බාගෙන් ඔතැන." කියා කියන එකා එන්නේ තව පැය එකහමාරකින් වීම කාටවත් පුදුමයක් නෙමෙයි. ඒ වගේම එක්කෙනෙක් දෙන්නෙක් ආපහු ගියා කියා වැඩේ නවතින්නෙත් නැහැ. ඉතුරු අය ඇදගෙන යනවා. ඉවර වෙන වෙලාව වැඩේ සංවිධානය කරපු කෙනාටවත් කලින් කියන්න පුළුවන් කමක් නැහැ. මෙයට හේතුව ලංකාවේ පොදු ප්‍රවාහනයේ දුර්වලතා හෝ මාර්ග තදබදය පමණක්ම නෙමෙයි. ඔය විදිහට තැනකට වෙලාවට නොඑන ඇතැම් අය ඇතැම් වැදගත් දේ මොන විදියෙන් හෝ හරියටම නැකැත් වෙලාවකට කරනවා.එහෙම නැකතකට වැඩක් වෙනවා කියලා දන්නා අවස්ථා වලදී කොහොම හරි වෙලාවට එනවා.

ඇත්ත නැත්ත කොහොම වුවත් මත්පැන් මත පනවා තිබෙන විශාල බද්ද සාධාරනීකරණය කරන්නේ සමාජ යහපත ඉස්සරහට දාලනේ. මෙහි එක අතුරු ඵලයක් වන්නේ "කලවම් බඩු" විශාල ලෙස වෙළඳපොළට එන එක. මේ වැඩේ කරන්න පහසු වෙන්න හේතු වී තිබෙන එක් කරුණක් වන්නේ සැන්ඩි කිරීමේ පුරුද්දයි.

කාලයක් ඇතැම් අය ගෙන ආ තර්කයක් වුනේ සැර අඩු මත්පැන් මිල අඩු කර සැර වැඩි මත්පැන් භාවිතයේ හානි අඩු කළ යුතු බවයි. නමුත්, සමාජශීලී වෙන්න බොන ලංකාවේ ගොඩක් අය බොන්නේ සැර අඩු මත්පැන් වර්ග වලටත් වඩා තනුක කරලා. ප්‍රශ්න විසඳගන්න බොන අය කොහොමටත් සැර අඩු මත්පැන් හොයනවා අඩුයි.

බටහිර රටක මත්පැන් මිල සාපේක්ෂව ගොඩක් අඩුයි. ඒ නිසා, කිසියම් පෞද්ගලික සාදයක් වගේ තැනක වුවත් මත්පැන් වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. ඒ නිසා, බොන කෙනෙකුට විකල්ප වැඩියි. ලංකාවේ අධික මත්පැන් මිල එක්ක විකල්ප සීමා වෙනවා. ඒ නිසා, ඇල්කොහොල් සාමූහිකයක් ඇතුළේදී "ප්‍රජාතන්ත්‍රවාදය අනුව" බහුතරයේ කැමැත්තට අනික් අයට යට වෙන්න වෙනවා. එවිට, පුද්ගල කැමැත්ත යටපත් වෙනවා. සැන්ඩි කිරීම ප්‍රචලිතව තිබීම ඇතුලෙ තිබෙන්නේ ඒ විදිහට පොදු කැමැත්ත ඇතුළේ යට වෙන පුද්ගල කැමැත්ත මතු වෙන ආකාරයයි. එක් එක් පුද්ගලයා විසින් කරන්නේ තිබෙන එකම ඇල්කොහොල් විකල්පය තමන්ට අවශ්‍ය තරමට සැන්ඩි කරගෙන තමන්ට අවශ්‍ය නිෂ්පාදනය හදාගන්න එක. මේ පුරුද්ද නිසා, එකම බෝතලයෙන් වුවත් එක් එක් පුද්ගලයාට අවශ්‍ය දේ බොන්න ඉඩ සැලසිලා තිබෙනවා.

අපි ලියන දේවල් වුනත් කියවන අය කියවන්නේ තමන්ට අවශ්‍ය පමණට සැන්ඩි කරගෙන. ඒකත් පුද්ගල කැමැත්ත. කෙනෙක් ලියන දේවල් වැඩිපුර බීලා වෙනත් කෙනෙක් මත්වෙන්න අවශ්‍ය නැහැ. හැබැයි සමහර වෙලාවට සැන්ඩිම විතරයි!
වෙන ලිපි වල වගේම මේ ලිපියේ තියෙන දේවලුත් තමන්ට කැමති පමණ සැන්ඩි කරගෙන කියවන්න. සැන්ඩි විතරක්ම වුනත් කමක් නැහැ. එය ඔබේ කැමැත්ත.

සුබ නව වසරක්!

http://economatta.blogspot.com/

28අනං## මනං ## Empty Re: අනං## මනං ## on Tue Jan 01, 2019 8:06 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
නිවාඩු වැඩිම රටක නිවාඩු නැති අවුරුද්දක්-1

අනං## මනං ## 17-1
මහ මඟට හෝරා ගණන් ගෙවමින් දූවිල්ල, දහදිය හා පොර අල්ලමින් රස්සාවට යනෙන කොයි කාගේත් ඇස් නිතර නිතර කැලැන්ඩරය පුරා කරක් ගසන්නේ ය. සතියක් පාසා මේ කොයි කවුරුත් සොයන්නේ සතිය මැද නිවාඩුවකි. කළු පාට ඉලක්කම් මැද, රතු පාටින් ලියැවුණු නිවාඩුවක් කොයි කාගේත් ඇස් දිදුලවන්නක් මය! අතින් නිවාඩුවක් දමා හෝ ‘දිගු සති අන්තයක්‘ ලැබේ නම් එය සතුටින් ඉපිළ යන්නට තරම් හේතුවක් ද වන්නේ ය. අපේ රටේ ඇත්තෝ සොයන්නේ නිවාඩු ම නොවේදැයි කැලැන්ඩරය පීරා ‘නිවාඩුවක් සොයා ගන්නට අපිට ඇති උනන්දුව‘ගැන දැනෙනා ඕනෑ කෙනකු කියනු ඇත.

අපේ නිවාඩු උනන්දුව කෙතරම් වන්නේ ද යත් අවුරුද්දක් ගෙවී අලුත් අවුරුද්දක් ළං වෙද්දී අපි අලුත් අවුරුද්දේ කැලැන්ඩරය සොයන්නෙමු. ඒ අන් කිසිවකටවත් නොව සතියේ වැඩ කරන දින වලට යෙදී ඇති නිවාඩු දැන ගන්නට ය. මේ ගෙවී යන්නේ 2018 අවුරුද්දේ අන්තිම මාසයයි. කියන හැටියට නම් අලුත් අවුරුද්දේ කැලැන්ඩරය ගැන උනන්දුවෙන් සොයනා කාලයයි. අවාසනාවට, එළඹෙන්නට යන්නේ නම් නිවාඩු සොයන්නන්ගේ සිත් සතුටින් පුරවන අලුත් අවුරුද්දක් නොවේ!

අපේ රටේ නිවාඩු දින ප්*රසිද්ධියට පත් වන්නේ 1971 අංක 29 දරණ නිවාඩු පනතේ 4 වන වගන්තියට අනුව ස්වදේශ කටයුතු ඇමතිවරයා විසින් ප්*රකාශයට පත් කරනු ලබන ගැසට්ටුවකිනි. 2019 අවුරුද්දේ අඩු නිවාඩු සහිත ගැසට්ටුව පසුගිය ජුනි 28 වනදා ප්*රකාශයට පත් කෙරී තිබුණේ ඒ අනුවය. 2019 නිවාඩු ගැසට්ටුවේ පෙනෙනා ලෙසට නම් කැලැන්ඩරය පීර පීරා සෙව්ව ද සතියේ මැදදී හමුව සිත පිනවන නිවාඩු සොයා ගන්නට බැරි තරම් ය. ඒ තබා වෙනදා නිදහසේ ගත කරන්නට ලැබෙන අවුරුදු නිවාඩුව සේම වෙසක් පොහොය නිවාඩුවද 2019 අවුරුද්දේ දී යෙදී ඇත්තේ සති අන්තවල ය. 2019 අවුරුද්දේ අප්*රේල් 13 සෙනසුරාදාය; 14 ඉරිදාවකි. වෙසක් පොහොය යෙදී ඇති මැයි මාසයේ 18 වැනිදා ද සෙනසුරාදාවකි. වෙසක් පොහොයට පසුදින නිවාඩුව යෙදෙන්නේ ඉරිදාට ය. පොසොන් පොහොය, වප් පොහොය සේම දීපවාලි උත්සවය ද යෙදෙන්නේ ද ඉරිදා දිනවලට ය. අවුරුද්දේ කවුරුත් බලාපොරොත්තුවෙන් සිටිනා සිංහල අලුත් අවුරුදු නිවාඩුවත්, වෙසක් පොහොය නිවාඩුවත් නැති පාඩුව වැඩිපුරම දැනෙන්නේ රජයේ සේවකයන්ට ය. එය එසේ වන්නේ ව්*යවස්ථාපිත නිවාඩු දෙකක් වන අලුත් අවුරුදු නිවාඩුව සහ වෙසක් පොහොය නිවාඩුව පුද්ගලික අංශ සේවකයන්ට වසර තුළ ඕනෑම දිනයක ලබා ගත හැකි නිසයි. ලංකාවේ අපි නිවාඩු ගැන මෙතරම් සොයන්නේ, රැකියාව නිසා හෙම්බත් වූ ජීවිත ගතකරනා නිසාද; නැත්නම් සියල්ලෙන් ම පෙරට එන ‘කම්මැලිකම‘ නිසාද! මේ ගැන හරි ඉඟියක් ලබාගන්නට හොඳ ම මඟක් වේ නම් ඒ ලෝකය පුරා කරක් ගසා අපේ අසල් වැසියන්ගේ, දුර ඈත සිටිනා බලවතුන්ගේ සේම අපේ රටේ ඇත්තෝ බෝට්ටුවෙන් හෝ යන්නට දඟලන සිහින පාරාදීසවලට එබී බැලීමයි.

ඉන්දියාවේ මිනිසුන් සමඟ අපිට බොහෝ නෑදෑකම් ඇතැයි කියනා නිසා නිවාඩු ගැන ඉන්දියානුවන්ගේ ඇති උනන්දුව අපේ උනන්දුව තරම්ම වේ දැයි සොයා බැලීම වටින්නේය. නිතර උත්සව පවත්වන සේම පවත්වන උත්සව සියල්ල ම පාහේ මහා උත්කර්ෂයෙන් සමරන ජාතියක් ලෙස ප්*රසිද්ධ ඉන්දියානුවන්ට උත්සව සැමරිය හැකි නිමිති ද වසර පුරා බොහෝය. බොහෝ දෙවියන් පිදෙන ඉන්දියාවේ ප්*රාන්ත 29ක් පුරා අනුගමනය කෙරෙන සියලු පුද පූජා වෙනුවෙන් රජයෙන් නිවාඩු ලබා දෙන්නට වුවහොත් ඉන්දියානුවන්ට කිසිදා රස්සාවකට යන්නට සිදු නොවනු ඇත. හින්දු ආගමිකයන් අති බහුතරයක පොදුවේ රට පුරාම වෙසෙන නිසා ප්*රධාන හින්දු දේව ඇදහිලි වෙනුවෙන් පමණක් ගැසට් මඟින් ප්*රකාශයට පත් කරනා ලදුව නිවාඩු ලබාදීම ඉන්දියානු රජයෙන් සිදු කරයි. මහාශිව රාත්*රී, රාම නවාමි, මහාවීර් ජයන්ති, දීපවාලි උත්සව මෙසේ නිවාඩු ලැබෙනා දේව ඇදහිලි දින ලෙස ප්*රකාශයට පත්වේ.වසරක් පාසා මේ නිවාඩු දින ගැසට් කෙරෙන්නේ ඉන්දියානුවන්ට එ් දිනය සියලු රාජකාරි වලින් බැහැරව නිදහසේ සැමරිය හැකි වන ලෙසට ය.

තවත් බොහෝ ආගමික උත්සව ඉන්දියාවේ පැවැත්වෙන නමුත් ගැසට් කරන ජාතික නිවාඩු දින ලෙස ප්*රකාශයට පත් වන්නේ මහ සිකුරාදා, අන්තර්ජාතික වෙසක් නිවාඩු දිනය, නත්තල් දිනයට පෙර දිනය සහ නත්තල් දිනයයි. ඉස්ලාම් ආගම අදහන මුස්ලිම් ජාතිකයන්ගේ ආගමික උත්සව වෙනුවෙන් නිවාඩු ලැබෙන්නේ ඉස්ලාම් භක්තිකයන්ට විතර ය. ජාතිකත්වය ඉතා ඉහළින් අගය කරන ඉන්දියානුවන් තම නිදහස් දිනය වන අගෝස්තු 15 වැනිදාත්, ජනරජ දිනය වන ජනවාරි 26 වෙනිදාත් ජාතික නිවාඩු දින ලෙස සලකනු ලබයි. එ් දින දෙක යෙදෙන දවස සතියේ දිනක් වුවත්, සති අන්තයේ දිනක් වුවත් එ් දින අනිවාර්යයෙන් ම ජාතිකත්වය සැමරීමට වෙන් කරනු ලැබෙයි. ඉන්දියාවට ම නිවාඩු ලැබෙන ඉන්දියාවේ ජාතික නිවාඩු ගණන, ගණනින් දහයක් පමණ ය. ජාතික නිවාඩු දිනවලට අමතරව එක් එක් ප්*රාන්තවලට වෙන්වූ නිවාඩු බොහෝ ගණනක් ඇතත් එ් දිනවලට නිවාඩු ලැබෙන්නේ අදාළ ප්*රාන්ත ආණ්ඩුව විසින් ප්*රකාශයට පත් කරනා ජන කණ්ඩාම්වලට විතර ය. ලෝකයේ දෙවන විශාලතම ජනගහනයට හිමිකම් කියනා ඉන්දියාව ජාතික නිවාඩු අවම කරගෙන ඇතත් බහුතර ජනතාවගේ හිතසුව පිණිස වඩා නම්*යශීලී නිවාඩු ප්*රතිපත්තියක් අනුගමනය කරනා බවක් පෙනෙන්නට තිබේ.

ඉන්දියාවෙන් පිටව ඉන්දියාවටත් වඩා අපිට සමීප ලෙස හැඟෙන, කතාකරන චීනයේ නිවාඩු කැලැන්ඩරය දෙස ද බැලීම වටින්නේ ය. චීනයේ නිවාඩු කැලැන්ඩරය පටන් ගන්නේ ජනවාරි පළමුවැනිදා ය. බටහිර ලෝකය සේම චීනය ද ජනවාරි පළමුවැනිදා නව අවුරුදු උදාව මහ ඉහළින් සමරයි. වසන්ත උත්සවයේ ආරම්භය, චීන අලුත් අවුරුද්ද ජාතික නිවාඩු දින වන අතර ජාත්*යන්තර කම්කරු දිනය චීන ජාතිකයන් මහ ඉහළින් සමරන ජාත්*යන්තර නිවාඩු දිනයකි. කින්ග් මින්ග් ජි නම් ජාතික නිවාඩු දිනයක් සහ ඩ්*රැගන් බෝට් උත්සව දිනය ද චීනයේ ජාතික නිවාඩු දින ය. චීන ජාතිකයන් දින කිහිපයක නිවාඩුවක් සමඟ සමරන උත්සවය ගිම්හාන උත්සවයයි. දින තුනක ජාතික නිවාඩු කාලයක් තිස්සේ සමරන ගිම්හාන උත්සවය සියලු චීන ජාතිකයන්ට ජාතික උත්සව සමයක් ලෙස සැලකේ. චීනයේ ජාතික නිවාඩු දින අතරට මීට අමතරව එකතු වන්නේ චීනයේ ජාතික දිනය විතර ය. ලෝකයේ විශාලතම ආර්ථිකය බවට පත්වීමේ අරමුණ වෙනුවෙන් චීනය වෙහෙසෙන බවක් මේ අඩු නිවාඩු කියන්නේ ද ජාතික නිවාඩු දිනවලට අමතරව ‘පොදු නිවාඩු‘ලෙස නිවාඩු දින ද චීනයේ සලකා බැලෙයි. එ් පොදු නිවාඩු අනිවාර්ය නිවාඩු නොවන අතර පොදුවේ නිවාඩු ලෙස අවශ්*ය නම් ලබා ගත හැකිය.

ජපානය ද ලෝකයේ විශාල ආර්ථිකයක් හිමි සේම කාර්යක්ෂමතාව අතින් ලෝකයේ කිසිවකුටත් නොදෙවෙනි වෙන තරමේ රටක් බව කාටත් රහසක් නොවේ. වැඩට හපන් ජපනුන් අවුරුද්දේ මුල් ම නිවාඩුව ලබාගන්නේ ජනවාරි පළමු වැනිදා ය. ජනවාරි පළමු වැනිදායින් පසුව ජපනුන් ලබාගන්නා බොහෝ ජාතික නිවාඩු සොබාදහමේ වෙනස්කම් පදනම් කරගත් ඒවා ය. තමන්ගේ ආර්ථිකය සවිමත් කරවන මුහුද වෙනුවෙන්, තමන්ගේ රට ලස්සන කරනා කඳු වෙනුවෙන් සැමරුම් පවත්වන්නට කළගුණ සලකන්නට ජපනුන්ට ජාතික නිවාඩු ලැබේ. වැඩිහිටි ජනගහනය රටට සම්පතක් ලෙස සලකන ජපනුන් වැඩිහිටියන්ට සැලකුම් කරන්නට, ඔවුන්ගේ සේවය අගය කරන්නට අවුරුද්දේ දින දෙකක් ම ජාතික නිවාඩු දින ලෙස නම් කරති. මේ දින සැමරුම් වලට අමතරව ජපනුන්ට ලැබෙන අනෙක් නිවාඩු ලැබෙන්නේ වසන්ත උත්සවය සහ ගිම්හාන උත්සවය වෙනුවෙනි. අවුරුද්දේ සෑම දවසක ම පාහේ වෙහෙසී වැඩ කරන ජපනුන් තම සැනසිලිදායක නිවාඩු සිත් සේ විඳ ගන්නේ මේ වසන්ත සහ ගිම්හාන නිවාඩු වලදී බවද කියැවේ. එසේ වුවත් ජපානයට ම මෙසේ ලැබෙන ජාතික නිවාඩු, ගණනින් පහළොවකට දහසයකට වඩා වැඩි වන්නේ නැත.

පෙරදිග ලෝකයටත් වඩා බටහිර ලෝකයේ නිවාඩු නම්*යශීලී සේම වඩා වැඩදායී ලෙස තෝරා බේරා ගැනෙන බවක් පෙනෙන්ට තිබේ. එක්සත් රාජධානියේ එංගලන්තය, වේල්සය, අයර්ලන්තය, ස්කොට්ලන්තය, උතුරු අයර්ලන්තය යන රටවල් වලට අදාළ ව නිවාඩු දින ප්*රකාශයට පත්වන බවක් පෙනෙන්නට තිබේ. පොදුවේ එක්සත් රාජධානිය ම ගත් කල පොදු නිවාඩු, රජයේ නිවාඩු හෝ ජාතික නිවාඩු ලෙස නම් කළ නිවාඩු ඔවුන්ගේ නිවාඩු කැලැන්ඩරයේ නැත. ලෝකය ම පොදුවේ නිවාඩු ලබා ගන්නා ජනවාරි පළමුවැනිදාව, මැයි පළමුවැනිදාව, වෙසක් පොහොය, නත්තල් දිනය එක්සත් රාජධානියේදී සැලකෙන්නේ බැංකු නිවාඩු දින හැටියට පමණ ය. කාර්මික රටවල් ලෙස ඉදිරියට ආ එක්සත් රාජධානිය මුදල් මත පදනම් වූ සමාජ රටාවේදී බැංකු නිවාඩු දිනයක් ප්*රකාශ කිරීමෙන් රාජකාරි වලින් බැහැර වීම අදහස් කරන්වා වන්නට ද බැරි නැත. එසේම විවිධ රටවලින් සංක්*රමණය වූ වෙනස් වෙනස් ජාතීන් රැසක් සිය පදිංචිය තහවුරු කරගෙන ඇති නිසා හින්දූන්ට, ක්*රිස්තු භක්තිකයන්ට, ඉස්ලාම් භක්තිකයන්ට වෙන වෙනම තම ආගමික උත්සව වෙනුවෙන් රාජකාරී වලින් බැහැර වී නිවාඩු ලබා ගැනීමේ ක්*රමයක් ද එක්සත් රාජධානිය තුළ හඳුනාගත හැකිය. ඇමෙරිකා එක්සත් ජනපදයේ නිවාඩු කැලැන්ඩරය ද බොහෝ දුරට සමාන වන්නේ එක්සත් රාජධානියේ නිවාඩු කැලැන්ඩරයට ය. ඇමෙරිකානුවන්ට නිවාඩු දිනයක සතුට අත්විඳින්නට ලැබෙන්නේ ඔවුන් ජීවත් වන ප්*රාන්තය අනුව නැත්නම් තමන් අදහන ආගම අනුව ය. ජාතික උත්සව වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ද දින වෙන්වී ඇතත් ඒවා ජාතික නිවාඩු දින ලෙස නම් කර නැත.

cont.....

29අනං## මනං ## Empty Re: අනං## මනං ## on Tue Jan 01, 2019 8:16 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
නිවාඩු වැඩිම රටක නිවාඩු නැති අවුරුද්දක්-2


අපේ රටේ බොහෝ දෙනා යන්නට ප්*රිය කරන සේම නොයෙක් ආකාර වලින් යන්නට තැත් කරන ඕස්ට්*රේලියාව සැලකෙන්නේ ලෝකයේ අඩුවෙන් ම නිවාඩු ඇති රටක් ලෙස ය. බටහිර ලෝකයේ බොහෝ රටවල් අනුව යමින් දෙසැම්බරයේ ශීත කාලය වෙනුවෙන් දිගු නිවාඩුවක් ගතකරන්නට ඕස්ට්*රේලියානුවන්ට අවස්ථාව උදාවුවත් ඕස්ට්*රේලියාවේ නිවාඩු කැලැන්ඩරයට අනුව ඔවුන්ට මුළු අවුරුද්දට ම රජයෙන් නිවාඩු ලැබෙන්නේ දහයක් විතර ය. අනෙක් නිවාඩු ආයතනික මට්ටමින් තම සේවක පිරිස් වෙත ලබා දෙන නිවාඩු ය. රජයෙන් ප්*රකාශයට පත් කරන ‘රජයේ නිවාඩු‘ නව වසර, කම්කරු දිනය, ජාතික ගීය හා ජාතික කොඩිය වෙනුවෙන් වෙන් කර ඇති දිනය හැරුණු කොට වෙන්වී ඇත්තේ නත්තල සහ අනෙකුත් ආගම්වල ආගමික උත්සව වෙනුවෙනි. ලෝකයේ රටවල අතර ‘රජයේ නිවාඩු ‘Public Holiday ලෙස නිවාඩු නම් කර ඇති රටවල් අතළොස්ස අතරට අපේ රට සේම ඕස්ට්*රේලියාවද එක්වී සිටින බව නම් සටහන් තැබිය යුතුමය. නිවාඩු සොයා කැලැන්ඩර පීරන අපේ ඇත්තන් ඕස්ට්*රේලියාවට පැන ගන්නට කලියෙන් ‘අඩු නිවාඩු‘ ගැනත් සිතන්නට ඕනෑ නොවේද!

පාකිස්තානය, මාලදිවයින, බංගලාදේශය ද ‘රජයේ නිවාඩු‘ බොහෝ ගණනක් තම තමන්ගේ නිවාඩු කැලැන්ඩර වලට දමාගෙන තිබේ. ඔවුන්ගේ නිවාඩු කැලැන්ඩර ද අපේ රටේ නිවාඩු කැලැන්ඩරය සේම බොහෝ දිගු ය. සිංගප්පූරුව, මැලේසියාව, දකුණු කොරියාව වැනි දියුණු ආර්ථිකයන් ඇති අනෙකුත් ආසියානු රටවල නිවාඩු ද බොහෝවිට ආගමික උත්සව,වසන්ත උත්සව හා ගිම්හාන උත්සව සේම අලුත් අවුරුද්දක උදාව වෙනුවෙන් වෙන්කර ගත් නිවාඩු ය. එසේ වුවත් ඒ නිවාඩු ගණනින් අඩුය;එසේම එකම දිනයක රටේ සියලු වැඩ කරන ජනතාවට නිවාඩු ලබා දීමේ ක්*රමයක්ද නැත. එයින් පෙනෙන්නේ ඔවුන් තමන්ගේ ආර්ථිකය ගැන පරෙස්සම් වන තරම වන්නට බැරි නැත.

මැදපෙරදිග රටවල නිවාඩු කැලැන්ඩරය ලෝකයේ අන්කිසිදු රටක නිවාඩු කැලැන්ඩරයකට සමාන වන්නේ නැත. අරාබි රටවල නිවාඩු දින හැම එකක්ම පාහේ ජාතික නිවාඩු දින වන අතර ඒවා සියල්ල ඔවුන්ගේ ඉස්ලාම් ආගම හා ආගමික උත්සව හා බැදුණු නිවාඩු වීම ද විශේෂත්වයකි. එසේ වුවත් අවුරුද්දක් තුළ ඔවුන් නිවාඩු පාඩුවේ ගෙවා දමන්නට වෙන් කරගෙන ඇති දවස් ගණන සලකිය යුතු තරම් අඩුය.අවුරුද්ද මැද ගෙවා දමනා අඩු නිවාඩු වෙනුවට ඔවුහු ද බටහිර ආරයට යමින් දෙසැම්බරයේ දිගු නිවාඩු ලබා ගනිති.

ලෝකයේ රටවල නිවාඩු ගැන පළවන වාර්තා සොයා බලද්දී අපි වසරකට ලබා ගන්නා ප්*රකාශිත නිවාඩු ගණනින් දෙවැනි වන්නේ කාම්බෝජයට විතරය. කාම්බෝජයද අප වැනිම බෞද්ධ රටක් වන නිසා ආගමික උත්සව හා සම්බන්ධ නිවාඩු ඔවුන්ද ලබා ගනිති.අපට ළඟින්ම ඊළගට සිටින්නේ ඉන්දියාව වන අතර කොලොම්බියාව චීනය, පාකිස්තානය ලැයිස්තුවේ පිළිවෙලට සිටිනා රටවල්ය.මේ සියලුදෙනා අපේ කිට්ටුවන්ත අසල්වැසියෝය, කෙටියෙන්ම කියතොත් නිවාඩු වැඩිපුරම ලබා ගන්නා ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නෝ ආසියානුවෝමය. බටහිර රටවල් මේ ලැයිස්තුවට එකතුවන්නේ ලැයිස්තුව බොහෝ දිගු වූ පසුය.

අපි සෑම සති අන්තයක ම එනම් සෙනසුරාදාවක ම සහ ඉරිදාවකම අනිවාර්ය නිවාඩු ලබනා රටකි.ලෝකයේ ඇතැම් රටවලට එම නිවාඩුව ලැබෙන්නේ ද නැත. එසේම ලෝකයේ බොහෝ රටවල් තමන්ගේ නිවාඩු කැලැන්ඩර වල නිවාඩු සලකුණු කරන්නේ ‘නිරීක්ෂත නිවාඩු‘ ලෙස ය. එම නිරීක්ෂිත නිවාඩු ලැබෙන්නේ අදාළ නිවාඩු නිමිත්ත සැමරෙනේ නම් හෝ සැමරිය යුතු යැයි රජය විසින් කල්පනා කරන්නේ නම් පමණි. ඒ බොහෝ නිරීක්ෂිත නිවාඩු ලැබෙන්නේ අඩුවෙනි. ලෝකයේ දියුණු යැයි කියනා, දියුණු බව ඇසට පෙනෙනා රටවල තත්ත්වය ඒකය. ඔවුන් නිවාඩු පතා නොව රටෙ දියුණුව පතා වැඩ කරනා බවක් පෙනෙන්නේය. කෙසේ වුවත් ඔවුහු නිවාඩු නොමැතිව වැඩ කරන්නෝ ද නොවෙති. නත්තල් සතියේදී නිවාඩු ලබන මේ බොහෝ දෙනා නැවත රැකියාවලට යන්නේ ජනවාරියේ දෙවන සතියේය. දෙසැම්බර් නිවාඩුවට යද්දී හිතපුරා සතුටු වන්නට දීමනා ද මේ බොහෝ රටවල වැඩ කරන ජනතාවට ලැබේ.

අපේ රටේ තත්ත්වය වෙනස් ය. දෙසැම්බරයේ හෝ සිංහල අවුරුද්දට ‘අතින් නිවාඩු ‘ ගත්තොත් මිසක් දිගු නිවාඩුවක් ලැබෙන්නේ කලාතුරකිනි. සතියේ මැද එන නිවාඩුවක් ගැන බොහෝ දෙනා විමසිලිමත් වන්නේ ඒ නිසාය. 2019 අවුරුද්ද වෙනුවෙන් ගැසට් වී ඇති නිවාඩු කැලැන්ඩරය ගැන කවුරුත් දුක් වන්නේ ද කතා කරන්නේ ද ඒ නිසාමය!. රටක දියුණුව වෙනුවෙන් වෙහෙස විය යුතු බවද කැපකිරීම් කළ යුතු බවද සැබෑවකි. අද ලෝකයේ ඉහළින් ම සිටිනා රටවල කතාන්දර මේ වෙනුවෙන් ඕනෑ තරම් කිව හැකිය. නමුත් සිරුර, මනස දරනා වෙහෙසට විවේකය ද උවමනාමය. ලොකු බෝනස් සමඟ ලොකු නිවාඩු නොලබන අපේ රටේ ඇත්තන් පොඩු පොඩි නිවාඩු අහිමි ව යෑම ගැන සිතීමේ වරදක් නැතැයි හැඟෙන්නේ ලෝකය දෙස බලා ආපසු හැරෙද්දීය .

http://www.silumina.lk/2018/12/01/

30අනං## මනං ## Empty Re: අනං## මනං ## on Thu Jan 03, 2019 9:34 am

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
වැඩ වැඩිවීම සහ පඩි අඩුවීම

අනං## මනං ## 4-1-777x428අනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==
DECEMBER -28 -2018

ප්‍රභාස්වර

1960 දශකය අවසානයේදී, ඇමරිකානු සරසවිවල සමාජ විiා විෂය ඉගැන්වූ මහාචාර්යවරු බොහෝමයක් අවධාරණය කළ දෙයක් වූයේ, 20 වන සියවය අග වන විට ලොව තුළ බිහිවීමට නියමිත නව තාක්ෂණික මෙවලම් හේතුවෙන් බහුතරයක් රටවැසියන්ගේ වැඩ කරන කාලය බෙහෙවින් අඩුවී ඔවුන්ට හොඳ විවේකයක් අනිවාර්යයෙන්ම ලැබෙනු ඇති බවයි. ඒ අනුව, වසර 2000 වන විට මිනිසුන් සතියකට පැය 20කටත් වඩා අඩුවෙන් වැඩ කරන වතාවරණයක් ඇතිවීම නොවැළැක්විය හැකි වග මෙකී මහැදුරෝ පුන පුනා කීහ. අධි තාක්ෂණය නිසා හටගන්නා මේ අතිරේක විවේක කාලය කළමනාකරණය කරගන්නා හැටි ශ්‍රමිකයින්ට මැනවින් කියාදීම, අනාගත සමාජ විiාඥයන්ට අයත් කාර්යභාරයක් වනු ඇතැයි ඔවුහු විශ්වාස කළහ. එහෙත් පසු කලෙක පැමිණි නවීන තාක්ෂණය, ඇමරිකානුවන්ගේ වැඩ සතියට අලුතෙන් පැය ගණන් එකතු කළා පමණක් නොව, විවේකය යනු කුමක්දයි නොදන්නා තරමට ඔවුන්ව කාර්යාලයට ඇද බැඳ තබා ගන්නා ලදි. 2002 වසර තුළ ඇමරිකානු ශ්‍රම බලකායෙන් 1/4කට එකම එක නිවාඩුවක්වත් ගන්න බැරි වූ බව සංඛ්‍යා ලේඛන හා සාක්ෂි සහිතව 2003 වසරේදී පෙන්වා දුන්නේ ඇමරිකානු සමාජ විiාඥයකු වන ජෝන් ඩී ග්‍රාෆ්ය. මධ්‍යතන යුගයේ විසූ ප්‍රවේණිදාසයින් පවා මීට වඩා අඩුවෙන් වැඩ කළ ශ්‍රමිකයින් කොට්ඨාසයක් වග මහැදුරු ග්‍රාෆ් පවසා සිටියේය. ඉහළ පොලියක් සහිත නිවාස ණය, සෞඛ්‍ය රක්ෂණ පිරිවැය සහ දරුවන්ගේ අධ්‍යාපන වියදම් යනාදිය ක්‍රම ක්‍රමයෙන් වැඩි වන විට දුව දුව වැඩ කිරීම හැර වෙනත් විකල්පයක් ඇමරිකානුවන් සතුව නොවීය. මිත්‍ර ඇසුරක් හෝ පවුලේ සුහද හමුවක් වෙනුවෙන් තම දිනපොත බලා මාස ගණනාවකට කලින් ඒ සඳහා දින වෙන් කිරීමට තරම් මොවුහු කාර්යබහුල වී සිටිහය. ඉහළ වැටුප් ලැබූ කළමනාකරණ ශ්‍රේණියට අයත් ඇමරිකානුවන් පවා හෘදය රෝගවලට හා මානසික ආතතියට නිතර බඳුන් වන්නට විය. නිවෙස්වල සුරතලයට ඇති කළ සුනඛයින් සිය ලොම් සපාකමින් දැඩි විශාදයෙන් පෙළෙන්නට වූයේ හාම්පුතුන්ට උන් ගැන් සොයා බලන්නට කාල වේලාවක් නොලැබුණු හෙයිනි.

ඇමේසන් සංස්කෘතිය
1994 ජූලි 05 වැනි දින ස්ථාපිත කරනු ලැබූ ඇමේසන් ආයතනය, ඊ ග්‍රන්ථ අලෙවිය, ඉලෙක්ට්‍රොනික මෙවලම් වෙළෙඳාම, ක්ලවුඞ් කම්පියුටින් සහ කෘත්‍රිම බුද්ධිය වැනි ක්ෂේත්‍රයන්හි ජයකෙහෙළි නැංවූ ඇමරිකානු බහුජාතික සමාගමකි. 2017 වසරේදී ඇමේසන් ඉපැයූ ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 177 ඉක්මවීය. 2018 මාර්තු 06 වැනි දින, ජාත්‍යන්තර ෆෝබ්ස් සඟරාව, ලොව ධනවත්ම පුද්ගලයා ලෙස හඳුන්වනු ලැබුවේ ඩොලර් බිලියන 112ක වත්කමකින් යුතු ඇමේසන්හි නිර්මාතෘ සහ එහි වත්මන් සභාපති වන 54 හැවිරිදි ජෙෆ් බෙසෝවය. ඇමරිකාවේ සියැටල් නුවර පිහිටි ඇමේසන් ප්‍රධාන කාර්යාලය වෙත බඳවා ගන්නා නවක සේවක සේවිකාවන්ට එහි මානව සම්පත් කළමනාකරුන් මුලින්ම විස්තර කරන්නේ ආයතනය තුළ තිබෙන අති දුෂ්කර ‘වැඩ සංස්කෘතියක්’ පිළිබඳවය. සමාගමෙන් ඔහුට/ඇයට පිරිනමන ටැබ් එක වෙත පාන්දර 1.00ට වුව කළමනාකාරීත්වයෙන් එවන ඊ මේල් පණිවුඩයට එවේලේම ප්‍රතිචාර දැක්විය යුතුය. ඔවුන්ට ලබාදෙන අලෙවි ඉලක්කයන් සපුරාලීමට නොහැකි වුවහොත් ගෙදර යාමට සූදානම් විය යුතුවේ. තමා අවට සිටින සේවකයන්ගේ හෝ කළමනාකරුවන්ගේ වැරදි දුටුවහොත් ඒවා හොරෙන් රපෝර්තු කිරීම සඳහා රහස්‍ය ඊ මේල් ගිණුමක් ඉහළ කළමනාකාරීත්වය විසින් හැම සේවකයකුටම ලබා දී තිබේ. මෙමගින් සේවකයන් බෙදා වෙන්කොට පාලනය කිරීම ඇමේසන්හි පරිචයයි. අලෙවි ඉලක්ක සපුරාලන අයට සමාගමේ සොච්චම් කොටස් හිමිකමක් පිරිනැමෙයි. අවම වශයෙන් සතියකට පැය 8ක්වත් වැඩ නොකළහොත් එවැනි අය උසස්වීම් හෝ කොටස් හිමිකම් සඳහා සුදුසුකම් නොලබති. වසර 2ක් පමණ ඇමේසන්හි සේවය කොට පසුව ඉන් ඉවත් වූ ඇමරිකානුවකු වන බෝ නෙල්සන් පවසන්නේ, නවකයින් මෙන්ම ජ්‍යෙෂ්ඨයින්ද ‘වැඩ පීඩනය’ දරාගත නොහැකිව කාර්යාලය තුළ ඉකිගසා හැඬීම තමා දුටු සුලබ දසුනක් බවයි. අසනීපයකදී ලෙඩ නිවාඩු ගැනීම යනු රැකියාවට කණකොකා හැඬීම යැයි බෝ නෙල්සන් කියයි. ඒ අනුව, බහුතරයක් අමේසන් සේවකයින්ට පෞද්ගලික ජීවිතයක් කියා දෙයක් සැබවින්ම නොමැත.

වැඩ, වැඩ සහ තවත් වැඩ
ලොව අනෙක් බහුජාතික සමාගම්ද ‘ඇමේසන් වැඩ සංස්කෘතිය’ තම ආයතන තුළ ස්ථාපිත කිරීමට දැන් දැන් වලි කන්නේ, රොබෝවරු වැනි සේවකයින් හදා ගැනීම ඔස්සේ ඇදහිය නොහැකි තරම් ලාභ ඉපැයිය හැකි වග ඔවුන් දන්නා හෙයිනි. ඇමරිකානු ආර්ථික ප්‍රතිපත්ති ආයතනයේ සංඛ්‍යා ලේඛනවලට අනුව, 1973 සිට 2016 දක්වා වන කාලය අතරතුර එරට ශ්‍රමිකයින්ගේ ඵලදායිතාව 73.7%කින් ඉහළ ගොස් ඇතත්, ඔවුන්ට පැයක් තුළදී ගෙවන වේතනය වැඩි වී තිබෙන්නේ 12.5%කින් පමණි. පැයේ වේතනය මෙන් හය ගුණයකින් ඵලදායිතාව ඉහළ ගොස් ඇතිවග මෙයින් පෙනී යයි. 2017දී ඇමරිකානු වෘත්තිකයින්ගේ සංගමය විසින් සිදු කළ සමීක්ෂණය අනුව පහත සඳහන් කරුණු කාරණා අනාවරණය විය. සෑම ඇමරිකානුවන් 10 දෙනකු අතරින් 08 දෙනෙක්ම විශාදයෙන් පෙළෙති. දෛනික සේවාවන් සපයන අතරතුර වැඩ පීඩනය හේතුවෙන් මානසික ආතතියට පත් ඇමරිකානුවන්ගේ ප්‍රතිශතය 79%කි. වැඩ බිමේ ආතතිය පාදක කොට ගෙන ශ්‍රමිකයින් තුළ හට ගත් හීන ඵලදායිතාව හේතුවෙන් ඇමරිකානු හාම්පුතුන්ට වාර්ෂිකව අහිමි වී යන ආදායම ඩොලර් බිලියන 300කි. කාර්යාලීය වැඩ අධික වීම නිසා සුව නින්දක් නොලැබීම සහ සමාජ සම්බන්ධතා අහිමිවීම වැනි දේවල් සිදුවුණු බව ඕස්ටේ්‍රලියානු ශ්‍රම බලකායෙන් 62%ක්ම පවසා සිටියේ, 2016-2017 අතර කාලයේදී සිදු කෙරුණු මෙඩි බෑන්ක් සමීක්ෂණයේදී ය. ප්‍රංශයේ මෙම ප්‍රතිශතය 52%ක් වූ අතර ඉන්දියාවේ එය 80%කි.

ඒකාධිකාරී සෙවණැල්ල
පසුගිය වසර 15 ඇතුළත ලෝකයේ හැම ව්‍යාපාර ක්ෂේත්‍රයක්ම පාහේ දැවැන්ත සමාගම් අතළොස්සක ඒකාධිකාරී සෙවණැල්ල විසින් ගිලගනු ලැබීයැයි කීම අතිශයෝක්තියක් නොවේ. ගෝලීය ක්‍රෙඩිට් කාඞ් වෙළෙඳපොළින් 95%ක්ම අයත් වන්නේ, ඇමරිකන් එක්ස්ප්‍රස්, මාස්ටර් කාඞ් හා වීසා යන සමාගම් ත්‍රිත්වයටය. නැගී එමින් සිටි සමාජ මාධ්‍ය ජාලයක් වන වට්ස් ඇප් සහ ඉන්ස්ටග්‍රැම්, ෆේස්බුක් නම් දැවැන්තයා විසින් අත්පත් කර ගන්නා ලදි. ඇමේසන් සිය ඒකාධිකාරී බලමහිමය යොදවා තම නිපැයුම්වල මිල (තාවකාලිකව) වෙළෙඳපොළ තුළ පහත හෙලූ නිසා ‘ටොයිස් ආර් අස්’ නම් සමාගමට ඇමරිකාව තුළ තිබූ ඔවුන්ගේ වෙළෙඳ සැල් 735ම වසා දැමීමට සිදුවිය. එහි ප්‍රතිඵලයක් ලෙස 30,000ක සේවක පිරිසකට ඔවුන්ගේ රැකියා අහිමිව ගියේය. ගෝලීය ‘ඔන්ලයින් සෙවුම් වෙළෙඳපොළෙන්’ 81%ක්ම අයත් වන්නේ ගූගල් සමාගමටය. ගෝලීය අන්තර්ජාල වෙළෙඳ දැන්වීම් ක්ෂේත්‍රයෙන් 85%ක් පාලනය කරන්නේද ගූගල්ය. මොබයිල් සමාජ මාධ්‍ය හා අදාළ ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් 77%ක්ම ෆේස්බුක් සතුව පවතී. ලොව ස්මාර්ට් ෆෝන් වෙළෙඳපොළ ලාභයන්ගෙන් 91%ක්ම ඩැහැගන්නේ ඇපල් සමාගමයි.

ගෝලීය වෙළෙඳපොළින් තරගකාරීත්වය අතුරුදන් වී ඒ තුළ සමාගම් කිහිපයක ඒකාධිකාරය ස්ථාපිත වූ විට, කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ගේ සහ සාමාන්‍ය ශ්‍රමිකයින්ගේ එදිනෙදා පැවැත්මට ඉන් මහත් තර්ජනයක් එල්ල වේ. ඇමේසන් වැනි ශ්‍රමය සූරාකන වැඩ සංස්කෘතීන් අබියස සේවක සේවිකාවන්ගේ කේවල් කිරීමේ හැකියාව සහ අදීන බව සැණෙකින් වාෂ්ප වී යයි. ව්‍යාපාරවලින් ජනනය වන සියලු ලාභ, බලවතුන් අතළොස්සකගේ සාක්කුවට වැටෙන විට, ලොව ආදායම් බෙදීයාමේ විෂමතාව දිනෙන් දින ඉහළ යාම නොවැළැක්විය හැකිය. එහෙයින්, රාජ්‍යන්හි, සිවිල් සමාජයේ හා වෘත්තීය සමිතිවල අවධානය මෙකී භයානක ප්‍රවණතාව කෙරෙහි අනිවාර්යයෙන් යොමුවිය යුතු අවධිය එළැඹ තිබේ.

සොඳුරු අඬහැරය
ඇමරිකාවේ බෲකින්ස් පර්යේෂණ ආයතනය විසින් 2017 සැප්තැම්බර් මාසයේදී එළිදැක්වූ වාර්තාවට අනුව, 1973 සිට වසර 44ක් පුරා ඇමරිකානු ශ්‍රමිකයින්ගේ වැටුප් වර්ධක (උද්ධමනයද සැලකිල්ලට ගෙන) විශ්ලේෂණය කර බැලීමේදී 2017 වන විට ඔවුන්ගේ පඩි නඩි වැඩි වී ඇත්තේ 10%කින් පමණි. ඒ අනුව, ඇමරිකාවේ ශ්‍රම බලකායේ වාර්ෂික වැටුප් තලයන්හි යථා වර්ධන වේගය 0.2%ක් වැනි සොච්චමකි. එහෙත් සමාගම්වල ලොකුම ලොක්කන්ගේ වැටුප්, මෙකී කාල වකවානුව තුළ 27%කින් වර්ධනය වී තිබේ. සේවක වැටුප් එකතැන පල්වීම, ඩිජිටල් තාක්ෂණ මෙවලම් හරහා ශ්‍රමිකයින්ගේ ඵලදායිතාව අධීක්ෂණය කරමින් ශ්‍රමය සූරාකෑම සහ හාම්පුතුන්ට හිතුණ සැණින් සේවකයින් දොට්ට දැමීම යනාදියට එරෙහිව ජර්මන් ජාතික යූ ටියුබ් වීඩියෝ නිර්මාණකරුවකු වන 53 හැවිරිදි ජොර්ග් ස්ප්‍රේව්, ‘යූ ටියුබ් නිර්මාණකරුවන්ගේ සංගමය’ නමින් ඔන්ලයින් කම්කරු ව්‍යාපාරයක් 2018 මාර්තු මාසයේදී ආරම්භ කළේය. මේ වන විට යූ ටියුබ් වෘත්තීය සමිතියට සාමාජිකයින් 16,000ක් පමණ ලොව නන් දෙසින් එක්ව තිබේ. ඩිජිටල් සේවක මධ්‍යස්ථානයක් ලෙස සැබෑ අරගල දියත් කිරීමට පෙර, සේවකයින් ‘ඇන්දීම’ පිණිස බහුජාතික හාම්පුතුන් උපයෝගී කරගන්නා ජනප්‍රිය ප්‍රෝඩාවක් නොබියව හෙළිදරව් කළයුතු යැයි ජෝර්ග් ස්ප්‍රේව් පවසයි. නවතම අයිපෑඞ්, අයිෆෝන් හා ඇපල් ලැප්ටොප් හාම්පුතුන් විසින් සේවකයන් වෙත නොමිලේ පිරිනමන්නේ ආදරයට නොව වසරේ දින 365 සහ දවසේ පැය 24 පුරා ඔවුන්ගෙන් වහලුන් මෙන් වැඩ ගැනීමටය. පුරාණයේදී මෙන් නොව සමාගම් ලොක්කෝ ද සේවකයා මෙන් ‘කැෂුවල්’ සූට්වලින් සැරසී ඔවුන් සමග එකම කැන්ටිමට පැමිණ ආහාර ගනිති. එකට කෝපි බොති. සේවක යෝජනා හා චෝදනාවලට ඔවුහු පුදුම ඕනෑකමකින් සවන් දෙති. එහෙත් ඒවා ඉදිරිපත් කළයුත්තේ පුද්ගලිකව විනා කණ්ඩායම් වශයෙන් නොවේ. නව නිපැයුම් ක්‍රමවේද හඳුන්වා දී දුෂ්කර ඉලක්ක සපුරාලන සේවකයින්ගේ මේසය අසලටම පැමිණ සුබ පැතීමට ප්‍රධාන විධායක නිලධාරී තැන කටයුතු කරයි. ඔවුන් වෙනුවෙන් සාද සංවිධානය කරයි. එකිනෙකාගේ වැටුප් හා දිරි දීමනා අනෙකා නොදන්නා රහස්‍ය වටපිටාවක් සමාගම් තුළ ස්ථාපිත කොට තිබේ. උසස් නිලධාරීන් ඇදහිය නොහැකි වැටුප් හා දීමනා ලැබුවද, බාහිර පෙනුමෙන් සැවොම සමාන යැයි පෙන්වන වැඩ සංස්කෘතියක්, මානව සම්පත් බලධාරීන් විසින් අති සියුම් ලෙස නිර්මාණය කර ඇත. ඇමරිකාවේ සේවක වැටුප් වසර 44ක් තිස්සේ එකතැන පල්වෙමින් තිබෙන්නේ, හාම්පුතුන්ගේ මෙම ලස්සන මැජික් සංදර්ශනයට සැවොම රැවටී ඇති නිසා යැයි ජෝර්ග් ස්ප්‍රේව් කියයි. ‘ලෝකයේ කම්කරුවනි, හාම්පුතුන්ගේ ඒකාධිකාරී බලයට හා මර්දනයට එරෙහිව යූ ටියුබ් වෙත ලොග් වව්!’ ස්ප්‍රේව්, අන්තර්ජාලය ඔස්සේ නංවන සොඳුරු අඬහැරය එයයි.

http://ravaya.lk/?p=173926

31අනං## මනං ## Empty Re: අනං## මනං ## on Thu Jan 03, 2019 9:30 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

දැනුම බෝ වේවා!


January 3, 2019
අනං## මනං ## Knowledgeඅනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==
ප්‍රජාතන්ත්‍රවාදය කියන අදහස ලංකාවට බටහිරින් ආ අදහසක්. වෙනත් ගොඩක් රටවල වගේම, තමන් වෙනුවෙන් හිතන එක "දැනමුත්තන්" විසින් කිරීම ගැන ලංකාවේ ප්‍රතිරෝධයක් තිබුණේ නැහැ. සමාජය එයට පුරුදු වෙලයි තිබුණේ. ලංකාවේදී ප්‍රජාතන්ත්‍රවාදය කියන අදහස තවමත් උඩ සිට පහළට ගලා එමින් තිබෙන අදහසක්.

මම හිතන විදිහට අඩු වශයෙන් ඇමරිකාවේ මේ අදහස පහළ සිට ඉහළට පැමිණ තිබෙනවා. අඩුපාඩු රහිතව නෙමෙයි. මුලදී කාන්තාවන් හා යුරෝපීය සම්භවයක් නැති අය බැහැර කරමින් වැඩිහිටි, සුදු පිරිමින්ගේ ප්‍රජාතන්ත්‍රවාදයක් ලෙස. නමුත්, අඩු වශයෙන් ඒ සීමාවන් ඇතුළත, නායකයින් බිහි වී තිබෙන්නේ "ජනතාව" අතරින්.

ඇමරිකාව ජනාවාස කළ යුරෝපීයයන්ට රජෙක් හිටියේ නැහැ. බ්‍රිතාන්‍ය කිරීටයේ ආධිපත්‍යය පිළිගන්නා පිරිසක් හිටියා වුවත්, එංගලන්තයෙන් ගොඩක් ඈත තිබුණු විශාල රටක් මත ලොකු බලපෑමක් කිරීම පහසු කටයුත්තක් වුනේ නැහැ. යුරෝපයේ අනෙක් රටවල් වලින් ආ මිනිස්සුන්ට බ්‍රිතාන්‍යය එක්ක එවැනි බැඳීමක් හෝ තිබුණේ නැහැ.

විශාල සංස්කෘතික දුරක් තිබෙන ලංකාවේ සිට තේරුම් ගැනීම අසීරු වුවත්, යුරෝපයේ විවිධ රටවලින් පැමිණි, වෙනස් භාෂා කතා කළ, එකම මූලයක් සහිත වුවත් වෙනස් ආගම් ඇදහූ පිරිස් අතර වූ සංස්කෘතික විවිධත්වය විශාලයි. මෙවැනි පිරිසකට එක්ව කටයුතු කරන්න ඔවුන්ව බැඳ තබන කුමක් හෝ අවශ්‍ය වෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය හා නීතියේ ආධිපත්‍යය විසින් පුරවන්නේ ඒ අඩුවයි. එය පහසු කරන්නේ, අඩු වශයෙන් ඇමරිකාවට යුරෝපයෙන් සංක්‍රමණය වූ වැඩිහිටි සුදු පිරිමින් අතර දැනුම අතින් විශාල පරතරයක් නොතිබීමයි. සංක්‍රමණය ඇතුළෙම ස්වභාවිකවම තේරීමක් සිදු වෙනවා. එවැනි "තේරුණු" මිනිස්සු පිරිසකට පොදු යහපත වෙනුවෙන් එකඟත්වයන්ට පැමිණීම පහසුයි. පහළ සිට ඉහළට ගලා යන්නේ එවැනි බිම් මට්ටමේ වූ එකඟත්වයනුයි. නායකයින් "පොළොවෙන් මතුවෙන්නේ" එවැනි පසුබිමක.

පසුගිය සියවස් දෙකහමාරක පමණ කාලය තුළ එක පැත්තකින් කලින් බැහැරව සිටි කාන්තාවන් හා යුරෝපීය නොවන සම්භවයක් ඇති පිරිස් අන්තර්ග්‍රහණය කර ගනිමින් ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය දියුණු වෙද්දී, අනිත් පැත්තෙන් සමාජයේ "දැනුම අඩු" පිරිස් මේ ක්‍රියාවලියෙන් බැහැර වීමකුත් සිදු වී ඇතැයි කිව හැකියි.

මේ කාලය තුළ මිනිස්සු විසින් සමූහයක් ලෙස අළුතින් එකතු කරගත් දැනුම අති විශාලයි. ඒ දැනුම, ජීවිත කාලයක් තුළ වුවත් තනි පුද්ගලයෙකුට ග්‍රහණය කර ගැනීම අසීරුයි. ඒ හේතුව නිසා, දැනුම අතින් සමාජයේ විශාල පරතරයක් ඇති වීමත්, පවතින ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය ඇතුළේම දැනුම අතින් පසුපසින් සිටින අය යම් තාක් දුරකට ක්‍රමයෙන් බැහැර වීමකුත් සිදු වී තිබෙනවා.

වෙනත් විදිහකින් කිවුවොත් ක්‍රමයෙන් "දැනමුත්තන්" බිහි වෙන්න පටන් ගැනීමත්, ඔවුන්ට පිළිගැනීමක් ලැබීමත්, ඔවුන් කියන දේ වෙනත් අය පිළිගැනීමත් සිදු වෙනවා. නමුත්, මේ විදිහට වෙනත් අය විසින් මේ දැනුමැත්තන් කියන දේ පිළිගන්නේ, අඩු වශයෙන් ඔවුන් විසින් පෙන්වා දීමෙන් පසුව, කියන දේ තමන්ටත් තේරෙන නිසයි. නමුත්, කාලය යද්දී කණ්ඩායම් දෙක අතර දැනුම් පරතරය පුළුල් වෙනවා. ඉන්පසුව, දැනුමැත්තන් කියන දේ පිළිගන්නේ තමන්ට ඒ දේවල් ග්‍රහණය වන නිසාම නෙමෙයි. ඔවුන් පිළිබඳව වන විශ්වාසය නිසා.

මේ ක්‍රමයේ අවුලක් තිබෙන බව පැහැදිලියි. මුලින්ම වෙන්නේ දැනුමැත්තන්ට සමාජයේ අධිකාරී බලයක් හිමි වීම. බලය එක්ක යම් තරමකින් හෝ බලය අපහරණය කිරීමත් එනවා. එවිට අනෙකුත් අයට තමන් වෙනුවෙන් හිතන දැනුමැත්තන් පිළිබඳව වන විශ්වාසය පළුදු වෙනවා. ඒ වුනත්, ඔවුන්ට හඬක් නගන්න මාධ්‍යයක් නැත්නම් මේ විශ්වාසය පලුළු වීම කාලයක් යටපත් වී තිබෙන්න පුළුවන්.

සමාජ මාධ්‍ය ව්‍යාප්තිය නිසා කලින් හඬක් නොතිබුණු බොහෝ අයගේ හඬ මතු වෙන්න ගත්තා. ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් පුළුල් වෙද්දී දැනුමැත්තන් පිළිබඳ වූ අවිශ්වාසය මතු වෙන්නේ දැනුම් විරෝධයක් ලෙසයි. විශේෂඥයින් තමන් කියන "නිවැරදි" දෙය අනෙක් අය විසින් පිළිගනු ඇතැයි යන විශ්වාසය පෙරදැරිව සිටිද්දී, වැඩි දෙනෙකුට තේරෙන භාෂාවෙන් කතා කළ නොහැකි දැනුමැත්තන් අභිබවමින් සමාජ ජාලා හරහා "ගොඩ පෙරකදෝරුවන්" ඉස්මතු වෙන්න පටන් අරන් තියෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස ඇතැම් විට වැරදි දැනුම වේගයෙන් සංසරණය වෙනවා.

මේ කියන්නේ ඇමරිකාව ගැන වුවත්, කියවන්නේ ලංකාවට සම්බන්ධයක් තිබෙන අය නිසා රෝසිගේ සංඛ්‍යා කියැවීම උදාහරණයක් ලෙස පෙන්විය හැකියි. තමන්ට ග්‍රහණය නොවන නිවැරදි දේ විශ්වාසය මත පදනම්ව නිවැරදි සේ සැලකූ කාලය අවසන්ව තිබෙනවා. ඒ නිසා, විශේෂඥයින් විසින් වඩා නිවැරදි දේ වෙනුවෙන් පෙනී සිටීම තවදුරටත් ප්‍රමාණවත් වන්නේ නැහැ. තමන් යෝජනා කරන්නේ නිවැරදි දෙය බව අනෙක් අයට ඒත්තු ගැන්වීමත් ඔවුන් විසින් කළ යුතුව තිබෙනවා.

ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ ආධිපත්‍යය වැනි අදහස් ලංකාවේදී ඉහළ සිට පහළටයි ගලා එන්නේ. නිදහස් වෙළඳපොළ පිළිබඳ අදහසනම් එහෙමවත් එන්නේ නැහැ. කලින්ම ඉහළ සිට පහළට ආ හා එවනු ලැබූ සමාජවාදී අදහස් වල බලපෑම ඊට හේතුවයි. ලංකාවේ කිසිදු දේශපාලන පක්ෂයක් නිදහස් වෙළඳපොළ වෙනුවෙන් විවෘතව පෙනී සිටින්නේ නැහැ. වෙනස්කම් තිබෙන්නේ රාජ්‍ය ග්‍රහණයේ ප්‍රමාණයේ පමණයි. ඒ නිසා, ගොඩක් අය ධනවාදය කියන එකෙන් තේරුම් ගන්නේ ධනපතියන්ට වාසිදායක, හැම දෙයක්ම මුදල් මත පදනම් වූ දෙයක් ලෙසයි.

මෙහි අමුත්තක් නැහැ. මානුෂික සම්බන්ධතා හොඳින්ම අවබෝධ කරගත හැක්කේත්, ඒ සම්බන්ධතා බාධාවකින් තොරව පවත්වා ගැනීමට ඉඩ දිය හැක්කේත් වෙළඳපොළ නිදහසට ඉඩදීමෙන් බව තේරුම් නොගන්නා අය ඇමරිකාවේ වුවත් අඩු නැහැ. උදාහරණයක් විදිහට අවම වැටුප් නීති නිසා ලොකුම අවාසිය වන්නේ සමාජයේ පහළම ස්ථර වලට කියන එක ගොඩක් අයට එකවර අවබෝධ කරගන්න අමාරුයි.

මෙයට එක් හේතුවක් වන්නේ දේශපාලන බලය ලබා ගැනීමේ හෝ පවත්වා ගැනීමේ අරමුණින් හිතාමතාම වැරදි තොරතුරු සමාජගත කරනු ලැබීමයි. දෙවන හේතුව දැනුම තිබෙන අපක්ෂපාතී අය ඉදිරියට නොපැමිණීමයි.

දෙවන බාධකය බිඳ හෙළීම පිණිස මේ වන විට ආර්ථික විද්‍යාඥයින් ගණනාවක් විවිධ ව්‍යාපෘතී යටතේ එකතු වී සිටිනවා. "නීඩ් (NEED)" ව්‍යාපෘතියත් එවැන්නක්. ජාතික ආර්ථික අධ්‍යාපන නියෝජිතයින් (NATIONAL ECONOMIC EDUCATION DELEGATION) ලෙස එකතුව සිටින මේ කණ්ඩායම සමඟ මේ වන විට ඇමරිකාවේ හිටපු මහ බැංකු අධිපතීන් වූ ජැනට් යෙලන් හා බෙන් බර්නැන්කි වැනි අය, නොබෙල් ත්‍යාගලාභීන් වන ජෝජ් අකර්ලොෆ් හා වර්නන් ස්මිත් වැනි අය ඇතුළු ඇමරිකාවේ සියළු ප්‍රාන්ත නියෝජනය කරන ආර්ථික විද්‍යාඥයින් තුන් සිය ගණනක් එකතු වී සිටිනවා. මෙහි අරමුණ බ්ලොග් ආදිය හරහා දැනුම සමාජගත කිරීමෙන් නොනැවතී සමාජයේ විවිධ ස්ථර සමඟ සෘජුව සංවාදයක් ඇති කර ගනිමින් ආර්ථික විද්‍යා දැනුම සමාජගත කිරීමයි. ප්‍රධාන පෙළේ ආර්ථික විද්‍යාඥයින් ගණනාවක් මෙසේ සිතීම සතුට දනවන්නක්.

පසුගිය තෙමස තුළ මේ බ්ලොගය වෙනුවෙන් වැඩි කාලයක් යොදන්න හැකි වුවත් මේ වසරේ මුල් මාස හතර තුළ ලොකු කාලයක් මේ වෙනුවෙන් යොදවන්න අමාරු වෙයි. නමුත්, ඉඩ ලැබෙන පරිදි මොනවා හෝ නොලියැවෙන එකක් නැහැ.

http://economatta.blogspot.com/

32අනං## මනං ## Empty Re: අනං## මනං ## on Sat Jan 05, 2019 8:14 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

සීනි දී සැනසීම

December 29, 2018


අනං## මනං ## Sugarඅනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==
පහුගිය "දින පණහ" ඇතුළත සිදු වූ එක් දෙයක් තමයි මහින්ද විසින් පැණි බීම මත පනවා තිබුණු සීනි බද්ද අඩු කිරීම. මේ බද්ද දැම්මේ අවුරුද්ද මුලදී රාජිත විසින්. කර්මාන්තයට දැනෙන තරමේ ලොකු බද්දක්.

මානව ඉතිහාසයේ වැඩි කාලයක් තිස්සේ මිනිස්සු හිටියේ ජීවත් වෙන්න අවශ්‍ය කරන අවම කැලරි ප්‍රමාණය හෝ ලබා ගැනීම අභියෝගයක් වූ පරිසරයකයි. ඒ කාලයේ වැඩි කාලයක් ජීවත් වී තමන්ගේ ජාන අනාගතයට ඉතිරි කරන්න පුළුවන් වුනේ මොන විදිහකින් හෝ මේ ශක්ති අවශ්‍යතාවය සපුරා ගත් අයටයි.

මිනිස්සු සාමාන්‍යයෙන් ගන්නා ආහාර අතරින් සීනි හා තෙල් කියන්නේ කැලරි පොදි. ඉතා පොඩි ප්‍රමාණයක් ආහාරයට ගැනීමෙන් විශාල කැලරි ප්‍රමාණයක් සිරුරට ලැබෙනවා.

පසුගිය අවුරුදු දහදාහක පමණ කාලය ගත්තොත් සීනි හා තෙල් කියන්නේ මිනිස්සුන්ට කලාතුරකින් හමු වූ දේවල්. සීනි ලැබුණේ හදිසියේ අහම්බෙන් හමු වූ ඉදුණු පළතුරු පිරුණු ගහක් වගේ තැනකින්. ඒ වගේ වෙලාවක පුළුවන් තරම් ඉදුණු පළතුරු කනවා මිස, ඒ පළතුරු ගෙදර ගෙනිහින් කල් තබා ගෙන ටික ටික කන්න පුළුවන් තාක්ෂණයක් ඒ කාලේ තිබුණේ නැහැ.

සීනි හා තෙල් වැඩියෙන් කන්න කැමැත්තක් තිබුණු හා මේ ආහාර වලින් ලැබුණු ශක්තිය සිරුරේ තැන්පත් කරගෙන ටිකෙන් ටික ප්‍රයෝජනයට ගන්න හැකියාවක් තිබුණු අයට අනෙක් අයට සාපේක්ෂව පරිණාමික වාසියක් ලැබුණා. ඒ නිසා, සීනි හා තෙල් වලට වැඩි කැමැත්තක් නැති මිනිස්සු ටිකෙන් ටික වඳ වී යද්දී මේ දෙකට වැඩි රුචිකත්වයක් දක්වන අය ඉතිරි වුනා. අපි හැමෝම වගේ ඒ විදිහට ඉතිරි වූ පරම්පරා වල අය. ඒ නිසා, අප ඉපදෙන්නෙම සීනි හා තෙල් වලට තිබෙන කැමැත්ත එක්කයි.

මානව ඉතිහාසයේ මෑතම යුගය දක්වාම සීනි හා තෙල් වලින් ලැබෙන ශක්තිය සිරුරේ තැන්පත් කරගන්න පුළුවන් වීම මිනිස්සුන්ට වාසියක් මිස අවාසියක් වුනේ නැහැ. පළතුරු පිරුණු ගහක් හෝ මේද පිරුණු සිරුරක් සහිත ලොකු සතෙක් වරක් හමු වීමෙන් පසුව නැවත හමු වුනේ සෑහෙන කාලයක් ගිහින්. ඒ වන විට සිරුරේ තැන්පත්ව තිබූ ශක්තිජනක ටික වැය වී අවසන්.

නමුත්, දැන් තත්ත්වය වෙනස්. සාගින්නෙන් පෙළෙන මිනිස්සු අදටත් ලෝකය පුරා විසිරී ඉන්න බව ඇත්තක් වුවත් ලංකාව වැනි රටක පවා බොහෝ දෙනෙක්ගේ ආදායම් තමන්ට අවශ්‍ය අවම ආහාර ප්‍රමාණයට වඩා ආහාර වෙනුවෙන් වැය කළ හැකි තරමට ඉහළ ගිහින්. ඉතිං අපි අපිට ආස දේවල් හිතේ හැටියට කනවා.

පරම්පරා ගණනක් අපේ සෞඛ්‍ය වර්ධනයට හේතු වූ පුරුද්දකින් දැන් වෙන්නේ අපේ මරණය ඉක්මන් කරන එකයි. හෘදයාබාධ, ආඝාත හා දියවැඩියාව කියන්නේ ලාංකිකයෙක්ව මරණයට පත් කරන ප්‍රධාන හේතු. වෙනත් බොහෝ රටවල තත්ත්වයත් එහෙමමයි.

රාජිත විසින් සීනි බද්ද හඳුන්වා දීමෙන් අපේක්ෂා කර තිබුණේ මේ වන විටත් ලංකාවේ විශාල සෞඛ්‍යමය ප්‍රශ්නයක් වී තිබෙන දියවැඩියාව පාලනය කිරීමයි. මේ තීරණයේ සෘජු ප්‍රතිඵලය වන්නේ පැණි බීම මිල ඉහළ යාමයි. පැණි බීම වලට සීනි බද්දක් පැනවීම මෑත කාලයේදී වෙනත් බොහෝ රටවල් විසින්ද කර තිබෙන දෙයක්.

ජාන වලින්ම එන පුරුද්ද නිසා පොඩි කාලේ ඉඳලම අපි පැණිරසට ආසයි. ගොඩක් පොඩි කාලේ අම්මගේ නංගිගෙන්, පුංචි අම්මගෙන්, ඉල්ලුවහම බෝතලෙන් සීනි හැන්දක් අල්ලට දමනවා. හැබැයි අම්මා නැති වෙලාවට. අම්ම දැක්කොත් පුංචි අම්මටත් බැණුම් අහන්න වෙනවා.

දැන් පොඩි එකාට වැඩියෙන් ආදරේ අම්මාද නැත්නම් පුංචි අම්මාද? අම්මා හිතනවා සීනි වැඩිපුර දීම හොඳ දෙයක් නොවන බව. සමහර විට ඒ දවස්වල හිතන්න ඇත්තේ දත් නරක් වෙන එක හරි කිරිපණුගාය හැදෙන එක හරි ගැන මිසක් දියවැඩියාව ගැන නොවෙන්න පුළුවන්.

එතකොට පුංචි අම්මා කරන්නේ නරකක්ද? පුංචි අම්මත් කොල්ලට ආදරෙයි. ඈ හිතන්නේ ඔය ඉඳලා හිටලා සීනි හැන්දක් දීලා පොඩි එකාගේ ආසාව ඉටු කළාට මහ ලොකු හානියක් වෙන්නේ නැහැ කියලයි.

මහින්ද කළේත් අපේ පුංචි අම්මා පොඩි කාලේ කළා වගේ වැඩක්. සීනි බද්ද නිසා පැණි බීම මිල වැඩි වුණත් පැණි බීම නැතුවම බැරි එකා කොහොමටත් බොනවා. පැණි රස වැඩිපුර කෑමේ සෞඛ්‍යමය හානි ඉතා හොඳින්ම දන්නා මම වුනත් ජානමය තෙරපුම නිසා හෝ ඇබ්බැහිය නිසා හෝ වෙනත් හේතුවක් නිසා සීනි වලට තියෙන කැමැත්තට ගොඩක් වෙලාවට ඉඩ දෙනවා. මේ ගැන ඇමරිකාවේ ප්‍රධානම සරසවියක පර්යේෂකයෙක් එක්ක ළඟදී කරපු කතාබහක් ගැන පස්සේ වෙනම ලියන්නම්.

රාජිත ක්‍රියා කළේ අපේ අම්මා වගේ. සීනි හැන්දක් දුන්නොත් කොල්ලා දැන් සතුටු වෙයි. ඒත් අනාගතයේදී කණගාටු වෙයි. ඒ නිසා, කොල්ලාගේ දිගුකාලීන සතුට ගැන හිතනවානම් කරන්න ඕනෑ සීනි නොදී ඉන්න එකයි. (කොල්ලා ඒ ගැන දැන් ඉන්නේ සතුටෙන්ද? ඒක වෙනම ප්‍රශ්නයක්!)

මේ සීනි ප්‍රතිපත්ති දෙකෙන් පොදුවේ මහින්දගේ හා රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්ති මොනවාද කියන එකත් නිරූපණය වෙනවා. මහින්ද කරන්නේ ණය අරගෙන හරි කන්න දීලා, තව ප්‍රාග්ධන ආයෝජනත් මොනවා හරි කරලා, මිනිසුන්ව අද සතුටින් තියන එකයි. පස්සේ දියවැඩියාව හැදුනහම, ණය ආපසු ගෙවන්න වුනහම...ඒක ඒ වෙලාවට බලා ගම්මු!

රනිල්ලා හදන්නේ අද සතුට තරමක් කැප කරමින් වුනත් දිගුකාලීනව රටට හොඳයි කියා ඔවුන් හිතන දේ කරන්නයි. හැබැයි මතක තියා ගන්න "දිගුකාලීනව රටට හොඳයි කියා ඔවුන් හිතන දේ".

දැන් මේ ප්‍රතිපත්ති දෙකෙන් වඩා ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිය කොයි එකද? ඇත්තටම බැලුවොත් මහින්ද කටයුතු කරන ආකාරය වඩා ප්‍රජාතන්ත්‍රවාදීයි. ඔහු බොහෝ විට දෙන්න උත්සාහ කරන්නේ වැඩි දෙනෙක් ඉල්ලන දෙයයි. පස්සේ ණය ගෙවන්න වෙනවා කියන එකේ ලංකාවේ වැඩි දෙනෙක්ට අවුලක් නැහැ. වඩා වැදගත් අද කාල බීල ඉන්න එකයි.

http://economatta.blogspot.com/

33අනං## මනං ## Empty Re: අනං## මනං ## on Tue Jan 08, 2019 10:05 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Pheromone Trap to control Sena caterpillar
08 January 2019

අනං## මනං ## Masterඅනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==
The Department of Agriculture has taken measures to introduce a Pheromone Trap to control Sena caterpillar (fall army-warm) infestation.

According to the Agriculture Department sources, the filed researches conducted by the Department on the effectiveness of the installation of pheromone traps have already shown successful results and according to the results a trap could be able to trap around 15-30 moths per a night. Only 3-4 traps are enough for one acre land.

The pheromone traps mostly target male moths because they are the ones responsible for reproduction through mating the female ones to produce larvae. So the traps will reduce the male population and also affect the reproduction of Fall Army Worm.

Pheromone is a chemical secreted by an animal that influences the behavior or physiology of others of the same species by attracting members of the opposite sex and that chemical should be applied in these traps in every two weeks.

http://dailynews.lk/2019/01/08/local/173591/pheromone-trap-control-sena-caterpillar

34අනං## මනං ## Empty Re: අනං## මනං ## on Thu Jan 10, 2019 10:12 am

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

සාධාරණත්වය උදෙසා අරගලය

Wednesday, January 9, 2019


අනං## මනං ## Fetch?filedataid=972&type=largeඅනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==

අදට වසර හයකට පෙර නීත්‍යානුකූල මිනීමැරුමක ගොදුරක් වූ රිසානා නෆීක් පිළිබඳ මතකය අලුත් කරමින් නාරද විජයසූරිය විසින් ඔහුගේ වත්පොත් පිටුවේ තබා ඇති සටහනක් එතැනින් උපුටාගෙන පහත පළ කර තිබේ.

"මගේ දෑසේ කඳුලක් තිබේ ... ඒ ඔබ වෙනුවෙනි 
'''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''''
දුක කියන්නට කිසිවෙකු නොමැතිව , ළමා දිවියේ අනන්ත අප්‍රමාණ දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දෙමින් වසර 7 ක් තිස්සේ අඳුරු සිර මැදිරියක සිරගතව සිටි ඒ අහිංසක දැරිය අද වැනි දිනයක උදේ 11 . 40 ට තියුණු කඩු පහරින් ගෙළ සිඳ මරා දැමිණි 
ගිණියම් රියාද් වැලි කතර අහිංසක දැරියගේ රුධිරය උරා ගන්නා මොහොතේ භීතියෙන් මුසපත් වූ ඇගේ විවුර්ත වූ දෑස සහිත හිස බිම පතිත විය . 
මට ඇගේ බියපත් දෑස මැවී පෙනෙයි .

වසර ගණනාවක් තිස්සේ නොවියලෙන කඳුලක් මගේ ඇස් කෙවෙණි වල සිර වී තිබේ 
අද ද සිතුම් පාරා ඒ කඳුළු උණුසුමට වැගිරේ . 
ඇගේ මරණයට මා වගකිවයුතුයැයි දැනෙන වරදකාරී හැඟීමෙන් මියෙන තුරු මිදිය නොහැක ,

ඒ අවාසනාවන්ත ජීවිතය බේරා ගැනීමට කරනු ලැබූ නිහඬ සටන පරාජය වූ හැටි මම ඔබට කියමි . 
ඒ 2007 වසරේ ජූනි මාසයේ දවසකි , නෙත් රූපවාහිනී මැදිරියේ රාත්‍රී පහන් කන්ද වැඩ සටහන නිම කර මගේ කාර්යාල කාමරයට ඇතුල් වන විට දුර කථන ඇමතුමක් ලැබිණි , 
සෞදි අරාබියේ සිට කථා කළ ගෘහ සේවිකාවක් බිඳුණු ස්වරයෙන් පැවසුවේ ''දවද්මි '' සිර ගෙදර අපේ ගැහැණු ළමයෙකු මරණ දණ්ඩනයට නියම කර ඇති බවත් තව මාසයක් ඇතුළත අභියාචනයක් නොකළහොත් ඈ මරා දමන බවත්ය . මේ වන විටත් බලධාරීන් කිසිම පියවරක් ගෙන නොමැති බවත්ය .
සිර ගෙදරට යාමට අවකාශ ඇති ඇය දැරිය ගේ සියලු තොරතුරු අසා දැනගෙන මට කීවාය ,

අල් කතයිබි නමැති පොහොසත් පවුලක මාස 4ක් වයසැති දරුවාට කිරි පොවමින් සිටින අතරතුර ශ්වාස මාර්ගයේ කිරි සිරවීමට ලක් වී ඇත , ඇය කෑ ගසමින් දරුවාගේ පිටට වැරෙන් තට්ටු කරන්නට පටන් ගත්තාය , ඒ මොහොතේ ගෙහිමි කාන්තාව එහි පැමිණි අතර , දරුවා නිසලව සිටින අයුරුත් රිසානා පිටට පහර දෙන අයුරුත් දැක වහා කිපී දැරියට නහයෙන් ලේ වැගිරෙන ලෙස පහර දී පොලිසියට භාර දී ඇත .

පොලිසියෙදීත් ඉන බඳින හම් පටියකින් දරුණු පහර දීමට ලක්ව සිටි දැරියට අරාබි භාෂාවෙන් ඔවුන් කියූ කිසිවක් වටහා ගත නොහැකි විය , කාත් කවුරුත් නොමැති රටක ඇය බියෙන් මුසපත් වී සිටියාය ,

දරුවාගේ ගෙල මිරිකා මරා දැමූ බවට ලියු ලිපියකට , අකුරු නොදත් ඇයගේ ඇඟිලි සලකුණ ගෙන තිබිණි , 2005 වසරේ මැයි 4 වනදා රියාද් නගරයට පැමිණි 17 හැවිරිදි දැරිය දින 18 ක සේවයෙන් පසුව 22 වනදා මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නාය .

වසර දෙකක නඩු විභාගයෙන් අනතුරුව මරණ දණ්ඩනය නියම කරන තුරු කිසිවෙකු මේ පිළිබඳව දැනුවත් වී නොතිබිණි , එදා රාත්‍රියේ එම ගෘහ සේවිකාව ඒ බව මට නොපවසන්නට එය මාධ්‍යයෙන් වසන් වුන සිද්ධියක් වන්නට ඉඩ තිබිණි .

සිද්ධිය ඇසීමත් සමගම මගේ සිරුර ගිණිගෙන දැවෙන බවක් මට දැනුනි , එවකට විදේශ කම්කරු කටයුතු පිලිබඳ අමාත්‍ය කෙහෙළිය රඹුක් වැල්ල මහතාට ඒ රාත්‍රියේම මම දුර කථන ඇමතුමක් දුන්නෙමි , ඕනෑම මොහොතක ඔහුගේ ලේකම් වරයෙකුට කථා කරන්නට මට පහසුව සලසා තිබිණි . සිද්ධිය කෙටියෙන් පවසා හෙට උදෑසන විශේෂ සජීවී පහන් කන්ද වැඩ සටහනකට සුදානම්ව සිටින ලෙස දැනුවත් කර , එමොහොතේම මම ආසියානු මානව හිමිකම් සංවිධානයට සහ ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයට විද්‍යුත් ලිපි දෙකක් යොමු කෙරුවෙමි , පසුදා උදෑසන සජීවී වැඩ සටහනේදී සිද්ධිය අනාවරණය කළ මම සෞදි අරාබි තානාපති වරයාට පිළිතුරු දෙන්නැයි ආරාධනය කළෙමි ,

හොඳින් සිංහල කථා කරණ , ඕනෑම මොහොතක අපේ රුපවාහිනිය සමග සම්බන්ධ වන , මා සමග දැඩි කෝපයකින් පසුවන තානාපති තුමා දුරකතනයෙන් සම්බන්ධ විය . 
ඒ වනවිටත් තානාපති කාර්යාලය , රිසානාගේ සිද්ධිය ශ්‍රිලංකාවේ රජයට වාර්තා කර නොතිබුන බව මට පැහැදිලි විය .

ඔහු මේ සිද්ධිය දන්නා බවත් , අභියාචනයක් ඉදිරිපත් කිරීමට අරාබි නීතිඥයින් සපයා ගැනීමට සහ නීතිමය කටයුතු වලට දැවැන්ත වියදමක් යන බවත් එය අප සිතන තරම් පහසු නොවන බවත් ඔහු පැවසීය ,

මගේ ඉවසීමේ සීමාව ඉක්ම ගිය අතර , මා සිටින්නේ සජීවී වැඩ සටහනක බව මට අමතක විය ,
තානාපති කාර්යාලයේ ගෝනියක් තිබේදැයි මම ගරු තානාපති තුමාගෙන් අවිනීත ලෙස ප්‍රශ්න කලෙමි , 
එතුමා ඒ ඇයි දැයි මගෙන් විමසීය ,
කරුණාකර එම ගෝනිය තානාපති කාර්යාලයේ දොරටුව අසල තබන ලෙස මම ඉල්ලා සිටියෙමි . 
''නාරද රාජ්‍ය තාන්ත්‍රික කටයුතු විහිලුවකට ගන්න එපා , මාධ්‍ය ඉදිරියේ වීරයෙක් වන්නට ඔබට ඕනෑම දෙයක් කිව හැකි නමුත් මේ ප්‍රශ්න ගැඹුරු රාජ්‍ය තාන්ත්‍රික ගනු දෙණු , ඔබ ඔබේ කටයුතු කරගෙන සිටින්න .'' යැයි ඉතා වෘත්තියමය අයුරින් සහ ඉවසීමෙන් ඔහු පැවසීය ,

අපට අපේ දැරියකගේ ජීවිතය පිළිබඳව වේදනාවක් ඇති බවත් , වැසිකිලි හෝදන , කාණු පිරිසිදු කරණ මන්දිර වල බැල මෙහෙවරකම් කරන දිළිඳු මිනිසුන්ගේ රුධිරය කකියන බවත් , ඒ මිනිසුන් ගේ දුප්පත් වැටුපෙන් රියාල් එක බැගින් පෝලිමේ විත් ඔබේ ගෝනිය පුරවා දෙන්නට අප සපථ කරන බවත් මම ඔහුට පැවසීමි . 
මගේ දෑස් වල කඳුළු කැමරාවෙන් වසන් කර ගැනීමට උත්සහ කළද මගේ කටහඬේ බිඳුණු ස්වරය ලෝකයට ඇසුනි . දහස් ගණනක් දෙනා එක හඬින් අසරණ දැරිය වෙනුවෙන් හඬ නගන්නට විය . ඈ ඒ කිසිවක් නොදැන අඳුරු සිරකුටියේ මරණ භයෙන් තැතිගෙන සිටි මොහොතේ අප ඇය බේරා ගැනීමේ සටන අරඹා තිබිණි , 
ඊ ළඟ මොහොතේ ඇමති වරයා දුරකතනයෙන් සම්බන්ධ විය , ඔහු වහාම මේ වෙනුවෙන් ක්‍රියා කරන බවත් නියෝජ්‍ය ඇමති බාහිලා මහතා හෙටම රියාද් නුවරට පිටත් කරන බවත් පොරොන්දු විය , ඉනික්බිති ලංකාවේ දේශපාලකයින් , මාධ්‍ය මේ පිලිබඳ පුවත් මවන්නට විය .

එතැන් පටන් සිදු වූ සිද්ධි දාමය එතරම් ප්‍රීති දායක නොවේ , කොළඹ සරසවියේ නීති පීඨයෙන් පිට වුන අපට වඩා ඉහළ වසරක උගත් නීතිඥයෙක් වූ තානාපති කාර්යාලයේ නීති නිලධාරියා විශාල කැපවීමකින් කටයුතු කළ නමුත් , ලිපි ගොනු සැඟවීම වැනි බාධක ඔහුට එල්ල විය , ඇතැම් විට අපට රහසිගතව මෙහෙයුම් දියත් කරන්නට සිදු විය .

නීතිමය පිළිසරණ ඉතා අල්ප බව වැටහෙන්නට පටන් ගත විට ලාංකික සේවකයන් මාර්ගයෙන් සෞදි ජාතිකයන් දෙදෙනෙකු හඳුනා ගත් මා මියගිය දරුවාගේ දෙමාපියන් වෙත කිට්ටු කලෙමි . 
එරට ශාරියා නීතිය අනුව අගතියට පත් පාර්ශවයට පමණක් ලේ වන්දිය ලෙස මුදලක් රැගෙන රිසානාට සමාව දීමේ හැකියාව තිබිණි . සෞදි රජයේ ප්‍රධාන පෙලේ අමාත්‍යංශ දෙකක උසස් නිලධාරීන් වූ මියගිය දරුවාගේ දෙමාපියන් වෙත පණිවුඩ කරුවන් යොමු කළෙමි , එකළ එහි සේව්‍ය කළ බොහෝ දුප්පත් මිනිසුන් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලැබිණි ,

දරුවාගේ පියා විශාල මුදලක් ලේ වන්දිය ලෙස ලබා ගැනීමට කැමැත්ත පල කළද මව එක හඬින්ම කියා සිටියේ රිසානාගේ රුධිරය දැකීමට ඇයට අවශ්‍ය බවයි . 
එහෙත් අප උත්සාහය අත නොහැරියෙමු , ඒ වන විට මහින්ද රාජපක්ෂ ජනාධිපති වරයාත් , බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරාත් සෞදි රජුගෙන් දැරියට සමාව දෙන ලෙස ඉල්ලීම් කර තිබිණි ,
බාල වයස්කාර දැරියට මරණ දඬුවම නියම කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවට අපේ නීතිඥයින් තර්ක කරමින් සිටියේය .

සියල්ල තීරණය වන්නේ මවගේ කැමැත්ත මත බව තේරුම් ගත් අප ඇය කැමති කරවා ගැනීමේ වෑයම අත නොහැර කරගෙන යමින් සිටියෙමු .
අවාසනාවට ආර්ථික හේතුන් මත නෙත් රුපවාහිනිය නවතා දැමීමට සිදු විය .

අපේ රුපවාහිනී තිරයේ සංඥා නොමැති බව දක්වන පණිවිඩය දෙස බලාගෙන මගේ කාර්යාල මේසය මත මම හඬමින් සිටියෙමි . ඒ මොහොතේ ගලා ගිය කඳුළු වල වැඩි බරක් රිසානා වෙනුවෙන් වෙන්ව තිබිණි . 
වසර 8 ක නඩු විභාගයකින් පසුව 2013 ජනවාරි 9 වනදා පෙ ව 11.40 ට රියාද් හී දවද්මි වධක භූමියේදී මරා දැමිණි .

රටේ පවතින අනන්ත දරිද්‍රතාවයෙන් මිදෙන්නට තම ලෙයින් මසින් තැනූ දියණිය අඩු වයසක් යොදා මාරු කතරට යැවූ දෙමාපියන්ටත් , දිළිඳු මිනිසුන්ගේ ජීවන වේදනාව මත සුඛෝපභෝගී ජීවිත ගෙවන මුග්ධ දේශපාලකයන්ටත් අද රිසානා අමතක වී තිබිය හැකිය .

එහෙත් ඈ මගේ දියණිය මෙන් . ඈ මගේ සොයුරිය මෙන් මගේ හදවත පතුලේ රිදුම් දෙමින් මා මියයන තුරුම සිටිනු ඇත . අදටත් මේ රටේ මිනිසුන්ට කිසි විටෙකත් අවශ්‍ය නැති කුණු කන්දල් අලෙවි කරණ මාධ්‍ය පිළිබඳව මට පිළිකුලක් තිබේ ,

කාලකන්නි දේශපාලකයන්ට කඩේ යනවා වෙනුවට , රටක ජනතාවගේ ආකල්ප සංවර්ධනය කරන්නට රුපවාහිනිය වැනි මාධ්‍යයක් යොදා ගත හැකි ආකාරය පිළිබඳව පුර්වාදර්ශයක් සපයන්නට අපට හැකි විය . 
එවැනි මාධ්‍ය සිහිනයක් අවසන් හුස්ම දක්වාම මා තුල තැන්පත්කළ දැරිය අද වැනි දවසක ගෙළ කපා මරා දැමූ , ඒ බියපත් දෑසේ හිමිකාරියයි , 
රිසානා වැනි තවත් දස දහස් ගණනක් අදත් වැලි කතරේ දුක් විඳියි .

ඔබ ඔබෙන් ප්‍රශ්ණ කරමි 
රිසානා මුහුණ දුන් අවාසනාවන්ත ඉරණම ඔබේ සහජාත දියණියට අත් වුවහොත් ඔබ කුමක් කරන්නේද ? 
එහෙත් රිසානා ඔබේ දියණිය නොවේ ,
එහෙයින් ඇගේ මරණය ඔබට ඉවසා දරා ගත හැකිය , 
අප සැබවින්ම මිනිසුන්ද ?

නාරද විජයසූරිය"

​​​​​​​http://economatta.blogspot.com/

35අනං## මනං ## Empty Re: අනං## මනං ## on Fri Jan 11, 2019 7:21 am

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Sri Lanka defends feel-the-pain carbon tax as eco-tax trigger riots in France

Jan 10, 2019 


Sri Lanka is to go ahead with a carbon tax, which is being charged on a peculiarly unjust basis targeting older, poorer vehicle owners while allowing richer arguably high use owners of new cars get off lightly.

France has been shaken by violent protests against an eco-tax by yellow-vest wearing motorists, who say they regretted voting for President Emmanuel Macron, and have called for his resignation.

Citizens of France came out against eco-taxes as they are viciously unjust, goes against principles of good governance have nothing to do with raising revenue, which should be the only purpose of taxation but are insitead designed to hurt.

Eco-taxes were promoted by European green parties and illiberal interventionists going against time honoured principles of taxation and of liberalism of causing least hurt and are designed to make payers 'feel the pain'.

In good governance taxes are expected to be levied as a bee takes honey from a flower, making payers hardly feel the burden. Originally from South Asia, the principle was adopted by Western liberals but has been violated by interventionists.

Critics who attempt to psycho-analyse promoters of European echo taxes have charged that they are acting in the same way as religious zealots of Middle Ages who wanted to make 'carbon' sinners pay 'penance' to the church of environmentalism with Mother Earth as the deity.

Promoters of 'sin' taxes whether alcohol or sugar, quell opposition by making the payer feel guilty. However French yellow vest protestors refused to submit meekly to interventionism.

Economic analysts say Sri Lanka's eco-taxes should be a case study for students of public finance on how not to do fiscal policy.

Sri Lanka's eco-taxes are peculiarly painful as they have to be paid just when people have to fork out money for revenue licenses as well as an eco test and sometimes also insurance, making them 'feel it'.

The taxes make no distinction between diesel and petrol, despite diesel containing higher volumes of carbon and other impurities, emits more polluting by products, some of which could be carcinogenic.

The carbon-tax opposed by yellow-vest protests in France at least makes a distinction petrol and diesel. 

In another peculiar basis, cars newer than 5 years are charged 50 cents per cubic centimetre of engine capacity while cars between 5 and 10 years are charged twice that. Cars over 10 years are charged three times.

But all cars - except classic cars - have to pass an emission test, making a mockery of the basis. Cars that do not pass the test have to tune the engine or repair it.

Older cars are generally owned by poorer and older people, who hardly use it, making Sri Lanka's carbon tax peculiarly iniquitous. Many retirees keep an older car for weekend shopping or to go the doctor.

Meanwhile hybrid cars are charged only 25 cents a cubic metre if they are less than 5 years old. 

Arguably new cars are bought by richer people. Arguably they would go around more. Again no distinction is made between petrol and diesel, making a mockery of the 'carbon tax' claim.

In another laughable basis, electric cars have been made exempt, though about half or more of Sri Lanka's electricity is made out of coal and furnace oil, both of which have high carbon contents.

The only distinction made is on engine capacity.

The state could collect the same volume of tax by charging about a few cents per litre of fuel, which will would be completely fair as high users will end up paying more and it will also be spread out over the period of salary or pension.

But critics say such a tax will not satisfy architects of eco-taxes who want payers to 'feel the pain'. 

Meanwhile the taxes were passed by legislators in parliament who get tax free cars, while ordinary citizens are forced to pay rates of over 200 percent. The tax collecting state workers also get tax slashed cars. 

https://economynext.com/Sri_Lanka_defends_feel_the_pain_carbon_tax_as_eco_tax_trigger_riots_in_France-3-13114-1.html

36අනං## මනං ## Empty Re: අනං## මනං ## on Fri Jan 11, 2019 7:37 am

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
@ruwan326 wrote:Sri Lanka defends feel-the-pain carbon tax as eco-tax trigger riots in France

Jan 10, 2019 




Sri Lanka is to go ahead with a carbon tax, which is being charged on a peculiarly unjust basis targeting older, poorer vehicle owners while allowing richer arguably high use owners of new cars get off lightly.

France has been shaken by violent protests against an eco-tax by yellow-vest wearing motorists, who say they regretted voting for President Emmanuel Macron, and have called for his resignation.

Citizens of France came out against eco-taxes as they are viciously unjust, goes against principles of good governance have nothing to do with raising revenue, which should be the only purpose of taxation but are insitead designed to hurt.

Eco-taxes were promoted by European green parties and illiberal interventionists going against time honoured principles of taxation and of liberalism of causing least hurt and are designed to make payers 'feel the pain'.

In good governance taxes are expected to be levied as a bee takes honey from a flower, making payers hardly feel the burden. Originally from South Asia, the principle was adopted by Western liberals but has been violated by interventionists.

Critics who attempt to psycho-analyse promoters of European echo taxes have charged that they are acting in the same way as religious zealots of Middle Ages who wanted to make 'carbon' sinners pay 'penance' to the church of environmentalism with Mother Earth as the deity.

Promoters of 'sin' taxes whether alcohol or sugar, quell opposition by making the payer feel guilty. However French yellow vest protestors refused to submit meekly to interventionism.

Economic analysts say Sri Lanka's eco-taxes should be a case study for students of public finance on how not to do fiscal policy.

Sri Lanka's eco-taxes are peculiarly painful as they have to be paid just when people have to fork out money for revenue licenses as well as an eco test and sometimes also insurance, making them 'feel it'.

The taxes make no distinction between diesel and petrol, despite diesel containing higher volumes of carbon and other impurities, emits more polluting by products, some of which could be carcinogenic.

The carbon-tax opposed by yellow-vest protests in France at least makes a distinction petrol and diesel. 

In another peculiar basis, cars newer than 5 years are charged 50 cents per cubic centimetre of engine capacity while cars between 5 and 10 years are charged twice that. Cars over 10 years are charged three times.

But all cars - except classic cars - have to pass an emission test, making a mockery of the basis. Cars that do not pass the test have to tune the engine or repair it.

Older cars are generally owned by poorer and older people, who hardly use it, making Sri Lanka's carbon tax peculiarly iniquitous. Many retirees keep an older car for weekend shopping or to go the doctor.

Meanwhile hybrid cars are charged only 25 cents a cubic metre if they are less than 5 years old. 

Arguably new cars are bought by richer people. Arguably they would go around more. Again no distinction is made between petrol and diesel, making a mockery of the 'carbon tax' claim.

In another laughable basis, electric cars have been made exempt, though about half or more of Sri Lanka's electricity is made out of coal and furnace oil, both of which have high carbon contents.

The only distinction made is on engine capacity.

The state could collect the same volume of tax by charging about a few cents per litre of fuel, which will would be completely fair as high users will end up paying more and it will also be spread out over the period of salary or pension.

But critics say such a tax will not satisfy architects of eco-taxes who want payers to 'feel the pain'. 

Meanwhile the taxes were passed by legislators in parliament who get tax free cars, while ordinary citizens are forced to pay rates of over 200 percent. The tax collecting state workers also get tax slashed cars. 

https://economynext.com/Sri_Lanka_defends_feel_the_pain_carbon_tax_as_eco_tax_trigger_riots_in_France-3-13114-1.html
For last 70 years politicians/media and clergy made Sri lanlan people slaves and robbed their hard earned money in every possible way.
Last 51 days of political crisis showed how deep this politicians can go to get back power to robbed citizens in this country.
When you pushed innocent people to the wall there will be a reaction and it is gonna be a history changing one I guess this time.

Time has come to break the shackles and free your self from the slavery we went through for last 70 years...........
Do we really need to waste our hard earned money for these 9099 politicians any more or get back all the money they robbed form us for last 70 years and make a better future for the coming generation ?????????

අනං## මනං ## Fetch?filedataid=521&type=mediumඅනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==අනං## මනං ## Fetch?filedataid=1019&type=mediumඅනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==අනං## මනං ## Fetch?filedataid=971&type=mediumඅනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==අනං## මනං ## Fetch?filedataid=952&type=smallඅනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==

37අනං## මනං ## Empty Re: අනං## මනං ## on Fri Jan 11, 2019 8:22 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
අපේ රටටත් ඕන ඉම්රාන්කාන් වගේ දේශපාලඥයෙක්.....



38අනං## මනං ## Empty Re: අනං## මනං ## on Mon Jan 14, 2019 9:10 pm

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

දුප්පත්කම තෝරාගැනීම

අනං## මනං ## Decision-to-make-crossroad-rich-poor-one-standing-choosing-what-do-next-55377457%2B%25281%2529අනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==
ටික දවසකට කලින් දේශකයා කියල තිබුණා ඉකෝන්ට පොඩි කෙන්දක් අහුවුනාම ඒකෙන් ලොකු බෝලයක් හදනවා කියලා. කතාව බොරුවකුත් නෙමෙයිනේ! ඉතිං මේකත් අර කලින් කතා කරපු ජෙෆ් බෙසෝස්-යසන්ත කෙන්දෙන් හදන තවත් බෝලයක්. ජෙෆ් බෙසෝස් යසන්ත ගැන සඳහන් කරලා දවස් දෙක තුනකට පස්සේ ඉන්දියන් වෙබ් අඩවියක් ඔහුව සම්බන්ධ කරගෙන තිබෙනවා. ඔවුන් යසන්තගෙන් මේ වගේ ප්‍රශ්නයක් අහනවා.

"දැන් ජෙෆ් බෙසෝස්ම කියනවා ඔබ ඔහුට වඩා දක්ෂයෙක් බව. එහෙම වෙද්දී ඔබ ඔහු වැනි ධනවතෙක් නොවීම ගැන ඔබට අවුලක් නැද්ද?"

යසන්ත කියන්නේ ඔහුට එවැනි අවුලක් නැති බවයි.

"මම හැදුනේ වැදුනේ ඉන්දියානු උපමහාද්වීපයේ මධ්‍යම පාංතික පවුලක. අපේ සංස්කෘතියේ වැඩි වටිනාකමක් ලැබෙන්නේ දැනුමට හා අධ්‍යාපනයට මිසක් සල්ලි වලට නෙමෙයිනේ...."

"...ඇරත් තමන්ගෙ සල්ලි වලින් රටට ලෝකෙට මොනව හරි කළොත් මිසක් ඔය සල්ලිකාරයින්ව අවුරුදු සීයකට දෙසීයකට පස්සේ කාටවත් මතක නෑ!"

දැන් මෙතැනදී යසන්ත වක්‍රව කියන්නේ දැනුම හා අධ්‍යාපනය මිසක් සල්ලි එකතු කිරීම ඔහුගේ ඉලක්කයක් නොවූ බවයි. කාට හෝ කියන්න පුළුවන් යසන්ත මිදි ඇඹුලයි කියන බව. නමුත්, ලෝකයේ ඉන්න හැම මිනිහෙක්ගේම ඉලක්කය පුළුවන් තරම් සල්ලි හොයන එක නෙමෙයි. ලංකාවේ හිටියත් ඇමරිකාවේ හිටියත් ඒකේ වෙනසක් නැහැ.

එතකොට ජෙෆ් බෙසෝස්ගේ ඉලක්කය වුණේ පුළුවන් තරම් සල්ලි හොයන එකද? මම හිතන්නේ නැහැ. සල්ලි හොයන ඉලක්කයක් තිබෙන්නට ඇතත් ලෝකයේ ලොකුම ධනවතා වෙන්න හෝ අඩු තරමෙන් මේ පරිමාණයේ ධනවතෙක් වීමේ ඉලක්කයක් ඔහුට බොහෝ විට නොතිබුණා වෙන්න පුළුවන්.

යසන්ත වගේම ජෙෆ් බෙසෝස් විසිනුත් කරන්න ඇත්තේ තමන්ට වැඩිපුරම සතුටු විය හැකි තෝරාගැනීම කිරීමයි. මෙයට සල්ලි හෙවීමත් වෙනත් දේවලුත් ඇතුළත්.

යසන්ත සතුව කිසියම් ධනයක් ඇත්නම් එය ජෙෆ් බෙසෝස්ගේ ධනයට අලගු තබන්නවත් හැකි තරමක තිබෙනවා කියා මා හිතන්නේ නැහැ. නමුත්, ඔහු කෙසේවත් දුප්පතෙක් නෙමෙයි. ඒ වගේම යසන්ත කියන්නෙත් ඔහුගේ ක්ෂේත්‍රයේ බොහෝ ඉදිරියට ගොස් තමන්ගේ සිහින සැබෑ කරගත් කෙනෙක්. මේ අතින් යසන්තගේ හා ජෙෆ් බෙසෝස්ගේ ලොකු වෙනසක් නැහැ.

යසන්ත විසින් කළ කවර හෝ දේවල් වලට වඩා ජෙෆ් බෙසෝස් විසින් විසින් කළ දේවල් වලට වෙනත් අය වැඩි වටිනාකමක් දී තිබෙනවා. ඒ නිසා, ජෙෆ් බෙසෝස් යසන්තට වඩා වැඩි ධනවතෙක්.

ජෙෆ් බෙසෝස්, යසන්ත වගේම වෙනත් ඕනෑම කෙනෙක් තමන්ගේ රැකියාව තෝරා ගැනීමේදී එමඟින් තමන්ට කොයි තරම් සතුටු විය හැකිද කියන කරුණට විශාල බරක් තබනවා. සයිටම් ප්‍රශ්නය හා අදාළ සාකච්ඡා වලදී ලංකාවේ වෛද්‍යවරුන් වන මගේ මිතුරන් බොහෝ දෙනෙක් පෙන්වන්න හදපු දෙයක් තමයි තමන් ඇතුළු ලංකාවේ වෛද්‍යවරුන් බොහෝ දෙනෙක් මුදල් ඉපැයීම ඉලක්කය කරගත් අය නොවන බව. ඒ අය කිවුවේ බොරුවක් නොවන බව මම දන්නවා.

තමන් නියැලෙන වෛද්‍ය වෘත්තියෙන් ලබන සතුට මුදල් වලට වඩා අගය කරන විශාල පිරිසක් ලංකාවේ පමණක් නොවෙයි ඇමරිකාවෙත් ඉන්නවා. මේ විදිහටම වෙනත් වෘත්තීන්හි නිරත වන අය අතරත් තමන්ගේ රැකියාවෙන් විශාල සතුටක් ලබන අය ඉන්නවා. උදාහරණ විදිහට කලා කටයුතු වල නිරතව සිටින අය පෙන්වන්න පුළුවන්.

ඇත්තටම කියනවානම් ව්‍යාපාරික කටයුතු වල නියැලෙන ගොඩක් අයත් එය කරන්නේ එයින් තමන්ට සතුටක් ලැබෙන නිසයි. එයින්, මුදල්ද ලැබෙන බව වෙනම කරුණක්.

දැන් මේ විදිහට බැලුවොත් කලාකාරයෙක් වගේම මුදලාලි කෙනෙකුත් සතුටු වෙන්නේ එක තරමට වෙද්දී මුදලාලි කෙනෙක් කලාකාරයෙක්ට වඩා මුදල් උපයනවා වෙන්න පුළුවන්. ජෙෆ් බෙසෝස් වගේම යසන්තත් තමන් කරන රැකියා වලින් එක තරමටම සතුටු වෙද්දී ජෙෆ් බෙසෝස් යසන්තට වඩා ලොකු ආදායමක් උපයනවා වෙන්න පුළුවන්. දුප්පතෙක් හා ධනවතෙක් එක තරමට සතුටු වෙද්දී ධනවතා වැඩි ආදායමක් උපයනවා වෙන්න පුළුවන්.

තමන්ගේ රැකියාව තෝරා ගැනීමේදී ඕනෑම කෙනෙක් තමන්ගේ රුචිකත්වයට යම් බරක් තබනවා. ඒ වගේම ලැබෙන ආදායමටත් බරක් තබනවා. ව්‍යාපාරයක් කිරීමෙන් හා වෛද්‍ය වෘත්තිකයෙකු වීමෙන් ලැබිය හැක්කේ එකම ආදායමනම් වෛද්‍ය වෘත්තියෙන් වැඩි සතුටක් ලබන කෙනා එය තෝරා ගන්නවා. ව්‍යාපාරිකයෙකු වීමෙන් වැඩි සතුටක් ලබන කෙනා එය තෝරා ගන්නවා. කොහොම වුනත්, යම් අයෙක්  ව්‍යාපාරයක් කිරීමෙන් හා වෛද්‍ය වෘත්තිකයෙකු වීමෙන් ලබන සතුට සමානනම් මේ දෙකෙන් එවැන්නෙකුගේ තේරීම වන්නේ වැඩි ආදායමක් ඉපැයිය හැකි රැකියාවයි.

තමන් වඩා සතුටු වන රැකියාවක් අත හැර අඩුවෙන් සතුටු විය හැකි රැකියාවක් කරන්න පෙළඹෙන අය නැද්ද? ලැබෙන ආදායම සලකමින් ඒ විදිහට වැඩිම සතුටක් ලබන රැකියාව නොවන වෙනත් රැකියාවක් කරන අය ඕනෑ තරම් ඉන්න පුළුවන්. මෙය තීරණය වන්නේ යමෙකුට එමඟින් අතට ලැබෙන අමතර මුදල් ප්‍රමාණය නිසා ලැබෙන සතුට රැකියාව වෙනස් කිරීම නිසා අහිමි වන සතුටට වඩා වැඩිද නැද්ද යන්න මතයි. අවසාන වශයෙන් සිදු කෙරෙන්නේ පුද්ගලයෙකුගේ සතුට ඉහළ යන තේරීමයි.

මේ විදිහට බැලුවහම අඩු ආදායම් ලබන ඇතැම් එය එසේ අඩු ආදායම් ලබන රැකියා වල නිරතව ඉන්නේ තමන්ගේ කැමැත්තෙන්. වැඩි ආදායම් ලබන රැකියාවකට මාරු වීමෙන් වෙන්නේ ඔවුන්ගේ සතුට අඩු වීමයි. ඒ වගේම වැඩි ආදායම් ලබන රැකියාවක නිරතව සිටින කෙනෙක් එසේ වැඩි ආදායම් ලබන නිසාම වැඩියෙන් සතුටු නොවනවා වෙන්න පුළුවන්.

මේ විදිහට තිබියදී වැඩි ආදායම් ලබන කෙනෙක්ගේ සල්ලි අරගෙන අඩු ආදායම් ලබන කෙනෙක්ට දුන් විට සිදුවන්නේ කුමක්ද? වැඩි ආදායම් ලැබූ කෙනාගේ සතුට අඩු කරලා ඇගේ වියදමෙන් අඩු ආදායම්ලාභියාගේ සතුට ඉහළ දමන එකයි.

උදාහරණයක් විදිහට කලාකරුවෙක් තමන් කරන රැකියාව නිසා සතුටු ඒකක 80ක් හා ලැබෙන සීමිත ආදායම නිසා සතුටු ඒකක 20ක් ලබනවා කියා හිතමු. ඒ අතර, ව්‍යාපාරිකයෙක් තමන් කරන රැකියාව නිසා සතුටු ඒකක 20ක් හා ලැබෙන ඉහළ ආදායම නිසා සතුටු ඒකක 80ක් ලබනවා. දැන් මේ දෙන්නාම සතුටු වෙන්නේ එක තරමට වුවත් ව්‍යාපාරිකයාගේ ආදායම වඩා වැඩියි.

දැන් අපි ව්‍යාපාරිකයාගේ ආදායමෙන් කොටසක් බදු ලෙස හෝ වෙනත් අයුරකින් බලහත්කාරයෙන් අරගෙන අර කලාකාරයාව සුබසාධනය කරනවා. එසේ කිරීමෙන් පසුව, කලාකරුවා තමන් කරන රැකියාව නිසා සතුටු ඒකක 80ක් හා වැඩි වූ ආදායම නිසා සතුටු ඒකක 30ක් ලබනවා. ව්‍යාපාරිකයා තමන් කරන රැකියාව නිසා සතුටු ඒකක 20ක් හා ඉතිරි වූ ආදායම නිසා සතුටු ඒකක 60ක් ලබනවා. මෙය සාධාරණද?

මෙය තීරණය වන්නේ රැකියා අතර පවතින ආදායම් විෂමතාවයන්ගෙන් කොපමණ ප්‍රමාණයක් දක්ෂතා වල වෙනස්කම් මතත්, කොපමණ ප්‍රමාණයක් රුචිකත්වයේ වෙනස්කම් මතත් තීරණය වනවාද යන්න මතයි. සෙන්ට්ලුවිස්හි වොෂින්ටන් සරසවියේ ඉයන් ෆිල්මෝර්ට හා පර්ඩියු සරසවියේ ට්‍රෙවෝර් ගැලන්ට අනුවනම් යමක්ගේ වයස අවුරුදු 44ක් වෙද්දී ඔහු හෝ ඇය කරන රැකියාවට 68%ක්ම හේතු වෙන්නේ රුචිකත්වයයි. ආදායම් වෙනස යමෙක් රැකියාවක් තෝරා ගැනීමේදී සලකා බලන ප්‍රධානම සාධකය නෙමෙයි.

එහෙමනම්, මේ පර්යේෂකයින්ට අනුව යමෙක් ධනවත් හෝ දුප්පත් වීම සෑහෙන දුරකට ඔවුන්ගේම තෝරාගැනීමක්.

එතකොට ඇතැම් රටවල් දුප්පත් වෙද්දී තවත් රටවල් ධනවත් වීම? එයත් සෑහෙන දුරකට එක් එක් රටවල ජීවත් වන මිනිසුන්ගේ තෝරාගැනීමක්ද?

​​​​​​​http://economatta.blogspot.com

39අනං## මනං ## Empty Re: අනං## මනං ## on Sat Jan 26, 2019 7:18 am

ruwan326

ruwan326
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
ධීවරයා සහ ව්‍යාපාරිකයා 

අනං## මනං ## Fetch?filedataid=1327&type=mediumඅනං## මනං ## WAAACH5BAEKAAAALAAAAAABAAEAAAICRAEAOw==​ ​​​​​​​

දිනක් නිවාඩුවක් ගත කිරීමට සංචාරයක් සඳහා පැමිණි ව්‍යාපාරිකයෙකු කුඩා බ්‍රිසිලියානු ගමක මුහුදු වෙරළක් අසල හිඳගෙන සිටින අතරතුර කුඩා බෝට්ටුවක තරමක් විශාල මාලු රැලක් අල්ලාගෙන වෙරළ කරා ළඟා වෙන ධීවරයෙක් ඔහුගේ ඇස ගැටුනි.

එක් දිනක් තුල අල්ලාගත් මාලු ප්‍රමාණය සහ ඔහුගේ කඩිසරකම දුටු ව්‍යාපාරිකයා ධීවරයා ගැන පැහැදීමක් ඇතිවී ඔහුගෙන් මෙසේ ඇසුවේය.
"ඔච්චර මාලු ගොඩක් අල්ලාගන්න ඔයාට කොච්චර වෙලාවක් ගියාද?"

"මේ ටික අල්ල ගන්න මහ වෙලාවක් යන්නේ නෑ" ධීවරයා සිනා මුසු මුහුණෙන් පිළිතුරු දුන්නේය.
"එහෙනම් ඇයි ඔයා තවත් වැඩි වෙලාවක් මුහුදු ගිහින් මීට වඩා වැඩියෙන් මාලු අල්ලන්න උත්සාහ කරන්නේ නැත්තේ?"

ධීවරයා ගැන විශ්මයට පත් ව්‍යාපාරිකයා ඇසීය.
"මේ ටික මටයි, මගේ පවුලේ අයටයි හොඳටම ඇති"

ධීවරයා ගැන පුදුමයට පත් ව්‍යාපාරිකයා නැවතත්,
"එහෙනම් ඔයා දවසේ ඉතුරු කාලය මොනවා කරන්නද වැය කරන්නේ?" යැයි ඇසීය.

එයට පිළිතුරු දෙන ධීවරයා,
"ම්ම්ම්... මම හැමදාම උදෙන්ම නැගිටලා මුහුදු යනවා. ඒ ගිහින් මාලු ටිකක් අල්ලගෙන දවල් වෙන්න කලින් ගෙදර යනවා. ඊට පස්සේ දවල් කාලයේම මම කරන්නේ මගේ දරුවන් දෙදෙනා එක්ක සෙල්ලම් කරන එක. හවස් වෙද්දි මගේ බිරිඳ සමඟ පොඩි නින්දක් දාලා රෑ බෝවේගෙන එද්දි මගේ ගමේ යාලුවෝ එක්ක ගිටාර් එක වයමින්, සින්දුවක් කියමින් යන්තමට මධුවිත ටිකක් තොලගාලා සතුටු වෙලා නින්දට යනවා.." යැයි පැවසීය.

ධීවරයා ගැන මහත්සේ පැහැදුන ව්‍යාපාරිකයා ඔහුට උපකාරයක් කරන බලාපොරොත්තුවෙන් මෙසේ උපදෙසක් දුන්නේය..

"..මට පුලුවන් ඔයාට උදව් කරන්න තවත් සාර්ථක මිනිහෙක් වෙන්න. ඔයා අද ඉඳලා දවසේ වැඩිම කාලයක් මුහුදේ ගත කරලා හැකි තරම් උපරිම මාලු ප්‍රමාණයක් අල්ලා ගන්න. ඔයාගේ දක්ෂතාවය අනුව එක දවසක් ඇතුලත ඔයාට සෑහෙන මාලු ප්‍රමාණයක් අල්ලා ගන්න පුලුවන් බව මට විශ්වාසයි. ඉන් පස්සේ ඔයා අල්ලගත්ත ඒ මාලු විකුණලා ඔයාට සෑහෙන ආදායමක් ගන්න පුලුවන්. ඒ ආදායම හැකිතරම් ඉතුරු කරන්න ඕනේ. වියදම් පුලුවන් තරම් අඩු කරලා, ඊට පස්සේ ඒ ඉතුරු කරපු සල්ලි වලින් ඔයාට පුලුවන් මේ පොඩි බෝට්ටුවට වඩා විශාල බෝට්ටුවක් ගන්න, ඔයාගේ මාලු ඇල්ලීමේ කටයුතු ලේසි කරගන්න. ඒකෙන් ඔයාට දැන් අල්ලනවා වගේ පස් හය ගුණයක මාලු ප්‍රමාණයක් අල්ල ගන්න පුලුවන්. මේ විදිහට වසර ගණනක් කලාම ඔයාට ඔයාගෙම කියලා තව බෝට්ටු සල්ලි වලට අරන්, ඒවායේ වැඩකරන්න මිනිස්සු යොදවලා, ඔයාගෙන කියලා වෙළඳ සමාගමක් පටන් ගන්න පුලුවන්. ඔයාට ඒකේ අයිතිකාරයා වෙන්න පුලුවන්. එතනිනුන් නවතින්නේ නැතුව ඔයා විකුණන මාලු ටින් කරලා ගම වටේත්, ටික කාලයකට පස්සේ අහල පහල ගම් නගර වලටත් බෙදා හරින්න පුලුවන්. ඒ වෙද්දි ඔයාට පුලුවන් වෙනවා මේ ගම අතහැරලා නගරයට ගිහින් ඔයාගේම කියලා තැනක් ව්‍යාපාර කටයුතු වලට හදාගන්න..."

තමාගේ දියුණුවට උපදෙස් දෙන ව්‍යාපාරිකයාගේ අවංකකම ගැන විශ්මයට පත් ධීවරයා ඔහුගේ මේ උපදෙස් අසා සිටියේ පුදුමයට පත්වය.
"ඉතින් මහත්තයෝ ඊට පස්සේ..?"
ධීවරයා ඇසීය.
එය අසා මඳහසක් නැගූ ව්‍යාපාරිකයා..

"ඊට පස්සේද? ඊට පස්සේ ඔයාට පුලුවන් ඔයාගෙම කියල ගෙදරක රජෙක් වගේ ජීවත් වෙන්න. සුදුසු කාලය ආවම ඔයා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වෙලා ඔයාගේ ධනය කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන්නත් පුලුවන් ඔයාට. ඔයා එතකොට මහා ධනවතෙක් වෙලා ඉවරයි"
නැවතත් ධීවරයා,
"ඊටත් පස්සේ මහත්තයෝ..?"

ධීවයාගේ උනන්දුව ගැන සතුටු සිතින් පිළිතුරු දෙන ව්‍යපාරිකයා ධීවරයාට මෙසේ පැවසීය.
"ඊට පස්සේ ඉතින් ඔයාට අන්තිමේදී විශ්‍රාම යන්න පුලුවන්. ඔයාට ආයේ ඔයාගේ වෙරළ අයිනේ තියෙන පොඩි ගෙදරට ඇවිත්, උදේම නැගිටලා, මාලු ටිකක් අල්ලාගෙන, ගෙදර ඇවිත් ළමයි එක්ක කල් ගත කරලා, හවසට බිරිඳ එක්ක නින්දක් දාලා, රෑ බෝවේගෙන එද්දි ගමේ යාලුවෝ එක්ක ගිටාරය ගසමින්, සින්දු කියමින් මධුවිත තොලගාලා නින්දට යන්න පුලුවන්. ඔයාගේ ජීවිතේ සැඳෑ සමය ඔයාට එහෙම නිස්කලංකව, සතුටින්, සැනසීමෙන් ගත කරන්න පුලුවන්.."

ව්‍යාපාරිකයා ජයග්‍රාහී ලීලාවෙන් පැවසුවේය.

මේ සියල්ල අසා සිටි ධීවරයා ව්‍යාපාරිකයා කියන දේ තේරුම් ගත නොහැකිව අවසානයේ මෙසේ ඇසුවේය.
"ඉතින් මහත්තයෝ මම දැනටමත් ජීවත් වෙන්නේ එහෙමමනෙ...?"

40අනං## මනං ## Empty Re: අනං## මනං ## on Sat Jan 26, 2019 10:25 am

aruna12


Stock Trader
Nice story

Sponsored content


Back to top  Message [Page 1 of 2]

Go to page : 1, 2  Next

Permissions in this forum:
You cannot reply to topics in this forum