වැඩිම පේටන්ට් බලපත්‍ර හිමි රට වෙන්න?
මුලු යුරෝපෙටම පලතුරු බෙදන එක වැවක් තියෙන රට වගේ වෙන්න?
CIA එකට නොදෙවනි මොසාඩ් වගේ රහස් ඔත්තු සේවාවක් තියෙන රට වෙන්න?
ජාතියක් වශයෙන් විද්‍යාව හා තාක්ශනේට වැඩිම නොබෙල් ත්‍යාග ගනනක් ඇති රට වෙන්න?
හොඳම බලවත්ම යුධ හමුදාවක් හිමි රටක් වෙන්න?
එක තෙල් නිධියක් නැති ඒත් ලෝකෙට ණය නැති ඊස්‍රයාලය වගේ රටක් වෙන්න?
හොඳම අභ්‍යවකාශ තාක්ශනයනය හිමි රටක් වෙන්න?
ලෝකෙ හොඳම ඩ්‍රෝන් තාක්ශනය හිමි රට වෙන්න?
ලෝකෙ හොඳම යුධ ගුවන් යානා නිපදවන රට වෙන්න?
න්‍යෂ්ටික ශක්තිය අවි වගේම පරීක්ශන කරන රට වෙන්න?
ආස නැද්ද ලෝකෙම ශ්‍රේෂ්ඨ ජාතියක් වෙන්න?
ආසයි නේද ශ්‍රේශ්ඨ උරුමයක හිමිකාරයෝ වෙන්න!!
එහෙනම්....
හැමදාම පාර්ලිමේන්තුවටයි දේශපාලඥයොන්ටයි බැන බැන ඉන්නෙ නැතුව
රට වෙනස් කරන්න ඊලඟ ඡන්දෙ වෙනකම් ඉන්නෙ නැතුව අද පටන්ගමු ද?
ඡන්දෙදි පාර්ලිමේන්තුව වෙනස් කරමු අද ඉඳන් අපි වෙනස් වෙලා ඉමු!
තම තමන් ඉන්න ක්ශේත්‍රයේ විශිෂ්ටයෙක් වෙන්න රට ගැන හිතන්න හැමෝම තම තමන්ට පුලුවන් විදිහට වැඩ කරමු
ජපන්නු වගේ කාර්යක්ශම ජාතිය්ක් වෙමුද?
වැඩ කරන පැය 8 තුල උපරිමයෙන් මහන්සි වෙලා රටට දෙයක් දෙමු!
අද ඉඳන්!
ටොපි කොලයක්වත් පාරේ නොදා කෙල ටිකක්වත් පාරට නොගහ ඉමු!
අපිට බැරි නෑ!
ඉස්සර අපි
වසර ගානක ශ්‍රේශ්ඨ ලිඛිත ඉතිහාසයක් තියෙන ජාතියක්!
සුද්දට කලින් මහා වැවි දාගැබ් හදපු ජාතියක්!
ආසියාවටම ධාන්‍යාගාරයක් වුන ජාතියක්!
විදේශ ආක්රමන රාශියකට බය නැතිව මූන දුන්න ජාතියක්!
ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් පෙරදිගකදී ලබපු විශාලම පරාජය දුන්න ජාතියක්!
දැන් අපිට මොනවද අඩු?
:ලෝකයේ හොඳම ටයිටේනියම් නිධිය පුල්මුඩේ
:එප්පාවල පොස්පේට්
:මුතුරාජවෙල පීට්
:සිලිකා වැලි
:මන්නාරම් ද්‍රෝනියේ තෙල්
:රෝස තිරුවානා
:ලෝකයේ හොඳම තේ සිලෝන් ටී
:ලෝකේ හොඳම මැණික්
:ලෝකෙ හොඳම මිනිරන්
:ඉන්දියන් සාගරයේ හොඳම වරාය ත්‍රිකුණාමලයේ
:ඉන්දියන් සාගරයේ හොඳම වෙලඳ වරාය කොලඹ
:රට වටේට මුහුද ඒකෙ ලුණු මාලු එකී මෙකී නොයෙක් දේවල් සහ සමුද්‍රීය ආරක්ශාව
:ඕනෙම දෙයක් වැවෙන සරු පසක්
:මධ්‍යම කඳුකරයෙන් පටන් අරන් රටපුරා යන ගංගා 108ක්
:රට පුරා ලොකු කුඩා වැවි 3000+
:ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තයක්
මේ ඔක්කෝටම වඩා වටිනම සම්පත මිනිස් සම්පත
Appolo එකෙන් සඳෙන් ගෙනාව පස් අධ්‍යනයට ගිය සිරිල් පොන්නප්පෙරුම
NASA එකේ ජේෂ්ඨ විද්‍යාඥයන් 10න් එක්කෙනෙක් වෙන ආචාර්ය සරත් ගුණපාල
කොස්මොසොයික් වාදය ගැන බ්‍රිතාන්‍යයේ අධ්‍යනය කරන ආචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ
ආචාර්ය චන්දිම ගෝමස්
මේ වගේ කොච්චර ඉන්නවද?
අපිට බැරිද?
නෑ අද ඉඳන් පටන්ගමු!
ශ්‍රීලාංකීය විශිෂ්ට ජාතියක් කරමු!