Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය
Submit Post
Submit Post
Market Place

Add an ad

View all ads

Latest topics

» Election is announced...What is your idea?Please comment
by rukshan1234 Today at 10:57 pm

» Positive News
by Promoney Today at 9:16 pm

» AAIC - Profit over one billion!!!!!
by wisdom79 Today at 9:12 pm

» Market again heading to 4800? :D
by Arrowrisk Today at 7:53 pm

» Massive Fraud At AEL subsidiry
by roshan1039 Today at 7:11 pm

» LOTUS TOWER economy
by Teller Today at 4:41 pm

» CFVF.N0000 -Deal to be happned on Next week?
by Teller Today at 4:12 pm

» RWSL can hit 3.10 LKR
by Teller Today at 4:06 pm

» Look PAP Amazing company
by Teller Today at 4:01 pm

» GOOD SHARES TO BUY
by Teller Today at 10:19 am

» BIL පුපුරා යාමට ආසන්නයි
by Equityinvestor Today at 9:43 am

» AEL Target price Rs 24
by rukshan1234 Yesterday at 11:35 pm

» TKYO X Target prce Rs.32.50
by rukshan1234 Yesterday at 11:31 pm

» Bansei Royal Resorts BRR up 23%
by Invest-Wise Yesterday at 4:52 pm

» RAL....RAL, Renuka Agri
by nirowat Yesterday at 3:33 pm

» Just About Prima Glass – GLAS
by KOLAA Yesterday at 1:18 pm

» LOOKOUT FOR SIRA
by Eugine Fernando Yesterday at 12:51 pm

» SEMB.N predictions
by 4Corners Yesterday at 10:14 am

» FORUM POLITICIANS
by CITIZEN Yesterday at 10:10 am

» After Advanced level what is
by lankaspeaker Yesterday at 9:57 am

» PRESIDENT ELECTION
by Ahcha Yesterday at 7:21 am

» Why AAIC Should trade above RS.50/-
by wisdom79 Mon Sep 16, 2019 7:56 pm

» Stupid fucking UNP and ranils ass hole economics
by samaritan Mon Sep 16, 2019 7:14 pm

» KAPI (MDT Walkers PLc)
by samaritan Mon Sep 16, 2019 7:12 pm

» Learn To Invest Yourself.
by Asoka Samarakone Mon Sep 16, 2019 5:56 pm

» DIVIDEND UPDATES Link
by Beta1 Mon Sep 16, 2019 3:12 pm

» lOFC definitely will hit 6/-
by Teller Mon Sep 16, 2019 1:04 am

» Renuka managemnt Treat SH as Trash
by Sanju121 Sun Sep 15, 2019 5:36 pm

» Blue Diamonds Voting & Non Voting
by Ahcha Sun Sep 15, 2019 6:35 am

» MULL trade up possibilities
by crs Sat Sep 14, 2019 7:22 pm

» MARA marai
by SECsux Fri Sep 13, 2019 6:22 pm

» SLTL REVALUATION OF ASSETS IS ON............
by Eng Krishantha Fri Sep 13, 2019 5:06 pm

» LIOC shares
by lakmal Fri Sep 13, 2019 12:47 pm

» JKH will touch 175 very soon
by Rare Fri Sep 13, 2019 11:10 am

» ඇවන්ගාඩ් අල්ලස් නඩුවෙන් ගෝඨාභය නිදහස්
by samansilva Fri Sep 13, 2019 12:25 am

» Invest AEL and TKYO return more than 30%...
by samaritan Thu Sep 12, 2019 5:15 pm

» Watch Out for MAL.X
by Cricketman Thu Sep 12, 2019 1:56 pm

» LOOKOUT FOR GLASS
by Sanju121 Thu Sep 12, 2019 1:02 pm

» NEXT RUN LDEV
by Sanju121 Thu Sep 12, 2019 12:28 pm

» BIL. N mandatory offer at Rs 6.80
by Equityinvestor Thu Sep 12, 2019 12:05 pm

» PAP vs RAL
by Teller Thu Sep 12, 2019 11:04 am

» RAL AND KZOO
by Ahcha Thu Sep 12, 2019 10:40 am

» RENUKA CAPITAL PLC KZOO.N0000@2.80
by ThilinaM Thu Sep 12, 2019 9:56 am


You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » කව්ද පකීර් ?(who is the Veteran)

කව්ද පකීර් ?(who is the Veteran)

Go down  Message [Page 1 of 1]

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
අපේ රටේ කොටස් වෙළද පොළේ ඉන්නෙ රටේ ජනගහනය අනුව කොතරම් අඩු ප්‍රමාණයක්ද?2009 යුද්ධෙන් පස්සෙ හුගක් දෙනෙක් කොටස් ගන්න පෙළබුන.2011-2012 කියන්නෙ ල0කාවෙ කොටස් වෙළද පොළේ ස්වර්ණමය යුගය.අද ල0කාවෙ කෝට්පතියන් වෙළා ඉන්න අ0ක 01 උනත් මේකෙන් තමා ආවෙ.නගරවල් පුරා කොටස් වෙළද පොළවල් වැටුන.පොල් මුදලාලිල,ගම්මිරිස්,මැණික්,මාලු,තේ,දොස්තර,ඉන්ජිනේරු,ගුරු,කම්කරු මෙකී නොකී  ගම්බද සල්ලි කාරයො මේකට එන්න පටන් ගත්ත.තැරව්කරුවන්ගෙ ආදායම මිලියන් ගනන් උනා.අලුතින් සි0හලෙන් කොටස් ආයොජක උපදේශකයින් පුහුණු කල.ඔහුන් ටයි දාගෙන කොකා කෝල බීල බුරියානි කන ගමන් හෙට ගහන කොටස මොකද්ද කියල කතා උනා.උදෙ 25ට තිබුන කොටස පැය දෙකකින් 65ක් උනා.ල0කාවම එකම සැනකෙලියක්.උගත් වැඩිහිටියො කිව්ව මෙහෙම වැඩිකල් යන්න බැ පරිස්සමින් කියල තරුන අපි උන්ට හිනා උනා.මෙලො වටිනාකමක් නැති කොටස්වල ඉඩම් විකුණල සල්ලි අරන් දැම්ම.පකීර්ල ලොකු ලොකු ගනන් හදල පෙන්නුව.අහෝ ඛේදයකි,, ඉරකි ,තිතකි.12000කට යයි කියපු කොටස් වෙළ්ද පොළ 4300ට යන්වා කියන තත්වයට 2019 දි පත් උනා !

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
ඒ කාලෙ තමන්ගෙ කොටස් වැඩි මිලට විකුනපු කශ්ටිය ලොකු වතු ,පිටරට සවාරි,ලමයින්ට ලොකු පාසල්,නෝනට අලුත් සාරි අරන් දීල මේ වගෙ ෆෝරම් වල නෙගටිව් කතා කිය කිය අඩු මුදලට කොටස් ගන්න පටන් ගත්ත.පිට පලාත්වල කොටස් වෙළද පොළවල් වැහුව ටයි දාල බුරියානි කාපු හුග දෙනෙකුට තමුන්ගෙ රැකියාව මාරු කරන්න උනා.තැරව්කාර ආයතන වැහුන.බෙන්ස් වලින් ආව උදවිය  පයින් ගියා.ගම්බද සල්ලිකාරයො කොටස් කියන කොට අම්මට බනින්න ගත්ත.මාරම ආතල් .රනිල් ආව කොල කට්ටිය සතුටු උනා අයෙත් පොඩි කාලයක් සතුටින් හිටිය.අපේ සිහිනය 12000 තවත් එහෙමමයි.

samaritan


Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics
Common man's plight under 'Yahapalanaya' turned 'Kunupalanaya'.,
කව්ද පකීර් ?(who is the Veteran) 2Q==

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
ඔබතුමා මොකද්ද අදහස් කලේ කාටුන් එකෙන්.

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
රටක දේශපාලනය ජනතාව අනුව  වෙනස් වෙනව කියලයි මට හිතෙන්නෙ.අපි ඉල්ලන දේ තමයි අපිට ලැබෙන්නෙ.තල වපුරල මුන් ගන්න බැහැනෙ.මම මෙහෙම ෆෝරම් එකක මෙව්ව ලියන එක පිස්සුවක් තමයි.ඒත් මේක කියවල එක්කෙනෙක් හරි තමුන් ගන්න තීරණ ගැන දෙපාරක් සිතුවොත් මට ඇති.මොකද යමක් තමුන්ටම වෙන්න ඕන නැ ඉගෙනගන්න.තව හුගක් පලල් ජනතාවක් එක්ක ඉදිරියට යායුතු දෙයක් තමයි කොටස් වෙළද පොළ.එක එක්කෙනා එක එක දේවල්වල්ට සමීක්ෂණ කෙරුවට කොටස් වෙළද පොළ ගමට ගෙනයාමෙදි අපි කැතම කැත විදියක් තමයි තෝර ගත්තෙ.තැරව්කරුවන්ගෙ ලාභය සහ ලොකුම 10-15 දෙනෙකුගෙ ලාභය පමණක් තීරණය කලා කියල හිතෙන්නෙ මට විතරක් වෙන්න බැහැ.අපි වැටුන වෙළද පොළක කොටස් ගන්න කියල ලොකුවට කතා කරන්නෙ නැ.තව දින කීපයකින් ලොකු මිනිසුන් ලාභයට තිබුන කොටස් ගත්තට පස්සෙ තමයි තැරව්කාර සමාගම්වල ඉන්න පොඩි ආයොජක උපදෙශකයින්ට කියන්නෙ දැන් මර්කට් හොදයි කියල.ඒ ගොල්ලොත් තමුන්ගෙ දැනුම වැඩි කර ගන්න කිසිම දෙයක් කරන්නෙ නැ.අඩුම තරමෙ මේ වගෙ ෆොරම් උනත් බලන්නෙ කීයෙන් කී දෙනාද?ආයොජනයක් සහ ඉතිරිකිරීමක් අතර වෙනසවත් තමුන් ඉදිරියට එන කෙනාට ඇගට දැනෙන්න කතා කරන්න පුලුවන් 10වත් හොයා ගන්න ලැබුනොත් සතුටුයි.අතට ලැබෙන දෙය කාල ඉන්න නිසා දැනුම තියෙන අය අනිත් අයගෙ දේවල් ලස්සනට කොල්ල කනව.(සමාවෙන්න කොල්ල කනව කියන වචනය ටිකක බර වැඩි )අපි හැමොටම යම් දිනීමක් ලබන්නනම් හුගක් ඉවසීමක් ඕන වෙනව.

Teller

Teller
Moderator
Moderator
Sri lanka stocks market has a big monopoly situation as most of the companies 80% holding by largest 20 share holders. Its easy to manipulate due to lesser liquidity. If this continues CSE will die soon. Just think in last 2_3 years how many IPO s came to CSE. This is a tragedy situation & i believe we are towards to back.


_________________
Teller said is said..

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
ස්තුතියි ටේලර් මහත්තය.අලුත් අයට හිතන්න උපදෙස් ටිකක් දෙන්න.වැටෙන මාර්කට් ගැන හැමදාම කිව්වට අපිව පසු කරල ලෝකයෙ කොටස් වෙළද පොළ මිල දර්ශ හුගක් උඩට ගිහිල්ල තියෙනව.ලෝකය අපි ඇතුලෙ නෙමෙයි ඉන්නෙ අපි ලෝකය ඇතුලෙයි ඉන්නෙ.මොනදේ කිව්වත් මීට වසර 8කට පෙර තිබුනු තැන නෙමෙයි අපේ සමාගම් තියෙන්නෙ.(කීපයක් හැරෙන්නට.)නමුත් කොටස් මිල හුගක් යට.ඒක අමතක කරන්න අමාරුයි.හැමදාම යටයනව කියල ගත්තු කොටස් පොඩ්ඩක් උඩට ගියපු ගමන් විකුනල. රටේ තියෙන ඔක්කොම චාට් පෙන්නල යට යනව කියල කිව්වට දැන් එව්ව එකක්වත් නැතිව උඩ යනව.ලොකු මිනිසුන් වැඩි මිලට ගත්තු කොටස් යටදි යම් සාමන‍යය (ඇවරේජ්)අගයකට ගත්තට පස්සෙ එයාල ලාභයකුත් එක්ක තමයි විකුනන්නෙ.හුගක් අය ඒක දන්නව. තමන් විකුනපු කොටස් නැවතත් අඩු වට ගන්න දාන සෙල්ලම හැමදාම කරන්න අමාරුයි.රටේ දේශපාලනය ගැන අලුත් බලාපොරොත්තු තියාගත්ත අයට හරිම ලේසියි තමුන්ගෙ අයගෙ මොරාල් වැඩි කරන්න මේවාගෙ දේවල් වලින්.දෙපැත්තෙම අයට අලුතින් හිතන්න අවස්තාවක් තියෙනව අපේ ගොනා ගැන.සමාජය කියවන කෙනෙකුට හුගක් දුර යන්න පුලුවන් වෙන්නෙ මෙවැන් වෙලාවකයි.මමනම් මේක බලන බූරු ගහන අයට කියන්නනෙ තමුන් අඩුවට ගත්ත කොටස විකුනන්න හදිස්සි වෙන්න එපා කියලයි.මේකෙ පකීර්ල නැහැ.තමුන්ගෙ හිත සමග සටන් කරල හිත පාලනය කර ගත්ත කෙනා තමයි පකීර්.මම ඇතුලු මේකට එන කිසිම කෙනෙක් අනිත් අයට ආදරෙට සල්ලි දාන්නෙ නැ.මොන දෙයක් හරි කියල (මම බොරු කියන්නෙ නැත.)තමුන්ගෙ කොටස වැඩි මිලකට විකුනන්නයි බලන්නෙ.උඩින් ගත්ත කෙනා අහුවෙන්ඩ තියෙන සම්භවිතාවය වැඩි කියල පොඩි එකෙක් උනත් දන්නවනෙ.වැටෙන මාර්කට් එකෙ තමුන්ගෙ එක විතරක් ඉහල යනව කියන අය ගැන සහ යන මාර්කට් එකේ සමහර කොටස් වැටෙනව කියන අය ගැනත් අපිට හිතන්න වෙනව.

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
අපි ඇත්තට මූන දෙන්න ඕන.සිදත්ල කොතරම් හිටියත් ඒ දණ්ඩ තරණය කරන කෙනා තමයි දිනන්නෙ.නිහල් සිල්වා මහතාගෙ සින්දුවට අනුව තෝමට පරාජය නැති අය තමයි හැමදාම කට්ටියට මාර්කට් නගිනකොටත් බහිනකොටත් ගිරව් මෙන් නගී නගී,බහී බහී කියමින් රුපියලට කපන්න උපදෙස් දෙන්නෙ.මේ වෙලාවෙ අඩු මුදලට ගත්ත වටිනා කොටස් උඩ යනව බලල ආස්වාදයක් ගන්න පුලුවන්නම් කොතරම් හොදද?ඒ වගේම තවමත් උඩට ගියෙ නැති වටිනා කොටස් ගැන පොඩ්ඩක් විපරම් කරල අනිත් ෆෝරම්වල කට්ටිය කියන්නෙ මොනවද,එයාලගෙන් අපිට ගන්න පුලුවන් හොද දේවල් මොනවද කියල පොඩි විවේකයක් අරන් වෙළද පොළට ගියොත් ලොකු අවදානමක් නැතුව ගොඩ යන්න පුලුවන් වෙයි.මතක තියාගන්න තවම අපිට වෙලාව තියෙනව තොරණෙ බල්බ් එල්ලුවාට තවම එලිය කරල නැ.ඊට ඉස්සර තමුන්ගෙ තැන රැක ගත්තොත් අපි ඔක්කොම ගොඩ.නිකන කිව්වෙ ඔහොම ය0......

Teller

Teller
Moderator
Moderator
Sanjulankas sinhala writing is very good , even i tried to google translator but its not perfect.


_________________
Teller said is said..

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Teller wrote:Sanjulankas sinhala writing is very good  , even i tried to google translator but its not perfect.
ස්තුතියි ටේලර් මහත්තය .උත්සහ වන්තය ජය ගනී.බලමු පුලුවන් කෙනෙක් උත්සහ කරයි. I love you I love you I love you

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
කව්ද පකීර් ?(who is the Veteran) We03h9O9k62ngAAAABJRU5ErkJggg==
මෙහෙමත් කියල තියෙනව.

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
යටින් දුන්න අයට සහ යටින් ගන්න හිටිය අයට සනීපයි නේද?බැ0කු ගන්න එපා කියපු අයගෙ බැ0කු පොතුත් නැතුව ඇති දැන්..ඔහොම ය0 ..හොද හොද සෙල්ලම එළි වෙන යාමෙට කිව්වලු.දැන්ම ගන්න එපෝ 6600දි ගන්ඩො...නිකන කිව්වෙ කලබල වෙන්න එපා.කොරොස් කටෙත් අත දා ගන්න බැරි වෙනවලු. Very Happy Very Happy Very Happy  Basketball Basketball Basketball

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
තවත් පාඩමක් ඉගැන්නුව කියල හිතෙනව.අපි යටින් ගත්ත කොටස් වැඩි මිලට විකුනල නැවතත් අලුතින් ගන්න සමහරුන්ට පුලුවන් උනා. හුගක් හිතල අඩුවට ගත්ත සමහර කොටස් යම් ලාභ ප්‍රතිශතයකට විකුණල බලනවිට තවත් උඩට යනව.නැවත එල්ලෙන එක අපේ පුරුද්දනෙ ආයෙත් එල්ලෙනව.මේ පාර පොඩියට වැටිල ඉහල යන්න උනාට තවත් දෙතුන්පාරකින් ඉහලටම ගිහින් පහලටම එන්නත් පුලුවන් ටික කාලයක් එහෙමම තියෙන්නත් පුලුවන්.ණයට ගන්න අය ලොකු කල්පනාවකින් ඉන්න ඕන වෙලාවක්, මෙව්වගෙ දාන සමහර කරුණු හින්ද විකුණන්න හිතෙන්නෙත් නැ.බෝකර්ල විකුණන්න කියන්නෙත් නැ.අපි බලමු, උඩ යන්න ඕන වගෙ දේවල් තමා කියන්නෙ.තමා හිසට තම අතමය හෙවනැල්ල කියන කතාව නිතරම හිතෙ තියාගෙන ඉන්න.මතක තියාගන්න වැටෙන වෙලාවට එයාල තමුන්ගෙ ලාභය මිසක් සේවාදායකය ගැන බලන්නෙ නැ.එයාලට බලන්නත් බැ මොකද එහෙම උනොත් එයාලත් අමාරුවෙ.මෙව්ව අපි ඔක්කොම දන්න දේවල්නෙ ඒත් මෙහෙම කියන්නෙ පොඩ්ඩක් මතක් කර ගත්තොත් අපිට හොද නිසයි.තවත් අතවත් ගහපු නැති පකීර්ල කතා කරන්නෙවත් නැති ඒත් අපිට යමක් උපයා ගත හැකි කොටස් හැන්ගිල තියෙනව.පොඩ්ඩක් බලන්න රැල්ලටම යන්න කියල කොහෙවත් නීතියක් නැ.සමාගම් හැම එකකම කොටස් ගත්ත යම් පිරිසක් ඉන්න බවත් එව්වාගෙ මිල ඉහල යාමකින් තොරව එයාලටත් පැවත්මක් නැති බවත් පොඩ්ඩක් හිතන්න.අඩුම ගානට හො අසන්න අඩුම මිලකට ගත්තම භය වෙන්න තියෙන අවස්තාව අඩු නිසා ඒ ගැනත් බලන්න.එහෙම ගත්ත එව්ව පොඩි පහල යාමකදි දීල අයෙත් ගන්න වෙන්නෙ අවදානමක් එක්ක කියල හිතන්න.අපිට ගොඩක් සල්ලි නැති නිස 25%50%හරි ඔයාල හිතන ගානක් වැඩි උනාම දෙන්න බලන්න.ඒත් යන මාර්කට් එකෙදි 100%200% ලාභත් තියෙන්න පුලුවන් කියල හිතන්න අපි බුද්ධිමත් වෙන්න ඕන.දැන් සියලු දෙනාගෙම හිත දේශපාලන ගේම් එක පැත්තට හැරිල හින්ද ලොකු අවදානම් වැඩවල යන්න එපා කියලයි කියන්නෙ.හැම රිපොට් එකටම යටින් දාන යම් උඩ පහල යාමකදි කිසිම වගකීමකට බැදී නැහැ කියන දෙය ගැන හිතන්න කියලයි නිතරම මතක් කරන්නෙ.අමාරුවෙන් හම්භකර ගත්තු සල්ලි කොටස් වෙළද පොළේ දාල බූරු ගහල කාබාසිනියා කර ගන්න එපා කියලයි සුද්ද සි0හලෙන් කියන්න තියෙන්නෙ.මම නිකන් කිව්වෙ ඔහොම ය0,.....

Teller

Teller
Moderator
Moderator
Remember my selling signals (applicable to some shares/avoid new buying) which i have warned 3_4 days before. Some times "A bird is on hand is value than 100 birds in the jungle".
GL


_________________
Teller said is said..

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
ටේලර් මහත්තය අපිට හුගක් දේවල් ඉක්මනටම අමතක වෙනව.නැවත මතක් කිරීම දිගටම කලයුතුයි.කාගෙ උනත් සල්ලිනෙ.

Dilithads


Stock Trader

If gota is nominated by 14th , what stock to be picked up ? Ex -Ael

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
දැන් ඉතින් වෙන කුමක් කරන්නද ,.... ආදරේ කරනු මිස.........
මාරම වැඩේ කියන්නෙ මේ දවස්වල අපි ගත්තු කොටස් නැතුව අනිත්ව ඉහල යනව ෆෝරම් වල කශ්ටියයි , ෆ්බී එකේ කට්ටියයි,වටේ එවුනුයි කියන්නෙ අද අපි ගොඩ මොකවත් කර ගත්තෙ නැද්ද කියල.හෙටනම් අරක ගහයි ,ගෝටගෙ ගෑනිගෙ අයියගෙ පුතාගෙ යාලුවෙක් තමා ඕකෙ ලොක්ක ආව ගමන් ගොඩමතමයි. (නම් කිව්වෙ උදාහරනයකට පමනි තමුන්ට ඕන කෙනෙක් දා ගන්න පුලුවනි.ටොයියන්ට සජිත්ද,ජෙප්පනට උන්ගෙ ලොක්කද,තුඩ කපපු උන්ඩ උනගෙ ලොක්කද,දෙමල අයට එයාලගෙ ලොක්කද දා ගැනීමට මගෙ විරුද්ධත්වයක් නැත. ) එක එකා අරක් ගත්තට මේක අපි ඔක්කොගෙම රටය.බූරු පොලේදි හැමොගෙනම තෝන් ගන්න එක ගන්නවාමය.
මගේ පරණ යාලුවෙක් (ඒකාලෙ නම කිව්ව ගමන් මාර්කට් එකෙ ඕන කෙනෙක් දන්නව මෙයා ගැන.)  කිව්ව කොටසක් මම ගත්තට  සුමානයක් විතර එකම තැන තියෙනකොට (එයා කිව්ව එව්ව දවස් දෙකෙන් උඩ යනව ) මම තාම අරක ගියෙ නැහැනෙ කියල ඇහුවම ටිකක් තරහෙන් කිව්ව දෙයක් අදටත් වල0ගු නිසා කියන්නම්,කොටස් වෙළද පොළේ තියෙන සමාගම් එක පාරම උඩට යන්නෙ නැ අනිත්ව උඩ යනව බලාන ඉන්න බැරිනම් යකඩයක් කටේ දාගෙන දතක් කැඩෙන්න හපන්න ඊට පස්සෙ නැගිටල ගිහින් බෙහෙත්දාගෙන එන්න.එතකොට ඔයාගෙ කොටසත් උඩ ගිහිල්ල තියෙයි. නිකමට කිව්වෙ.ඔහොම ය0.... Very Happy Very Happy Very Happy

Teller

Teller
Moderator
Moderator

The mentality of CSE investors revealed. Most of the time its a gambling place.


_________________
Teller said is said..

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Teller wrote:
The mentality of CSE investors revealed. Most of the time its a gambling place.
Thanks .....
විශේෂයෙන් ඒකමයි මෙහෙම ලිව්වෙ.පිස්සුවෙන් වගේ දිගටම ලියන්නෙ.යටින් ගන්න කොටස් යන මාර්කට් එකෙ විකුණන්න හදිස්සි වෙන්න එපා කියල.අඩුම ගානෙ එහෙම විකුණල ඊ ලගට ගන්න කොටස ගැනත් පොඩ්ඩක් හිතල ගන්න කියල. Very Happy Very Happy Very Happy

sanjulanka


Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics
@Teller wrote:I never recommend More than 80% shares of CSE. Dont loose your hard earned money. My calculations are very perfect and im 100% confident on that. GL ,hope for the best.

හැමදාමත් අපි අනුන් කියන දේ අහනවද?නැත්නම් තමුන්ගෙ පොඩි මොලෙන් හිතනවද?පකීර්ල නැ කියල පෙනවන එක මාරම පන් අප්පා..මෙතුමා කියන විදියට 240න් 20%ක් කියන්නෙත් ලොකු ගානක්.
මම හිතන්නෙ නම් ටිකක් වෙනස් විදියට.මගෙ තියරිය නම් තියරියක් නැති එකයි.සියලු දෙනාම කියන එව්ව අහල,ඉගි,අභිනව,වැල්වටාරම් ,මාරප්පන ගැන දෙතුන් නොව දස වරක් හිතල අතීතය හා අනාගතය වර්තමානයට ගලපල සතුටින් ඉන්න එකයි.හරිම සිම්පල් ප්ලැන් එකක්.
සමාගම්240 කිව්වෙ හිතේ විස්වාසයට මිසක් ඇත්තටම නෙමෙයි.පකීර්ලට ගාන හරියටම බලා ගන්න පුලුවන්.කොහොම උනත් කියන්න යන්නෙ ඔය සමාගම් 240ම වැටෙන කොට වැටුනත් නගිනකොට නගින්නෙ 20%ක්.එය පොඩ්ඩක් පැටලිලි හින්ද මමනම් කියන්නෙ වැහෙන්න ඔන්න මෙන්න තියෙන එව්ව නෙමෙයි (එව්වත් ඕනම මොහොතක නැගී සිටිය හැක )අනිත් සියලුම කොටස් යම් වැඩිවීමකට මෙම නගින වෙළද පොළේ ලක්වීමට පුලුවන්.මොකද මෙ සමාගම් සියල්ලටම හිමිකරුවන් ඉන්නව වගේම ඔහුන් තමුන්ගෙ සමාගමෙන් යම් අනාගත ලාභයකුත් බලාපොරොත්තු වෙනව.ලාභ ලභන නොලභන සියලු සමාගම් වල බලාපොරොත්තුව ඒකයි.එව්ව එක එක විදියට වෙන්න පුලුවන් .ඉතින් සම්මතයටම කොටු වෙන්නෙ නැතුව ටිකක් එළියට ඇවිල්ල ඕනම දෙයක් වෙන්න පුලුවන් කියල හිතාන වැඩ කරන අයට වාසි ගොඩායි. නිකන් කිව්වෙ ඔහොම ය0.... Very Happy Very Happy Very Happy

Teller

Teller
Moderator
Moderator
Sanjulanka represents typical CSE investors. Their thinking pattern has more weigh to gambling side like horse races. They know the horse and its pedigree,history and achievements. For my point of view this is an investment which needs much analysis fundementally rather than techniacally. Even assumption is part of the game but i rarely trust it.


_________________
Teller said is said..

reyaz

reyaz
Manager - Equity Analytics
Manager - Equity Analytics
@Teller wrote:Sri lanka stocks market has a big monopoly situation as most of the companies 80% holding by largest 20 share holders. Its easy to manipulate due to lesser liquidity. If this continues CSE will die soon. Just think in last 2_3 years how many IPO s came to CSE. This is a tragedy situation & i believe we are towards to back.

Explain to me how "minimum public holding requirement clause" works?

Sponsored content


Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum