ඔඩෙල් ආයතනය මෙසේ නම් වී ඇත්තේ ’අතිවිශිෂ්ට පාරිභෝගික අත්දැකීම’ යන සම්මානය සඳහාය.
ඵීලාසිතා ලෝකයේ ප‍්‍රමුඛම සම්මාන උළෙල සඳහා නම් වීම ද දැවැන්ත ජයග‍්‍රහනයක් බව පවසන ඔඩෙල් නිර්මාතෲ ඔටාරා ගුණවර්ධන, අතිවිශිෂ්ට පාරිභෝගික අත්දැකීමක් ලබාදීම යනු සිය ආයතනය විසින් වැඩිදුරටත් සාර්ථක කරගැනීමට ගන්නා උත්සහයක් බැවින් එය ’අතිවිශිෂ්ට පාරිභෝගික අත්දැකීම’ යන සම්මානය සඳහා නම් වී ම ද්විත්ව ජයක් බවද පවසයි.
මේ ආකාරයෙන් හැරඞ්ස්, අමිරිත්සා, ලිබර්ටි, එල් එල් බීන්, මේසීස් වැනි ලොවපුරා ප‍්‍රසිද්ධ ඇඳුම් ආයතන හා කරට කර තරගකිරීමට අවස්ථාව ලැබීම ගෞරවයක් බව ඇය වැඩිදුරයත් පවසයි.
2011 අන්තර්ජාතික විලාසිතා සම්මාන උළෙල ඔක්තෝබර් 20 දා නිව් යෝක් නගරයේ පැවැත්වීමට නියමිතයි.
http://www.srilankamirror.com