කොටස් වෙළඳපොළ ගනුදෙනුවලදී සේවක අර්ථසාධක අරමුදල විසින් වංචා කර ඇති බවට එල්ලවන චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.
සේවක අර්ථසාධක අරමුදලෙහි පවතින මුදල්වලින් සියයට 93ක්ම රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කර ඇති බවත්, සියයට හයක් පමණ කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. ඉතිරි සියයට එක කෙටිකාලීන රාජ්‍ය සුරැකුම්පත්වල ආයෝජනය කරන බවද මහ බැංකුව පවසයි.
සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කරන්නේ ආයෝජන පිළිබඳ තක්සේරුවක් කිරීමෙන් පසුව බවද ඒ සඳහා මුදල් මණ්ඩලයේ අනුමැතිය ලබාගන්නා බවද මහ බැංකුව සඳහන් කරයි.
සේවක අර්ථසාධක අරමුදල කොටස් වෙළෙඳපොළ තුළ කළ ආයෝජනවලින් පසුගිය වසරේදී රුපියල් මිලියන 2,504ක ලාභාංශ හා ලාභයක් ලබා ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
http://www.lakbima.lk/new_site/index.php?option=com_content&view=article&id=4052:wdde&catid=54:what-ails-you