යුද්ධය සඳහා ළමුන් බඳවාගනු ලබන සංවිධාන හෝ රටවල් ඇතුළත් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් "නින්දා සහගත ලැයිස්තුව(list of sham)" ඉදිරිපත් කරනු ලබයි.
ළමා සොල්දාදුවන් බඳවාගැනීම හා සේවයේ යොදවාගැනීම නිමාකිරීම සඳහා ආරක්ෂක කවුන්සිල විධි විධාන යටතේ ක්රියාත්මක කෙරෙන ක්රියාකාරී සැලැස්ම සාර්ථකව ක්රියාවට නැංවීම නිසා මෙසේ අදාළ ලැයිස්තුවෙන් ශ්රී ලංකාව ඉවත් කර ඇති බව ඒ පිළිබඳව අදහස් දැක්වූ ළමා හා සන්නද්ධ ගැටුම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත රාධිකා කුමාරස්වාමි මහත්මිය සඳහන් කර තිබේ.
ශ්රී ලංකාවේ සිවිල් යුද ගැටුම් පැවති කාල සීමාව තුළ එල්.ටී.ටී.ඊ සංවිධානය හා ටී.එම්.වී.පී ය එක්සත් ජාතීන්ගේ "නින්දා සහගත ලැයිස්තුව(list of sham)" ට ඇතුළත්ව තිබිණි.
කෙසේවෙතත් යුද ගැටුම් අවසන්ව ශ්රී ලංකා රජයේ හමුදා විසින් එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජයට පත්කිරීමත් සමග මෙන්ම ටී.එම්.වී.පී ය සියලුම ළමා සොල්දාදුවන් නිදහස් කිරීම සඳහා යුනිසෙෆ් සංවිධානය සමග එක්ව කටයුතු කිරීමත් සමග එල්.ටී.ටී.ඊ සංවිධානය හා ටී.එම්.වී.පී ය තවදුරටත් අදාළ ලැයිස්තුවෙහි නොවන බව සඳහන්ය.
http://sinhala.adaderana.lk/news.php?nid=24964