FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

රට ණය උගුලක වැටෙන්න ළඟයි Vote_lcap68%රට ණය උගුලක වැටෙන්න ළඟයි Vote_rcap 68% [ 178 ]
රට ණය උගුලක වැටෙන්න ළඟයි Vote_lcap18%රට ණය උගුලක වැටෙන්න ළඟයි Vote_rcap 18% [ 47 ]
රට ණය උගුලක වැටෙන්න ළඟයි Vote_lcap13%රට ණය උගුලක වැටෙන්න ළඟයි Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » DAILY CHRONICLE™ » රට ණය උගුලක වැටෙන්න ළඟයි

රට ණය උගුලක වැටෙන්න ළඟයි

Go down  Message [Page 1 of 1]

Malika1990

Malika1990
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

- කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය සිරිමල් අබේරත්න

ආර්ථික වර්ධන වේගය වැඩිවෙමින් අපේ රට දැන් මධ්‍ය ආදායම් ලබන රටක්‌ බව ප්‍රකාශයට පත් වී තිබේ. නමුත් විපක්‍ෂය කියන්නේ විදේශ මූල්‍ය ආයතනවලින් ලබාගත් ණය ගෙවන්නත් ආණ්‌ඩුවට ණය ගැනීමට සිදුව ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය ආයතනවලින් ලබාගත් වාණිජ ණය ගෙවීම සඳහා ගෙන ඇති මෙම ක්‍රියාදාමය පිළිබඳවත් ණය ගෙවීම සඳහා ණය ගැනීම රටේ අනාගතයට බලපාන ආකාරය පිළිබඳවත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශ ප්‍රධානී මහාචාර්ය සිරිමල් අබේරත්න සමග දිවයින ඉරිදා සංග්‍රහය පැවැත්වූ සාකච්ඡාවකි මේ.

මේ වන විට අපේ රටේ සංවර්ධන ව්‍යාපෘති ගණනාවක්‌ ආරම්භ වී තිබෙනවා. ආණ්‌ඩුව විදේශ රටවලින් විශාල වශයෙන් ණය අරගෙනයි මේ ව්‍යාපෘති දියත් කරළ තියෙන්නෙ. දීර්ඝ කාලීන සහන පොලියක්‌ යටතේ ගන්නා ණයවලට අමතරව ආණ්‌ඩුව වැඩි පොලියට දෙන වාණිජ ණයත් ගන්නව?

වාණිජ ණය කියන්නෙ සහන පොලියට දෙන ණය නෙමෙයි. සාමාන්‍ය වෙළෙඳපොළේ පවතින පොලියට දෙන ණය. එයට භාවිත වෙන්නෙ ලන්ඩන් අන්තර් බැංකු පොලී අනුපාතයයි. දේශීය පොලී අනුපාත එක්‌ක බලන විට ජාත්‍යන්තර පොලී අනුපාතයත් ඒ තරම්ම ඉහළ නෑ. නමුත් මේ ණය සහන ණය නෙමෙයි. දිගු කාලීන ණයත් නෙමෙයි. වසර 2-3 ක කාලයක සිට වසර 10 ක පමණ කාලයක්‌ තුළ මේ ණය ගෙවා අවසන් කළ යුතුයි. මේ විදිහේ ණය ආණ්‌ඩුව පසුගිය කාලයේ වැඩි වශයෙන් අරගෙන තියෙනවා.

රටේ ආර්ථික වර්ධනවේගය වැඩිවෙමින් තිබෙන බව ආණ්‌ඩුව කියන විට ආණ්‌ඩුව දැන් ණය ගෙවන්නෙත් ණය අරගෙනයි කියලයි විපක්‍ෂය කියන්නේ....

කෙනෙක්‌ ණයක්‌ ගන්නෙ ඒ ණය ආයෝජනය කරළ ආදායමක්‌ ලබල ඒ ණය ගෙවන්න. රටක්‌ වුණත් එහෙමයි. ගත්ත ණය ගෙවන්නත් ණය ගන්න සිදුවුණොත් ඒක ලොකු ප්‍රශ්නයක්‌.

ණය නොගෙන අපේ රට සංවර්ධනය කරන්න පුළුවන්ද?

ණය ගැනීම නරක දෙයක්‌ නෙමෙයි. ණය ගැනීම හොඳ හෝ නරක වෙන්නේ ඒ ණය යොදවන වැඩපිළිවෙළ අනුවයි. අපේ අයවැය අරගෙන බැලුවම රජය මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කරන්න, යටිතල පහසුකම් දියුණු කරන්න මේ ගන්න ණය ආයෝජනය කරළ තියෙනව. පිටරටින් ණය අරන් එබඳු සංවර්ධන ව්‍යාපෘතිවල ආයෝජනය කළාට කමක්‌ නෑ, නමුත් ඒ ව්‍යාපෘති ආර්ථික වශයෙන් ප්‍රතිඵලදායක විය යුතුයි.

මම හිතනව මේක අපේ රටේ කවුරුහරි පර්යේෂණයක්‌ හැටියට කරන්න ඕන කාර්යයක්‌. එනම් අපේ රටේ පුද්ගලික අංශය කරන ආයෝජනයි රාජ්‍ය අංශය කරන ආයෝජනයි අතර තියෙන ප්‍රාග්ධන නිමැවුම් අනුපාතය මොකක්‌ද කියල කවුරුහරි පර්යේෂණයක්‌ කරළ හොයල බලනව නම් ඉතාමත් ප්‍රයෝජනවත් වැඩක්‌.

මම එක උදාහරණයක්‌ කියන්නම්. දැන් මේ දිනවල රටේ විදුලිය කපා හරිනව. නමුත් පසුගිය කාලේ විදුලිය උත්පාදනය සඳහා විශාල වශයෙන් මුදල් ආයෝජනය කළා. නොරොච්චෝල, කෙරවලපිටිය, කොත්මලේ ස්‌ථානවල බලාගාර ඉදිකළා. නමුත් ප්‍රශ්නය විසඳිලා නෑ. ණයට අරං ආයෝජනය කළා... ඒ ණය ගෙවීමට තබා මූලික ප්‍රශ්නයවත් විසඳිලා නෑ. අපි පිටරටින් ණය අරං ක්‍රියාත්මක කරන්නෙ මේ විදිහේ ආයෝජන ව්‍යාපෘති නම් ඒ ණය ගෙවන්න අලුතෙන් ණය ගන්නව ඇරෙන්න වෙන කරන්න දේකුත් නෑ.

මේක අපේ රටේ අද ප්‍රධාන ප්‍රශ්නයක්‌. ණය අරන් අපේ රටේ ආයෝජනය කරළ තියෙන හුඟක්‌ ව්‍යාපෘතිවල ඒ ණය ගෙවන්නෙ ඒ ව්‍යාපෘතිවලින් ලැබෙන ආදායමෙන් නෙමෙයි. ගත්ත ණය ගෙවන්න ණය ගන්න සිදුවෙන ප්‍රධාන හේතුවක්‌ මේක. මොන විදිහේ ණය කළමනාකරණ ප්‍රතිපත්ති ගෙනාවත් අවසාන වශයෙන් අපේ රටේ මේ ගත්ත ණය ගෙවන්න වෙන්නෙ රටේ බදුගෙවන ජනතාවට. මේ ගේන ණය කළමනාකරණ උපායමාර්ග වලින් කරන්නෙ ගෙවන්න තියෙන ණය කල්දාගන්න එකයි. අද අපේ රටේ බදු ගෙවන ජනතාවටත් දැන් මේ ණය ගෙවන්න බැරි තැනට ඇවිත්. ඒ හින්ද ආණ්‌ඩුව තව ණයක්‌ අරං මේ හදිසියේ ගෙවන්ඩ තියෙන වාණිජ ණය ටික ගෙවනව. එතකොට බදු ගෙවන ජනතාවට දෙකම එකට හිමිහිට ගෙවන්න සිද්ධ වෙනව. දැන් මේ සිදුවෙමින් පවතින්නෙ ඒක.

ආයෝජනය කරන ණය මුදල්වලින් අපේක්‍ෂිත ආදායමක්‌ නොලැබෙනව නම් දිගින් දිගටම මේ ආකාරයට ණය ගැනීම කරගෙන යන්න පුළුවන්ද?

රටේ බදුගෙවන ජනතාවටත් මේ ණය මුදල් ගෙවාගන්න බැරිවුණොත් අපේ රට ණය උගුලකට වැටෙන්න ඉඩ තියෙනව. ගත්ත ණය ගෙවන්නත් ණය ගන්න සිදුවීම ණය උගුලකට වැටෙන්න යන රටවල් වල එක ලක්‍ෂණයක්‌. අපේ රට තවම එතෙන්ට ඇවිත් කියල මම කියන්නෙ නෑ. නමුත් පසුගිය කාලෙ අපේ රටේ ඇතිවුණු ප්‍රගතියේ වෙනස්‌කම් දිහා බලන කොට අපේ රටත් ණය උගුලකට වැටෙන්න ළඟ බවයි පෙනෙන්න තියෙන්නෙ. මෑතකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන 2.6 ක්‌ දුන්න. එහි අවසාන කොටස දෙන්න ඊයේ පෙරේදා පොරොන්දු වුණා. ඒක දෙන්නත් කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් ඩොලර් මිලියන 500 ක්‌ ඉල්ලුව. ඊට අමතරව ඩොලර් මිලියන 1000 ක ඒ කියන්නේ ඩොලර් බිලියනයක බැඳුම්කර නිකුත් කරළ ණය ගත්ත. මීට අමතරව භාණ්‌ඩාගාර බිල්පත් සහ බැඳුම්කරවලින් දේශීයව ගත්ත ණයත් තියෙනව. මේ අනුව අපේ රට විශාල වශයෙන් ණය ගන්නව. ඒ වගේම ඒ ගන්න ණය වලින් කොටසක්‌ ගත්ත ණය ගෙවන්න යොදවන බව සනාථ වෙලා තියෙනව.

ආණ්‌ඩුව ගත්ත මේ ණය යොදවල තියෙන්නෙ ගුවන් තොටුපල හදන්න, වරායවල් හදන්න, මහා මාර්ග හදන්න වැනි සංවර්ධන ව්‍යාපෘතිවලට නම් රට ණය උගුලකට වැටෙන්න යනවා කියල කියන්නෙ කොහොමද?

මෑත කාලය දිහා බලන විට අපේ රටේ සංවර්ධන ව්‍යාපෘතිවලට ආයෝජනය කරළ තියෙන්නෙ ආණ්‌ඩුව. පෞද්ගලික අංශය නෙමෙයි. ඒ ක්‍රියාවලිය දිහා බලන කොට පෙනෙන එක දෙයක්‌ තමයි අපේ රටේ ආර්ථිකයේ දියුණුව තවම අවශ්‍ය මට්‌ටමට පැමිණ නැහැ කියන එක. මේ නිසා තමයි මේ ණය ගෙවාගන්න අපේ රටට තවම බැරිවෙලා තියෙන්නෙ.

එක්‌දහස්‌ අටසිය ගණන්වල බ්‍රිතාන්‍ය ජාතිකයො අපේ රටේ පළමු රේල්පාර හදන විට ඒ සඳහා වැය වූ මුදලින් සියයට අනූවක්‌ ම අරගෙන තිබුණෙ ණයක්‌ විදිහට, ඒ ණය අරගත්තෙ ලන්ඩන් වෙළෙඳපළෙන්. ඒක වාණිජ ණයත්. ඒ කාලේ ලංකාවෙ තිබුණු බ්‍රිතාන්‍ය ආණ්‌ඩුවත් මේ ව්‍යාපෘතියට සියයට දහයක්‌ දීල තිබුණ. නුවර කොළඹ රේල් පාර හදන ඒ ව්‍යාපෘතියෙ අරමුණ වුණේ කාර්යක්‍ෂමව තේ ප්‍රවාහනය කිරීම. ඒ වන විට තේ ප්‍රවාහනය කළේ කරත්තවලින්. අව්වට වැස්‌සට හසුවීමෙන් සහ ප්‍රවාහනයට විශාල කාලයක්‌ ගතවීමෙන් විනාශ වන තේ ප්‍රමාණය අවම කර කඩිනමින් ප්‍රවාහනය කර වැඩි ලාභයක්‌ ගැනීමයි ව්‍යාපෘතියෙ අරමුණ. ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරළ අවුරුදු 30 ක්‌ යන විට ඒ ණය ගෙව්ව විතරක්‌ නෙමෙයි ලංකාව පුරා අනෙකුත් රේල් පාරවල් හදන්නත් ඒ ව්‍යාපෘතියෙන් ලැබූ ලාභයෙන් හැකි වුණා. රේල්පාරක්‌ හදන්න ගත්ත ණයෙන් සුද්දො එදා ඒ රේල් පාරත් හදල ණයත් ගෙවල රට පුරාම රේල් පාරවලුත් හැදුව. අද අපට ඒ රේල් පාරක කිලෝ මීටරයක්‌ හදාගන්නත් ණයක්‌ ගන්නෙ නැතුව බෑ.

මේ ණය උගුලෙන් ගැළවෙන්ඩ මගක්‌ නැද්ද?

මුලින්ම ආණ්‌ඩුව වියදම් අඩුකරගැනීම සඳහා විශේෂ අවධානයක්‌ යොමු කරන්න ඕන. අද ආණ්‌ඩුවේ වියදම් විශාල වශයෙන් වැඩිවෙලා තියෙනව. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් මේ පිළිබඳ අනතුරු අඟවල තියෙනව. ආණ්‌ඩුවේ වියදම් වැඩිවුණාට එහෙම වියදම් කරන්න තරම් ආදායමක්‌ නෑ. බදුවලින් සහ තවත් නොයෙක්‌ දේවලින් ආණ්‌ඩුව ආදායම වැඩිකර ගන්න බැලුවට එය සාර්ථක වෙලා නෑ. රටක්‌ ආර්ථික වශයෙන් සංවර්ධනය වන විට මධ්‍ය ආදායම් ලබන රටක්‌ බවට පත්වන විට සෘජු බදු ආදායම් ප්‍රමාණය ප්‍රතිශතයක්‌ විදිහට වැඩිවෙන්න ඕන වක්‍ර බදුවලට වඩා. නමුත් අපේ රටේ වක්‍ර බදු ආදායම වැඩි වුණාට සෘජු බදු ප්‍රමාණය ප්‍රමාණවත් ලෙස වැඩිවෙන්නෙ නෑ. ඒක පුද්ගල ආදායම දිහා බැලුවම නං අපේ රට පොහොසත් රටක්‌. හැබැයි බදු වියදම බැලුවම පෙනෙන්නෙ අපේ රට දුප්පත් රටක්‌ කියලයි. අවශ්‍ය පරිදි අපේ රට සෘජු බදු ආදායම වැඩි නොවන්නෙ ඇයි කියන එක සොයා බැලිය යුතු ප්‍රශ්නයක්‌.

අද වන විට ආණ්‌ඩුවේ වියදම් වැඩිවීම සහ අපනයන දුර්වල වීම යන ප්‍රධාන හේතු දෙක මත ණය ගෙවීමට ණය ගැනීමටත් විනිමය අනුපාතයේ අර්බුදයකුත් මතුවෙලා තියෙනව. මහබැංකුව විනිමය අනුපාතිකය පාලනය කිරීම අත්හැරියට පස්‌සෙ පාවෙමින් තිබුණු රුපියල විසිවෙන්න පටන් ගත්ත. පාවෙමින් තිබුණු රුපියල විසිවෙන්න පටන් ගත්තෙ ගෙවුම් ශේෂයේ ස්‌ථාවරත්වයක්‌ නැතිවීම නිසා. ගෙවුම් ශේෂයේ ස්‌ථාවරත්වයක්‌ නැති වුණෙ ආණ්‌ඩුවේ වියදම් වැඩිවීමත් අපනයන දුර්වල වීමත් නිසයි.

ආයෝජන ප්‍රවර්ධනය වේගවත් කිරීම මේ තත්ත්වයෙන් ගොඩඒමට තිබෙන දිගුකාලීන විසඳුමක්‌. ආණ්‌ඩුව තමුන්ගෙ වියදම් අඩුකර ගැනීමට අවධානය යොමු කළොත් එයින් කෙටිකාලීන තාවකාලික විසඳුමක්‌ ලබාගන්න පුළුවන්.

සාකච්ඡා කළේ -

පාලිත සේනානායක

දිවයින පුවත් පත අනුග්‍රහයෙනි
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=409800672

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum