මේ තත්ත්වය හේතුවෙන් බලාගාරයේ සියළු අංශ ක්‍රියාවිරහිත කිරීමට සිදුවූ බව බලාගාර පාලනාධිකාරිය අවධාරණය කර ඇත. එම තීරණය ගනු ලැබුවේ පූර්ව ආරක්ෂණ ක්‍රියාමාර්ගයක් ලෙස යැයි බලාගාර ඉංජිනේරුවන් පෙන්වා දෙයි.
මේ තත්ත්වය හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300 ක ධාරිතාවක් අද උදෑසන සිට අහිමිවී තිබේ. සම්ප්‍රේෂණ මාර්ගය සහ බලාගාරයේ ක්‍රියාකාරීත්වය යථා තත්ත්වයට පත්කිරීම සඳහා විශේෂ ඉංජිනේරු කණ්ඩායමක් මේ වනවිට කටයුතු කරන බව ලංකා විදුලිබල මණ්ඩල පාලනාධිකාරිය කියයි.
සිදුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් නිවැරදි තක්සේරුවක් අද සවස වනවිට ලබාගත හැකි බවත්, ඒ අනුව ඉදිරි කටයුතු තීරණය කරන බවත්, ලංවිම සභාපති මහාචාර්ය විමලධර්ම අබේවික්‍රම මහතා අවධාරණය කරයි.
මෙවන් තත්ත්වයකදි ගතයුතු සියළුම කඩිනම් ක්‍රියාමාර්ග මේ වනවිට ගෙන ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1293346992