රජය වෙනුවෙන් මහ බැංකුව විසින් ඩොලර් මිලියන 121.05 ක වසර තුනේ සංවර්ධන බැඳුම්කර අලෙවියක් කර තිබේ.
මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම බැඳුම්කර සය මාසික ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතයට වඩා වැඩි පදනම් අංක 400 ක සාමාන්‍ය බර තබන ලද අනුපාතයකට තීරණය වූ බවයි.
මෙහිදී මහ බැංකුව විසින් ඩොලර් මිලියන 60 ක සංවර්ධන බැඳුම්කර විකිණිම සඳහා ඉදිරිපත් කර තිබුණත් ඒ සඳහා ලංකාව තුළ ක්‍රියාත්මක දේශීය හා විදේශීය බැංකු වලින් ඩොලර් මිලියන 121.05 ක ලංසු ලැබී තිබෙන බව සඳහන්ය.
අද දිනයේදී මාස 06 ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතය (Libor) සියයට 0.67 ක් වනබව මහ බැංකුව කියයි. 2012 ජුනි මාසයේදී වසර තුනේ බැඳුම්කර විකුණනු ලැබුවේ ලන්ඩන් අන්තර් බැංකු අර්පණ අනුපාතයට වඩා පදනම් අංක 410 ක් වැඩියෙන් බව සඳහන්ය.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=366270909