මහ බැංකුව සඳහන් කරන්නේ මේ වසරේ පළමු මාස නමය තුළදී භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර සඳහා වූ ශුද්ධ ලැබීම් ප්රමාණය ඩොලර් මිලියන 821 ක්වූ බවයි.
මීට අමතරව, 2012 මුල් මාස අට තුළදී රජයට ලැබී තිබෙන දිගු කාලීන ණය ප්රමාණය ඩොලර් මිලියන 2292 කි.
මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ මේ වසරේ ජනවාරි-සැප්තැම්බර් කාලය තුළ වාණිජ බැංකුවල දිගු කාලීන ණය ගැනීම් ප්රමාණය ඩොලර් මිලියන 927.5 ක් බවත් කාර්තුමය පදනම අනුව ප්රකාශයට පත්කරනු ලබන ආයෝජන මණ්ඩල තුළ ලියාපදිංචි වූ සමාගම් විදේශ ණය ඇතුළත් මුළු විදේශ ආයෝජන ලැබීම් ප්රමාණය මේ වසරේ මුල් මාස හය තුළදී ඩොලර් මිලියන 452 ක් ලෙස වාර්තා වී තිබෙන බවයි.
මේ වසර අවසන් වනවිට වැඩි විදේශ ආයෝජන ලැබීම් ප්රමාණයක් අත්පත් කරගත හැකි බවට බැංකුව විශ්වාසය පළ කරයි.
විදේශ සංචිතය
මේ අතර, 2012 අගෝස්තු අවසන් වනවිට දළ නිළ සංචිත ප්රමාණය ඩොලර් මිලියන 7053 ක් බවත් දළ නිළ සංචිත හා වාණිජ බැංකුවල විදේශීය වත්කම් ඇතුළත් මුළු විදේශීය සංචිත ප්රමාණය ඩොලර් මිලියන 8694 ක් බවත් සඳහන්ය.
විදේශ සංචිත ප්රමාණය ආනයනික මාස වශයෙන් සැලකූ විට, දළ නිළ සංචිත හා මුළු විදේශ සංචිත ප්රමාණය පිළිවෙලින් ආනයනික මාස 4.3 කට හා 5.3 කට සමාන වනබව මහ බැංකුව කියයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=2032246652