සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති
ශ්‍යාම් නුවන් ගනේවත්ත
කොටස් වෙළෙඳපොළ සම්බන්ධ මාෆියාවක් තියෙනවා යෑයි තමන් සිතන්නේ නැතැයි ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවැසීය.
වචන භාවිත කරන විට අප ඉතා පරිස්‌සමින් භාවිත කළ යුතු බවද හෙතෙම කීවේය.
ඔහු මේ බව පැවැසුවේ එම කොමිසමේ ශ්‍රවණාගාරයේදී පසුගියදා (15 දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
"කොටස් වෙළෙඳපොළ පල්ලෙහාට ගේන්න උත්සාහ කරන පිරිසක් ඉන්න බව මට එදත් පෙනුණා. අදත් පේනවා. පසුගිය කාලයේ යම් යම් පුද්ගලයන් අතලොස්‌සක් විවිධ විදිහට දිගින් දිගටම උත්සාහ කළා Rණාත්මක අන්දමින්. ඒ අය සංවිධානාත්මකයි. ඒ උත්සාහය මෑතකාලීනව පවා පෙනුණා. අපි කොටස් වෙළෙඳපොළේ පාර්ශ්ව කරුවන්ගේ ඉල්ලීම් ඉටුකරනකොට පවා ඔවුන් පුවත්පත්වලට නිවේදන නිකුත් කළා. මේ අය මාෆියාවක් බවද ආචාර්ය ගොඩහේවා තවදුරටත් කීවේය.
ප්‍රවෘත්ති සාකච්ඡාවට කොමිසමේ වැඩබලන අධ්‍යක්‍ෂ ජනරාල් මහාචාර්ය හීරන්දු දිසා බණ්‌ඩාර මහතා ඇතුළු එම කොමිසමේ උසස් නිලධාරීහු සහ කොළඹ කොටස් වෙළෙඳපොළේ සභාපති ක්‍රිශාන් බාලේන්ද්‍ර ඇතුළු උසස් නිලධාරීහු ද එක්‌ව සිටියහ.
http://www.divaina.com/2012/11/19/news10.html