කොළඹ කොටස් වෙළඳ පොළ විසින් ස්ථාපිත කිරීමට යන නව ගනුදෙනු පද්ධතියේ ලයිස්තුගත ණය උපකරණ හිමියන්ට සිය ආයෝජන ගනුදෙනු කිරීමටත් ඒවායින් ඉවත් වීමටත් හැකි පහසුකම් ගොඩ නැගීමට සූදානම් වේ.
මේ බව කොළඹ කොටස් වෙළඳ පොළේ අධ්‍යක්ෂ ජනරාල් සුරේකා සෙල්ලහේවා පැවසුවාය.
ණය උපකරණ ගනුදෙනු කිරීමට පහසුකම් ලැබෙන මෙම නව ස්ව්‍යංක්‍රීය ගනුදෙනු පද්ධතිය ඉදිරි මාස දෙක ඇතුළත ස්ථාපිත කළ යැයි ඇය වැඩිදුරටත් විශ්වාසය පළ කළාය.
2013 අයවැය යෝජනා වලින් ණය උපකරණ ලයිස්තු ගත කිරීමට ලබාදී තිබෙන අනුබලය හමුවේ ලබන වසරේ ණය උපකරණ වැඩි වශයෙන් ලයිස්තු ගත වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
දැනට කොළඹ කොටස් වෙළඳ පොළේ පවතින DEX ක්‍රමය යටතේ ණය උපකරණ ගනුදෙනු කිරීමට වෙනමම මෘදුකාංගයක් අවශ්‍ය වන නිසා ණය උපකරණ ගනුදෙනු කිරීම මේ වනවිට සාර්ථකව සිදු නොවේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1021763090