නත්තල් කෑ හැටි කොමර්ෂල් වාර්තාවෙන් පෙනේ
නත්තල් උත්සව සමය පැවතුණු දෙසැම්බර් මාසයේදී කොමර්ෂල් බැංකුවේ ස්ව්‍යංක්‍රීය ටෙලර් යන්ත්‍ර ජාලය තුළින් වාර්තාගත මුදලක් ගනුදෙනු කරුවන් ලබාගෙන තිබෙන බව අනාවරණය වේ.
මේ අනුව, කොමර්ෂල් බැංකුව පවසන්නේ 2012 දෙසැම්බරයේ සිය ටෙලර් යන්ත්‍ර ජාලයෙන් රුපියල් බිලියන 25.3 ක අති දැවැන්ත මුදලක් ගනුදෙනු කරුවන් ලබාගෙන තිබෙන බවත් එක් මසකදී සිය ටෙලර් යන්ත්‍ර ජාලයෙන් ලබාගත් වැඩිම මුදල මෙය බවයි.
බැංකුව සතුව දිවයින පුරා ටෙලර් යන්ත්‍ර 555 කට අධික ජාලයක් තිබෙන අතර මේවා තුළින් දෙසැම්බර් 01 වනදා සිට දෙසැම්බර් 31 වනදා දක්වා වාර්තාගත අයුරින් ගනුදෙනු මිලියන 5.57 ක් සිදුවී ඇත.
දෙසැම්බර් 10 වනදා, 21 වනදා, 24 වනදා, 28 වනදා සහ 31 වනදා යන දින වලදී මෙම ටෙලර් යන්ත්‍ර ජාලයෙන් ගනුදෙනු කරුවන් දිනකට රුපියල් බිලියනයකට වැඩි මුදලක් ලබාගෙන තිබෙන බව හෙළිවේ.