FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Banking Sector (3Q 2024)
by SL-INVESTOR Yesterday at 10:09 pm

» Plantation Companies
by SL-INVESTOR Yesterday at 10:03 pm

» COCR IN TROUBLE?
by Hawk Eye Mon Dec 02, 2024 10:31 pm

» PALM Stock Update: Ready to Break Out!
by Anura-K Fri Nov 29, 2024 5:40 pm

» Renewable Energy Companies (1H 2024)
by God Father Thu Nov 28, 2024 8:56 pm

» Crypto , Digital Currency Trading , Forex
by KavinduTM Thu Nov 28, 2024 5:52 pm

» Browns Investments PLC (BIL): Net Loss masked by One-off gains from Acquisitions
by mafasmunaseer Fri Nov 22, 2024 1:56 am

» Hotel Sigiriya (HSIG) most undervalued & huge profit making Hotel
by Chalitha Tharanga Tue Nov 19, 2024 6:44 pm

» Mahaweli Reach Hotels (MRH.N)
by Chalitha Tharanga Tue Nov 19, 2024 6:41 pm

» CSE to turn bullish after November 14 poll
by Rare Tue Nov 19, 2024 10:13 am

» ලාභ විජ්ජාව!!
by D.G.Dayaratne Mon Nov 18, 2024 8:11 pm

» ‘Buy the Rumour, Sell the News’
by God Father Sat Nov 16, 2024 12:00 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Sat Nov 16, 2024 9:56 am

» Oil prices fall further
by Rare Sat Nov 16, 2024 9:40 am

» Post-election winners.
by Rare Sat Nov 16, 2024 9:36 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Sat Nov 16, 2024 9:25 am

» COMMERCIAL BANK OF CEYLON PLC (COMB.N0000)
by EPS Thu Nov 14, 2024 10:31 pm

» People's leasing VS Singer Finance IPO Analysis
by ddrperera Wed Nov 13, 2024 8:18 pm

» Insights into LOLC Advanced Technologies
by samaritan Wed Nov 13, 2024 10:41 am

» LOLC Tech's ambitious plans for global expansion
by samaritan Tue Nov 12, 2024 2:06 pm

» PLANTATION SECTOR
by God Father Sun Nov 10, 2024 8:19 pm

» People's leasing company, a hidden gem? (an analysis)
by Nandana Withanage Sun Nov 10, 2024 6:56 pm

» PEOPLE'S LEASING BUYING SIGNAL Target Price 19 ..PLEASE KEEP EYE ON THIS..
by nilantha suranga Sun Nov 10, 2024 9:16 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

පොල් ගෙඩි 8 කතාව

5 posters

Go down  Message [Page 1 of 1]

1පොල් ගෙඩි 8 කතාව Empty පොල් ගෙඩි 8 කතාව Wed Feb 20, 2013 3:41 am

UKboy

UKboy
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

මේක කියවපුවහම මට ඇත්තටම පොල් වතු හිමිය ගැන දුකක් හිතුනා. නමුත් කොහෙද වරද තියෙන්නේ කියල හිතාගන්නත් බැහැ.

අපේ ගම්වල ඉන්න ගොඩක් මිනිස්සු අහිංසක නුගත් අය.


බලන් කඩතුරා හැර දෑසේ පොල් ගෙඩි 8 ගැන නැසූ කතාව මෙන්න

පොල් ගෙඩි 8 කතාව Bike_b11

බී. ඩී. මහේෂිකා මේ වන විට මුළු මහත් සමාජයේම අනුකම්පාව දිනාගෙන සිටින සුවිශේෂී දැරියකි. වාර්තා වූ අන්දමට ඇය අකුරු කරන හොරණ ශ්‍රී මේධංකර විදුහලේ පන්ති කාමරවල තීන්ත පිරියම් කිරීමට තම මව්පියන්ගෙන් රුපියල් අටසියයක මුදලක්‌ ගෙන එන ලෙස එම විදුහලේ විදුහල්පතිතුමා පාසලේ දරු දැරියන්ට දන්වා ඇත්තේය. එනමුත් දැරිවියට එම මුදල ගෙන යැමට තරම් හැකියාවක්‌ තිබුණේ නැත. එසේ වූයේ දිළිඳු බවේ පතුළටම බැස සිටින ඇයගේ මව්පියන් අත එතරම් මුදලක්‌ නොගැවසෙන හෙයිනි. දැරිය, ඒ මොහොතේ ඇයට ගන්නට හැකි අහිංසක සේම නීතියට අනුව වරදක්‌ බවට පත් වන තීරණය ගත්තීය. ඇය අසල්වැසි වත්තකට පැන හොරෙන් පොල් ගෙඩි අටක්‌ සොරකම් කරන්නට ගොස්‌ පොල් වතු හිමියාට හසු වන්නීය. අසල්වැසියා රටේ නීතිය අනුව සොරකු සම්බන්ධයෙන් ගන්නා සරලම තීරණය ඇය වෙනුවෙන්ද ක්‍රියාත්මක කරන්නේය. දැරිවිය නීතිය ඉදිරියට යන්නේ ඒ සිදුවීමත් සමගය. කෙසේ හෝ සාමාන්‍යයෙන් අපි අත්දකින සොරකමකට වඩා මේ හොර පොල් කතාව රට තුළ මහත් ආන්දෝලනයක්‌ ඇති වූයේa ඒ අනුවය.

ඒ පුවත අසන සෑම කෙනෙක්‌ම ඒ දැරිවිය ගැන අනුකම්පා කර පොල්වතු හිමියාව 'තිරිසනෙක්‌' ගානට ඇද දැමුවේය. අවසන පැමිණිලි පාර්ශ්වයෙන් පැමිණිල්ල ඉල්ලා අස්‌කර ගැනීමත් සමග දැන් ඒ දරුවාව අධිකරණයෙන් නිදොස්‌ කොට නිදහස්‌ කර හමාරය. දැන් මුළු සමාජයටම සතුටුය. එහෙත් ගින්නක්‌ නැතිව දුමක්‌ නගින්නේ නැතැයි කියා කතාවක්‌ ඇත. ඒ සා මේ කතාව යට ද සැඟවුණු තවත් ෙ€දනීය කතාවක්‌ ඇති බව නොරහසකි. එහෙයින් අපි මේ සිද්ධිය ගැන පසු විපරමක්‌ කිරීමට තීරණය කළෙමු. ඒ මහේෂිකා දැරිවියට අබමල් රේණුවක තරම්වත් අපහාසයක්‌ කිරීමේ අදහසින් නොව, සමාජයට වැරදුන තැන නිවැරැදි කර දීමටය.

රටේ දරුවන් වෙනුවෙන් අපි නොයෙක්‌ අවස්‌ථාවල පෙරටවිත් හඬ අවදි කර ඇත්තෙමු. ඒ දැයේ දරුවන්ගේ ජයග්‍රහණ සම්බන්ධයෙන් මෙන්ම අසරණ දරුවන් වෙනුවෙනි. එසේ නම් දරුවන්ගේ යහපත වෙනුවෙන් පෙනී සිටිනවා සේම දරුවන්ගේ වුව, අකටයුතුකම් ඉදිරියේදී ද එසේම පෙනී සිටීමට අපට හැකියාව ඇත්තේය. අපි යථාර්ථය දකිමු.... කනගාටු නොවන්න අපි දැන් කතා කරන්නට යන්නේ ද මේ පොල් 'හුටපටේ' පැමිණිලි පාර්ශ්වය සමග සහ ගම්වැසියන් සමගය. මෙතැන් සිට පෙළ ගැසෙන්නේ ඔවුන් සමග කළ කතා බහකි.

පළමුවෙන්ම අපි පොල් වත්තේ අයිතිකරු හමු වීමු.

ඔබගේ නම...?

චන්ද්‍රසේන කරන්නාගොඩ.

ඔබගේ රැකියාව...?

මම රැකියාවක්‌ කරන්නේ නැහැ. වතුපිටිවලින් එන ආදායමෙන් තමයි ජීවත් වෙන්නේ.

ඒ කියන්නේ ඔබේ පොල් වත්තෙන් ලොකු ආදායමක්‌ එනවා ඇති...?

කවුද මහත්තයෝ අපිට පොල්වත්තක්‌ තියෙනවා කියන්නේ. මාධ්‍යකාරයෝ තමයි මට මහ විශාල පොල්වත්තක්‌ තියෙනවා කියලා මවලා පෙන්නුවේ. ගෙදර වත්තේ පොල් ගස්‌ තිහක්‌ තිස්‌පහක්‌ තියෙනවා. ඒක තමයි පුවත්පත්, ටී.වී. චැනල්වලින් මහා විශාල පොල් වත්තක්‌ හැටියට පෙන්නුවේ. ඕවා ගැන කතා කරලා දැන් වැඩක්‌ නැහැ මහත්තයෝ. අපිට වෙන්න තියෙන දේ වුණා. මුළු රටේම මිනිස්‌සු අපි දිහා බැලුවේ වැරැදිකාරයෝ විදිහට. මේ හැම දේම කළේ ජනමාධ්‍යයෙන්. තවත් ඔය ගැන කතා කරන්න එපා... දැන් අපිට පාඩුවේ ඉන්න දෙන්න...

අපි පැනය ඉදිරිපත් කළේ චන්ද්‍රසේන මහතාටය. නමුදු ආවේගශීලීව පිළිතුරු ලබා දුන්නේ ඔහුගේ බිරිඳය. ඇති වූ පොල් 'හුටපටෙන්' ඇය තවමත් කම්පනයට පත්ව සිටින බව ඇයගේ කතා විලාශයෙන් අපට පැහැදිලි විය. නමුදු ඇත්ත ඇතිසැටියෙන් හෙළිදරව් නොකිරිම හෙයින් ඔවුන් තව තවත් අගතියට පත් වන බව ඇයට තවමත් නොතේරීම නම් කනගාටුවට කරුණකි.

"නැහැ... නැහැ... සමහර මාධ්‍යකාරයෝ තමයි මේ සිද්ධිය විකෘති කරලා විකුණගෙන කෑවේ. ඒ නිසා රටේ හැම මාධ්‍ය ආයතයනයකටම දොස්‌ කියලා වැඩක්‌ නැහැ"

තම බිරිඳගේ සිතේ ඇති වූ ආවේගය සමනය කිරීමේ අදහසින් චන්ද්‍රසේන මහතා එසේ කීවේය.

ඔබට තියෙන පොල් ගස්‌ තිහ තිස්‌පහෙන් මාසෙකට කීයක්‌ විතර ආදායමක්‌ එනවාද?

එසේ අපි නැවත චන්ද්‍රසේන මහතාට පැනයක්‌ යොමු කළෙමු.

ඒක කියන්න පුළුවන් තව මාස දෙක තුනකින් තමයි. දැන් එක ගහකවත් පොල් නැහැ. ඔක්‌කොම හොරු කඩාගෙන ගිහින්.

ඒ කියන්නෙ මේ ගමේ පොල් හොරු ගොඩක්‌ ඉන්නවා...?

එහෙම කියන්න බැහැ... මේ ගම බොහොම හොඳ ගමක්‌. හාල් සේරුවක්‌, පොල් ගෙඩියක්‌ ඉල්ලුවහම නොදෙන මිනිස්‌සු මේ ගමේ නැහැ. අපි දානමාන දෙන්න කැමති හොඳ බෞද්ධ මිනිස්‌සු.

එතකොට ඔබ කියන පොල් හොරු කවුද?

ඒ ගැන කතා කරලා වැඩක්‌ නැහැ මහත්තයෝ... ඇත්තම කියනවා නම් මේ ගැන කතා කරන්න අපි බයයි. දැන් මේක රටේ ලොකු කතාවක්‌. එකක්‌ මාධ්‍යයෙන් හැම දේම කියන්නෙ විකෘති කරලා. මේ චෝදනාවෙන් ඒ ළමයාව පසුගියදා අධිකරණය නිදහස්‌ කළා. ඒ රුපියල් 50,000 ක ශරීර ඇපයක්‌ මත. ඒකත් සමහර පත්තරවල පොල් ගෙඩි අකුරින් දාලා තිබුණෙ රුපියල් 50,000 ක දඩ මුදලකට යටත්ව නිදහස්‌ කරලා කියලයි. රටේ ජනමාධ්‍ය මේ විදිහට බොරු ලියනකොට අපි කොහොමද මේ ගැන තව කතා කරන්නේ. තවත් ටී.වී. චැනල් එකක්‌ අපේ පොල් ගස්‌ විදිහට කොහෙවත් තියෙන පොල් ගස්‌ ටිකක්‌ පෙන්නල තිබුණා. මේව හොඳ වැඩ නෙමෙයි. ඉස්‌සර මේ වගේ දේවල් වුණේ නැහැ. දැන් මාධ්‍යකාරයෝ විකුණගෙන කන්න ඕනා වුණහම කබරගොයත් තලගොයෙක්‌ කර ගන්නවා. අනිත් එක තමයි ළඟදි දවසක මේධංකර ඉස්‌කෝලෙ විදුහල්පතිතුමාටත් කවුද පිරිසක්‌ ඇවිත් තර්ජනය කරලා ගියාලු. ඉතිං මේ සිද්ධිය ගැන තව කතා කරලා අපිට බැහැ කළු ගල්වල ඔළුව ගහා ගන්න.

හරි... මේ සිද්ධිය වුණෙ කවදද..?

පෙබරවාරි 4 වැනිදා සවස.

ළමයා පොල් කඩනවා දැක්‌කද...?

මට ඒ ගැන කතා කරන්න බැහැ. දැන් මේ සිද්ධිය ඉවරයි. කතාව ගියේ පොල් වත්තකින් පොල් ඇහිඳලා කියලා නේ දැන් එහෙමම හිතමු.

ඉතිං ඔබට දැන් ඇත්ත විස්‌තරේ රටට කියන්න පුළුවන්නෙ....?

වෙච්ච දේ ඉවරයි... දැන් මොනවා කිව්වත් ඵලක්‌ නැහැ.

ඔබ කිව්වා මේ සිද්ධිය වුණේ 4 වැනිදා සවස කියලා. එතකොට ඒ මොහොතේම ඔබ පොලිසියට පැමිණිලි කළාද?

නැහැ... එතකොට සවස හයට හයාමාරට විතර ඇති. ඒ නිසා ඒ වේලාවෙ පොලිසියට යන්න බැරි වුණා. ඊට පහුවෙනිදා උදෙන්ම පොල් ටිකත් අරගෙන පොලිසියට ගිහින් පැමිණිල්ලක්‌ දැම්ම.

ඔබ පොල් ගෙඩි කීයක්‌ පොලිසියට ඉදිරිපත් කළාද?

පොල් ගෙඩි අටයි.

ඒ ළමයගේ මව කියන්නෙ ඔබ පොලිසියට ඉදිරිපත් කරලා තියෙන්නේ ලෙලි ගහපු පොල් කියලා...?

නැහැ... මම පොල් පොලිසියට ගෙනිච්චෙ ලෙලි පිටින්. උසාවියේ නඩු භාණ්‌ඩ හැටියට ඒ පොල් තවම තියෙනවා. ඒ ගැන කාට හරි සැකයක්‌ තියෙනවා නම් උසාවියට ගිහින් බලන්න පුළුවන්.

පොල් ගෙඩි අටක මේ පුංචි හොරකම ඇයි ඔබ පොලිසියට අරගෙන යන්න තීරණය කළේ. සමථ මණ්‌ඩය හරහා සමථයකට පත් කර ගන්න තිබුණ නේ...?

මටත් දරුවෙක්‌ ඉන්නවා. මමත් කැමති නැහැ තව ළමයෙක්‌ව පොලිසි ගානෙ ගෙනිහින් අපහාසයට ලක්‌ කරන්න. විශේෂයෙන්ම ගැහැනු දරුවෙක්‌ව. මේ ළමයාගේ හොර වැඩේ අද නවත්වයි, හෙට නවත්වයි කියලා බලාගෙන හිටියා. ඒත් එහෙම වුණෙ නැහැ. දිගින් දිගටම කළා. මේ සිද්ධිය වුණ දවසෙත් මම ඒ ළමයවයි පොල් ගෙඩි ටිකයි අරගෙන ඒ ළමයාගේ ගෙදරටම ගිහින් ළමයාගෙ අම්මට කිව්වා. ඒ අම්මා කළේ දරුවට තරවටු කරනවා වෙනුවට මට බැණ අඬගැහුව එකයි. ඉතිං මම නීතියේ පිහිට පතන්නෙ නැතුව වෙන මොනව කරන්නද..

මෙතැන වැරැද්ද ළමයාගෙ නෙමෙයි. දෙමව්පියන්ගේ. ඒ දෙමව්පියෝ දැනගන්න ඕනා ළමයින්ව හරියට හදාගන්න. මේක එක දවසක්‌ නෙමෙයි දිගින් දිගටම කෙරෙන වැඩක්‌ නේ. මේ ළමයගේ තාත්තා ගල්කොරියක වැඩ කරන කෙනෙක්‌. දවසකට සැලකිය යුතු මුදලක්‌ පඩියක්‌ විදිහටත් ගන්නවලු. නමුත් ගන්න පඩිය භාගයක්‌ වියදම් කරන්නෙ අරක්‌කු වලටලු. ඉතිං බලන්න එහෙම අරක්‌කුවලට වියදම් කරන සල්ලි ළමයින්ගේ ඕනෑ එපාකම් වෙනුවෙන් වියදම් කළා නම් අද මේ ළමයා මෙහෙම හොරකම් කරන්න පෙළඹෙන්නෙ නැහැනේ. මම නැවත කියන්නෙ මේවා දෙමව්පියන්ගේ වරදින් වුණු දේවල්. ඒත් අන්තිමේ සමාජයෙන් අපහාස වින්දෙ අපියි. මේවට තමයි කියන්නෙ මහත්තයො වඳින්න ගිය දේවාලෙ හිසට කඩා වැටුණා කියලා.

ඔබ කියන්නේ මේ චෝදනාවට දැන් ඔබයි වැරැදිකාරයා වෙලා තියෙන්නෙ කියලා නේද?

ඒක ඉවරයි.... උසාවිය තීන්දුවක්‌ දීලා තියෙනවා. අපි නීතියට ගරු කරන මිනිස්‌සු.

මීට පෙරත් මේ ළමයා ඔබේ වත්තට පැනලා පොල් කඩාගෙන ගිහින් තියෙනවා කියලා ඔබේ කතාවෙන් අපට පැහැදිලි වෙනවා...?

මට ඒකට දැන් උත්තර දෙන්න බැහැ... ගමේ මිනිස්‌සු එක්‌ක කතා කළොත් ඕකට හොඳ උත්තරයක්‌ ගන්න පුළුවන්. ග්‍රාම සේවක මහත්තයාගේ ඉඳලා ගමේ මිනිස්‌සු සේරම මේ ළමයාගේ කල්කිරියාව හොඳටම දන්නවා. යන්න ගිහින් ගමේ මිනිස්‌සුත් එක්‌ක කතා කරන්න. හොඳ හොඳ උත්තර ලැබෙයි.

ඒ කියන්නෙ මේ ළමයා ගමේ තවත් වතුවලට පැනලා හොරකම් කරනවා කියන එක නේද?

ගමේ මිනිස්‌සුත් එක්‌ක කතා කරලා බලන්න මහත්තයෝ...

හරි... ඔබට මේ පැමිණිල්ල උසාවියට ගෙනි යන්නෙ නැතුව පොලිසියෙන් බේරගන්න තිබුණා නේ...?

මම පොලිසියට ගිහින් පැමිණිල්ල දැම්මා. පොලිසිය ඒ පැමිණිල්ල උසාවියට ඉදිරිපත් කළා. මේ චෝදනාව පොලිසියට විසඳන්න බැරි නිසා උසාවියට දාන්න ඇති.

අපි පොලිසි ගියේ මේ ළමයාව හිරෙ විලංගුවෙ දාන්න නෙමෙයි. පරිවාසෙට දාලා හරි ළමයට යහපතක්‌ කරන්න කියලා හිතාගෙනයි. ගමේ හැමෝම කතා බහ කළේ මේ ළමයාව හොඳ මාර්ගයට ගන්නයි. ඇත්තටම දැන් අපි බලාපොරොත්තු වුණු දේ වුණා. ඒ ළමයට විතරක්‌ නෙමෙයි මුළු පවුලටම යහපතක්‌ වෙලා තියෙනවා. ගෙවල් දොරවල් හදා දෙන්න මිනිස්‌සු ඉදිරිපත් වෙලා ඉන්නවා. ළමයට උගන්වන්න තව අය ඉදිරිපත් වෙලා ඉන්නවා. දැන් ඔක්‌කොම හරි ළමයා නිවැරැදියි. අපි වැරදියි. වැරදි කරන අයටත් හොඳ නම්, රටේ මිනිස්‌සුන්ටත් වැරදි කරන අය හොඳ නම් මටත් හොඳයි. දැන් ඉතිං ඒ ගැන කතා කරලා වැඩක්‌ නැහැ. අපහාස විඳලා හරි අපිත් පිනක්‌ කරගත්තා කියලා හිත හදා ගන්නවා.

මාධ්‍ය කඩකාරයන් විසින් මේ පොල් 'හුටපටය' දැන් චිත්‍රපට කතාවක්‌ කර හමාරය. ඒ චිත්‍රපට කතාවේ චන්ද්‍රසේන මහතා ද ප්‍රධාන භූමිකාවක්‌ රඟදැක්‌වු 'දුෂ්ඨ නළුවෙකි.' චිත්‍රපටයේ කතාව ගැන මාධ්‍යයට, මැති ඇමැතිවරුන්ට, මෙන්ම තවත් බලධාරීන්ට කරුණු දැක්‌වීමට ගොස්‌ දැන් ඔහු සිටින්නේ ජීවිතයත් එපා වෙලාය. එහෙයින් තවත් අපි ඔහුව අපහසුතාවට පත් නොකර මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය ගැන ගම්වාසීන් කියන කතා දැන ගැනීමට අපි අරණාගොල්ල ගම්මැද්දට ගියෙමු. එහිදී අපට ගම්වාසීන් කිහිප දෙනෙක්‌ සමගම කතා බහා කිරීමට අවස්‌ථාව ලැබිණි. ප්‍රථමයෙන් අපි ගම්වාසී කාන්තාවක්‌ කියූ කතාව අසා සිටිමු.

"මේ කෙල්ල යකෙකුටවත් බය නැති කෙල්ලක්‌. හවස හයට හතටත් ගස්‌ උඩ යනවා. එක දවසක්‌ හවසක මම ගේ ඇතුළෙ ඉඳල එළියට එනකොට කෙල්ල අපේ ගේ ඉස්‌සරහා පුවක්‌ ගහේ. කෙල්ල ගහේ ඉන්නවා දැක්‌කට මම කෑගැහුවෙත් නැහැ. මට බය හිතුනා කෙල්ල කලබල වෙලා වැටෙයි කියලා. මම අපේ දුවටත් කතා කරලා පෙන්නුවා. අපි ඒ ළමයා ගහෙන් බහිනකම් බලාගෙන හිටියා. පොල් කඩන මිනිහෙක්‌වත් ඒ ගහට යන්න බයයි. ඒ තරම් ගහ උසයි හීනියි. අර තියෙන්නෙ අන්න අර ගහ" පුවක්‌ ගස්‌ පෙළක්‌ අතරින් උසම ගස ඇය අපිට පෙන්නුවාය.

"ගහෙන් බැස්‌සට පස්‌සෙ අපි ඒ ළමයාගෙන් ඇහුවා ඇයි අපේ ගහේ පුවක්‌ කැඩුවේ කියලා. එතකොට ළමයා කිව්වා ගාල්ලේ ලොකු අම්මලාගේ ගෙදර දානෙට ගෙනියන්න කියලා. අමූලික බොරුවක්‌. මේ අවට ගෙවල්වල දොර ජනෙල් වහල තියෙනකොට මේ ළමයා වත්තට පැනලා පොල් ගස්‌වලට නැඟලා ගෙඩි කඩාගෙන යනවා. පොල් කඩන්නෙත් නියම හොරෙක්‌ විදිහට තමයි. එක ගෙඩියක්‌ කඩලා දාලා අනිත් ගෙඩිය දාන්නේ ටික වෙලාවකට පස්‌සෙයි. කවුරු කියා දීලාද? කොහෙන් ඉගෙන ගෙනද දන්නෙ නැහැ. පොඩි කමට නෙමෙයි ඒ තරම් පරිස්‌සමට වැඩේ කරනවා. මේ ළමයාට පුවක්‌ පොල් නම් පෙන්වන්න බැහැ"

"තව දවසක්‌ අපේ ගේ ඇතුළට ඇවිත් අම්මාගේ 'පර්ස්‌' එක හොරකම් කරලා තිබුණා. කොහොමහරි ළමයාව අපිට සැක හිතිලා අහනකොට හංගලා තිබුණු තැනකින් ගෙනත් දුන්නා. ඒත් අපි පොලිසියට ගියේ නැහැ. ගමේ මිනිසුන්ගේ මොන දේ හොරකම් කළත් කවුරුවත් පොලිසියට ගියේ නැහැ. ඒක තමයි අපි කරපු වරද? අපි මුලින්ම පොලිසියට ගියා නම් මේවා මුලදිම නතර කරගන්න තිබුණා. එහෙම වුණා නම් මේ විදිහට ගම හැල්ලුවට ලක්‌වෙන්නෙත් නැහැ. පොල් හොරකම තමයි ඔය ළමයට විරුද්ධව මුලින්ම පොලිසියට අරගෙන ගියේ. අනේ දැන් ඒ මනුෂ්‍යයා ඉන්නෙ හොඳටම බය වෙලා. මේ ළඟදී දවසක ඉස්‌කෝලෙ පින්සිපල්ටත් කවුද ඇවිත් තර්ජනය කරලා ගියාලු."

"ඒක නම් වෙන කතාවත්"

ඇයගේ කතාවට තවත් ගම්වැසියෙක්‌ අත්වැල අල්ලමින් 'පොල් චිත්‍රපට කතාවේ' තවත් ප්‍රධාන නළුවකු වන විදුහල්පතිතුමාගේ අලුත්ම රඟපෑමක්‌ ගැන මෙසේ විස්‌තර කරන්නට පටන් ගත්තේය.

"කවුද පිරිසක්‌ ඇවිත් ඉස්‌කෝලේ පින්සිපල්ට තර්ජනය කරලා කියලා කතාවක්‌ තිබුණා. ඒ කතාව බොරුවක්‌. එයාට ප්‍රසිද්ධ වෙන්නයි රටේ මිනිස්‌සුන්ගේ අනුකම්පාව දිනාගන්න විදුහල්පතිතුමා දැනුවත්ම තමයි එහෙම කරගෙන තියෙන්නෙ.

"ඇත්තටම ඉස්‌කෝලෙ ඩෙස්‌ පුටු පේන්ට්‌ කරන්න කියලා ළමයින්ගෙන් රුපියල් 800 ක්‌ එකතු කරලා තියෙනවා. නමුත් මේ ළමයගේ මව්පියෝ දුප්පත් නිසා ඉස්‌කෝලෙ වැඩවලට මේ ළමයගෙන් සල්ලි අරගෙන නැහැ. හරියට පරීක්‍ෂණයක්‌ කරනවා නම් විදුහල්පතිව ගෙදර යවන්නත් පුළුවන්. ඇයි පාසලේ වැඩවලට ළමයින්ගෙන් මුදල් එකතු කරන්නේ. එහෙම කළේ නැහැ කියන්න බැහැ. පාසලේ ගුරුවරුන් හතර දෙනකුගෙන් යුත් කමිටුවක්‌ පත් කරලා තමයි මේ මුදල් එකතු කරලා තියෙන්නෙ. මහ ඇමැතිතුමා කියනවා මෙච්චර මුදලක්‌ මේ පාසලට වෙන් කරලා තියෙනවා කියලා. එහෙම තියෙද්දීත් ඇයි ළමයින්ගේ දෙමව්පියන්ගෙනුත් මුදල් එකතු කරන්නේ. ඒ ගැන කවුරුවත් කතා කරන්නේ නැහැ. මේ ළමයින්ගෙන් එකතු කරපු සල්ලිවලට මොකද වුණේ කියලා හරි නම් වෙනම පරීක්‍ෂණයක්‌ කරන්න ඕනා. ඒවා යට ගැහෙනවා"

"මේ විදුහල්පතිතුමා පාසලේ ළමයින්ට මරු නීති තමයි දාලා තියෙන්නෙ. එයා කියන පොත් සාප්පුවලින් තමයි ළමයි පොත් ගන්න ඕනා. ඊට අමතරව ඉස්‌කෝලෙ ළමයින්ට විදුහල්පතිතුමා නියම කරපු බෑග් එකක්‌ තියෙනවා ඒ බෑග් එක අනිවාර්යෙන්ම පාසලේ සෑම ළමයෙක්‌ම ගන්න ඕනා. ඒ බෑග් එක හදවලා විකුණන්නේ විදුහල්පතිතුමාගේ පුතා. බෑග් එක ගත්තෙ නැත්නම් ළමයින්ට පාසලට එන්න දෙන්නෙ නැහැ. ළමයි වෙනත් බෑග් එකක පොත් දාගෙන ආවොත් හවසට ළමයට ගෙදර යන්න වෙන්න පොත් ටික අතේ අරගෙන. ප්‍රින්සිපල් බෑග් එක තියාගන්නවා. අපි අධ්‍යාපන සේවා ඇමැතිතුමාගෙන් ඇහුවා පාසල්වලට බෑග් එකක්‌ නියම කරලා තියෙනවද කියලා. එතුමා ගත් කටටම කිව්වා එහෙම දෙයක්‌ නියම කරලා නැහැ, කිසිම පාසලකට වෙන වෙනම බෑග් වෙන් කරලත් නැහැ කිව්වා."

"පාසල් සපත්තුවලටත් ඒ කතන්දරයම තමයි. විදුහල්පතිතුමා කියන සාප්පුවෙන් විතරයි සපත්තු ගන්න ඕනා. ඒ පාවහන් වෙළෙඳසලෙන් විදුහල්පතිතුමාට කොමිස්‌ එකක්‌ ගෙවනවා. විදුහල්පතිතුමා නම් කියන්නේ ඒ ලැබෙන කොමිස්‌ මුදලෙන් පාසලේ දුප්පත් ළමයින්ට සපත්තු අරන් දෙනවා කියලයි. ඒත් කවමදාකවත් පාසලේ ළමයෙකුට අරන් දීපු සපත්තුවක්‌ නැහැ. කොළඹ සුපිරි පාසලකවත් මේ වගේ නීති නැහැ. ළමයින් මේ පාසලට ඇවිත් ඉගෙනගන්නේ විදුහල්පතිතුමාගේ ඔය සේරම නීතිවලට යටත් වෙලා තමයි. මේවා හොයන්න කිසිම අධ්‍යාපන බලධාරියෙක්‌ නැහැ"

කතාව හරිම ෂෝක්‌ය. පොල් 'හුටපටය මැද්දෙන් දැන් තවත් 'ලටපට' මතුවෙමින් තිබේ. ගම්මු කියන 'ලටපට' අස්‌සේ අපි පොල් 'හුටපටේ' ප්‍රධාන සැකකාරියගේ නිවස සොයා යමු.

අපි ඒ නිවසට යන විටත් අපේ කතා නායිකාව බයිසිකලයක්‌ පදිමින් සිටියාය. අප නිවසට ඇතුළු වී අසුන් ගත් විට ක්‍ෂණයෙන් ඇය අප ඉදිරියේ පෙනී සිටියාය.

දුවේ ඔයාගේ නම මොකක්‌ද?

'මහේෂිකා' කියා ඇය අප අසලින් දිව ගියාය.

මොකක්‌ද මේ පොල් ගෙඩි අටක සිද්ධිය...

අපට නිවස තුළට ආරාධනා කළ ඇයගේ මවට අපි එසේ පැනයක්‌ යොමු කළෙමු.

"ඔන්න ඔහොම කතාවක්‌ තිබුණා... දැන් නඩුවත් ඉල්ලා අස්‌ කරගත්තා කියලා රේඩියෝ ඒකෙ කියනවා ඇහුණා. අපි නම් නඩුවටවත් ගියේ නැහැ"

එහෙම නම් දැන් පොල් නඩුව ඉවරයි නේ.. වෙච්ච දේත් මුළු රටම දන්නවා නේ. මේ ගමේ මිනිස්‌සු කියනවා මේ ළමයා වතුවලට පැනලා ගස්‌වල තියෙන ගෙඩි හොරෙන් කඩාගෙන යනවා කියලා. ඒ කතාවේ ඇත්ත නැත්ත මොකක්‌ද?

"හරි මහත්තයෝ මේ සිද්ධිය වුණාට පස්‌සෙනේ මේ ගමේ උන්ට ඇහැරිලා තියෙන්නෙ. පහුගිය ඉරිදා ගමේ ආරක්‍ෂක කමිටුව තිබ්බා. ඒකට ගමේ ග්‍රාමසේවක රාළහාමි ආරක්‍ෂක කමිටුවේ සභාපති, ලේකම්තුමා එහෙමත් ඇවිත් හිටියා. මමයි අපේ මහත්තයත් ගියා. පොල් වත්තේ අයියත් ඇවිත් හිටියා. ඒ කමිටුවට ඇවිත් හිටපු පොලිසියේ ලොකු මහත්තයෙක්‌ පොල්වත්තේ අයියගෙන් ඇහුවා ඔයාගේ වත්තෙන් මේ ළමයා මාස කීයක තිස්‌සේ ඉඳලා හොරකම් කරනවද කියලා. එයා කිව්වා අවුරුදු එකහාමාරක්‌ තිස්‌සේ ඉඳලා වත්තේ බඩු හොරකම් කරනවා කියලා. එතකොට මම නැගිටලා ඇහුවා අයියේ.. ඔච්චර කාලයක ඉඳලා ඔයාගේ බඩු හොරකම් කළා නම් ඔයාට තිබුණානේ මේ ආරක්‍ෂක කමිටුවට හරි දැනුම් දෙන්න කියලා. එතකොට එයාගේ කට වැහුණා. ඔය දැන් කියන කිසිම හොරකමක්‌ ගැන ඉස්‌සර කවුරුවත් කියන්න ආවේ නැහැනේ. දැන්නේ මේ ගමේ උන් සේරම ළමයාට කතන්දර කියන්න එන්නේ.

මේ දරුවා ගස්‌ නගිනවා ඔබ දැකලා තියෙනවද?

මෙයාට ගස්‌ නගින්න බැහැ. අපි ළමයාව සුද්ද කරනවා නෙමෙයි. ළමයා අනුන්ගේ වතුවලට ගිහින් පොල් ගෙඩියක්‌ පුවක්‌ ගෙඩියක්‌ අහුලලා කඩවලට විකුණනවා කියලා අපි දන්නවා. ළමයා එහෙම විකුණලා ටොපි, වඩේ, තෝසේ කනවා. ගෙදරට නම් ශත පහක්‌වත් ගේන්නෙ නැහැ. ළමයා බය නැතුව කඩේට බඩු ගෙනියන්නේ කඩකාරයෝ බඩු ගන්න නිසානේ මහත්තයෝ. මෙතැන වැරැදි කඩකාරයෝ..."

ඒ මවගේ කතාව එවැන්නකි. කතාව නම් හරිම අපූරුය. වරෙක කැකිල්ලේ නඩු තීන්දුවටත් හපන් කතාවකි. තම දරුවා වැරැදි මගෙන් මුදගැනීමට තවමත් ඒ මවට උවමනාවක්‌ නැති සේය. පුංචි හෝ යහපත් සිතුවිල්ලක්‌ තිබුණා නම් තම දරුවා ගෙන එන හොර බඩු ගන්නා කඩහිමියන් වැරැදි කියන්නේ නැත. තවමත් ඇය තම දරුවා නිවැරදි කරයි. එමෙන්ම තම දරුවා කළ අකටයුතුකමට සමාජයෙන් ලැබුණු අනුම්කපාව මුසු වූ ප්‍රසිද්ධිය ඔවුන්ගේ බඩ වඩා ගැනීමට 'සෙත් කවියක්‌' කරගෙන තිබෙන බවක්‌ පෙනේ.

සමාජයේ දරුවන්ට අගේ ඇති පූර්වාදර්ශයක්‌ ලබාදෙමින් කතාව එසේ නිමාවට පත් විය.

අපි කතාව නිම කිරීමට පෙර මේ වචන ටික මෙසේ පෙළ ගස්‌වමු. රටේ හොරකම් කරන දේශපාලුවන්ට ආණ්‌ඩුව සුදු හුණු ගානවා සේම, සමාජයද මේ ළමයා කළ හොරකම සාධාරණීකරණය කර අනුකම්පාවත් සමග තෑගි බෝගද ලබාදී ඇත. රටේ මාධ්‍ය කඩකාරයෝ නයි නළඟන 'තරුවක්‌' කළා සේම මේ ළමයාවද 'ලිට්‌ල් ස්‌ටාර්' කෙනෙක්‌ කරන්නට යන්නේය. දැන් ආණ්‌ඩුව, රටේ මිනිස්‌සු, 'මාධ්‍ය කඩ තකට තක' සෙට්‌ වී සතුටු සාගරයේ දිය බුන් ගසමින් සිටිති. එවැනි වටපිටාවක හෙට ළමයෙක්‌ හෝ ලොකු එකෙක්‌ ඔබේ නිවසට පැන ඔබේ සබ්බසකලමනාවම අතගාගෙන ගියද කලබල නොවන්න පොලිසි නොයන්න එසේ කළොත් රටේ උදහසට ලක්‌වන්නේ ඔබය.

ඔහොම යං... ඔහොම්මම යමු.. කියනවා හැරෙන්නට
තවත් නම් කිසිවක්‌ කියන්නට ඉතිරිව නැත.

තරංග රත්නවීර
ඡායාරූප - විධුර විද්‍යානාත


http://www.divaina.com/2013/02/17/feature01.html

traderathome

traderathome
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

showk aney....

mata nikam pissu wagey Very Happy

Arena


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

Kehel gedi 2 kthawa wela dan meka............

Whitebull


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

This is story reminds me a story I heard during childhood.
In that story a mother had appreciated robbing of onion from a store by his little son.
But in later life mother regretted her action when that child became a thief in adulthood.
In my opinion this child should be punished,of course no need to go to the court by her parents (which is unlikely to happen) or by teachers for the benefit of her and the sociaty.

UKboy

UKboy
Senior Vice President - Equity Analytics
Senior Vice President - Equity Analytics

Whitebull wrote:In my opinion this child should be punished,of course no need to go to the court by her parents (which is unlikely to happen) or by teachers for the benefit of her and the sociaty.

Yes WB, I can agree with you.

I think most people strightaway blamed the land owner without knowing the other facts.

Whitebull


Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

I found another good example to show how these so called media people works.....
විදුහල්පතිනිය නිදහස්‌ : ජංගම දුරකතනය ගස්‌



මිනුවන්ගොඩ පාසල් දැරියගේ ඛේදවාචකය....

සියදිවි නසා ගැනීමක්‌ යනු පෞද්ගලික දෙයකැයි කෙනෙකුට තර්ක කළ හැක. ජීවිතයට මුහුණ දෙන්නට නොහැකිකම නිසා කරගත් මෝඩකමකැයි කියාද තර්ක කළ හැක.

එහෙත් ඔහුට හෝ ඇයට දිවි නසා ගැනීමට බලකරනු ලැබූ වටපිටාවක්‌ ඇති කරවනු ලැබ, කෙනෙකු දිවි නසා ගත්තේ නම් ඒ දිවි නසා ගැනීම ගැන අප බැරෑරුම් ලෙස කතා කළ යුතුය.

මේ එවන් කතාවකි.

ඇය මිනුවන්ගොඩ නාලන්දා විද්‍යාලයේ 12 වසරේ ඉගෙනුම ලබමින් සිටි ශිෂ්‍යාවකි. ජනවාරි මාසය සාමාන්‍යයෙන් පාසල්වල ක්‍රීඩා උත්සව පැවැත්වෙන කාලයයි.

අප කතා නායිකාව වන නිෂාදි මහේෂිකා ගේ ඉරණම තීන්දු කරන්නේ මේ ක්‍රීඩා උත්සවයයි. ඊට ආසන්නම සාධකය වන්නේ හෑන්ඩ් පෝනයයි.

ක්‍රීඩා උත්සවය පැවැත්වූයේ පාසල් ක්‍රීඩාංගණයේ නොව වෙනත් ක්‍රීඩාපිsටියකය. ඈ ක්‍රීඩා පිටියට ගියේ හෑන්ඩ් පෝනයත් රැගෙනය. පාසල් ගමනට හෑන්ඩ් පෝන් තහනම් නොවේ දැයි මව ඇගෙන් විමසුවාය.

එන්න රෑ වුණොත් තාත්තාට කෝල් එකක්‌ දෙනු පිණිස යෑයි ඈ ඊට පිළිතුරු ලෙස කීවාය.

එහෙත් සිදු වූයේ බලාපොරොත්තු රහිත වූ දෙයකි. ක්‍රීඩා පිටියේදී ගුරුතුමියක විසින් හෑන්ඩ්පෝනය අත්අඩංගුවට ගෙන තිබිණි.

පසුවදා ඇය පාසලට ගියේ සිය මවත් සමගය. ඒ විදුහල්පතිනියගෙන් සමාව ගනු පිණිසය. එහෙත් විදුහල්පතිනියගෙන් සමාව ලැබුණේ නැත.

"සති දෙකක්‌ පංති තහනම්, වෙන පාසලක්‌ සොයා ගන්න."

විදුහල්පතිනියගේ තර්ජනයෙන් මහේෂිකා දැඩිසේ කම්පනයට පත් වූවාය.

ක්‍රීඩා උළෙල අවසන්ව ආ යුත්තේ බසයෙනි. බසයෙන් බැස තවත් කි. මී. 1 1/2 ක පමණ දුරක්‌ ඇය පා ගමනින් යා යුතුය. යම් හෙයකින් රෑ වුවහොත් ඒ දුර තනිව යැම බිය සැක ගෙන දෙන්නකි. ඇය ටෙලිපෝනය ගෙන ගියේ යම් හෙයකින් රෑ බෝ වුවහොත් පියාට පාරට පැමිණෙන ලෙස දැන්වීමටය.

මහේෂිකා මේ පැහැදිලි කිරීම කළද විදුහල්පතිනිය පිළිගත්තේ නැත.

"සති දෙකක්‌ පංති තහනම්"

ඇගේ පිළිතුර එය විය. ඒ අතර වෙනත් පාසලක්‌ සොයා ගන්නැයි කීමෙන් ඇය පාසලෙන් ඉවත් කරනු ඇතැයි භීතියක්‌ ද ඇගේ සිතට ඇතුළු කරවනු ලැබීය.

ආපසු ගෙදර පැමිණි මහේෂිකා කල්පනාවට වැටුණාය. "ඇයි ඉස්‌කෝලෙ යන්නේ නැද්දැයි" අසල්වැසියන් අසන විට ඈ කීවේ මේ දිනවල නිවාඩු බවයි.

මේ අයුරින් ඇගේ හිසට මහා බරක්‌ පැටවිණි.

නිෂාදි මහේෂිකාගේ මව ඇඳුම් මැසීමෙන් මුදලක්‌ සොයා ගත් ගෘහනියකි. තාත්තා පෙදරේරුවෙකි. එහෙත් ඇය හොඳින් ඉගෙනුම කළ යුවතියකි.

ජීවිතයේ ආලෝකය ඉගෙනුමයි. දුගී බවේ ශාපයෙන් ගොඩ ඒමට නම් ඒකාන්ත ප්‍රාර්ථනය විය යුත්තේ ඉගෙනුමයි. එහෙත් ඒ ප්‍රාර්ථනාව හරහා අද වැටක්‌ බැඳී ඇත.

18 හැවිරිදි මේ යුවතියගේ සිත මහත් සංතාපයකින් පිරී ඉතිරී ගියේය.

පසුවදා අම්මා වැඩට යන්න සූදානම් වූ විට අම්මේ වැඩට යන්න එපා යෑයි කියා මව ගෙදර නතර කර ගත්තාය. ඒ ව්‍යාකූල සිත සනහා ගනු පිණිසය. එහෙත් අම්මාට හැමදා ගෙදර සිටිය නොහැක. දෙවැනි දින අම්මා වැඩට ගියාය.

පංති තහනම ඇගේ සිත විකල් කොට තිබිණි. ඇයට පෙම්වතෙක්‌ සිටි නමුදු ප්‍රෙAමයෙන් සිත සනහා ගන්නටවත් ඇයට නොහැකි වූවා විය හැක.

අන්තිමේදී ඇය කෘමි නාශක බීවාය. කෘමි නාශක ඇය වෙත ගෙන ආවේ ශෝචනීය වූ මරණයයි.

දිවි නසා ගැනීම් අපට අලුත් ඒවා නොවේ. විවිධ හේතූන් මත මිනිසුන් ගැහැනුන් දිවි නසා ගනිති. ඒ මරණයන් ගැන අපි ශෝක වන්නෙමු.

එහෙත් නිෂාදි මහේෂිකාගේ මරණය එසේ ශෝක වීමෙන් පමණක්‌ බැහැර කළ හැකි මරණයක්‌ නොවේ.

හෑන්aඩ්පෝනය පිළිබඳ ඇගේ මතය අහිංසක එකකි. එය ගෙන ගියේ පාසලට නොවේ. පාසලේ ක්‍රීඩාංගණයටද නොවේ. ක්‍රීඩා උත්සවය පැවැත්වුණේ වෑගොව්ව මහේන් ගුණසේකර නම් පිටස්‌තර ක්‍රීඩාංගණයකදීය. ඇය හෑන්ඩ් පෝනය ගෙන ගියේ එම ක්‍රීඩාංගණයටය. එදා රෑ බෝ වුවහොත් පියාට පාරට එන ලෙස දැනුම්දීම පිණිසය. මෙම ප්‍රයත්නය කෙතරම් අහිංසකද?

පාසල් ශිෂ්‍ය ශිෂාවන්ට හෑන්ඩ් පෝන් ගෙනයැම තහනම් වැරැද්දක්‌ ලෙස කිසිසේත් දැකිය නොහැක.

එහෙත් මිනුවන්ගොඩ නාලන්දා විදුහල්පතිනිය නිෂාදි මහේෂිකා දෙස මිනිස්‌ ඇසින් බැලුවා නම් කෙතරම් හොඳද? රෑ බෝ වුවහොත් තමා රැගෙන යනු පිණිස පාරට එන්නැයි පියාට පණිවුඩයක්‌ දීම පිණිස හෑන්ඩ් පෝනය පාසල් ක්‍රීඩාංගණයට ගෙන යැම සාපරාධී වරදක්‌ද?

මියුසියස්‌ විද්‍යාලයේ ශිෂ්‍යාවක්‌ පාසලේදීම ටයි පටියෙන් එල්ලී මිය ගියේ හෑන්ඩ් පෝනයක්‌ මුල්කරගෙනය.

එහිදී මියුසියස්‌ විද්‍යාලයීය ගුරු මණ්‌ඩලය දෝෂාරෝපණයට ලක්‌වූවා මෙන්ම මහත් අපහසුතාවටද පත්විය.

මිනුවන්ගොඩ නාලන්දා විදුහල්පතිනිය තත්ත්වය මේ තරම් බරපතළ වේ යෑයි නොසිතන්නට ඇත. එහෙත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ඇතැම් ගු=රුවර ගුරුවරියන් ප්‍රදර්ශනය කරන්නේ පහළ බාලාංශ ළමයකුටත් වඩා පහළ දැනුම් මට්‌ටමකි.

නිෂාදි මහේෂිකා සමාව ඉල්ලුවාය. සමාව දීම දේව ගතියකැයි යන රුවන් වැකිය අප ඉගෙන ගත්තේ කුඩා කලදීමය. නිෂාදිට සමාව දීමට තරම් දේවගතිය විදුහල්පතිනිය තුළ පහළ වී නම් නිෂාදි අද ජීවතුන් අතරය.

බොහෝ ගුරුවර ගුරුවරියෝ ජීවිත කාලය තුළම විභාග ලියති. ඩිප්ලෝමා හදාරති. අධ්‍යාපන මනෝවිද්‍යාව හැදෑරූ ගුරු භවතුන් පවා ශිෂ්‍යාවකගේ පෙම්හසුනක්‌ අසුවුවහොත් එය සලකන්නේ මිනී මැරීමට පමණක්‌ දෙවැනි වන අපරාධයක්‌ ලෙසටය. තමන්ටත් තරුණ වියක්‌, තරුණ පාසල් අවධියක්‌ තරුණ ප්‍රේමයක්‌ තිබුණු බව ගුරුවරු වූ සැණින් අමතක කරන්නේ ඇයි?

වරක්‌ එක්‌ විදුහල්පතිවරයෙක්‌ ශිෂ්‍යාවකගේ පෙම් හසුනක්‌ හසුවූ කල විදුහල්පති එම ශිෂ්‍යාව පාසලේ උදෑසන රැස්‌වීමට ගෙන්වා ප්‍රසිද්ධියේ ඒ ගැන සඳහන් කළේය. ඒ ශිෂ්‍යාව දිවි නසා ගත්තීය. අවුරුදු දහයකට පමණ උඩදී මේ සිද්ධිය වූයේ ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පාසලකය.

තවත් පාසලක ගැහැනු ළමයෙක්‌ හා පිරිමි ළමයෙක්‌ අතර පෙම් සබඳතාවක්‌ තිබෙන බැව් විදුහල්පතිනියට වෙනත් ගුරුවරියක්‌ සැලකළාය. විදුහල්පතිනිය ශිෂ්‍යාවගේ පියාට විදුහලට එන ලෙස ශිෂ්‍යාව අතම පණිවුඩයක්‌ යෑව්වාය. පියා පැමිණි පසු විදුහල්පතිනිය ශිෂ්‍යාව ගෙන්වා අසවල් ශිෂ්‍යයා සමග පෙම් සබඳතාවක්‌ පවත්වනවා නොවේදැයි පියා ඉදිරියේම ශිෂ්‍යාවගෙන් විචාලාය. අවංක ශිෂ්‍යාව ඔව් යෑයි පිළිගත්තාය. මෙයින් මහත් අපහසුවට පත් වූයේ පියාය. එදින ශිෂ්‍යාව ආපසු නිවසට ගියේ මර භීතියෙනි. එදින ඇය බරපතළ ලෙස පියාගෙන් පහර කෑවාය. එහෙත් ඇය දිවි නසා ගත්තේ නැත.

පසු කලෙක ඇය රජයේ ගුරුවරියක්‌ වූ අතර පාසල් පෙම්වතා රජයේ ලිපිකරුවෙක්‌ විය. අනතුරුව දෙදෙනා මවුපිය ආශිර්වාදය මැද උත්කර්ෂවත් ලෙස විවාහ වූහ. මං නම් කියා සිටියේ අර විදුහල්පතිනිය මේ මංගල්‍යයට කැඳෙව්වා නම් හොඳ බවය.

දැන් නිෂාදි මහේෂිකා ශිෂ්‍යාව මිය ගොස්‌ය. එය දිවි නසා ගැනීමකි. හදිසි මරණ පරීක්‍ෂකගේ තීන්දුවද එයයි. ප්‍රශ්නය වන්නේ එපමණකින් නාලන්දා විදුහල්පතිනියට සියල්ල අවසන් යෑයි යනුවෙන් අත පිසදා ගත හැකිද යන්නයි.

නාලන්දා විදුහල්පතිනියට කිසිදු දඬුවමක්‌ දීමට නීතියේ කිසිදු ප්‍රතිපාදනයක්‌ නැත. එහෙත් කළු පැල්ලමක්‌ ඉතිරි වී තිබේ. ඒ කළු පැල්ලම හෙවත් නිෂාදිගේ මරණය විදුහල්පතිනියගේ හෘදය සාෂිය හරහා වැටී තිබේ.

චන්ද්‍රසිරි දොඩංගොඩ
ඡායාරූප - ටෝනි කරුණානායක
http://www.divaina.com/2013/02/24/feature09.html

notme

notme
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

චන්ද්‍රසිරි දොඩන්ගොඩ මහතාගේ දිවයින ලිපිය මමද කියවුයෙමි . නමුත් මෙහිදී ඊට පහත සදහන් කරුණුද ඇතුලත් වූවානම් හොදය . මෙම ළමයාගේ ප්‍රේම සබදතාවයක් තිබු බව ඇගේ දෙමාපියන්ද පිළිගෙන ඇත .එය දෙමාපිය අවසරය මත පවත්වාගෙන ගිය එකකි .නමුත් එය පාසලට අනුමත කල හැකිද ? තවත් ළමුන් මෙසේ ක්‍රියා කළහොත් කල යුතු දේද මෙවැනි ලිපිවලින් යෝජනා කල යුතුය .පාසැල ක්‍රියා කරන්නේ පාසලට මෙම කරුණ බලපාන අයුරු සැලකිල්ලට ගෙන මිස මෙවැනි දේ කිරීමට තවත් ළමුන්ට දිරි දෙන අයුරින් නොවේ .අනෙක් අතට මෙම දුරකථනය යම් නොගැලපෙන දේ තිබු බව පැවසේ.මෙම දුරකථනය දෙමාපියන්ට ඇමතීමට පමණක් යොදාගත් බව පිළිගැනීමට තරම් ලේඛකයා බොලදවීම කනගාටුවට කරුණකි . පාසල් වියේදී දෙමාපියන්ගේ අවසරය ඇතිව ,අසල්වාසීන්ද දැනුවත්ව (එය නිරායාසයෙන් සිදුවන දෙයකි)ප්‍රේම සබදතාවක් පැවැත්වීමට තරම් මුහුකරා ගිය ළමයකු පන්ති තහනමක් නිසා දිවිනසා ගත බවට තීරණය කිරීමට තරම් හදිසි නොවී මීට වඩා කරුණු සොයා බල වාර්තා කිරීම කල යුතුව තිබුණි . බොහෝවිට මෙසේ සිදුවන්නේ අනෙකාට පෙර තමාගේ ලිපිය පුවත්පතේ පලකිරීමට පුවත්පත් සහ වාර්තාකරුවන් අතර ඇති තදියම නිසාය . පොල් ගෙඩි අටේ කතාව තරගයට වැරදි ලෙස වාර්තා කල බොහෝ විද්‍යුත්, මුද්‍රිත ජනමාද්‍ය කසාය බිවු ගොළුවන් සේ සිටිති .පාසල් වලදී ළමුන් සම්බන්දව අසාදාරන ලෙස තීරණ ගන්න අවස්ථා නැතුව නොවේ .ඒවා නිවැරදි ලෙසම සොයා බල වාර්තා කිරීමට කටයුතු කල යුතුය.නමුත් මේ ආකාරයේ ලිපි පළකිරීමෙන් මාධ්‍ය කෙරෙහි ඇති විස්වාසනීයත්වය කෙලෙසී යයි .ජනතාව මෙවැනි පුවතක් පළවූ විට ටෙලි නාට්‍යයක ඊලග කොටස එනතෙක් බලසිටින්නාක් මෙන් නියම තොරතුරු දැන ගැනීමට දින ගනනක් බලා සිටීමට දැන් පුරුදුවී ඇත .

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum