ලාභ පරාස අඩු වෙමින් තිබුණද 2012 දෙසැම්බර් කාර්තුවේදී සිය ආදායම 2011 අවසාන කාර්තුව සමග සැසඳීමේදී සියයට 31 කින්ද ලාභය සියයට 20 කින්ද රුපියල් මිලියන 15.9 ක් දක්වා වැඩිවූ බව කුරුවිට ටෙක්ස්ටයිල්ස් සමාගමේ ගිණුම් වලින් හෙළිවේ.
මේ අනුව, ගිය දෙසැම්බර් කාර්තුවේදී සමාගමේ කොටසකට ආදාළ ලාභය ශත 64 ක්වී ඇත.
2012 දෙසැම්බර් වලින් අවසන් වන මාස 09 තුළදී කොටසකට අදාළව රුපියල් 3.84 ක අලාභයක් සමාගම වාර්තා කර තිබේ. මෙම කාලයේදී සමාගම ලබා තිබෙන අලාභය රුපියල් මිලියන 95 ක් වන අතර 2011 මුල් මාස නමය තුළදී සමාගම ලබා තිබූ අලාභය රුපියල් මිලියන 276 කි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1352583104