එහි කළමනාකාර අධ්යක්ෂ විෂ් ගෝවින්දසාමි මහතා සඳහන් කරන්නේ, තම ව්‍යාපාර වෙළෙඳපළ තුළ ප්‍රමුඛයා ලෙස ර¹ පැවැත්මට ප්‍රධාන හේතුව වී ඇත්තේ පාරිභෝගිකයාගේ අවශ්‍යතාව හොඳින් හඳුනාගෙන කටයුතු කරන නිසා බවයි. එමෙන්ම ව්‍යාපාරයේ අනාගත දියුණුව ගැනත් අවධානය යොමු කරන බව කළමනාකාර අධ්යක්ෂවරයා ප්‍රකාශ කළේය.
තුන්වන කාර්තුවේදී ආයතනයේ මුළු ලාභය රුපියල් බිලියන 3.7 ක් වූ අතර, එය වාර්ෂිකව 31% ක ආදායමක් වන අතර දෙවැනි කාර්තුව හා සස¹ බැලීමේදී 14% ක අනුක්‍රමික වර්ධනයක් වේ. ආයතනයේ බදු වලින් පසු ආදායම රුපියල් බිලියන 453 ක් වූ අතර, එය 85% ක වාර්ෂික වර්ධනයක් වන බැවින්, 88% ක් ඉදිරි කාර්තුවටත් අදාළ වර්ධනයක් වන බව විෂ් ගෝවින්දසාමි මහතාගේ අදහසයි.
සන්ෂයින් ආයතනය මගින් පරිපාලනය වන සෞඛ්‍යය සේවයට අදාළ Sඊඛ වෙළෙඳ නාමය ඖෂධ, ශල්‍ය උපකරණ ආදී අංශ පහකින් සමන්විතය. සන්ෂයින් හෝල්ඩිංග්ස් ව්‍යාපාරයට වැඩි ආදායම් උපයන්නන් අතර කැපී පෙනෙන අංශයක් ලෙස සෞඛ්‍ය අංශය හැඳින්විය හැක. චිකිත්සක උපකරණ අලුතෙන්ම හඳුන්වාදීම මෙම වෙළෙඳ කටයුතු වැඩි කිරීමට හැකි වූ බවට කැපී පෙනෙන සාධකයකි. තවද, ගබඩා 20 කට අධික සංඛ්‍යාවක් හෙබි "හෙල්ත් ගාර්ඩ්, ඖෂධ අලෙවිසල් ජාලය විශාල වශයෙන් ජනතා ආකර්ෂණය ලබා ගැනීමට ද සමත් වී ඇත
http://www.divaina.com/2013/02/22/velanda05.html