ජපානයේ ඔනොමිචි ඩොක්යාර්ඩ් සමාගමට අනුබද්ධ කලම්බෝ ඩොක්යාර්ඩ් සමාගමේ ලාභය සියයට 28 කින් වර්ධනය වී රුපියල් බිලියන 1.9 ක්වී තිබෙන බව අනාවරණය වේ.
සමාගම පවසා තිබෙන්නේ නැව් අළුත් වැඩියා කටයුතු සඳහා බැරෑරුම් තත්ත්වයක් ඇතිවී තිබුණද අළුතෙන් නැව් ගොඩනැගීමේ කටයුතු මෙම ලාභ වැඩිවීමට හේතුවී තිබෙන බවයි.
මේ අනුව, ගිය වසරේ දෙසැම්බර් කාර්තුවේදී සමාගම රුපියල් මිලියන 434 ක ඉපැයීම් වාර්තා කර තිබෙන්නේ ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 7.9 ක වර්ධනයක් ලබාගනිමිනි.
මේ අනුව, දෙසැම්බර් කාර්තුවේදී සමාගම් සමූහය කොටසකට අදාළව රුපියල් 6.11 ක ලාභයක් වාර්තා කිරීමට සමත්ව තිබෙන අතර දෙසැම්බර් වලින් අවසන් වන වසර තුළදී රුපියල් 27.81 ක ලාභයක් වාර්තා කර තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1353594286