
(15/05/14)- මෙරට පුද්ගලික රක්ෂණ අංශයේ පෙරමුණේ සිටින සෙලින්කෝ රක්ෂණ සමාගමේ 2014 මාර්තු කාර්තුවේදී ලාභය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 13 කින් පහළ ගොස් රුපියල් මිලියන 285 ක්වී තිබේ.
මේ අනුව, සමූහයේ මෙම කාර්තුවේදී ලබා තිබෙන කොටසක ඉපයුම රුපියල් 10.82 කි.
දළ රක්ෂණ වාරික ආදායම සියයට 05 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 6.4 ක් වි ඇත.
සාමාන්‍ය රක්ෂණ අංශය සියයට 5.5 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 3.5 ක් වෙත්දි ජිවිත රක්ෂණ අංශය සියයට 4.7 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2.8 ක් වි ඇත.
රක්ෂණ වන්දි හා වරප්‍රසාද ගෙව්ම් සියයට 01 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 2.3 ක් වි ඇත.
ආයෝජන ආදායම් සියයට 14 කින් ඉහළ ගොස් රුපියල් බිලියන 1.97 ක් වි ඇත.
පසුගිය දෙසැම්බර් මාසයේදී රුපියල් බිලියන 87.4 ක්වූ සමූහයේ දළ වත්කම් ප්‍රමාණය මාර්තු මාසය වනවිට රුපියල් බිලියන 90.9 ක් දක්වා වර්ධනය වී ඇත.
මේ අතර, ශුද්ධ වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 18.3 ක සිට රුපියල් බිලියන 18.7 ක් දක්වා වර්ධනය වී තිබේ.
http://www.cse.lk/cmt/upload_report_file/367_1399974496956.pdf
http://www.randora.lk/index.php/markets/corporate-news-announcements/item/2739