(www.randora.lk-26/05/14 )- ශ්රී ලංකාවේ පැරණිතම මුදල් සමාගම වන පැරණි සෙලින්කෝ පාලනය යටතේ අර්බුදයට පත් වි ඇති ද ෆීනෑන්ස් මුදල් සමාගම ප්රතිව්යුහගත කිරිමේ දෙවන පියවර යටතේ මහ බැංකු හිටපු සහකාර අධිපති හා ශ්රී ලංකා බැංකු කරුවන්ගේ ආයතනයේ හිටපු අධ්යක්ෂ ජෙනරාල් ආචාර්ය S.H.A.M. Abeyratne මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව අධ්යක්ෂක මණ්ඩලයක් පත් කළ බව මහ බැංකුව නිවේදනය කරයි.
අනුර ලේකම්ගේ මහතා කළමනාකාර අධ්යක්ෂ ලෙස උසස් විමක් ලද ඇති අතරේ වරලත් ගණකාධිකාරි සුජිව රාජපක්ෂ මහතා උප සභාපති ලෙසත් ආර් අතුකෝරළ මහතා නව අධ්යක්ෂ වරයෙකු ලෙසත් මෙහි අධ්යක්ෂ මණ්ඩලයට අලුතින් පත් ව සිට්.හිටපු සභාපති ප්රීති ජයවර්ධන හා සී.රෝසා යන අය ස්වේච්ඡාවෙන් තමන් දැරු අධ්යක්ෂ මණ්ඩල තනතුරු වලින් ඉවත් ව ගිය බවද සදහන්ය.
අද පැවති මුදල් මණ්ඩල රැස්ව්මේ තීරණයන් අනුව යම්න් මෙම පත් කිරිමි සිදු කළ බවත් ශ්රී ලංකා තැන්පතු රක්ෂණ ක්රමය යටතේ හා ද්රවශිලතා සහාය සේවා යටතේ මෙම සමාගම සදහා දිගුකාලිණ ආධාර වැඩසටහනක්ද මෙහිදි අනුමත වු බව මහ බැංකුව කියයි.
නව තත්ත්වයන් හා අනුගත වෙමින් මහ බැංකුවේ මුදල් සමාගම් ඒකාබද්ධ කිරිමේ වැඩසටහන යටතේ ,නව ආයෝජකයෙකු සොයා ගැනිමේ කරතව්ය පහසු කරවිමද මෙහි අරමුණු අතර වු බව මහ බැංකුව සදහන් කරයි.
නව අධ්යක්ෂ මණ්ඩලය
Dr. S H A M Abeyratne, PhD (Chairman)
Mr. S Rajapaksha, FCA (Deputy Chairman)
Mr. A P Lekamge, MBA (Managing Director)
Dr. T Senthilverl, (Non-Executive Director)
Mr. R Ahukorala, MBA (Non-Executive Director)
Mr. T B Ekanayake, Attorney at Law & Notary Public (Executive
Director)
Mr. R D Abeywickrama, ACA (Executive Director)