(www.randora.lk-27/05/14 )- චිත්‍රා සත්කුමාර නායකත්වය දෙන ලංකා බැංකුවට අනුබද්ධිත ශ්‍රී ලංකාවේ විශාලතම කොටස් වෙළෙඳ පොළ සම්බන්ධිත ඒකක භාර අරමුදල වන සී බෑන්ක් ඒකක භාර ය රුපියල් මිලියන 417 ක වාර්තා ගත ලාභාංශයක් 2013/14 මුල්‍ය වර්ෂය වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ බව ඊයේ 27 දා කොළඹදි පැවති මාධ්‍ය හමුවකදි ප්‍රකාශයට පත් කළේය.
මෙය ඒකක භාරයක් සදහා රුපියල් 02 බැගින් සී බෑන්ක් ඒකක භාර අරමුදල සහ සී බෑන්ක් සෙන්චරි වර්ධන අරමුදල් සදහා ප්‍රකාශ කළ බවත් මෙය පසුගිය වසරේ ලාභාංශය හා සසදන කළ සියයට 300 ඉක්මවුවක් බවද මෙහිදි ප්‍රකාශ විය.
දැනට මෙරට පවතින කොටස් වෙළෙඳ පල පදනම් කරගත් ඒකක භාර අරමුදල් අතරින් 1992 වසරේ ආරම්භ කරන ලද දැනට රුපියල් බිලියන 5.8 ක ශුද්ධ වත්කම් වටිනාකමකින් යුක්ත මෙරට විශාලතම ආදායම් හා වර්ධන අරමුදල මෙම සී බෑන්ක් ඒකක භාර අරමුදල වන අතර 1998 වසරේ ආරම්භ කරන ලද දැනට රුපියල් බිලියන 01 ක ශුද්ධ වත්කම් වටිනාකමකින් යුතු වු සී බෑන්ක් සෙන්චරි වර්ධන අරමුදල මෙරට විශාලතම වර්ධන අරමුදල වන බවද සදහන්ය.
පසුගිය වසරේ කොටස් වෙළෙඳ පොලෙහි පැවති අස්ථාවරභාවය හමුවේ මෙවන් ලාභාංශයක් ලබාදිම ඉතා අභීයෝගාත්මක කටයුත්තක් වු නමුත් තම පළපුරුදු ආයෝජන කළමණාකරුවන් විසින් ගත් කාලෝචිත වත්කම් කළමණාකරණ තීරණයන් නිසා එම අභීයෝගය සාර්ථකව ජයගත් බව මෙහිදි කතා කළ සී බෑන්ක් සභාපති එල්.කේ හේවගේ මහතා කීය.
සී බෑන්ක් ඒකක භාර අරමුදල සහ සී බෑන්ක් සෙන්චරි වර්ධන අරමුදල් සඳහා ගෙවන ලද රුපියල් 02 ක ලාබාංශය ප්‍රතිශතයක් වශයෙන් ගත් කල පිලිවෙලින් සියයට 7.6 ක හා 3.4 ක ලාභාංශ ඉපයිමක් වන බවත් එය එම ඒකක භාර වල ප්‍රාග්ධන වර්ධනයෙන් ලැබු ලාභ අනුපාතිකයන් වන සියයට 7.9 හා 9.3 ට අමතර වු ප්‍රතිලාභයක් බවත් මෙහිදි කතා කළ සී බෑන්ක් ඇසෙට් මැනේජ්මන්ට් ප්‍රධාන විධායක චිත්‍රා සත්කුමාර මහතා කීය.
උදාහරණයක් වශයෙන් ගත් කල ,මීට වසර 10 කට පෙර සී බෑන්ක් ඒකක භාර අරමුදල සහ සී බෑන්ක් සෙන්චරි වර්ධන අරමුදල් වල ආයෝජනය කල අයෙකුට ඔහුගේ ආයෝජනය අද වන විට පිලිවෙලින් සියයට 256 කින් (වා.සා.පො.අ.13.6%)හා 351% කින් (වා.සා.පො.අ.16.3%) වර්ධනය වි ඇති බවත් හෙතෙම කීය.
පසුගිය වසර 05 තුල සී බෑන්ක් ඒකක භාර අරමුදල සහ සී බෑන්ක් සෙන්චරි වර්ධන අරමුදල් කොටස් වෙළඳපල ආයෝජනය තුලින් පිලිවෙලින් ලද රුපියල් මිලියන 2730 ක හා රුපියල් මිලියන 373 ක ප්‍රාග්ධන ලාභ මෙලෙස තම ආයෝජකයින් වෙත අඛණ්ඩව තිලිණ කරන්නට හැකි වු බවත් සත්කුමාර මහතා පවසා සිටියේය.
මෙහිදි කතා කළ සී බෑන්ක් අරමුදල් කළමණාකාර ඉන්දික රාජකරුණා මහතා කියා සිටියේ,දැනට පවත්නා අඩු පොලි අනුපාත තත්ත්වයන් යටතේ කොටස් වෙළෙඳ පොළ ආයෝජනය සදහා හිතකර ප්රවනතාවයක් ඇති ව ඇති බවත් සමාගම් වල ඉහළ ඉපයුම් හා ආකර්ශනීය මිල ඉපැයුම් අනුපාතයන් ආයෝජකයින්ගේ සහභාගිත්වය සදහා හිතකර තත්ත්වයක් ඇති කර ඇති බවත් ය.
සී බෑන්ක්හි අයිතිය ලංකා බැංකුව, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, කාසන් කම්බ බැච් පී. එල්. සී. සහ යුනිටි ට්‍රස් ඉන්ඩියා සතුය.
ජාතික ඉතිරිකිරිමේ බැංකුව මෙහි භාරකරු වේ.