දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 950 ඉක්මවාලිය. GOOD HOPE PLC,CARSON CUMBERBATCH PLC(CARS.N0000) ලයන් බිර හා ලංකා ටෙලිකොම් බිද වැටිම දිනයේ දර්ශක අගය බිද වැටිමට මුළික විය.ලංකා දුමිකොළ ධනාත්මක ප්‍රවේශයක් ලබා දුන්නේය.
අද වාර්තා වු ගිවිසගත් ගනු-දෙනු අතරේ හැටන් නැෂනල් බැංකු කොටස් 117,000 ක් කොටසක් රුපියල් 171 බැගින්ද කොමාර්ෂල් බැංකු කොටස් ලක්ෂ 03 ක් කොටසක් රුපියල් 145 බැගින්ද විය.
මේ වන විට ස්වේච්ඡා අර්පණයක් දියත් කර ඇති ලංකා සෙන්චරි ඉන්වෙස්ට්මන්ට් කොටස් මිලියන 14.1 ක් කොටසක් රුපියල් 11.30-12.70 අතර මිළකට සාමාන්‍ය පුවරුවේ හුවමාරු විය.මෙහිදි විදේශ විකුණුම් ක්‍රියාත්මක වි ඇත.
සෝෆ්ටිලෝජික් හෝල්ඩිංග්ස් කොටස් මිලියන 6.3 ක් හුවමාරු විය.මේවා බහුතරයක් විදේශ් ගැණුම් විය.
අද රුපියල් මිලියන 282 ක විදේශ් ගැණුම් සිදු වෙද්දි රුපියල් මිලියන 226 ක විකුණුම් සිදු ව ඇත.
මේ වන විට අර්බුදයකට ලක් ව ඇති PC House ව්‍යාපාරික ජාලයේ මුලාරම්භක S.H.M. Rishan සතු Dynaris Holdings (formerly Sansiyo Corporation) විසින් ස්වකිය වත්කම් බැහැර කිරිමට එරෙහිව කොළඹ සිවිල් මහාධිකරණයේ LANKA ORIX FINANCE PLC(LOFC.N0000)විසින් ලබා ගෙන තිබු අදාල අධිකරණ නියෝගයට අදාල කරුණු මේ වන විට සමථයකට පත්ව ඇතැයි LANKA ORIX FINANCE කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත දන්වා ඒවා ඇත.
DFCC බැංකුවේ යෝජිත රුපියල් බිලියන 05 ණයකර නිකුතුව ලබන අගෝස්තු 07 දා විවෘත වන බවත් කැපිටල් ඒලායන්ස් පාට්නර්ස් මෙහි කළමණාකරුවන් බවත් කොළඹ කොටස් වෙළෙඳ පොළ නිවේදනය කරයි.
latest update "REG InvestorSL " Mobile Alert -Send 77100
Any inquiries - investorsrilanka@gmail.com