මෙහිදි කොටසක් ගනු-දෙනු වෙමින් ඇත්තේ රුපියල් 20.50 කටය.
යුනියන් බැංකුව ප්රාග්ධන අර්බුදයක්ව පැවති අවස්ථාවේ මෙසේ බැංකුවේ සියයට 6.5 ක ප්රාග්ධන අයිතියකට සම්පත් බැංකුව දායක වු අතර දිගු කාලයක් තිස්සේ එයට ප්රතිලාභ හිමි නොවිම නිසා ඔවුන් එය ප්රතිළාභ නොලබන ඛාණ්ඩයකට ඇතුළත් කර තිබිණි.
පසුගිය ජුනි 30 දින වන විට කොටස් මිලියන 26.3 ක් හෙවත් සියයට 7.5 ක අයිතිය කොළඹ යුනියන් බැංකුවේ සම්පත් බැංකුව සතුව තිබු අතර ඊට පසු කාලය තුළ එයින් සියයට 01 ක් මෙම සෙන්තිල්වෙල් මහතාටම විකුණා තිබිණි.මේ අනුව ඔහු සතු සම්පත් අයිතිය සියයට 7.5 දක්වා ඉහළ යනු ඇත.
කෙසේවෙතත්,මෙම ආයෝජනය සමිබන්ධයෙන් මත පළ කරන විශ්ලේෂකයින් පවසන්නේ යුනියන් බැංකුවෙ මුළික කොටස් නිකුතු අවස්ථාවේදි ගනු-දෙනු සිදු වු මුල් අවස්ථාවේ මෙයට වඩා විශාල ප්රාග්ධන ලාභයක් ලබා මෙම කොටස් විකිණිමට හැකියාව තිබු අවස්ථාව පසෙකලා දැන් යුනියන් බැංකුව දැවැන්ත විදේශ් ආයෝජකයෙකු සමඟ සුවිශල් ගමනක් යාමට සුදානම් වන අවස්ථාවේ මෙම විකුණා දැමිම සිදු කිරිම එතරම් නුවණට හුරු ක්රියාවක් නොවන බවයි.