Isn't this a 'White Collar Crime'??? Please members share your comments.
A.T. Ariyaratne the ultimate owner of Deshodaya Finance company whose daughter even married to former SEC Director General should be questioned in this case.
(www.randora.lk-24/09/14)- අද උදැසන රුපියල් 35.50 කට ගනු-දෙනු වෙමින් තිබු දිලිත් ජයවීර අධිරාජ්‍ය දරණ ජෝර්ජ් ස්ටුවට් මුදල් සමාගමේ කොටස් මිලියන 15.8 ක් ගිවිසගත් ගනු-දෙනු දෙකක් මගින් කොටසක් රුපියල් 22.20 බැගින් දේශෝධය මුදල් සමාගම විසින් අත්පත් කර ගත් බව වාර්තා කියයි.
මෙම ගනු-දෙනුවේ වටිනාකම රුපියල් මිලියන 350.9 කි.
මෙහිදි ජෝර්ජ් ස්ටුවට් සහ සමාගම සතුව තිබු කොටස් මිලියන 11.4 ක් සහ තුෂාන් වික්‍රමසිංහ පාර්ශ්වය සතු කැපිටල් ට්‍රස්ට් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සතු සියළුම කොටස් ප්‍රමානය මේ අනුව දේශෝධය විසින් කලින් ඇති කර ගත් අවබෝධතා ගිවිසුම අනුව විකුණා ඇති බව සදහන්ය.
මෙම ගනුදෙනුවට ඉඩ සැලසිම සදහා ඊයේ ගිවිසගත් ගනුදෙනු සම්බන්ධ රේගුලාසි ලිහිල් කිරිමටද නියාමන කොමිසම පියවර ගෙන තිබිණි.
රුපියල් 15 කට ආසන්න පොත් අගයක් ඇති මේ සමාගමේ කොටසක මිල පසුගිය කාලයේ රුපියල් 750,1,500 වැනි දැවැන්ත මිලකටද නියමවි තිබුණේ අප කොටස් වෙළෙඳ පොළ ආයෝජකයින්ගේ දැනුම දැඩ් ලෙස ප්‍රශ්ණාර්ථයකට බදුන් කරමිණි.
අප ජුලි 21 දා පළ කල පුවත පහළින්
(www.randora.lk-21/07/14 )- ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් මුදල් සමාගමේ දිලිත් ජයවීර හා තුෂාන් වික්‍රමසිංහ පාර්ශ්වයන් සතු සියයට 75.9 ක කොටස් හිමිකම රුපියල් මිලියන 500 කට ශ්‍රී ලංකාවේ සර්වෝදය ව්‍යාපාරයේ පාලනයට නතු ක්ෂුද්‍ර මූල්‍ය සේවා සපයන දේශෝදය ඩෙවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් විසින් මිළදි ගැනිම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඕ බව අද මෙම සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළට දැනුම් දි තිබිණි.
මෙරට මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ වැඩසටහනට අනුව යමින් දේශෝදය ඩෙවලොප්මන්ට් ෆිනෑන්ස් ලිමිටඩ් මෙම මුදල් සමාගම අත්පත් කර ගැනිම සිදු කරන බවත් මේ සදහා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයෙන් අදාල අවසරය ඉදිරියේදි ලැබීමත් සමඟ ලියාපදිංචි මූල්‍ය සමාගමක් ලෙස අඛණ්ඩව කටයුතු කරන බව මෙම නිවේදනයේ දැක්වේ.
පසුගිය මාර්තු 31 දින වන විට මෙහි දිලිත් ජයවීර පාර්ශ්වය සතු ජෝර්ජ් ස්ටුවර්ට් ඇන්ඩ් කම්පනි ලිමිටඩ් සතුව සියයට 51 ක හිමිකමක් ද තුෂාන් වික්‍රමසිංහ පාර්ශ්වය සතු කැපිටල් ට්‍රස්ට් හෝල්ඩින්ග්ස් ලිමිටඩ් සතුව සියයට 24.984 ක හිමිකමක් තිබිණි.කැපිටල් ට්‍රස්ට් කොටස් තැරුවිකාර සමාගමේ ආන්තික ණය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් එවකට මෙම ආයෝජනයේ යෙදිමට තුෂාන් වික්‍රමසිංහ පාර්ශ්වය පියවර ගෙන තිබු අතර පසුකාලිනව අදාල ආන්තික ණය අත්තෝනොමතික අන්දමින් ලබා දිමේ ක්‍රියාදාමයක් සම්බන්ධයෙන් ආයෝජකයින් , ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් සහ කැපිටල් ට්‍රස්ට් අතරේ උග්‍ර මතභේදයන්ද වැඩි වර්ධනය වි තිබිණි.මේ බව අප මෙයට වාර්තා කර තිබිණි.
මෙයට අමතරව ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂණ් සභාවේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා සතුව සියයට 05 ක්ද දිලිත් ජයවීර මහතාගේ ව්‍යාපාර සහායිකාව වන වරුණි අමුණුගම මහත්මියගේ සැමියා වන හෙළදිව තේ සමාගමේ සභාපති රෝහාන් ප්‍රනාන්දු මහතා සතුව සියයට 3.3 ක හිමිකමක්ද තිබිණි.
ජෝර්ජ් ස්ටුවර්ට් මුදල් සමාගමේ සියයට 50.79 ක කොටස් හිමිකමට සමාන කොටස් මිලියන 11.4 ක් පසුගිය අප්‍රේල් 24 දින උදැසන කොටසක් රුපියල් 28.80 බැගින් ගිවිසගත් ගනුදෙනුවක් මගින් දිවැස ඉක්විට් සමාගමේ සිට ජෝර්ජ් ස්ටුටව් සහ සමාගමට හුවමාරු කළ බව එම සමාගම කොළඹ කොටස් වෙළෙඳ පොළ වෙත එදින නිවේදනය කර තිබිණි.
එදින එම ගණු-දෙනුවේ වටිනාකම රුපියල් මිලියන 329 ක් වි තිබිණි.
"Asia Commerce Limited" ලෙස 2004 වසරේ සැප්තැම්බර් මස කල් බදු සමාගමක් ලෙස ආරම්භ වු මෙම George Steuart Finance මුදල් සමාගම 2011 මැයි 23 දා මුදල් සමාගම් බලපත්‍රයක් හිමිවිමත් සමඟ එහි නම Divasa Finance Ltd ලෙස නම් වුයේ 2011 අගෝස්තු මසදිය.ආචාර්ය නාලක ගොඩහේවා,වරුණි අමුණුගම,දිලිත් ජයවිර හා ලක්ෂ්මන් උඩුවර ආරම්භක අධ්‍යක්ෂ වරු ලෙස කටයුතු කර තිබිණි.නැවත 2012 වසරේ ජුලි මස George Steuart Finance නම් ලද මෙම සමාගම රුපියල් 20 ක නිර්දේශිත මිළකට කොටස් මිලියන 22.5 ක හදුන්වා දිමේ නිකුතුවක් සිදු කරමින් කොළඹ කොටස් වෙළෙඳ පොළ දිරි සවි පුවරුවේ ලයිස්තුගත වුයේ 2012 වසරේ සැප්තැම්බර් මසදිය.වත්මනෙහි ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් මුදල් සමාගමේ සභාපති ලෙස ඊස්ට්මන් නාරංගොඩ මහතා කටයුතු කරයි.
ශ්‍රී ලංකාවේ සර්වෝදන ව්‍යාපාරයේ මුල්‍ය අංශය වන සීඩ්ස් හෙවත් සර්වෝදය ආර්ථීක ව්‍යාපාර සංවර්ධන සේවා ගැරන්ට් (ලාභ නොලබන) සමාගම විසින් පසුගිය 2012 වසරේ දෙසැම්බර් මස එයට පුර්ණ අනුබද්ධිත මහ බැංකු බලයලත් මුදල් සමාගමක් ස්ථාපිත කල බව සීඩ්ස් ප්‍රධානි දයා මුතුකුමාරණ මහතා එවකට රන්දොරට අනාවරණය කළේය.
Deshodaya Development Finance Company Limited, (DDFC) නම් වු එම මුල්‍ය සමාගම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෙරට 47 වැනි මුදල් සමාගම ලෙස එම සමාගම් පනත අනුව තැන්පතු භාර ගැනිමට අවසර ලත් ආයතනයක් ලෙස බලපත්‍ර ලබා දි තිබිණි.(මෙය කොටස් වෙළෙඳ පොළ ලයිස්තුගත නොවු සමාගමකි.)
මෙහි සභාපති ලෙස දොස්තර වින්‍යා ආරියරත්න මහතාත් සාමාන්‍යාධිකාරි ලෙස සම්පත් අමරතුංග මහතාත් කටයුතු කරයි.ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් චන්න ද සිල්වා හා ප්‍රකට ආර්ථීක විද්වතෙකු වන ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ද මෙහි අධ්‍යක්ෂ මණ්ඩලය නියෝජනය කරයි.
දිවයින පුරා ශාඛා 62 ක් මේ යටතේ පිහිටුවා ඇති බවත් මෙම මුල්‍ය සමාගමේ මුළු ව්‍යාපාරික කටයුතු වලින් සියයට 60 ක් දිවයිනේ ග්‍රාමිය ජනතාව වෙනුවෙන් සේවය සදහා බවත් දයා මුතු කුමාරණ මහතා එවකට සදහන් කළේය.
ශ්‍රී ලංකාවේ ග්‍රාමිය මුල්‍යා අවශ්‍යතා සපුරන සියවසක් පැරණි සණස ව්‍යාපාරයද පසුගිය 1997 වසරේ සණස සංවර්ධන බැංකුව පිහිටුවා රටේ ප්‍රධාන බැංකු ක්‍රියාවලියට එක් විය.මහ බැංකුවේ මුදල් හා බැංකු සමාගම් ඒකාබද්ධ කිරිමේ ක්‍රියාදාමයෙන් සණස සංවර්ධන බැංකුව මේ වන විට මහ බැංකුව විසින් මුදවා ඇත්තේ ඔවුන් සමාජයේ සුවිශේෂ් කොටසක් ආවරණය කරන නිසා බව සණස ප්‍රධානිහු රන්දොරට කීහ.