මෙයට අමතරව ඇමෙරිකාණු පොලි අනුපාත ඉහළ යාමේ ප්‍රවනතා හමුවේ අපේ කොටස් වෙළෙඳ පොල ඉරණම පිළිබඳවද ඔවුහු ප්‍රශ්ණ කළහ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සමුළුව සදහා අතිවිශාල දෙස් විදෙස් ආයෝජක හා කොටස් වෙළෙඳ පොළ ක්‍රියාකාරින් රැසක් එක්ව සිටි අතර මුදල් ලේකම් ආචාර්ය පී.බී ජයසුන්දර ,මහ බැංකු අධිපති නිවාඩ් කබිරාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙරට ආයෝජනය කිරිමේ වැදගත්කම පහදා මෙහිදි කරුණු ගෙන හැර දැක් වුහ.
කොළඹ කොටස් වෙළෙඳ පොළ සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව මෙය සංවිධානය කර තිබිණි.
මෙම විදෙස් ආයෝජක ප්‍රජාව විසින් මෙම ප්‍රශ්න කිරිම් සිදු කරනු ලැබුවේ වෙළෙඳ පොළ ප්‍රාග්ධනිකරණය රුපියල් ත්‍රිලියනය ඉක්මවා යම්න් පසුගිය වසර 05 තුල ශුද්ධ විදේශ් ආයෝජන රුපියල් බිලියන 100 ඉක්මවා ගිය පසුබිමක ය.මේ වසරේ මේ දක්වා රුපියල් බිලියන 10 ක ශුද්ධ විදේශ ආයෝජන මෙරටට ගලා විත් ඇත.
කෙසේවෙතත්,මෙහිදි කතා කරමින් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂමේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසා සිටියේ අවම වශයෙන් ඉදිරි තෙවසර ඇතුළතදි මුළික කොටස් නිකුතු 50 ක් වත් සිදු විමට ඇති බවයි.
වෙළෙඳ පොළ අඩු ද්‍රවශිලතාවයට මෙමගින් විශාල පිටුවහලක් ලැබෙන බව ඔහු කීය.
කෙසේවෙතත්,මේ වන විටත් කාර්සන්ස් සමුහයේ සමාගම් කිහිපයක් මේ වන විට ස්වකිය ලයිස්තුගත කිරිම් ඉවත් කිරිමට පියවර ගනිමින් සිටි.ඒ අතරේ කුඩා සමාගම් අවම වශයෙන් 03 ක්වත් කඩා වැට්මේ තර්ජනයන්ට මුහුණ දි ඇත.මේ වසරේ සිදු වු මුළික කොටස් නිකුතු අතුරින් කිහිපයකම ගනු-දෙනු සිදු වන්නේ අවම වශයෙන් අතර ඇතැම් ඒවා ලයිස්තුගත වි නොබෝදිනකින් විවිධ කූට ප්‍ර යෝග සදහා යොමු විමේ ප්‍රවනතාවයක්ද දක්නට තිබිණි.මේ අතරේ අවම මහජන හිමිකම පිළිබඳව සීමා පනවමින් වෙළෙඳ පොල ද්‍රවශිලතාවය ඉහළ නැංව්මටද නියාමන කොමිෂම මේ වන විට ත් කටයුතු කර ඇත.
ආචාර්ය නාලක ගොඩහේවා වැඩිදුරටත් පවසා සිටියේ නියාමන කාර්යය දැඩ් කරමින් ආයෝජක සුරක්ෂිත බව වෙනුවෙන් දැඩ් තීරණ පවා පසුගිය කාලයේ ගනිමින් ආයෝජක විශ්වාශය ගොඩනැංවිමට නියාමන කොමිෂම පසුගිය කාලයේ පියවර ගත් බවයි.
විදේශ ආයෝජකයින් විසින් සමුළුවේ සංවාද වාරයකදි ඉන්දිය ආයෝජක පිරිසක් නැගු මෙම ප්‍රශ්ණ වලට පිළිතුරු දෙමින් කොළඹ කොටස් වෙළෙඳ පොළ සභාපති වජිර කුලතිලක පවසා සිටියේ මෙම ද්‍රවශිලතාවය ඉහළ නැංව්මට සුදුසු පියවර ගෙන ඇති බවත් ඉහළ ගණු-දෙනු පිරිවැයක් ගැන කියක කතා බහ ප්‍රතික්ෂේප කරන බවයි.
ඉහළ ගනු-දෙනු පිරිවැය යන්න විවිද සම්පන්නයි.ප්‍රාග්ධන ලාභ සදහා අපේ බදු අය කරන්නේ නැහැ.මෙම තත්ත්වයෙන් අනිකුත් රටවල් හා සාපේක්ෂව අපේ පිරිවැය අවමයි.ප්‍රවනතාවය පවතින්නේ පහළ යන්නයි.මෙම විවර කරන පසුබිමක වෙනත් අහිතකර බලපැම් සිදු විය හැකියි.
යැයිද හෙතෙම කියා සිටියේය.
ඇමෙරිකාණු පොලි අනුපාත ඉහළ යාමේ ප්‍රවනතා හමුවේ අපේ කොටස් වෙළෙඳ පොල ඉරණම පිළිබඳව ඇසු පැනයකට පිළිතුරු දෙමින් මහ බැංකු නියෝජ්‍ය අධිපති ආනන්ද සිල්වා පවසා සිටියේ
අපේ රට විවෘතයි.මේ නිසා යම් බලපැම් සිදු විය හැකියි.නමුත් මේ සදහා අවශ්‍ය සුදානම් ශරිරයෙන් අපි ඉන්නවා.සංච්ත ශක්තිමත් කර තිබෙනවා.ඉක්මන් ඉහළ යාමකදි සමහර ආයෝජකයින් යන්න පුළුවන්.එවිට අපි අපේ අනාගත සැලැස්ම අනුව ආයෝජන දිරි ගන්වන්න කටයුතු කළ යුතුයි.