මේ සමිබන්ධයෙන් රන්දොරට ප්‍රකාශයක් කරමින් එහි සාමාජිකයෙකු පවසා සිටියේ මේ පිළිබඳව ඉදිරියේදි රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවට හා මානව හිමිකම් කොමිෂමට ගොස් පැමිණිල්ලක්ද කිරිමට පියවර ගන්නා බවයි.
“අපි වගේ මේ රටේ බහුතරයක් හොදටම දන්නේ එක්කෝ සිංහල නැතිනම් දෙමළ .කොටස් වෙළෙඳ පොල වැනි තරමක සංකීර්ණ වෙළෙඳ පොළක ආයෝජනය කිරිමේදි අපි ඒවායේ සැබැ තත්ත්වය දැන ගත යුතුයි.මෙහි නිවේදන ඉංග්‍රීසියෙන් පමනක් තිබෙන නිසා අපිට ඒවා නිසි පරිදි තේරුම් ගන්න අමාරුයි.මේ නිසා අපි වලේ වැටුණු වාර අනන්තයි.”
එසේම ආන්තික ණය උගුල් වලට ඇතැම් දෙනා නොදැනුවත් කමින් වැට් ඇති බැවින් වහා ඒ සම්බන්ධයෙන්ද පියවර ගෙන වෙළෙඳ පොල විනිවිද බව ආරක්ෂා කර දෙන ලෙසද මෙම පිරිස් වැඩිදුරටත් මෙම ලිපියෙන් ඉල්ලා ඇත.