මේ පිළිබඳව අප සමග අදහස් දක්වමින් ලංකා වාහන ආනයන කරුවන්ගේ සංගමයේ සභාපති සම්පත් මෙරෙංචිගේ මහතා පැවසුවේ මෙම අයවැය යෝජනාව නිසා විදුලියෙන් ක්‍රියාකරන මෝටර් රථවල මිලද අඩුවන බවයි.
ශ්‍රී ලංකාවට විශාල වශයෙන් ඉන්ධන ආනයනය කිරීම අඩුකර ගැනීමේ අරමුණෙන් 2015 අයවැයෙන් සම්පූර්ණයෙන්ම විදුලි බලයෙන් ක්‍රියාකරන වාහන ප්‍රචලිත කිරීම සඳහා සහනයක් ලබාදෙන්නැයි ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය මුදල් අමාත්‍යශයෙන් ඉල්ලා සිටියේය.
මෙම මෝටර් රථවල බැටරිය ආරෝපණය කිරීමට රටපුරා පිහිටි සිපෙට්කෝ පිරවුම්හල් 50 ක ආරෝපණය කිරීමේ යන්ත්‍ර ස්ථාපිත කිරීම සඳහා අවස්ථාව ලබාදෙන ලෙසත් එම යන්ත්‍ර ජපානයෙන් ලබාගත හැකි බවත් සංගමය රජයට කියා තිබුණි.
http://www.adaderana.lk/biz