FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

Click Link to get instant AI answers to all business queries.
Click Link to find latest Economic Outlook of Sri Lanka
Click Link to view latest Research and Analysis of the key Sectors and Industries of Sri Lanka
Worried about Paying Taxes? Click Link to find answers to all your Tax related matters
Do you have a legal issues? Find instant answers to all Sri Lanka Legal queries. Click Link
Latest images

Latest topics

» Reinstatement of SLT-Mobitel's ETA System for Streamlined Visa Processing
by pramu perera Yesterday at 8:49 pm

» Stocks on the Radar at CSE
by Biggy Yesterday at 3:50 pm

» Oil prices fall further
by Rare Yesterday at 12:20 pm

» Sri Lanka rupee closes at 275/290 to the US dollar
by Rare Thu Sep 26, 2024 11:58 am

» Bullish about a sustainable turnaround - CSE Chairman
by Rare Wed Sep 25, 2024 1:51 pm

» Can NPP secure majority in Parliament?
by God Father Wed Sep 25, 2024 9:41 am

» Growing superstar LVEF 14+
by ddrperera Wed Sep 25, 2024 8:53 am

» Post-election winners.
by Rare Tue Sep 24, 2024 2:30 pm

» Why Central Bank Governor Nandalal Weerasinghe should Resign?
by God Father Tue Sep 24, 2024 2:22 pm

» Asian stocks drift higher amid rate cut speculation; Japan lags
by Rare Tue Sep 24, 2024 12:56 pm

» Can AKD win the upcoming Parliamentary Election ???
by pramu perera Mon Sep 23, 2024 10:46 pm

» Colombo Stock Market: Where are we heading?
by Rare Fri Sep 20, 2024 12:40 pm

» LVL Energy Fund worth to look into counter cheapest share under utilities sector
by sakuni Thu Sep 19, 2024 4:30 am

» Below Rs 10 shares analysis ..GEMS inside
by sakuni Sun Sep 15, 2024 11:52 pm

» Impact of Elections on Colombo Stock Market Sentiment
by Rare Fri Sep 13, 2024 1:20 pm

» Bangladesh Stock market rose after the interim government took a raft of measures for the stock market.
by Rare Thu Sep 12, 2024 11:37 am

» Commercial Bank PLC: Impact of Bangladesh Crisis
by God Father Mon Sep 09, 2024 10:39 pm

» Colombo Stock Market: 2024 Prediction
by ChooBoy Mon Sep 09, 2024 7:13 pm

» ශ්‍රී ලංකාව: කොටස් වෙළඳපොළ විශ්ලේෂණය - 2024 සැප්තැම්බර්
by ChooBoy Mon Sep 09, 2024 5:10 pm

» LTL Holdings Limited IPO: Devil in Disguise
by Quibit Mon Sep 09, 2024 2:26 pm

» PickMe: Serious Legal Snags ahead of IPO Opening!
by agentnrox Mon Sep 09, 2024 10:43 am

» AI Answer to my Question on Present Stock Market
by Rare Sat Sep 07, 2024 7:12 am

» Stock Market Collapse: Madness or Adjustment?
by Rare Thu Sep 05, 2024 11:47 am

LISTED COMPANIES

Submit Post
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)



CHRONICLE™ YouTube


You are not connected. Please login or register

මහින්ද නාවොත් වෙන්නේ මේකයි.

Go down  Message [Page 1 of 1]

NZ BOY

NZ BOY
Moderator
Moderator

ලසන්ත වික්‍රමසිංහ යුතුකම සංවාද කවය
මෛත්‍රීපාල කැමති මහින්දටද රනිල්ටද?

මහින්ද නාවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ළඟ එන මහ මැතිවරණයෙන් නියත පරාජයක් ලබනු ඇත. නමුත් ජනපති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයාය. එක්සත් ජාතික පක්ෂය පැහැඳිළි බහුතරයක් එම මැතිවරණයෙන් ලබාගතහොත් ඔහු රනිල්ගේ රූකඩයක් වනු ඇත. ඒ ඕනෑම මොහොතක දෝෂාභියෝගයකින් ඔහු ඉවත් කිරීමට රනිල්ට හැකි නිසාය. මහින්ද මහතා අගමැති වුවහොත් ජනතා ප්‍රසාදය හිමි මහින්ද මහතා අභිමුව තමා අභියෝගයකට ලක් වනු ඇතැයි ඔහු සිතනවා විය හැකිය. මහින්දගේ සහය නැවත පතන්නට වීම ඔහුට තරමක් අපහසු තීරණයක් විය හැකිය. කෙටි කාලීනව සලකන කල්හි පසු ගිය ජනාධිපතිවරණයේ පටන් මේ දක්වා එකට වැඩ කළ රනිල් සමඟ ඔහුගේ බලපෑමට අනුව රට කර ගෙන යාම වඩා පහසු තීරණයක් විය හැකිය. එවිට දුර්වල වුනු ජනප්‍රසාදය අවම වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක හෝ ඉන්න පිරිසට නායකයා වීමට ඔහුට හැකියාව ලැබේ. නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දුර්වල වන තරමට ඔහු රනිල්ගේ රූකඩයක් බවට පත් වේ. සිරිසේන මහතා තමා බලපෑමට ලක්වන්නේ රනිල්ගෙන්ද නැති නම් මහින්දගෙන් ද යන තීරණය ගත යුතු මොහොතකි මේ. ඒ එම ගැටළුව දෙස සිරිසේන මහතා කේන්ද්‍ර කොට බැලීමකි.
නමුත් අපට වැදගත් වන්නේ සිරිසේන හෝ මහින්ද හෝ රනිල් හෝ නොවේ. මේ රටය. ඒ කවුරුන් හෝ අපට වැදගත් වන්නේ ඔවුන්ගේ දේශපාලන භූමිකාව රටට බලපාන ආකාරය අනුවය. පසුගිය ජනාධිපතිවරණය දෙස අප බැලුවේ මේ රටේ ඒකීයභාවය රැක ගන්නවාද නැත්ද යන තර්කනය උඩය. නමුත් එම යථාර්ථය වංචනික යහපාලන ඝෝෂාවෙන් යටපත් විය.

ඒකීයද, ෆෙඩරල්ද?
13 වන ව්‍යවස්ථා සංශෝධනය මෙරට ව්‍යවස්ථාවට, විශේෂයෙන්ම ඒකීයභාවයට පටහැනි නොවන බව තීරණය කළේ නව දෙනෙකුගෙන් යුත් ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරු මඬුල්ලකින් හතර දෙනෙකු පමණි. තවත් විනිසුරුවන් හතර දෙනෙකු එය ඒකීයභාවයට පටහැණි යයි කීහ. එක් අයෙකුගේ තීන්දුව දෙපැත්තටම නැති කොන්දේසිග තීන්දුවක් විය. ජයවර්ධන ජනාධිපතිවරයා ඔහුගේ තීන්දුවද 13 ට පක්ෂ ගොඩට දමා ගෙන බහුතරය පෙන්වීය. 13 වැනි සංශෝධනය ඒකීයභාවයට පටහැනි නොවේ යයි තීරණය කළ විනිසුරුවන් හතර දෙනාද එම තීරණයට එළැඹෙන්නේ පළාත් සභාවලට ආණ්ඩුකාරවරයා ජනාධිපතිවරයා විසින් පත් කරන නිසාවෙනි.


නමුත් පසුගිය ජනාධිපතිවරණයේ දී සිදු වූයේ කුමක්ද? සිරිසේන මහතා ජයග්‍රහණය කරවීමට ජාතිවාදී බෙදුම්වාදී දෙමළ ජාතික සන්ධාන‍ය ප්‍රභල රුකුලක් විය. ඔවුන් සිය ඡන්ද දායකයන්ගෙන් 80% කුළු ගන්වන්නට හැකි වන්නේ ඔවුන් නොදන්නා නොඅසා ඇති මෛත්‍රීපාල සිරිසේන නමැත්තෙකුට ජන්දය දීමටය. ඒ ආන්තික ප්‍රතිපල ලබාගැනීමේ ශක්‍යතාවය දෙමළ ජාතික සන්ධානයට ඇත්තේ බෙදුම්වාදී ජාතිවාදය මඟින් එම ජනතාවගේ මනස තවමත් ඔවුන් විසින් පාලනය කරන නිසාවෙනි.

ඒ හිළව්වට ජනපතිට උතුරු හා නැගෙනහිර පලාත් සභාවලට ආණ්ඩුකාරවරුන් ලෙස පත් කරන්නට සිදුවන්නේ දෙමළ සන්ධාන‍යේ සිතැඟි පරිදිය. ෆෙඩරල් මතවාදය දරන සිංහලයන් ආණ්ඩුකාරවරුන් ලෙස පත්වන්නනේ අනුවය. වඩාත්ම භයානක ෆෙඩරල් මත දරන සිංහලයන් බව අප තරයේ මතක තබා ගත යුතුය. නෛතිකව පත්කිරීම ජනපතිගේ වුව දේශපාලනිකව එම පත්වීම කරව ගන්නේ සම්බන්ධන්ලාමය. එවිට අර විනිසුරවන් හතර දෙනා කී ඒකීයභාවය රැකෙන්නේ ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරයා පත් කරන නිසාය යන නෛතික තර්කය දේශපාලනිකව මෛත්‍රීපාල සහ රනිල් එක්ව සම්බන්ධන්ට සොරාකන්නට ඉඩ දී ඇත. දේශපාලනිකව ඒකීයභාවය එහි නෛතිකභාවයට වඩා ඉතා දුර්වල තැනකට දැනටමත් පත්වී අවසන්ය.

ජේ ආර් ජයවර්ධන විසින් 1978 දී සාදවන ලද වත්මන් ව්‍යවස්ථාවේ දෙවන වගන්තිය මෙලෙස වේ.

2. ශ්‍රී ලංකා ජනරජය ඒකීය රජයකි.

ජේ ආර් ජයවර්ධන මහතා මෙන්ම අනිත් එජාප නායකයින්ද මේ රටේ ඒකීයභාවය පිලිගත් අය විය. (ජයවර්ධන ජනාධිපතිවරයා 13 වන ව්‍යවස්ථා සංශෝධනයට මඟ පෑදූ අපකීර්තිමත් ඉන්දු-ලංකා ගිවිසුමට එකඟ වන්නේ ඉන්දියානු බලහත්කාරයට බියෙනි.) නමුත් එක්සත් ජාතික පක්ෂයේ බලය රනිල් වික්‍රමසිංහ මහතාට ලැබුනු දා පටන් එම පක්ෂයේ ස්ථාවරය උඩු යටිකුරු විය.

රනිල් චන්දිර්කා යුගලය විසින් වෙන වෙනම මුත් මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකම ෆෙඩරල් ආස්ථානයකට දක්කාගෙන ගියෝය. චන්ද්‍රිකාට ජේ ආර් ගේ ව්‍යවස්ථාව බහුභූත ව්‍යවස්ථාවක් වන්නට ප්‍රධානම හේතුව එහි ඉහත සඳහන් කළ දෙවන වගන්තියයි. ජේ ආර් ජයවධන බටහිර ගැත්තෙකු ලෙස හඳුන්වනවා අපි දැක ඇත්තෙමු. නමුත් ඔහු බටහිර ඒජන්තයෙකු ලෙස හදුන්වනවා අපි දැක නැත්තෙමු. රනිල් මහතාව සාමාන්‍යයෙන් හඳුන්වන්නේ බටහිර ගැත්තෙකු ලෙස නොව, බටහිර ඒජන්තයකු ලෙසය. ගැත්තකු මෙන් නොව, ඒජන්තයකු කරනුයේ තම ස්වාමියාගේ කාර්යය ඔහු වෙනුවෙන් ඉටු කර ඳීමය.

මහින්ද නාවොත්, රනිල්ගේ එජාපය සහ ශ්‍රීලනිය එකට පූද්දන කපුවා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන ක්‍රියා කරනු ඇත. සිරිසේන මහතා එජාපයට අනුකූලවන්නේ නම් පමණි ඔහුගේ ජනපති ධූරය රැකෙනුයේ. ඒ අනුව ජාතික ආණ්ඩුව හැදුවත්, නැතත් මුළු පාර්ලිමේන්තුවෙන් 90% ක්ම ෆෙඩරල් මතයට අත ඔසවන්නන් බවට පත් වනු නොඅනුමානය. එය පරමාධිපත්‍යය බලය හිමි ජනතාවගේ මතය, සහමුලින්ම විකෘති ලෙස පාර්ලිමේන්තුව තුළ නියෝජනය වීමක් වනු ඇත. ඒ විකෘති පාර්ලිමේන්තුව මඟින් 13 වන ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම බල ගන්වනවාට සැකයක් නැත. එයට අවංක ලෙසම විරුද්ධ වනු ඇත්තේ පාර්ලිමේන්තුව තුළ හතර පස් දෙනෙකු පමණි. එතැනින් නොනැවතී චන්ද්‍රිකාගේ පැකේජය වැනි විසඳුමක් සම්මත කෙරෙනු ඇත. මංගල සමරවීර මහතා නව රජය බිහි වී දින කිහිපයකට පසු ඉන්දියාවේදි, චන්ද්‍රිකාගේ පැකේජය වැනි විසඳුමක් දැනටමත් අප සතුව ඇති බව පවසා තිබුනි. මේ සියල්ල දෙස ඇමරිකාව සහ බටහිර රටවල් ඉතා උනන්දුවෙන් බලා සිටින්නේ දර දමා ගිනි පිඹින්නට තමන්ගේ වාරය එන තෙක්ය.

මහින්ද නාවොත් ඉතා ඉක්මණින්ම ෆෙඩරල් රටක් බිහි වනු වලක්වාගත හැකි ක්‍රමයක් නැත. චන්ද්‍රිකා සහ රනිල් ඊළමක් බිහි වනවාට අකමැති විය හැකිය. දේශපාලන විසදුමක් ලබා දිය යුතු ප්‍රශ්නය කුමක්දැයි දන්නා එකෙකු නැති වුවද ඔවුන් විශ්වාස කරන්නේ තිබෙන “ප්‍රශ්නය” විසදන්නට රට ෆෙඩරල් කළ යුතු බවයි. නමුත් ඔවුන් ඇත්ත ප්‍රශ්නය දකින්නට කැමති නැත. ඇමරිකාවට සහ බටහිරයන්ට ඕනෑ ස්ථාවර වුනු ෆෙඩරල් රටක්ද? ලංකාව ෆෙඩරල් රටක් බවට පරිවර්තනය කර ඔවුන් බලාපොරොත්තු වන්නේ ආසියානු කලාපය තව තවත් ස්ථාවර වනවා දකින්නද? මැදපෙරදිග කලාපයේ ඔවුනගේ දේශපාලන භාවිතය තුළින් අපට ලබා ගත හැකි පුරෝකතනය එයද? කිසි සේත් නැත. ඔවුනට අවැසි සිය අධිරාජ්‍යය පවත්වාගෙන යාම සඳහා මැදපෙරදිග මෙන්ම ආසියානු කලාපයද අස්ථාවර කිරීමටය. ෆෙඩරල් ලංකාව එහි මූලාරම්භය බවට පත්කර ගැනීමටය.

ඉන්දියාවට යට වෙමුද?

ඉන්දියානු අභිලාෂය වනු ඇත්තේ රට අස්ථාවර කොට අසරණ කොට සිය අණසක මුළු දිවයින පුරාම පතුරුවා හරිමින් ඔවුනට අවැසි පරිදි ලංකාව හැසිරවීමය. ඉන්දියාවට සුහච කීකරු පාලනයකි උතුරු නැගෙනහිර පිහිටුවන්නේ. ඒ මඟින් ලංකාවේ ගෙල ඕනෑම මොහොතක සිරකර දැමිය හැකි තොණ්ඩුවේ කෙළවර දිල්ලිය වෙත තබා ගත හැකිය. ඉන්දියාව විසින් සාදා බලහත්කාරයෙන් ජේ ආර් ජනපතිවරයා බිය ගන්වා අප වෙත ලබා දුන් තොණ්ඩුව, අතේ තබා ගෙන සිටියා මිස මේ දක්වා වසර 28 ක් පුරා එය ගෙල ලා නොගතිමු. ප්‍රභාකරන්ගේ ත්‍රස්තවාදය විසින් කුමන වන්දියක් යටතේ වුවද එම තොණ්ඩුව අප විසින් ගෙල ලා ගැනීම වැලැක්වූ‍යේය. ප්‍රභාකරන්ගෙන් පසුව එම තොණ්ඩුව ගෙල ලා ගැනුම වලකා සිටි පුද්ගලයා මහින්දය.

මහින්ද එලවීම සඳහා රෝ සංවිධානය ඇතුළු ඉන්දියානු සහය ලැබුනු බවට නොයෙකුත් වාර්තා ඉන්දියාවෙන්ම පළවෙමින් පවතියි. එසේ නම් ඉන්දියාව පැණිය කඩන්නට උදව් වන්නේ අත ලෙවකන්නට විය නොහැක. අප තොණ්ඩුව ගෙල ලා ගැනීමට කැමති බවත් ඒ තොණ්ඩුව අපට සරිලන නියම තොණ්ඩුවක් බවත් අපේ ගරු අගමැතිතුමා ඉන්දියාවට පවසා ඇත. එතුමා අගමැති වූයේ ජනතා පරමාධිපත්‍යය බලයට දාව බිහිවුනු රජයක නොව, පරමාධිපත්‍යය බලයට පිටින් ගොස් අවජාතකව බිහි කෙරුනු රජයක බව අප මතක තබා ගත යුතුය. බටහිරයෝ ඉතා උනන්දුවෙන් සහ ආශාවකින් අප ඒ තොණ්ඩුව සියතින්ම ගෙල ලා ගන්නා තුරු ඇඟිලි ගනිමින් බලා හිඳිති. චන්ද්‍රිකා, මහින්දට මෙරට දේශපාලනය අහිමි කිරීමට දත කමින් සිටියි. චම්පික, මහින්ද අත් අඩංගුවට ගන්නැයි බුරමින් හිදියි. අනුර කුමාර, යහපාලනයෙන් ගිලිහෙන ඡන්ද ටික තම ඔඩොක්කුවට දමා ගෙන කාගෙත් ඇස් වසා රනිල්ගෙන් ඔහුට ලැබුනා යයි කියන කාමරයට ගාල් කරවන්නට ගනන් හදමින් සිටියි.

රනිල් චන්ද්‍රිකා නව යුවල, සිරිසේන මහතා ලව්වා රණ විරුවන් දිවි පුදා සුරැකි ලක් මාතාවගේ ගෙලට තොණ්ඩුව දෝතින්ම ගෙන දැමීමට බලා හිඳිති. ඔවුන් දෙදෙනාටම සිය දරුවනට මේ රට නැතිවීමේ ප්‍රශ්නයක් නැත. ඉන්දියාවේ සිරකරුවෙකු බවට පත්වන සිරිසේන මහතාට ඇගේ ගෙල සිර කරන්නට උදව් වනවා ඇරෙන්නට කරන්න යමක් ඉතිරි නොවනු ඇත.

ජනාධිපති තුමා ඇතුළු අනෙකුත් සන්බැට්ටියන්ට හා කේවට්ටයන්ට තම තනතුරු, නාම, ලාභ, ප්‍රයෝජන විණා, රට ෆෙඩරල් වීම පිලිබඳ වගේ වගක් නැත.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum