FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

හරිම පුදුම සංචාරකයා Vote_lcap68%හරිම පුදුම සංචාරකයා Vote_rcap 68% [ 178 ]
හරිම පුදුම සංචාරකයා Vote_lcap18%හරිම පුදුම සංචාරකයා Vote_rcap 18% [ 47 ]
හරිම පුදුම සංචාරකයා Vote_lcap13%හරිම පුදුම සංචාරකයා Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » CORPORATE CHRONICLE™ » හරිම පුදුම සංචාරකයා

හරිම පුදුම සංචාරකයා

4 posters

Go down  Message [Page 1 of 1]

Brinthan

Brinthan
Senior Manager - Equity Analytics
Senior Manager - Equity Analytics

[ltr]හරිම පුදුම සංචාරකයා 15380510[/ltr]

[size=22]

දිනක් මම කඩයට ගිය වෙලේ එහි සිටියේ සුද්දෙකි. ඔහු මුදලාලි සමඟ ලොකු කතාවකය. මම ඔහුට සමීපව සුව දුක් විචාරිමි.

"මම නෙදර්ලන්ත පුරවැසියෙක්. මං අවිවාහකයි. මට වයස අවුරුදු 35යි. මගේ තාත්තා නෙදර්ලන්තයේ රෝහල් ගණනාවක් හිමි ධනපතියෙක්. මං කුඩා කල කරපු වරදකට ඔහු මාව කාමරයක හිර කරා. මං තරුණයෙක් වෙනතුරුම ඒ කාමරේ හිරවෙලා හිටියා.මං කවුළුවෙන් ඈත පේන දේවල් කාමරයේ අඳිනවා. මං ඒ පින්තූර එක්ක ජීවත්වුනා. ඒ රටේ රජයට අනුව මං තරුණයෙක් වූ පසුව එසේ සිර කරගෙන ඉන්නට බෑ. අවසානයේ මානව හිමිකම් කාර්‍යාලයක සහයෙන් මට එලියට එන්න අවස්ථාව ලැබුණා. මං මුලින්ම කළේ මගෙ තාත්තාට විරුද්ධව නඩු කියපු එක.අධිකරණයෙන් කිව්වා මං කැමති වන්දියක් ඉල්ලන ලෙස. අවසානයේ සෑම මසකම ඔහුගේ ආදායමෙන් කොටසක් මගේ ගිණුමට බැර කරණ ලෙස නියෝගකළා. මගේ ගිණුමට මුදල් බැර වුවත් මට හිතාගන්න බැරිවුනා ඊළඟට මං කළ යුතු දේ. මට ඕනි වුණා ඇවිදින්න. මට හිතුනා මං හිරවෙලා හිටපු කාලයේ මඟහැරුණු පරිසරය හොයාගෙන යන්න. මං රටින් රටට ඇවිද්දා. එහිදී මට විවිධ මිනිසුන් හමුවුනා. එහෙමයි මට මේ කඩේ මුදලාලිව හමුවුනේ.

ලංකාවේ ඇවිදිනකොට මං දැක්කා මිනිසුන් පේමන්ට් දිගේ නිදියනවා. මං එයාලට සල්ලි දුන්නා. කෑම දුන්නා. මං වෙරළේ ඇවිදිනකොට මං දැක්කා දුප්පත් ළමයි. එයාලා බඩගින්නේ අඬනවා දැක්කාම මං එයාලට රස කෑම අරන් දුන්නා.ඒත් එයාලා ස්තූති කළේ නෑ. දවසක් මං එහෙම මිනිස්සුන්ට උදව් කරනකොට කීපදෙනෙක් ඇවිල්ලා මට ගැහුවා. මගේ සල්ලි මගේ මාලය වගේම මගේ කමිසයත් ගලවගෙන ගියා. මේ රටේ ඉන්නේ නරක මිනිස්සු.

ලංකාවේ මිනිස්සු බුදුහාමුදුරුවන්ට වඳිනවා. ඒත් එයාලා අපිට වඳින්න දෙන්නෑ. අපි බුදුහාමුදුරුවො වඳින්න ගියාම සල්ලි ඉල්ලනවා. සල්ලි නොදුන්නොත් එලවනවා. මං සුදු නිසා එක විදිහක් ඔයා කළු නිසා එක විදිහක්. ඒ ඔයාලගෙ රටේ මිනිස්සුන්ගෙ හැටි. බුදුහාමුදුරුවො ඉන්න ඕනි හිතේ. ඔයාලගෙ බුදුහාමුදුරුවො ඔයාලගෙ හිතේ නෑ. මාලිගාව ඉස්සරහා මිනිස්සු රංඩු වෙනවා. පරවුනු මල් විකුණනවා. දළඳා වැඳලා ඉස්සරහා හෝටලෙන් සිගරට් අරන් බොනවා. ඔයාලගෙ හිතේ බුදුහාමුදුවෝ නෑ. ඔයාලගෙ මිනිස්සු වන්දනාවේ ගියාම බුදුහාමුදුරුවන්ගේ බුදුපිළිමෙට,වැඳලා ඒක පිටපස්සටම ගිහින් මූත්‍රා කරනවා. වටේ බුලත් කෙල ගහනවා. බීලා බෝතලේ පූජා භූමියේම දාලා එනවා. ඔයාලාගේ හිතේ ආගමක් තියනවා කියලා මං දැකලා නෑ. මට එක ආගමක් නෑ. මං ලංකාවට ආවාම බුදුහාමුදුරුවන්ගේ චිත්‍ර අඳිනවා. පන්සල් ගිහින් වඳිනවා.මං ඉන්දියාවට ගියාම කෝවිල් යනවා. ගිහින් පොට්ටු තියාගෙන දෙවියන්ට වඳිනවා. එයාලා ඉන්නේ මගේ හිතේ. මං එයාලට වඳින්නේ හදවතින්.

ලංකාවේ පොලීසියට විනයක් නෑ. හදවතක් නෑ. මට හිතුනාම මං නොමිලේ එයාලට කෑම දෙනවා. දවස්ගාණකින් එයාලට ඒවා මතක නෑ. නොමිලේම බනින්න හේතු හදාගන්නවා. එයාලාගේ නීතිය තමයි අවිනීතිය. මං මේ කඩේට ආවේ මුදලාලි නිසා. මං ලංකාවට ආවාම මිනිස්සු මට බඩු විකුණන්නේ වැඩි ගානට.ඔයාලට සීයට විකුණන බිස්කට් එක මට දෙසිය පනහක් කියනවා. මං මේ මුදලාලිගෙන් විතරයි අඩුවට බඩු දෙන මනුස්සකමක් දැක්කේ. මං මේ නරක රටෙන් යනවා.මේ මං ලංකාවට ආව තුන්වෙනි වතාව. ආයෙමත් එන්නේ නෑ. 

ඔයාලගෙ රටේ දහයක් මිනිස්සු ඉන්නවා නම් නවයක්ම නරකයි. එක්කෙනෙක් හොඳයි ඒත් හොඳ අය හොයාගන්න අමාරුයි. මං දෙසැම්බර් විසිතුන් වෙනිදා ඉන්දියාවට යනවා. මං එහෙ ළමා රෝහල ළමයින්ගේ නත්තල් සීයා වෙන්න හිතුවා. මං එහෙ ගෙනියන්න රෝහලට අවශ්‍යය ප්ලාස්ටර් බැන්ඩේජ් වගේ දේවල් ගොඬාක් ලංකාවෙන් ගත්තා. ළමයින්ට දෙන්න තෑගි ගොඬාක් ගත්තා. විසිපස්වෙනිදා රෑට එයාලට නත්තල් අරන් මං යනවා. මං සතුට ලබන්නේ අනිත් අයගේ සතුට දැකලා. මට තියෙන්නේ කමිස දෙකයි. කලිසම් දෙකයි. වෙන ඔරලෝසුවක දෙයක් මං ගාව නෑ. මං හරි සරලයි"

මං කොහොමද ඔයාව හොයාගන්නේ? මට ඔයාගේ දුරකතන අංකය facebook නම දෙන්න.

"මට දුරකථනයක් නෑ. මට ෆේස් බුක් ඊමේල් නෑ. කොටින්ම මට ලිපිනයක් නෑ. මං රටින් රටට යනකොට එ මොහොතේ හමුවෙන කෙනා මගෙ යාළුවා. ඊට පස්සේ කවදාවත් එයාව ආය මුණගැහෙන්නේ නෑ. මට හිතුනොත් මං එයාලා බලන්න යනවා. ඒත් මාව කාටවත් හොයාගන්න බෑ. මටම කියලා නෑයෝ යාලුවෝ නෑ. මං ඇවිදගෙන ඇවිදගෙන යනවා. ලංකාවෙන් අරගෙන යන්නේ මං නිසා සතුටුවෙන අයගේ හිනාව විතරයි"

උපුටාගැනීම : හර්ෂණ
[/size]

hettdas

hettdas
Assistant Vice President - Equity Analytics
Assistant Vice President - Equity Analytics

ලංකාවේ මිනිස්සු ගැන  පොලිසිය  ගැන ඒ මනුස්සයා අර්ථ දක්වල තියෙන විදිය  මම හිතන  විදියට  හරියට හරි .

himesh


Equity Analytic
Equity Analytic

මේකනම් ලියලා තියෙන්නේ ලන්කාවේ එකෙක්. සුද්දෙක් නෙවෙයි. බුදුන් වදින්න සල්ලි ගන්නේ කොහේද ? අයිතිහාසික වැදගත්කම් තැනකට ගියොත් ටිකට් කඩනවා. ඒක ලොකේ ගොඩක් තැන්වල වෙනවා. මේ යකා දකුනු ඇමෙරිකාවට එහෙමත් ගිහින් ඇතිනේ.

Chinwi

Chinwi
Associate Director - Equity Analytics
Associate Director - Equity Analytics

මේක ලියල තියෙන්නෙ රටෙන් එහා අඩියක් නොතියපු , ඉස්කෝලෙන් කට්ටි පැන්න  ලංකාවෙ එකෙක්.  
 නෙදර්ලන්තෙ  රජයට අනුව  ලමයි තරුණයො උනාට පස්සෙ කාමර වල හිරකරගෙන ඉන්න තහනම් ලු.    තරුණයො වෙන්න කලින් පුලුවන් කියල හිතන් ඉන්නෙ !

බහුතරයක ගෙ  ආගම තියෙන්නෙ සෝබනේට කියන එක පොදු දෙයක්. පොලිසිය ගැනත් තරහ එන ඒව අපටත්වෙනව තමයි
නමුත් පන්සල් වල බුදුන් වඳින්න සල්ලි ගන්නව කියන එක බොරුවක් නෙ.
මේ දළදා මාලිගය හා ගංගාරාමයේ ටිකට් කඩන එක ගැන වෙන්න ඕන​.
අප වඳින්න යන  තැන් සංචාරක නැරඹීමක් ලෙස  කරන්න එන අයගෙන් ටිකට් කඩන එක ලෝකෙ කොහෙත් තියෙනව​.  
අපේ ස්ථාන වල අය කරන්නෙ නැත්නම් හොඳයි තමයි.

සංචාරකයා හා වන්දනා කරු   වෙන් කර  අඳුන ගන්න බැරි නිසා දේශීය නොවන බෞද්ධයන් ටත් සල්ලි ගෙවන්න වෙනව​.
අප උනත් තායි ඉපැරණි බොදු  නටබුන් බලන්න ගියාම සල්ලි ගෙවනව​. බැංකොක් මහ පන්සල  බලන්න  රුපියල් 1500 ක වගේ ගානක් ගෙවන්න වෙනව​.
නමුත් ගම්වල හා ටවුමේ උනත් වෙන පන්සල් වල අපේ වගේම වඳින්න සල්ලි ගන්නෙ නෑ.    

Sponsored content



Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum