Sri Lanka Equity Forum
Dear Reader,

Registration with the Sri Lanka Equity Forum would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
Sri Lanka Equity Forum

Discussion Forum for Stock Market Investors in Sri Lanka

සිංහල පරිවර්තනය

Latest topics

» AITKEN SPENCE PLC (SPEN.N0000)
by Trader321 Today at 3:27 am

» Earn free Dollars CSE watching
by Teller Today at 2:15 am

» Teller New Predictions
by Teller Today at 1:44 am

» John Keells Miserable Future until 2020
by Quibit Yesterday at 9:12 pm

» Stock Market Calendar
by Quibit Yesterday at 7:59 pm

» Presidential Election 2020 - Sri Lanka
by samaritan Yesterday at 6:52 pm

» BALANGODA PLANTATIONS PLC (BALA.N0000)
by Teller Yesterday at 5:36 pm

» SINGHE HOSPITALS PLC (SINH.N0000)
by Teller Yesterday at 5:34 pm

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
by Teller Yesterday at 5:31 pm

» Online Forex Trading in Sri Lanka
by Teller Yesterday at 5:23 pm

» Positive News
by Eng Krishantha Yesterday at 2:43 pm

» A walk down memory lane .....
by mihiri84 Fri Oct 18, 2019 9:45 pm

Advertise

You are not connected. Please login or register

Sri Lanka Equity Forum » Stock Market Talk » කොටස් වෙළඳපොළේ කතා » ගෙවුම් ශේෂය, වාහන බලපත් හා ඩොලරයේ මිල

ගෙවුම් ශේෂය, වාහන බලපත් හා ඩොලරයේ මිල

Go down  Message [Page 1 of 1]

ChooBoy


Senior Equity Analytic
Senior Equity Analytic
රුපියල නියම මට්ටම දක්වා අවප්‍රමාණය වෙන්න ඉඩ ඇරියොත් ගෙවුම් ශේෂ ප්‍රශ්නයක් තව දුරටත් නොපවතින බව අප විසින් දිගින් දිගටම පෙන්වා දී ඇති කරුණක්. එහෙත්, බොහෝ දෙනෙක් හිතන්නේ ඩොලරයක මිල කොපමණ ඉහළ ගියත් ආනයන ඉල්ලුම එසේම පවතිනු ඇති බවයි.

පසුගිය 2018 වසර, අවශ්‍ය පමණට නොවූවත්, රුපියල සැලකිය යුතු තරමකින් අවප්‍රමාණය වූ වසරක්. වසර තුළදී රුපියල ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව 16.4% කින් අවප්‍රමාණය වුනා. මෙයින් 4.9%ක් ඇමරිකන් ඩොලරය ශක්තිමත් වීම මත සිදු වූ ලෙස සැලකිය යුතු වුවත්, ඉතිරි 11.5% දේශීය තත්ත්වයන්ගේ බලපෑමෙන් සිදු වූ සේ සැලකිය හැකියි. එසේ වුවත්, මේ වසර තුළ රුපියල නැවත ශක්තිමත් වෙමින් පවතිනවා.

ගෙවුම් ශේෂය, වාහන බලපත් හා ඩොලරයේ මිල 3-14-110

පසුගිය වසර තුළ රුපියල අවප්‍රමාණය වීමේ බලපෑම ගෙවුම් ශේෂය මත වාසිදායක ලෙස බලපා ඇති බව පැහැදිලිව පෙනෙනවා. පහත රූප සටහනෙන් පෙනෙන්නේ පසුගිය වසර ඇතුළත ආනයන වියදම මසින් මස ක්‍රමයෙන් පහළ ගොස් ඇති ආකාරයයි. අපනයන වියදම් එසේ ඉහළ ගොස් නැති නිසා ගෙවුම් ශේෂ හිඟය ක්‍රමයෙන් අඩු වී තිබෙනවා.

ගෙවුම් ශේෂය, වාහන බලපත් හා ඩොලරයේ මිල 3-14-210

පසුගිය වසර තුළ ආනයන වෙනුවෙන් වැය වී ඇති මුළු මුදල ඇමරිකන් ඩොලර් මිලියන 22,232.7ක්. ඊට පෙර 2017 වසර තුළ මේ වියදම ඇමරිකන් ඩොලර් 20,979.8ක් පමණයි. මේ අනුව, බැලූ බැල්මටම පෙනෙන්නේ ඩොලරය අවප්‍රමාණය වුවත් ඇමරිකන් ඩොලර් 1,252.9කින් අපනයන වියදම් ඉහළ ගොස් ඇති බවයි.

ඉහත නිරීක්ෂණය නිවැරදි වුවත්, එළෙස අපනයන වියදම් ඉහළ යාමට මුළුමනින්ම හේතු වී තිබෙන්නේ වාහන ආනයන වියදම් හා ඉන්ධන ආනයන වියදම් ඉහළ යාමයි. ඉතිරි සියළුම ආනයන වියදම් එක්ව ගත් විට දැකිය හැක්කේ ආනයන වියදම් අඩු වීමකුයි.

ගෙවුම් ශේෂය, වාහන බලපත් හා ඩොලරයේ මිල 3-14-310

වසර තුළ සිදුව ඇති 103.6%ක අති විශාල වාහන ආනයන වියදම් ඉහළ යාම හා එයට අනුරූපව ඉන්ධන ආනයන වියදම් ඉහළ යාම නොවන්නට ආනයන වියදම් වල සැලකිය යුතු අඩුවක් දකින්නට ලැබිය හැකිව තිබුණු බව ඉතා පැහැදිලි කරුණක්. එසේ වීනම්, අපනයන ආදායම් 4.7%කින් ඉහළ ගොස් ඇති පසුබිමක වෙළඳ ශේෂ හිඟය විශාල සේ අඩුවිය හැකිව තිබුණු බවත් පැහැදිලියි.

අනෙක් සියලුම ආනයන වියදම් අඩුවෙද්දී වාහන ආනයන වියදම් පමණක් දෙගුණයකටත් වඩා වැඩියෙන් ඉහළ ගියේ කොහොමද?

පෞද්ගලික වාහන කියා කිවුවත් ඇත්තටම මේ විදිහට ඉහළ ගිහින් තිබෙන්නේ පෞද්ගලික මෝටර් රථ ආනයන වියදම් පමණයි. වසර තුළ අලුත් වාහන ලියාපදිංචිය ලෙස බැලූ විට අනෙකුත් සියළුම කාණ්ඩ වලට අයත් වාහන ආනයන පහළ ගොස් ඇති බව පෙනෙනවා.

2017 වසරට සාපේක්ෂව 2018 වසර තුළ අලුතින් ලියාපදිංචි කර ඇති බස්රථ ප්‍රමාණය 11.2%කිනුත්, යතුරු පැදි ප්‍රමාණය 1.3%කිනුත්, භාණ්ඩ ප්‍රවාහන වාහන ප්‍රමාණය 18.0%කිනුත්, ඉඩම් වාහන ප්‍රමාණය 21.2%කිනුත්, ගොඩක් අයට හිසරදයක් වී තිබෙන ත්‍රිරෝද රථ ප්‍රමාණය 14.8%කිනුත් පහළ ගොස් තිබෙන්නේ ඩොලරයක හා අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල් ඒකක වල මිල ඉහළ යාම නිසා බව පැහැදිලියි. එසේ තිබියදී පෞද්ගලික මෝටර්රථ ලියාපදිංචිය 39,182 සිට 80,776 දක්වා 106.2%කින් ඉහළ ගොස් තිබෙනවා. ද්විත්ව කාර්ය වාහන කාණ්ඩයේත් 1.1%ක සුළු වැඩිවීමක් දැකිය හැකියි. මේ වෙනසට හේතුව කුමක්ද?

මෝටර්රථ ආනයනය පමණක් මෙලෙස විශාල සේ ඉහළ යාමට බදු රහිතව හෝ බදු සහන සහිතව වාහන ආනයනය කිරීම සඳහා ලබාදුන් බලපත් වලින් විශාල දායකත්වයක් ලැබී තිබෙන බව පැහැදිලියි. වසර මුලදී බදු සහන වාහන බලපත් ලබාදීමත් සමඟම මාසික වාහන ආනයන වියදම් මෙන්ම මෝටර්රථ ලියාපදිංචියද එකවරම විශාල ලෙස ඉහළ ගියා. සැප්තැම්බර් අගදී ගෙවුම් ශේෂ පීඩනය හමුවේ බදු සහන වාහන බලපත් භාවිතය තාවකාලිකව අත්හිටවීමෙන් පසුව වාහන ආනයන වියදම් හා වාහන ලියාපදිංචිය එකවර විශාල ලෙස අඩුවී විණිමය අනුපාතය මත වූ පීඩනය බැහැර වී ඇති බව පෙනෙනවා.

ගෙවුම් ශේෂය, වාහන බලපත් හා ඩොලරයේ මිල 3-14-410

මේ වසරේ ඊයේ (මාර්තු 13) දක්වා කාලය තුළ රුපියල ඩොලරයට සාපේක්ෂව 2.2%කින් අධිප්‍රමාණය වී තිබෙනවා. එහෙත් එසේ රුපියල ශක්තිමත් වී තිබෙන්නේ ආර්ථිකයේ විදේශ අංශය එපමණටම ශක්තිමත් වීම නිසා නෙමෙයි. වෙළඳ ශේෂ හිඟය යම් පමණකින් අඩු වී ඇතත් තවමත් ලංකාවේ අපනයන ආදායම් ආනයන වියදම් වලට කිට්ටුවෙන්වත් යන්නේ නැහැ.

රුපියල ශක්තිමත්ව තිබෙන්නේ පසුගිය සතියේ ස්වෛරිත්ව බැඳුම්කර නිකුත් කරමින් ඩොලර් බිලියන 2.4ක ණය ගැනීම නිසයි. මෙසේ ලබාගත් ඩොලර් බිලියන 1.4ක පස් අවුරුදු බැඳුම්කරය වෙනුවෙන් 6.85%ක වාර්ෂික පොලියකුත්, ඩොලර් බිලියන 1.0ක දස අවුරුදු බැඳුම්කරය වෙනුවෙන් 7.85%ක වාර්ෂික පොලියකුත් ගෙවිය යුතුයි. 7.85%ක පොලියකට දස අවුරුදු ණයක් ගන්නවා කියන්නේ පොලිය සේ ගත් මුදල මෙන් 112.9%ක මුදලක්, එනම් ගත් මුදලටත් වඩා වැඩි මුදලක් ගෙවිය යුතු බවයි. මෙසේ ගෙවිය යුත්තේ ඩොලර් වලින්ම මිස රුපියල් වලින් නෙමෙයි. වසර දහයකට පසු ඩොලරයක මිල කොහේ තියෙයිද කියා මම කියන්න අවශ්‍ය නැහැනේ.

ඉදිරි මැතිවරණ හමුවේ වත්මන් ආණ්ඩුව විසින් අවසාන වශයෙන් අනුගමනය කරමින් ඉන්නේ විදේශ ණය වල උදවුවෙන් රුපියල ස්ථාවර කරගෙන ආර්ථිකය තාවකාලිකව ස්ථාවර කර ගැනීමේ පැරණි රාජපක්ෂ ආණ්ඩුවේ උපාය මාර්ගයයි. මෙයින් සිදුවන්නේ අනාගතයේදී ගෙවුම් ශේෂ ප්‍රශ්නය තවත් උග්‍ර වීම පමණයි. පොදුජන පෙරමුණේ ආර්ථික විශේෂඥයින් ආණ්ඩුවේ අයවැය විවේචනය කරන නමුත් මේ කරුණ ගැන කතා කරන්නේ නැහැ. ඒ, ඔවුන්ගේ ආර්ථික දැක්ම තනිකරම රඳා පවතින්නේ වැඩි වැඩියෙන් විදේශ ණය ගනිමින් කෘතීම ලෙස රුපියල පහළින් තබා ගැනීම මත නිසයි.

මුලින් දිගුකාලීනව රටට හිතකර විදේශ විණිමය ප්‍රතිපත්තියක් අනුගමනය කළ එජාප ආණ්ඩුවත් අවසානයේදී මේ පහසු හා දේශපාලනිකව වාසිදායක මාර්ගයටම අවතීර්ණ වී සිටිනවා. රටේ යහපත ගැන හිතනවානම් කළ යුත්තේ මේ ඩොලර් බැඳුම්කර වලින් ලැබෙන මුදල් විදේශ සංචිත වලට එකතු කරගෙන හා අවශ්‍යනම් තවත් යම් ඩොලර් ප්‍රමාණයක් වෙළඳපොළෙන් මිල දී ගෙන රුපියල අධිප්‍රමාණය වීම වලක්වා ක්‍රමයෙන් අවශ්‍ය මට්ටම දක්වා අවප්‍රමාණය වෙන්න ඉඩ හැරීමයි. එහෙත් එය හිතකර දෙයක් සේ දකින අය එතරම් නැති නිසා එවැන්නක් වෙන්න තිබෙන ඉඩකඩ බොහෝ අඩුයි.

අප පෙන්වා දෙන්නේ රටක විණිමය අනුපාතිකය දිගින් දිගටම අවප්‍රමාණය වීම හොඳ දෙයක් කියන එක නෙමෙයි. එයින් පෙනෙන්නේ ආර්ථිකයේ දුර්වල කමයි. නමුත්, ආර්ථිකය දුර්වලව තිබීම හමුවේ විණිමය අනුපාතිකය අවප්‍රමාණය වීමට පිළියම වන්නේ ආර්ථිකය ශක්තිමත් කෙරෙන ක්‍රියාමාර්ග ගැනීම මිස, දිගුකාලීනව ආර්ථිකය තවත් දුර්වල වෙන්නට ඉඩ සලසමින් තාවකාලිකව කෘතීම ලෙස විණිමය අනුපාතිකය පහළින් තබා ගැනීම නෙමෙයි. ණය ගනිමින් රුපියල ශක්තිමත්ව තබා ගැනීමේදී වෙන්නේ එයයි.

http://emgesathapaha.blogspot.com/2019/03/blog-post.html

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum