එළැඹෙන නොවැම්බර් මස 16 වැනිදා මීලග ජනාධිපතිවරණය පැවැත්වීමට වැඩි ඉඩක් ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග කියා සිටී.
ජනාධිපතිවරණය කැඳවීම ඔක්තෝබර් මුල සතියේ සිදු කෙරෙනු ඇතැයිද එම ආරංචි මාර්ග කියයි.
නොවැම්බර් 15 හා දෙසැම්බර් 07 අතර දිනයක ජනාධිපතිවරණය පැවැත්වෙන බව මීට පෙර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාද සදහන් කර තිබින.
අවම වශයෙන් දින 44ක් උපරිම දින 65ක කාලයකදී ජනාධිපතිවරණය පැවැත්විය හැකි බව සභාපතිවරයාගේ අදහසයි.