FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com


Join the forum, it's quick and easy

FINANCIAL CHRONICLE™
Dear Reader,

Registration with the Sri Lanka FINANCIAL CHRONICLE™️ would enable you to enjoy an array of other services such as Member Rankings, User Groups, Own Posts & Profile, Exclusive Research, Live Chat Box etc..

All information contained in this forum is subject to Disclaimer Notice published.


Thank You
FINANCIAL CHRONICLE™️
www.srilankachronicle.com
FINANCIAL CHRONICLE™
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
FINANCIAL CHRONICLE™

Encyclopedia of Latest news, reviews, discussions and analysis of stock market and investment opportunities in Sri Lanka

LISTED COMPANIES

Submit Post



Poll

Can there be another Covid-19 wave in Sri Lanka?

බෙලහීන ආර්ථික ප්‍රතිපත්තියකින් රටක ආර්ථිකය ගොඩනගන්න බෑ Vote_lcap68%බෙලහීන ආර්ථික ප්‍රතිපත්තියකින් රටක ආර්ථිකය ගොඩනගන්න බෑ Vote_rcap 68% [ 178 ]
බෙලහීන ආර්ථික ප්‍රතිපත්තියකින් රටක ආර්ථිකය ගොඩනගන්න බෑ Vote_lcap18%බෙලහීන ආර්ථික ප්‍රතිපත්තියකින් රටක ආර්ථිකය ගොඩනගන්න බෑ Vote_rcap 18% [ 47 ]
බෙලහීන ආර්ථික ප්‍රතිපත්තියකින් රටක ආර්ථිකය ගොඩනගන්න බෑ Vote_lcap13%බෙලහීන ආර්ථික ප්‍රතිපත්තියකින් රටක ආර්ථිකය ගොඩනගන්න බෑ Vote_rcap 13% [ 35 ]

Total Votes : 260

STOCK MARKET TRAINING
ශ්‍රී ලංකා මූල්‍ය වංශකථාව - සිංහල
Submit Post


CONATCT US


Send your suggestions and comments

* - required fields

Read FINANCIAL CHRONICLE™ Disclaimer



EXPERT CHRONICLE™

MARKET CHAT


CHRONICLE™ ANALYTICS


ECONOMIC CHRONICLE

GROSS DOMESTIC PRODUCT (GDP)


CHRONICLE™ YouTube

LATEST TWEETS

You are not connected. Please login or register

FINANCIAL CHRONICLE™ » වංශකථාව » බෙලහීන ආර්ථික ප්‍රතිපත්තියකින් රටක ආර්ථිකය ගොඩනගන්න බෑ

බෙලහීන ආර්ථික ප්‍රතිපත්තියකින් රටක ආර්ථිකය ගොඩනගන්න බෑ

Go down  Message [Page 1 of 1]

ChooBoy


Manager - Equity Analytics
Manager - Equity Analytics


ඕනෑම රටක ජනතා අභිලාෂය වඩාත් සෞභාග්‍යමත් දේශයක තම දිවි පෙවෙත ගත කිරීමයි. තම දුවා දරුවන්ට යහපත් අනාගතයක් දැකීම දෙමවුපියන්ගේ පරමාර්ථය වනවිට, අතමිට සරුව නිරන්තරයෙන් සතුට උතුරා යන පරිසරයක් තාරුණ්‍යයේ පැතුමයි. එසේම, ජීවිතය යන්තමින් ගැටගසා ගැනීමේ අරගලය වෙනුවෙන් තම සැඳෑ සමයද දියකර හරින වැඩිහිටියෙකුට වඩා, මානසික තෘප්තියෙන් හා වඩාත් සෞඛ්‍ය සම්පන්න සැඳෑ සමයක් වැඩිහිටියන්ගේ බලාපොරොත්තුවයි. ජනතාව අපේක්ෂා කරන මේ සියලු යහපත් වටපිටාවන් සඳහා රටක ආර්ථික යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් විය යුතු බව නොරහසකි. තිස් වසරක යුද්ධයක් හමුවේ ආපස්සට හැරුණු රටක් ලෙස ශ්‍රී ලංකාව යළිත් අඬු ගසාදමා දෙපයින් නැගිටියද, ජනතාව අපේක්ෂා කළ ඒ ආර්ථික සෞභාග්‍යය තවමත් ප්‍රමාද වන්නේ ඇයි? සිහින රැසක් පොදි බැඳගෙන රටට සෞභාග්‍ය උදාවන තුරු බලා සිටින ජනතාව මීට වගකිව යුතුද? එසේ නැත්නම්, ජනතාවට සිහින පෙන්වා රට අගාධයට ගෙනයන පාලකයන් මීට වගකිව යුතුද? ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික දිශානතිය මෙන්ම, රටක ආර්ථිකය ජනතාවට හා රටට හිතකර අයුරින් මෙහෙයවිය යුත්තේ කෙසේද යන්න පිළිබඳ විග්‍රහයක් වෙනුවෙන් මෙරට ප්‍රධාන මූල්‍ය මර්මස්ථානය වන ශ්‍රී ලංකා මහ බැංකුවේ වසර 9ක කාලයක් අධිපති ධුරය දැරූ අජිත් නිවාඩ් කබ්රාල් මහතා 'අද ව්‍යාපාරික පිටුව' වෙත මෙසේ අපි කැඳවා ගත්තෙමු.
එදා අධිපති අද මොනවද කරන්නෙ?
මම දැන් සාමාන්‍යයෙන් විග්‍රහයන් සිදු කරනවා. මගේ සිතුවිලි ඒකරාශී කරනවා. ඉදිරියේදී කළ යුත්තේ මොකක්ද කියන දේ විටින් විට අලුත් කර ගන්නවා. මොකද, ලෝකයේ තියෙන ප්‍රශ්න සහ රටේ තියෙන ප්‍රශ්න වෙනස් වෙනකොට ඉදිරියේදී කළ යුතු දේ වෙනස් කළ යුතුයි. 'You Stay Current' කියල ඉංග්‍රීසි කියමනක් තියෙනවා, මම කරන්නෙත් එයයි. ඒ සමග අපේ කාලය පිළිබඳ පොතකුත් ලියනවා. ඒ නිසා සෑහෙන කාර්ය බහුලයි.
ඔබ දකින රුපියල ස්ථාවරද, අස්ථාවරද?
රටට ආයෝජන එන්නේ නැත්නම්, රටට ගලාඑන ඩොලර් ප්‍රමාණය ගලාඑන්නේ නැත්නම්, ඒ සමතුලිතතාව රැකගැනීම ආනයනවලට තහංචි දාලා කළ නොහැකියි. වත්මන් ආණ්ඩුව වාහන ආනයනය සීමා කිරීමට තහංචි දාගෙන, ඒ මගින් රුපියල ස්ථාවර කිරීමට වෑයම් කරනවා. එය කෙටි කාලීනව යම් අර්ථවත් වැඩක් වෙන්න පුළුවන්. නමුත්, කිසිවිටෙකත් දිගුකාලීනව එවැනි දෙයක් කරන්න බැහැ. මේ රට ගැන තියෙන විශ්වාසය සෑහෙන්න පළුදු වෙලා. බොහෝ ආයෝජකයන් රටේ පැවති ඔවුන්ගේ මුදල් අරගෙන ගියා. මගේ මතකයේ හැටියට, 2014 අග වනවිට බැඳුම්කරවල විදෙස් ආයෝජන ඇ.ඩො.මිලියන 3,450ක්. දැන් ඒක ඇ.ඩො.මිලියන 850කට අඩුවෙලා. ඒ කියන්නෙ ඇ.ඩො.මිලියන 2,600ක් මේ රටෙන් පිටවෙලා ගිහින්. ඒවායේ බලපෑම දැන් ඇවිත්.
මේ තත්ත්වය තුළ රුපියලට යන්න පුළුවන් එකම එක දිශාවකට විතරයි. ඒ තමයි, අවප්‍රමාණය වීම. අවප්‍රමාණය වෙන්නේ වසරකට 20%කින්ද, 15%කින්ද, 10%කින්ද කියන එක නොවෙයි, ප්‍රශ්නය. අවප්‍රමාණය වෙනවා. අවප්‍රමාණය නවත්වා ගැනීමටවත් ශක්තියක් මේ රජයටවත්, මහ බැංකුවටවත් දැන් නැහැ. රටේ සාමාන්‍ය ජනතාව වගේම කරකියා ගැනීමට කිසිවක් නොමැතිව, මහ බැංකුවත්, රජයත් මේ ප්‍රශ්නය දිහා බලාගෙන ඉන්නවා. එවැනි වාතාවරණයක කෙටි උත්තරය, තවදුරටත් රුපියල පිරිහීම විතරමයි. අනෙක් පැත්තට අධිප්‍රමාණය වීමක් නම් හිතාගන්නවත් බැරි තරම්.
රුපියලට විසඳුමක් ඇත්තේම නැද්ද?
ඔබට මතක ඇති, 2014 දී රුපියල අවප්‍රමාණය වුණේ 0.5%ක් පමණයි. මම ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ධුරය දැරූ වසර 9ක කාලය රුපියලේ අවප්‍රමාණය 28%යි. එයිනුත් 16%ක් සිදුවුණේ, එවකට මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අවශ්‍යතාවක් මතයි. එහිදී, අයවැය හරහා රුපියලට යම් අවප්‍රමාණයක් වීමට සැලැස් වූ නිසයි. එසේ නොමැතිව, විවිධ උපක්‍රම අප පාවිච්චි කළ නිසා රුපියල බොහෝම හොඳ ස්ථාවර මට්ටමක පැවතියා. ඉන් කියැවෙන්නේ, අපට ඕනෑ නම් මේක කරන්න පුළුවන්. ඵලදායීතාව වැඩිවන ආකාරයට හොඳ මූල්‍ය ප්‍රතිපත්ති යොදවමින්, රටට ආයෝජනය ගලාඒමට ඉඩදෙමින්, රටේ ස්ථාවරත්වය ලෝකයට පෙන්වමින්, ලොව සිටින අනෙකුත් ආයෝජකයන් මේ රටේ ආයෝජනය කිරීමට අප පොළඹවන්නේ නම් රුපියල අපට ස්ථාවරව පවත්වාගෙන යෑමට පුළුවන්. අප ඒවා එදා සිදුකළා. මේ සඳහා එක මෙවලමක් නොවෙයි, මෙවලම් කිහිපයක් අප පාවිච්චි කළ යුතුයි. එසේ කළොත් මේ ස්ථාවරත්වය නැවතත් ලබාගැනීමට පුළුවන්. තම රටේ මුදල් ඒකකය අවප්‍රමාණය වීමට අඛණ්ඩව ඉඩදෙමින් දියුණු වූ කිසිදු රටක් ලෝකයේ කොහේවත් නැහැ. දැවැන්ත ලෙස ආනයන සිදුකරන ජපානයට, ඇමෙරිකාවට ඒ අයගේ මුදල් ඒකක ස්ථාවරව පවත්වාගෙන යෑමට පුළුවන් නම්, ඇයි අපට බැරි? එය අප තේරුම්ගත යුතුයි.
අවප්‍රමාණය හොඳයි කියලත් කියනවනේ? 
රුපියල අවප්‍රමාණය වීම අපනයන සඳහා හොඳයි කියා යමෙකු කියනවා නම් එය මහා මෝඩ කතාවක්. සමාවෙන්න, එහෙම කිව්වට. මොකද, රුපියල ස්ථාවර කරගැනීමට නොහැකි වූ විට වත්මන් ආණ්ඩුවේ මහා ආර්ථික විද්වතෙක් මේ තත්ත්වය සාධාරණීකරණය කරගැනීමට කියූ කතාවක් තමයි, ඔබ ඔය මතු කළේ. මේ වගේ කතා තුළින් ඒ අය පිළිබඳව පොඩි හෝ ගෞරවයක් තිබුණා නම්, එයත් නැතිව යනවා. ඒ වගේ කතාවලින් තමයි, රටේ මිනිස්සුන්ව මුලා කරන්නේ. මොකද, අප රුපියල ස්ථාවරව තබාගැනීම අත්‍යවශ්‍යයි. ඊට සාපේක්ෂව අපේ රටේ අනෙකුත් අංශවල ඵලදායීතාව වැඩි කරගෙන, අපේ රුපියලත් රැකගෙන, අපේ ණය ගෙවීමේ ශක්තිය තවදුරටත් ශක්තිමත් කරගෙන ඉදිරියට යෑමට අපට හැකිවිය යුතුයි.
දැන් බලන්න, අප ඇ.ඩො.බිලියන 35ක් ආපසු ගෙවිය යුතු ණය තියෙනවා. රුපියලකින් අපේ මුදල් ඒකකය අවප්‍රමාණය වුණොත්, ඇ.ඩො.බිලියන 35ක ණය ගෙවීම සඳහා රු.බිලියන 35ක් වැඩිපුර වෙන් කරන්න වෙනවා. ඉතිං ඔය වගේ කතා කියන මිනිස්සුන්ට මේවා තේරෙන්නේ නැද්ද? බොළඳ කතාවලින් මේ රට ඉදිරියට ගෙනියන්න බැහැ. යථාර්ථය තේරුම් අරගෙන, යථාර්ථයට මුහුණදීම කළ යුතුයි.
එදා අපට ලෝකයේ තිබුණු ඔක්කොම ප්‍රශ්න තිබුණා. ඇත්තටම දැන් ප්‍රශ්න නැති තරම්. ලෝකයේ ආර්ථික කම්පාවන්, ආර්ථික කඩා වැටීම්, බැංකු කඩා වැටීම්, තෙල් මිල ඉහළ යෑම්වලට අපට මුහුණදීමට සිදුවුණා. ඒ වගේම, රටේ පැවති මහා යුද්ධයක් වෙනුවෙන් අපට මුහුණදීමට සිදුවුණා. ඒ සියලු දේ වෙනුවෙන් අවශ්‍ය පිළියම් අප යෙදුවා. කයිවාරුවලින් තොරව, මේවාට උත්තර සෙවිය යුතුයි. එක් එක් කාලවලදී ඒ ඒ ප්‍රශ්නවලට සෙවිය යුතු උත්තර වෙනස්. අපේ කාලයේ තිබුණු පරිසරයට වඩා අද සෙවිය යුතු උත්තරය වෙනස්. ඒ වුණත්, ඒ උත්තරය අප සොයාගත යුතුයි. එය ක්‍රියාත්මක කළ යුතුයි. එය ක්‍රියාත්මක කරද්දී, එඩිතරව, හොඳ විශ්වාසයක් ගොඩනැගෙන විදියට එය කළ යුතුයි. එවිට, අනෙක් අයත් ඒ දෙස බලා සිටිනවා. අපේ ආර්ථිකයේ දේශීය හා විදේශීය කොටස්කරුවන් තුළ විශ්වාසය ගොඩනැගිලා අපත් සමග ගනුදෙනු කිරීමේ ප්‍රවණතාව වැඩිකර ගන්නවා. බොළඳ කතාවලට වඩා අවශ්‍ය වන්නේ එයයි.
රටට මුදල් ගලාඒම් වැඩි එදාද? අදද?
පැවති රජයට අද කොච්චර චෝදනා කළත් එදා මුදල් ගලා ආවා. ඒක ජනතාව දැක්කා. 'අපිට සල්ලි නැහැ', 'අපිට ණය ගෙවා ගන්න විදිහක් නැහැ', 'අපිට කවුරුත් හිරිහැර කරනවා' කියල අප එක දවසක්වත් ජනතාව ඉදිරියට ඇවිත් කිව්වද? නැහැ. අපට ඕනෑ තරම්, ඇමෙරිකාවෙන්, බ්‍රිතාන්‍යයෙන්, යුරෝපයෙන් ආයෝජන ගලා ආවා. ඇත්තෙන්ම, චීනයටත් වඩා අපට මුදල් ලබාගැනීමට හැකිවුණේ ඒ රටවලින්. ඒ ආයෝජකයන්ගෙන්. දැනුත් ඒ පිරිස් අපට කතා කරනවා. 'අපි ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කරන්න කැමති වුණත්, මේ තියන තත්ත්වය දිහා බලද්දි කිසිම විදියකින් ආයෝජනය කරන්න නොහැකි' බව ඔවුන් කියනවා. ඒ කාලයෙත්, ඔවුන් ආවා. අපට චීනයත් ආවා. ඇමෙරිකාවත් ආවා. යුරෝපයත් ආවා. එදා ආණ්ඩුවට ආයෝජන ගලාඒම් සිදු නොවූවා යැයි කියන්න පුළුවන්කමක් නැහැ.
ඒ වගේම, එදා අපට තිබූ සියලුම ව්‍යාපෘති සඳහා අවශ්‍ය මුදල් අප සොයා ගත්තා. යුද්ධයටත් මුදල් සොයා ගත්තා. අද මොන සබඳතා ගැන කතා කළත්, පැවති රජය සමයේදී අපේ රටට ගලාඒමට අවශ්‍ය වූ සියලුම ආයෝජන ගලා එන්නට අප ක්‍රියා කළා. අද කොළඹ කොටුව ප්‍රදේශයට ගිහිල්ලා බැලුවොත්, ඉදිකෙරෙන සියලුම නව ගොඩනැගිලිවලින් වත්මන් ආණ්ඩුව ආරම්භ කළ එකක් තියෙනවාද? නැහැ. ඒ සියලු ඉදිකිරීම් පැවති රජය සමයේ ආරම්භ වූ ආයෝජනයි. ඔවුන් ගේනවා කියල කිව්වේ එකම එකයි. ඒකත් අර වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව. ඒකට මුල් ගලකුත් තිබ්බා කිව්වට, පැත්ත පළාතකවත් එහෙම එකක් නැහැ.
පැවති රජය කයිවාරු නොගැහැවුවාට සිදුකළ යුතු දේ සිදුකළා. ඒ කාලය තුළ බාලගාර හැදුවා. වරායවල් හැදුවා. ගුවන් තොටුපොළවල් හැදුවා. අධිවේගී මාර්ග හැදුවා. අපට ණයත් ලැබුණා. ආයෝජනත් ලැබුණා. නමුත් අද ඒ එකක්වත් නැහැ. ඒ නිසා තමයි, අද මේ ආර්ථික වර්ධන වේගය ශීඝ්‍රයෙන් කඩා වැටෙන්නේ. එදා 8෴ට තිබුණු ආර්ථික වර්ධන වේගය අද 3%ටත් වඩා අඩුයි. රටේ මිනිස්සු කිසිම උද්‍යෝගයකින් වැඩක් කරන්නේ නැහැ කියන එක තමයි, ඉන් කියැවෙන්නේ. මෙහෙම වැඩි කාලයක් දුවන්න බැහැ. ආර්ථික වර්ධනයේ මෙවැනි පහළ යෑමක් කියන්නේ, විශාල ආර්ථිකමය පසුබෑමක්. ඒ නිසා අප ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. මේවා මේ ආකාරයෙන්ම යන්න දුන්නොත්, වැඩිකල් නොගොස් අපට ලොකු ඛේදවාචකයකට මුහුණදීමට සිදුවේවි.
එදා නරක වරය නගරය අද හොඳ වුණේ ඇයි? 
වරාය නගරය නිසා සාගරයේ ජල තරංගවල වෙනසක් සිදුවෙලා, මහා ආර්ථික කම්පාවක් සිදුවෙන බවත්, මෙය වැඩකට නැති ආයෝජනයක් බවත් කියමින් එය වැළැක්වීමට එදා මහා වෑයමක් දැරුවා. ඒ කරදර නිසා ඒ චීන ආයෝජකයන්ටත් විශාල පාඩුවක් දැරීමට සිදුවණා. ඇත්තටම ඒ ගැන කනගාටුයි. මොකද, මේ ව්‍යාපෘති අපේ අනාගතයටයි. වසර තුන හතරක් මේවා පමා වෙනවා කියන්නේම, කවුරුහරි තරුණයෙකුට වසර තුනක් හෝ හතරක් රැකියාවක් ප්‍රමාද වීමයි. දේශපාලනික වශයෙන් මෙවැනි දැවැන්ත ව්‍යාපෘතිවලට මඩ ගහලා, රටට තවදුරටත් පැමිණීමට සිටි ආයෝජකයන්ද අධෛර්යමත් කළා. කොහොම වුණත්, එහි පාඩුව විඳින්නේ මේ රජයමයි. නමුත්, එහි සැබෑ පාඩුව ජනතාවටයි.
අලුත් වරාය නගරයට තව බොහෝ ආයෝජන පැමිණීමට තිබෙනවා. දැනට සිදුකර ඇති ආයෝජනය, ඇ.ඩො.මිලියන 1,400ක්. තවත් ඇ.ඩො.මිලියන 10,000ක පමණ ආයෝජන මේ සඳහා පැමිණිය යුතුයි. ඒවා ගෙනඒමට සිදුවන්නේ බොරු කයිවාරුවලින් නොවෙයි. එය කළ හැකිවන්නේ වැඩ පෙන්වීමෙනුයි. රටේ ආර්ථික ස්ථාවරත්වය, රටේ දේශපාලනික ස්ථාවරත්වය, රට තුළ හොඳ ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවෙන බව පෙන්විය යුතුයි. රටේ ව්‍යාපාර කරන ජනතාවට හිරිහැර නොකළ යුතුයි. ඒ අයත් සමග සුහදව කතා කරමින්, ඔවුන් දිරිමත් කරමින් තමයි, මේ කටයුතු කළ යුතු වන්නේ. එදා කයිවාරුකරුවන් කියූ කතා ඔක්කොම අද වමාරන්න වෙනවා. 'මත්ස්‍ය සම්පත අහිමි වෙනවා', 'සාගර තරංග වෙනස් වෙනවා' කිව්වා. මේ ඔක්කොම අතේ පත්තුවෙන බොරු. දැන පාසලක නාන තටාකයක් හදල, 'එන්න අපි නාවන්නං' කියල පුංචි ව්‍යාපෘතියකින් තමයි, මේ අය සෑහීමකට පත්වෙන්නේ. ඒවා කළාට වරදක් නැහැ. දරුවන්ට ඒවා අවශ්‍යයයි. ඒත් මේවාට මැති ඇමති මැදිහත්වීම් අනවශ්‍යයි. අද පාසල් ළමයින්ට ටැබ් දෙන්න කලින්, වහළක් නොමැති පාසල්වලට වහළක් දුන්නොත් නරකද? මේවා විදෙස් රටවල මිනිස්සු දැනගත්තොත් අපට ලැජ්ජාවක්ම විතරයි.
දැනට ඇති විදෙස් සංචිතය ප්‍රමාණවත්ද?
මේ කාරණයට එන්න කලින්, මම ඔබව පොඩ්ඩක් අතීතයට අරගෙන යන්නම්. 2015 ජනවාරි 02දා මහ බැංකුවේ Road Map එක අන්තිමට මම එළිදැක්වූ අවස්ථාවේදී 2015 සිට අප කළ යුතු දේවල් පෙන්වා දුන්නා. ඒ වනවිට අපේ රටේ විදෙස් සංචිතය ඇ.ඩො.බිලියන 8.2ක් තිබුණා. මේ සංචිත ප්‍රමාණය 2020 වනවිට ඇ.ඩො.බිලියන 15ක් දක්වා වැඩිකරන්නේ කොහොමද කියන සැලැස්මක් එදා අප පෙන්වා දුන්නා. අපට කිසිම බයක් නැතිව ණය ගෙවීම්වලට, අනෙකුත් සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන්න පුළුවන් වෙන විදියට සංචිතය ගොඩනගාගෙන යන ක්‍රමවේදය ඉතාමත් පැහැදිලිව පෙන්වා දුන්නා.
නමුත්, 2015 දී මේ රජය බලයට ඇවිත්, මහ බැංකු වංචාව නිසා දැන් රටින් පළාගොස් සිටින අධිපතිවරයා යටතේ පළමු වැනි වසරේදීම ඇ.ඩො.බිලියන 8.2කට තිබූ සංචිතය, බිලියන 7ක් දක්වා කඩා වැට්ටෙව්වා. 2016 වනවිට එය බිලියන 6ක් දක්වා කඩා වැටුණා. රුපියලේ අගය ස්ථාවර කිරීමට යැයි කියමින්, අලුතින් මුදල් ගලාඒම් නොමැතිව, දේශීය තිබූ ණය ප්‍රමාණය විදේශීය ණය බවට පරිවර්තනය කිරීම වගේ කළ හැකි සෑම වරදක්ම කරමින් සංචිත කඩා වැට්ටෙව්වා. දැන්, එතනින් එහාට යන්න තත්ත්වයක් නැහැ. මොකද, අපි දුර්වල බව හැමෝම දකිනවා. 2017 වනවිට යන්තම් එය බිලියන 7ක් දක්වා වැඩිකර ගත්තත්, අදත් ඒ මට්ටමේම වගේ තමයි, තියෙන්නේ. මේ සංචිත ප්‍රමාණය දැන් අපට තියෙන අභියෝගවලට මුහුණදීමට කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. නමුත්, සංචිත වැඩිකර ගැනීම ගැන මේ අයට කිසිම සැලැස්මකුත් නැහැ. ඒ ගැන කිසිම තැනක කියලත් නැහැ. කියන්නෙත් නැහැ. කියන්නත් බැහැ.
මේ තුළින් විදේශයන්ට යන පණිවුඩය, අපි ඉතාම දුර්වල කළමනාකාරීත්වයක් තියෙන ආර්ථිකයක් යන්නයි. මොකක්ද වෙන්නේ කියල මුදල් ඇමතිවරයා දන්නේ නැහැ. මේ ගැන කටයුතු කරන්න මහ බැංකුවට බලයක් නැහැ. මෙහෙම තත්ත්වයක් තියෙද්දි සංචිත කඩා වැටීම පුදුමයක් නොවෙයි. මොවුන්ට තියෙන එකම විසඳුම තවත් ණය ගැනීම විතරයි. එසේ ණය ගත්තා කියල, ආයෙත් ඒ ණය ගෙවන්න වෙනවා. ඒක පියවන්න තවත් තැනකින් ණය ගන්න වෙනවා. ඒ අතරතුරදී පොලිය ගෙවන්නත් වෙනවා. මේ සමස්ත ක්‍රියාවලිය තුළ අප ලොකු ආර්ථික කම්පාවකට යනවා. අපේ රටේ ආයෝජනයට පැමිණෙන මිනිස්සු මෝඩයෝ නොවෙයි. ඩොලර් මිලියන ගණනින් ආයෝජනය කරන අය ලෝකයේ ආර්ථිකය ගැන හොඳ අවබෝධයක් ඇති අයයි. ෆ්‍රැන්ක්ලින් ටෙම්පල්ටන්ට එදා මේ අය බැන්නා. ඔවුන් ලෝකයේ විශාල අරමුදලක්. ඒකවත් මොවුන්ට තේරුණේ නැහැ. මොවුන්ගේ වැරදිවලට අද පවු ගෙවන්නේ රටේ ජනතාව. ඒ වගේම, ශ්‍රී ලංකාව ලෝකයට බද්ධ වූ රාජ්‍යයක්. අපට ඇති අභියෝග ජාත්‍යන්තර අභියෝග. ඒවට මුහුණ දීමට පුළුවන් මිනිස්සු අපට පේන්නේ නැහැ. කෙටි කාලීනව දාන පොඩි පොඩි සෙල්ලම් ස්ථිරසාර නැහැ. සංචිත වැඩිකර ගැනීමට කිසිම සැලැස්මක් කිසිවෙකු ඉදිරිපත් කරන්නේ නැහැ. ඔහේ අඳුරේ අතපත ගානවා. එයයි, ලොකුම භයානක තත්ත්වය.
උද්ධමනය ගැන මොකද හිතෙන්නේ?
උද්ධමනය කියන්නෙ, භාණ්ඩවල මිල වැඩිවීමේ වේගය. බොහෝ දෙනෙක් භාණ්ඩවල මිල උද්ධමනය කියල හිතනවා. ඒ නිර්වචනය අප හරියටම තේරුම්ගත යුතුයි. මගේ අවසන් වසර 6 තුළ මැදි තනි ඉලක්කමක උද්ධමනය පවත්වාගෙන යෑමට අපට හැකිවුණා. ඒ කාලයේ, තිබුණු තත්ත්වයට වඩා 2016, 2017 සහ 2018 කාලවල වැඩි උද්ධමනයක් පවතිනවා. කෙසේ වෙතත්, උද්ධමනය වැඩිවීම අප හිතුවට වඩා මේ කාලසීමාවේදී අඩුවුණේ, ආර්ථිකයේ මන්දගාමීත්වය නිසයි. උද්ධමනය සඳහා එක් හේතුවක් නම්, ආර්ථිකයේ ඉල්ලුම වැඩිවන විට, ජනතාව අතේ මුදල් ගැවසෙද්දී, වැඩි වශයෙන් මිලදී ගැනීම් කරනවා. එහිදී, ඉල්ලුම නිසා මිල වැඩිවීමක් සිදුවෙනවා. අපේ කාලයේ එහෙම තත්ත්වයක් තිබුණා. අප එය පාලනය කරගැනීමට විවිධ උපක්‍රම යෙදුවා.
දැන් වෙලා තියෙන්නේ, ඊට වඩා වෙනස් තත්ත්වයක්. රුපියල අවප්‍රමාණය වෙලා, පොලී අනුපාත වැඩිවෙලා, භාණ්ඩ මිල වැඩිවීමට හේතු තිබුණත්, භාණ්ඩ මිල විශාල ලෙස වැඩි නොවන්නේ, ඒ වෙනුවෙන් වූ ඉල්ලුම අඩුවී ඇති නිසයි. ආර්ථිකය මන්දගාමී වූ නිසයි. යම් අයෙකු අත ඇති මුදල් ප්‍රමාණය අඩු වුණොත්, උවමනාවෙන් හෝ උවමනාවක් නැතත් වියදම් කරන මුදල් අඩු කිරීමට සිදුවෙනවා. තවදුරටත් ආර්ථිකය මන්දගාමී වුණොත්, එය රටට හොඳ තත්ත්වයක් නොවෙයි. එය ආර්ථික අවපාතයකට අනතුරු ඇඟවීමක්.  
මිනිස් හීන බොඳවීම රටකට යහපත්ද?
යතුරුපැදියෙන් කාර් එකකට යන්න හීනයක් මිනිස්සුන්ට දුන්නා තමයි. ඒත් මේ කරන දේවල්වලට වත්මන් රජය වුණත් කැමතියි කියල මම හිතන්නේ නැහැ. වාහන මිල වැඩිකිරීමට ඒ අයත් කැමති නැහැ. මොකද ඡන්දයකදී මේ අයව එලවා දාන්න ජනතාව බලාගෙන ඉන්නේ. ඒ දැන දැනම වැඩි කරන්න සිදුවෙලා තියෙන්නේ, බැරිකමටයි. ජනතාවට සිහින පෙන්වන විට ජනතාව එය පිළිගත්තේ ඒ කාලයේ පැවති වාතාවරණය සුබ වූ නිසයි. අපිට තවත් ගන්න පුළුවන් කියල ජනතාව විශ්වාස කළා. මොකද, ජනතාවට අපේක්ෂාවන් තියෙනවා. දැන් ඉන්න අයටත් වඩා, එන අය අපට තවදුරටත් සහනයක් දෙයි කියල හිතමින් ජනතාව එතැනට ගියා.
නමුත්, සමහර දේවල් කරන්න බැරි දේවල් බව වත්මන් රජය තේරුම් ගත්තේ නැහැ. දේශපාලනිකව තේරුම් නොගැනීමෙන් හෝ මෝඩකම නිසා ඔවුන් ඒවා සිදුකළා. පොරොන්දු දීලා ආර්ථිකය කඩා වට්ටවා ගත්තාට පස්සෙ, දුර්වල වුණා. දැන් කරන්න බැහැ. කකුල කඩා ගත්තා. දුවන්න බැහැ. දැන් මේ රජයට වෙලා තියෙන්නේ ඒකයි. මේ තත්ත්වයෙන් ගැල වෙන්න නම් මේ කකුල් කැඩිච්ච පිරිස් එලවලා දාල, යම් ආකාරයකට යථාර්ථය තේරුම් ගන්න පුළුවන්, ඒවට මුහුණ දෙන්න පුළුවන් පිරිසකට රට භාරකළ යුතුයි.
විවිධ අය කියන සුරංගනා කතා විශ්වාස කරන්න එපා කියන එක ජනතාවට ඇති හොඳ පාඩමක්. කෙටි කාලීනව ඒවා කළත්, පසුව සිදුවන්නේ දැවැන්ත ආර්ථික කම්පාවන්. අවසානයේ දුක් විඳින්න වෙන්නේ ජනතාවටමයි.
දරා ගන්න බැරි තරම් පොලී වැඩියිනේ?
පොලී අනුපාතය කියන්නේ රටක ආර්ථිකයක තියෙන ඉතාමත්ම වැදගත්ම සාර්ව ආර්ථික සාධකයක්. ඒ ගැන බොහෝ සැලකිලිමත් විය යුතුයි. එය එහා මෙහා වීමෙන් යම් පුද්ගලයෙකු ආර්ථික වශයෙන් ක්‍රියාත්මක වෙනවාද, නැත්නම් උදාසීන වෙනවාද කියන දේ තීරණය වෙනවා. අපේ කාලයේ මස 72ක් තුළ උද්ධමනය පාලනය කිරීම නිසා පොලී අනුපාත සියල්ල අඩුවීමට පටන් ගත්තා. එතැනදී අපට ලැබෙන පොලී අනුපාත ප්‍රමාණවත් නොවේ යැයි යම් යම් පැතිවලින් චෝදනා ආවා. එවිට අප, වැඩිහිටියන්ට වැඩි පොලී අනුපාතයක් ලැබෙන පරිදි විශේෂ ක්‍රමවේද හැදුවා. ඒ නිසා තමයි, යම්කිසි තරුණයෙක් වුණත්, ගෙයක් හදන්න යද්දි 10%ක පොලියට නිවාස ණයක් ගත්තේ. පොඩි ව්‍යාපාරයක් ආරම්භ කරන්න හදන අයට 9% - 11%කට වගේ ණයක් අරගෙන ව්‍යාපාරයක් කළේ. එවිට ව්‍යාපාරයේ අවදානම අඩු වෙනවා. ඒ වගේම, ලීසිං එකකට ගියත්, 14%ක් තමයි වැඩිම. අද ඒ සියලුම පොලී අනුපාත වැඩිවෙලා. ඒ පැත්තෙන්, අවදානම වැඩිවෙලා.
අනෙක් පැත්තෙන්, ආර්ථිකමය වශයෙන් කටයුතු කරන පුද්ගලයන් අධෛර්යමත් වෙනවා. ඔවුන්ගේ ආර්ථික සැලසුම් මගහරිනවා. ආර්ථිකය තවදුරටත් පීඩනයට පත්වෙනවා. එය තමයි, අප අද අත්විඳින්නේ. පොලී අනුපාත අඩු කරගැනීමට මේ අයට කිසිදු සැලසුමක් නැහැ. බැඳුම්කර වංචාව නිසා 3%කින් විතර එකපාරට එය වැඩි කරගත්තා. 'කිසිම ප්‍රශ්නයක් නැහැ' යැයි බලධාරීන් කියා සිටියත්, ජනතාවට තියෙන ප්‍රශ්න මේවායි. හුඟාක් අසාධ්‍ය වෙලා ඉන්න රෝගියෙකුට ප්‍රතිකාර කරද්දි හැම පැත්තක්ම බැලිය යුතුයි. එකක් දෙකක් අත්හැරියොත් මනුස්සය මැරෙන්න පුළුවන්. රටේ ආර්ථිකය ගැනත් අප කටයුතු කළ යුත්තේ ඒ ආකාරයෙනුයි.
ද.දේ.නි. සාපේක්ෂ ණය කොහොමද?
දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ණය ශීඝ්‍ර ලෙස වැඩිවෙනවා. එය ඉතාම භයානක තත්ත්වයක්. යමෙකු අපේ රටට ආයෝජකයන් ගේන්න හදනවා නම්, රටට ණයක් ලබාදෙන්න හදනවා නම්, ඔවුන් රට දිහා බලන මූලික මිම්ම මෙයයි. 2005 දී එවකට රජය මුලින්ම භාරගන්නා විට ඒ ණය ප්‍රමාණය ද.දේ.නි. සාපේක්ෂව 91%යි. එදා සියලු යටිතල පහසුකම් ව්‍යාපෘති කරලා, යුද්ධයක් කරලා, ඒ සියලු අභියෝගවලට මුහුණදීලා එය 71%ක් දක්වා 2014 වනවිට අඩු කළා. වත්මන් අගමැතිවරයාගේ අතිශය දූරදර්ශී ආර්ථික පාලනය නිසා අද එය 90%කට ආසන්නව නැවත වැඩි කරගෙන. ඒ වගේම, රු.බිලියන 7,390කට තිබුණු ණය ප්‍රමාණය අද රු.බිලියන 12,000ක් දක්වා වැඩි කරගෙන. කරපු දෙයකුත් නැහැ. ණය නම් වැඩිවෙලා. ඒ අනුව, මේ ණය ප්‍රමාණය ද.දේ.නි. සාපේක්ෂව 90%කට ආසන්න වී ඇති ආකාරය දුටුවිට මිනිස්සු භය වෙනවා. ඒ නිසා, ණයදීම අඩු කරනවා. ණය දෙනවිට පොලිය වැඩි කරනවා. දැන් ඒ දෙකම සිදුවෙනවා. ඒ විතරක් නොවෙයි, 'අපට ණය ගෙවාගන්න බැහැ' යැයි කියමින් මාසයකට විතර වතාවක් රටේ අගමැතිවරයා ප්‍රසිද්ධියේ කෑ ගසනවා. ණය ගෙවාගන්න බැරි මිනිහෙක්, ඒ ගැන වැඩ කරලා ඒ ණය ගෙවාගැනීමට උනන්දු වෙනවා හැර, ලෝකයට කිය කියා ඉඳල වැඩක් නැහැ. ඒ මෝඩ වැඩෙත් කරනවා.
ATM වංචා වැළැක්වීමට අප සූදානම්ද?
ATM යන්ත්‍ර හරහා සිදුවූ මූල්‍ය වංචා අල්ලා ගන්න පුළුවන්. මේ වංචනික පුද්ගලයන් සිදුකරන සෑම ක්‍රියාවක්ම වැළැක්විය හැකි ක්‍රමවේද ලෝකයේ තිබෙනවා. ඒවා වහාම ක්‍රියාත්මක කළ යුතුයි. මම මහ බැංකු අධිපති ධුරය දැරූ කාලයේදී පවා අපට ඇති වූ යම් යම් ප්‍රශ්නවලට මුහුණදීම සඳහා අප ඒ ප්‍රශ්න එන්න කලින්ම ඒවාට විසඳුම් සොයමින් සූදානම් වුණා. මොකද, ලෝකයේ මේ වගේ දේවල් සිදුවෙලා තිබුණාම, අප සූදානම් විය යුතුයි. ප්‍රශ්නයක් ඇවිත් මාසයක් දෙකක් ඉඳලා විසඳුම් සොයලා වැඩක් නැහැ. සේනා දළඹුවා වගේ හැම අවුරුද්දෙම මොකක් හරි සිදුවෙනවා. ඒවා සිදුවුණාම අඬලා දොඩලා වැඩක් නැහැ. ඒ දේවල් ගැන කලින්ම සොයා බලා, සූදානම් වෙලා, ඒවාට ක්‍රියාත්මක වීම තමයි, හපන්කම. දැන් තියෙන්නේ, ක්‍රියාත්මකවීමේ ප්‍රශ්නයක්. යම් ප්‍රශ්නයක් ආවාම, ප්‍රතිචාර දැක්වීමේ කාලය අඩු කරගන්න ඕනෑ. මේක හොඳ පාඩමක්. ඊළඟ ප්‍රශ්නය තවත් අලුත් වෙන්න පුළුවන්. තවත් බරපතළ වෙන්න පුළුවන්. මේ වගේ දේවල් තවදුරටත් සිදුවෙන්න පුළුවන්. මෙය ජනතාවගේ වගකීම නොවෙයි. මේ සියලුම ප්‍රශ්නවලට මුහුණදීමට ශක්තිය ඇති කරගෙන සූදානම් වීම බලධාරීන්ගේ වගකීමක්.
අද පිරමීඩ ක්‍රම ගැනත් කියවෙනවා. එදා අප මේ වගේ දේවල්වලට ඉඩක් නොදී ක්‍රියාත්මක වුණා. පුවත්පත් දැන්වීම් හරහා නිරන්තරයෙන් ජනතාව දැනුවත් කළා. අද දැන්වීමක්වත් අප දකින්නේ නැහැ. මේ වංචාකරුවන් තවත් මාස කිහිපයකින් ඉස්මතු වන්නේ අද ව්‍යුහයෙන් නොවෙයි. පරිගණක වෛරස් නිරන්තරයෙන් අලුත් වෙනවා. ඒ නිසා, ප්‍රතිවෛරස් මෘදුකාංග නිරන්තරයෙන් අලුත් කරනවා. ඒ වගේම, ATM වංචා, පිරමීඩ ක්‍රම, ක්‍රෙඩිට්කාඩ් වංචා මැඬපැවැත්වීමට නම් අප අනාගතයේ ජීවත්විය යුතුයි. ලෝකයේ සිදුවෙන දේවල් ගැන, මේ ක්ෂේත්‍රවල සිදුවන්නේ මොනවාදැයි කියා දැනුවත් විය යුතුයි. මෙයින්වත්, අප පාඩමක් අරගෙන කටයුතු කළ යුතුයි.
අප නටන්න ඕනෑ කාගේ පදයටද?
විදේශයන් සමග අපට තියෙන ගනුදෙනුව අප තවදුරට ශක්තිමක් කළ යුතුයි. එහි විවාදයක් නැහැ. නමුත්, අපේ ශක්තීන් සමග අප ඔවුන් සමග කතා කරනවා අද දකින්න නැහැ. එදා අප බොහෝ රාජ්‍ය නායකයන්, ආර්ථික නායකයන් හමුවුණේ ඒ අයත් සමග එකම තලයකදීයි. දැන් එහෙම තත්ත්වයක් අප දකින්නේ නැහැ. ඒ අයව අද ඉන්න අය දකින්නේ දෙවියෝ වගෙයි. ඔවුන්ව වඳින්න යනවා වගෙයි. එහෙම රටක්, ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. අපට තියෙන්න ඕනෑ පෞරුෂත්වයක්. අපේ පැත්ත ගැන හොඳ අවබෝධයකින්, විශ්වාසයකින් කටයුතු කරන්න හැකිවිය යුතුයි. එසේ නොමැතිව ලෝකයේ හිමිතැන අපට ඇති කරගන්න බැහැ. එසේ නොහැකි වුණොත්, අපේ රට යටත්විජිතවාදී රටක් බවට තවදුරටත් පත්වෙනවා. හැමෝම ඇවිත් මේකට ඇඟිලි ගහනවා. අද වෙලා තියෙන්නේ එයයි.
එක දවසක් ඉන්දියාව ඇවිත් හිටගන්න කියනවා. තව දවසක් චීනය වාඩිවෙන්න කියනවා. තව දවසක් ඇමෙරිකාව නටන්න කියනවා. යුරෝපය දුවන්න කියනවා. එහෙම රටක් කරන්න බැහැ. රටේ යම්කිසි පෞරුෂත්වයක් තිබිය යුතුයි. එසේ කිරීමට රටේ නායකයන්ටත් පෞරුෂත්වයක් තිබිය යුතුයි. බෙලහීන නායකයන්ගෙන් රටක් ගොඩනගන්න බැහැ. බෙලහීන ආර්ථික ප්‍රතිපත්තියක් හරහා රටක ආර්ථිකය ගොඩනගන්නත් බැහැ. මේ සඳහා හරියටම යොමුවෙලා, හොඳ උගත් පාඩම් තුළින්, හැමදෙයක් ගැනම සැලකිලිමත් වෙලා කටයුතු කළ යුතුයි. මේවාට කෙටි මාර්ග නැහැ. හදිසි ක්‍රමවේද නැහැ.
මම තාමත් පැය 12ක් 14ක් කියවනවා. ලෝකය ගැන සොයා බලනවා. රටේ තියෙන හැම ප්‍රශ්නයක් ගැනම අවධානය යොමු කරනවා. ඒවාට විසඳුම් සොයනවා. විසඳුම් ක්‍රියාත්මක කරන්න බැරි වුණත් ප්‍රශ්නයක් නැහැ. කවදාහරි අපට වගකීමක් පැවරුණොත්, ඒ ප්‍රශ්න ගැන අධ්‍යයනය කරන්න තව අවුරුදු දෙකක් ගන්න බැහැ. අප අධ්‍යයනය කරලා ඉන්න ඕනෑ. ඇවිත් පළමු වැනි දවසේම ක්‍රියාත්මක වෙන්න පුළුවන් වෙන්න ඕනෑ. ඒ සඳහා පුහුණු වීමට, වර්තමානයේ කාලසීමාවක් ලැබී තියෙනවා. එසේ කටයුතු කළා කියා කවදාවත් පාඩු වෙන්නේ නැහැ. එය මානසිකවත් තෘප්තියක්. එහෙම සූදානම් වීමක් අවශ්‍යයි. මේ රටේ නායකයන් වෙන්න ඉන්න අයත් එහෙම සූදානමින් සිටියොත්, මේ රටට හොඳ ඉරණමක් අපට ගේන්න පුළුවන්. 
යළිත් අධිපති වුණොත් ඔබ සූදානම්ද?
මහ බැංකු අධිපතිවරයා ලෙස මා කළ කාර්යභාරය ලෝකය දන්නවා. ආයෙත් ඇවිත් ඒ වැඩේ කරන්න මට බලාපොරොත්තුවක් නැහැ. නමුත්, මම මේ රටට දායකත්වය ලබාදීමට සූදානම්. එය සිදුකළ හැකිවන්නේ කෙසේද යන්න දේශපාලඥයන් සහ ජනතාව තීරණය කළ යුතුයි. කෙසේ වෙතත්, එසේ ආරාධනාවක් නොලැබුණත් මට දුකක් නැහැ. මම අධිපති ලෙස කටයුතු කළ කාලයේ මේ රටේ ඒකපුද්ගල ආදායම ඇ.ඩො.1,240 සිට 3,820 දක්වා මැදි ආදායම් ලබන රටක් බවට පත්කළා. බලාපොරොත්තු නොවූ ආකාරයේ සියලුම අභියෝගවලට මුහුණදීලා වැඩකටයුතු කළා. මගේ 'ට්‍රැක් රෙකෝඩ්' එක ගැන මට සන්තෝෂයි. මම මා ගැන වර්ණනාවක් කරනවා නොවෙයි. නමුත්, ඒ දායකත්වය ලබාදීමට හැකිවීම ගැන මම නිහතමානීව සතුටු වෙනවා. කෙසේ වෙතත්, රට යමක් මගෙන් බලාපොරොත්තු වුණොත්, යම්කිසි සේවයක්, මට ඒක කරන්න පුළුවන් කියල ඒ අය හිතනවා නම්, මම ඒක කරන්න සූදානම්.

Back to top  Message [Page 1 of 1]

Permissions in this forum:
You cannot reply to topics in this forum