මේ අතර පසුගිය ජූලි මාසයේ පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසුවේ 2019 වර්ෂය සඳහා මෙරට ආර්ථික වර්ධන වේගය 3%ක් බවට පුරෝකථනය කරනු ලබන බවයි. වසර ආරම්භයේ දී ඇස්තමේන්තු කරනු ලැබූ 4% මට්ටමේ සිට 3% ක් දක්වා ආර්ථික වර්ධන වේගය යළි පුරෝකථනය කර ඇති බව ඔහු එහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පුරෝකථනයන්ට අනුව 2019 වසර සඳහා දකුණු ආසියානු කලාපයේ මූර්ත දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධන වේගය 6.8%ක් ලෙසින් ගණන් බලා ඇත. මෙය ආසියා ශාන්තිකර කලාපය සඳහා 5.1%ක්, නැගෙනහිර ආසියානු කලාපයේ 5%ක්, යුරෝපය 1.6%ක් වශයෙන් පුරෝකථනය කර තිබේ.
2019 සඳහා ගෝලීය ආර්ථික වර්ධන වේගය 3.3%ක් බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන අතර ලෝක බැංකුව පවසන්නේ එය 2.6%ක් දක්වා අඩු විය හැකි බවයි.