LOLC, කොමර්ශල් ලීසින්ග්, වලිබල් ෆිනෑන්ස්, LB ෆිනෑන්ස්, කළුතොට ෆිනෑන්ස්, කොමර්ශල් ක්‍රෙඩිට් වැනි එකී නොකී සියලු ලීසින්ග් ආයතන අසරණ ශ්‍රී ලාංකිකයන්ගේ මුදල් ගසාකන ආයතන බවට පත් වී ඇත.
මෙම ආයතන වලින් ලීසින්ග් පහසුකම් ගන්න ජනතාව බියවද්දවා ඉතාමත් වංචනික ලෙස වාහන මංකොල්ල කන පාතාල නායකයින් මෙන්ම ඔවුන්ගේ ගොලබලයින්ද යැපෙන්නේ මෙම ලිසින් ආයතන වලිනි. මිනිසුන් හට ලිසින් ලබා ගෙන මස 3ක් වාරික ගෙවීමට අපොහොසත් වූ විට මෙම පාතාල සාමාජිකයන්ට මුදල් දී මිනිසුන්ට පිස්තෝල පෙන්වා එම මිනිසුන්ගේ වාහන කොල්ල කන මොවුන් ඉන්පසුව ඉතාම අසාදාරන ලෙස එම වාහන කුණුකොල්ලයට විකුණා දමයි. මිනිසුන් ඒ වනතුරු ගෙවූ කිසිම මුදලක් ඔවුන්ට ලබා නොදෙන අතර සියලුම මුදල් වංචනික ලෙස මෙම ආයතන තම සන්තකයේ තබා ගනියි. ඉතාම අසරණ භාවයට පත් වන වාහන අයිතිකරුවන් කිසිදු ලෙසකින් තම වාහන නැවත ගැනීමට අපොහොසත් වී මුළු ජීවිතයම වය කර ගෙවූ මුදල්ද නැති කරගෙන පාරට බසින තත්වයට පත්වෙයි.
මෙම ව්‍යාපාර වල ප්‍රධාන ගනයේ මොළකරුවන් වන්නේ දම්මික පෙරේරා(වලිබල් ෆිනෑන්ස්, LB ෆිනෑන්ස්, Pan Asia Bank ) සහ ඉෂාර නානායක්කාර යන අයයි. ඉතාමත් විශ්මය ජනක සිදුවීම වන්නේ මොවුන් දෙපලම මේ වන විට ලංකාවේ ඉහලම ධන පතියන් වීමයි.
මෙම වාහන මන්කොල්ලකෑමට ලංකාවේ නීතියේ කිසිදු වෙන්වීමක් නැත. මෙය හුදෙක්ම මෙම වංචනික ලිසින් ආයතන පාතාල මංකොල්ලකරුවන් සමග සිදුකරන ඉතා දරුණු ක්‍රියාවකි. මිනිසුන් මහා දවාලේ ඔවුන්ගේ වාහන වලින් බලෙන් එලියට ඇද දම පවුල් පිටින් ලජ්ජාවට පත් කර පිස්තෝල පෙන්වා බය කර සිදුකරන ක්‍රියාව ඉක්මනින් නැවැත්විය යුතුය. ඉතාමත් දරුණු කරනයනම් ලංකාවේ පොලිසියද මෙම පාතාල නායකයින්ට අවනත් වන නිසා පොලිසියද කිසිදු බලපෑමක් මෙම ක්‍රියා වලට එරිහිව සිදු නොකිරීමයි.
එමෙන්ම මෙම හොර ලිසින් ආයතන තම recovery නිලධාරීන් ලෙස හිටපු විශ්‍රාම ගිය පොලිස් DIG මහත්වරු යොදා ගැනීමද බලවත් ප්රශ්නයකි.ඔවුන් ඉතාමත් අනිසි ලෙස පොලිසියට බලපෑම් කරන බවද නොරහසකි.
අප ජනාධිපතිතුමගෙන් මෙන්ම අගමැතිතුමන්ගෙන් ඉල්ලා සිටින්නෙ මෙම හොර ලීසින් ආයතනවලට මෙසේ ලීස්න් වාහන මංකොල්ල කෑමේ ක්‍රියාව සිදු කිරිමට ඉඩ නොදී නීතිමය තත්වය අනුව ක්‍රියා කරන ලෙසට නියෝග කරන ලෙසයි