ඡන්ද පෙට්ටි සහ ඡන්ද මධ්‍යස්ථාන කොතරම් ප්‍රමාණයක් වැඩිකළ යුතුද යන්න මෙතෙක් තීරණයක් ගෙන නැතැයි පැවසූ හෙතෙම ඒ පිළිබඳව කඩිනම් තීරණයක් ගන්නා බවද කීය.
ඡන්ද විමසන කාලසීමාව දීර්ඝ කිරීමට සිදුවිය හැකි බවත් එය දීර්ඝ කරන්නේ පැයකින්ද දෙකකින්ද යන්න බව ඉදිරියේදී තීන්දු කරන බවත් එම ප්‍රකාශකයා සඳහන් කළේය.
මැතිවරණයට අදාළ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් වහාම ඡන්ද දිනය ප්‍රකාශයට පත් කරන බවත්, සමාජ දුරස්ථභාවය ඇතිව විධිමත් ලෙස ඡන්දය පැවැත්වීම ගැන සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව තීරණ ගැනීමට මැතිවරණ කොමිසම අපේක්ෂා කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
http://nethgossip.lk/article/36571