හිතන්න අද ජූනි 14 වුනේ
මොකක් ද කියලා වෙනස් විදිහකට
වොරන් බෆට් කීවා වගේ කොළපාට දවස් වලම විකුණන්න
රතු දවස් වලට ගන්න වග බලාගන්න
ඉතාම සුලු පිරිසක් හැර හැමෝම හිතන් හිටියේ සති අන්තයේ ආපු දීපු ආරන්චි එක්ක කටකතා එක්ක අද දර්ශක.100-150 පහත වැටෙනවා කියා නොවේද ?
එහෙත් LOLC - BIL -BRWN - VONE -EXPO - DIAL -CTC - වගේ දර්ශක වලට බලපැම් වැඩි කොටස් වල
මිල වැඩි නොවී හෝ අඩු වෙලා තියනකොටත් අවසානයේ මාර්කට් එක රතු වුනේ දර්ශක 29 පමණක් ම නේද ?
හිතන්න එහෙම.වුනේ ඇයි ??
අපි අම්බානට වැටෙනවා කියල.හිතන කී දවසක් මාර්කට් එක අපිව කරකවලා යන්න කොළපාට වෙනවා නේ ද ?
එහෙම.නැත්නම් අද වගේ ලාවට වැටිලානවතිනවා නේද ?
අපි අම්බානට වැටෙනවා කියා හිතන බොහෝ වෙලාවට මාර්කට් එක එක්කෝ ඉහලට යනවා නැත්නම් අද වගේ පොඩ්ඩක් වැටෙනවා
එහෙම වෙලා නැද්ද ?
මාර්කට් එකේ මෙහෙමෙ දෙයක් වෙනවා
අපට අපේ මනසට එක එක කාරණා ගැන රිනාත්මක දේ අල්ලාගෙන දෙගුණ තෙගුණ කොට දමා අපිව කලින් සෙල් කරන මානසිකත්වයකට ගේනවා
අපි සෙල් කරනවා ටිකක් ලාබෙට හෝ ටිකක් පාඩුවට
අපිට ඉහලින් ඉන්නා ඇති හැකි අය ඒවා මිලට ගන්නවා
අපි විකුණන්න විකුණන්න එයාල ගන්නවා මේ ක ටික දවසක් දිගින්.දිගටම වෙනවා නේද ?
අපි විකුණනවා අපට ඉහලින් ඉන්නා ජාලය ට සම්බන්ධ අය ගන්නවා -
මේ කාලෙ දි මාර්කට් එක ටික ටික වැටෙනවා දර්ශක 40-50 අද වුනා වගේ
ඒ සෙට් එක එකතු කරගන්නවා
ඔහොම අපි පාඩුවට අලාබෙට විකුණා විකුණා ටික දවසක් යනවා
යනකොට අපිට ඉහලින් ඉන්න ජාලය එකතු කරගෙන යනවා ටික දවසකින් අපෙ කොටස් විකිණිලා ඔන්න දැන් බොටම් වෙලාතියන්නේ මාර්කට් එක.දැන් අප් වෙන්න පටන් ගනී කියලා අපිට හිතෙන්න.ගන්නවා
එහෙම.හිතලා අපි මාර්කට් එක ග්‍රීන් වේගෙන එනකොට කරටියෙන් මිලට ගන්න පටන්.ගන්නවා
ටික ටික කොළ පාට වෙන්න ගන්නවා - අපි හිතනවා ඔන්න්න දැන් බුල් බුල් එනවා කිය කියා අපි තව ට්ජව ගන්න පටන් ගන්නවා - ඒත් ඒ ඉහල මිල ගණන් වලට
අපි කරටියෙන් ගන්නවා මාර්කට් එක තව ගහයි ගහයි කියලා
අපි ගන්නේ අපිම ඊට කලින් අපිම අඩුවට විකුණපු කොටස් බොහෝ වෙලාවට
අපෙන් ගත්තු අය ලාබ ගන්න ගමන් බයි නොකර හලනවා - ටික දවසකින් අපෙන් ගත්තුවා අපට දීලා ඒ අය ලාබ ගන්නවා
අපි කරටියේ හිර වෙනවා
ආපහු අපිට ඉහලින් උන්නු අය සෙල් කරලත් ඉවරයි - අපි ගාව ඔකෝම කරටියෙන් අරන් ඉහල සෙට් එක නොගන්න නිසා ඔන්න ආපහු මාර්කට් එක වැටෙන්න පටන් ගන්නවා
මොකක් මොකක් හරි හෙතුවක් හොයාගෙන ඒකත් දෙතුන් ගුණයකින් මේ වෙද්දි ප්‍රචාරය කරලා ආපහු අපි කරටියෙන් ගත්තු වා අඩුවට පාඩුවට විකුණන්න අපිව පෙළබෙනවා
මේ ක තමයි 70% වගේ සාමාන්‍ය පොඩි ආයෝජකයන්ට වෙන්නේ කියලයි මට හිතෙන්නේ
අදත් ජූනි 14 වුනෙත් ඒ වගේ වැඩක්
අපේ කට්ටිය හිතුවේ දර්ශ ක 100-200 බහී කියලා ගොඩක් අය වික්කා යන්තම් ලාබෙට
හෙටත් මේකම වෙන්න පුලුවන්
ඔහොම ටික දවසක් වෙලා අපිම අපහු ගන්න පටන ගන්නේ අපිම වික්ක කොටස් වැඩි ගානට
මේක මනෝමය ගේම් එකක් වගේ
මේකයි හැම තිස්සේම මම කියන්නේ
ආයෝජකයන් වගේ ඉන්න බලමු
කලබල නොවී කියලා
ඉවසන්න
ඉදලා
වැඩි තණ්හාවටත් නොගිහින්
15% 20 % ලාභ අරගමු කොළපාටට තියන කොටම විකුණමු
රතු පාට දවස් වලටම ගමු
එහෙම නැතිනම් සමහර හොදටම ලාබ බෙදා දෙන ඒවා දිගු කාලීනම ආයෝජන ලෙස සලකා තබා ගමු කලබල නොවී ඉමු
මාර්ජින් සහ ණය කළමනාකරණය ඉතාම වැදගත්