කොළඹ බ්‍රිතාන්‍ය පාසලට යාබදව කොළඹ අක්කර 100ක භූමි ප්‍රදේශයක් පෞද්ගලික සමාජ ශාලාවක සාමාජිකයන් 400ක් විසින් අනවශ්‍ය ලෙස අවභාවිත කර රටට ආර්ථික ප්‍රතිලාභ අහිමි කරමින් පවතී. එය Royal Colombo Golf Club (www.rcgcsl.com) ලෙස හඳුන්වන අතර එහි සාමාජිකයින් 400ක් තම ශරීර සෞඛ්‍යය පවත්වා ගැනීමට සහ සුදු බෝල ක්‍රීඩා කිරීම සඳහා මෙම දේපල භාවිතා කරයි. සාමාන්‍ය ජනතාවට මෙම ඉඩමට ඇතුළු වීමටද අවසර නැත.
ඉඩම තක්සේරු කිරීම පහත පරිදි වේ.
අක්කර 100 X පර්චස් 160 X පර්චසයක් රු මිලියන 20 යි
රු බිලියන 320 = ඩොලර් බිලියනයක් (US$ 1 Billion)
මෙම ඉඩම ජලය බැස යන ඉඩමක් ලෙස මුවාවෙන් ඉතා අඩු බදු කුලියට රජය විසින් කිහිප විටක් අවුරුදු 33 කාලයකට මෙම සමාජ ශාලාවට බදු දී ඇත. ඉහත දක්වා ඇති ගූගල් සිතියමෙන් මෙහි ඇති සීමිත පොකුණු 2 පෙන්නුම් කරන අතර එය කිසිම ජල බැසීමක උපයෝගී නොවන බව කදිමට පැහැදිලි වේ. මෙම ඉඩම විදේශීය ආයෝජකයෙකුට විකිණීමෙන් හෝ බදු දීමෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය විසඳිය හැකිය. මෙම වටිනා දේපල සඳහා රජය මෙතරම් අඩු කුලී මුදලක් උපයා ගැනීම කණගාටුවට කරුණකි.
රජයට මෙම ප්‍රමුඛ දේපල විදේශීය ආයෝජකයෙකුට පහසුවෙන් බදු දී එය සුළු පිරිසකගේ පුද්ගලික අවශ්‍යතා සපයාගැනීම වෙනුවට මහජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් ඩොලර් බිලියන 1ක් රැස් කළ හැකිය. රට උග්‍ර ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින විට බලගතු පුද්ගලයන් විසින් පාලනය කරනු ලබන මෙවන් පෞද්ගලික සමාජ ශාලා මහජනතාව කෙරෙහි කිසිදු ත්‍යාගශීලීභාවයකින් තොරව මහජන දේපළ අවභාවිත කිරීම දිගින් දිගටම සිදු කිරීම ජනතාවට මහත් කැළඹීමක් ඇති කරයි. මීට පෙරද මෙවන් අවභාවිතාවට ලක්වූ ඉඩම් රජය විසින් පවරාගෙන තිබේ. Waters Edge දේපල මෙයට කදිම නිදසුනකි.
මෙම මුදලෙන් ඉදිරි වසර සඳහා ජනතාවට අවශ්‍ය ගෑස් සහ ඉන්ධන රජයට මිලදී ගත හැකිය.
මේ පිලිබඳ මහජනතාව දැනුවත් කිරීම සඳහා විරෝධතාකරුවන් මෙවැනි ස්ථානවල සිට විරෝධතා ආරම්භ කිරීමට කාලය පැමිණ ඇත.