මේ අනුව, සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්, මලික් කාදර් පවසන්නේ මාලදිවයිනේ ක්රියාත්මක සමාගම් දෙකක් මේ වනවිටත් කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත කිරීමට කැමැත්ත පළකර තිබෙන බවත් මේ වසර අවසන් වීමට පෙර එම සමාගම් ලයිස්තු ගත කරනු ඇති බවයි.
විදේශීය සමාගම් වලට ලංකාවේ සමාගමක් ආරම්භ කර එයට වත්කම් පැවරීමෙන් හා එම සමාගමට ලාංකික අධ්යක්ෂවරුන් දෙදෙනෙකු පත්කිරීමෙන් කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තු ගත වීමට මේ වනවිට අවස්ථාව ලබාදී තිබේ.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=2836&Itemid=56