රූපවාහිනී හා ගුවන් විදුලි බලපත්‍ර හිමි පීපල්ස් මීඩියා නෙට්වර්ක් සමාගමේ පාලිත කොටස් ප්‍රමාණය රුපියල් මිලියන 49.3 කට මිලදී ගැනීමට ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් සමාගම කටයුතු කරයි.
මේ අනුව, ව්‍යාපාරික නහීල් විජේසූරිය විසින් පාලනය කරන ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් සමාගම කොළඹ කොටස් වෙළඳ පොළට දැනුම් දී තිබෙන්නේ පුද්ගලික රූපවාහිනී විකාශ ආරම්භ කිරීමට හා පුද්ගලික ගුවන් විදුලි විකාශ ආරම්භ කිරීමට විදුලි සංදේශ නියාමන කොමිසම ලබාදුන් බලපත්‍ර හිමි පීපල්ස් මීඩියා නෙට්වර්ක් සමාගමේ සියයට 51 ක් වන කොටස් ප්‍රමාණය සිය සමාගම විසින් මිලදී ගත් බවයි.
පීපල්ස් මීඩියා නෙට්වර්ක් විසින් මේ වනවිට රූපවාහිනී විකාශ 02 ක් හා ගුවන් විදුලි විකාශ 09 ක් පවත්වාගෙන යන බව සඳහන්ය.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=3141&Itemid=56