ප්‍රාග්ධන ලැබීම් නිසා මෙරට විදේශ සංචිතය සැප්තැම්බර් 23 වනදා වනවිට ඩොලර් බිලියන 7.0 ක් දක්වා වර්ධනය වී තිබෙන අතර පසුගිය ජූලි මාසය වනවිට විදේශ සංචිතය තිබුණේ ඩොලර් බිලියන 6.3 ක මට්ටමකයි.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව විසින් පසුගියදා ඩොලර් මිලියන 750 ක මුදලක් ජාත්‍යන්තර බැඳුම්කර නිකුතුවක් මගින් රැස්කර ගැනීමට කටයුතු කළේය.
මේ වසරේ මුල් මාස හත තුළදී කොළඹ කොටස් වෙළඳ පොළට ඩොලර් මිලියන 128.8 ක පමණ මුදලක් පැමිණ තිබෙන අතර සැප්තැම්බර් වනවිට එම ප්‍රමාණය ඩොලර් මිලියන 150 ක් දක්වා වර්ධනය වී තිබේ.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=32140263