අද ගනුදෙනු නිමාවේ සමස්ත කොටස් මිල දර්ශක අගය ඒකක 121යි දශම 7යි කින් පහළ ගිය අතර මිලංකා මිල දර්ශක අගය පහළ ගියේ ඒකක 98යි දශම 9යි 3කිනි.
කොළඹ කොටස් වෙළඳපොල මිල දර්ශකය ඊයේ දිනයේදි ඒකක 5000 සේ සීමාවෙන් පහළ අගයන් කරා ගමන් කළේය.
අද ගනුදෙනු නිමාවේ සමස්ත කොටස් මිල දර්ශකය සියයට 2යි දශම 4යි 7කින් පහළ ගිය අතර එහි අගය ඒකක 4813යි දශම 2යි 6කි.
මිලංකා මිල දර්ශක අගය ද සියයට 2යි දශම 2යි 3කින් පහළ ගොස් ඒකක 4,342 යි දශම 6යි 3ක් ලෙස දැක්විය.
එය වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ පහළම දර්ශක අගය මෙන්ම 2010 වසරේ අගෝස්තු මාසයෙන් පසු වාර්තා වූ පහළම අගය ද වේ.
පසුගිය වසරේදි ලොව වර්ධනීය වෙළඳපොලවල් අතර ප්‍රමුඛස්ථානයක පසුවූ කොළඹ කොටස් වෙළඳපොල මිල දර්ශකය ඒකක 7000 සේ සීමාව ඉක්මවා වර්ධනය වීම විශේෂත්වයකි.
පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී සමස්ත කොටස් මිල දර්ශකය ඒකක 7,816ක් ලෙසිනුත් මිලංකා මිල දර්ශකය ඒකක 7,347ක් ලෙසිනුත් ඉහළ ගියේය.
අද වනවිට සමස්ත කොටස් මිල දර්ශකය සියයට 38කින් හා මිලංකා මිල දර්ශකය සියයට 40කට වැඩි ප්‍රමාණයකින් පහළ ගොස් තිබේ.
කොළඹ කොටස් වෙළඳපොල තුළ කෘතීම ලෙස කොටස් මිල ඉහළ දමන පුද්ගලයින් ක්‍රියාත්මක වන බව පවසමින් සුරැකුම් පත් හා විනිමය කොමිෂන් සභාව කොටස් ගනුදෙනු වලදී මිල ඉහළ යාහැකි සිමා පැනවීමට පියවර ගත්තේ ද පසුගිය වසරේදීය.
අනතුරුව කොළඹ කොටස් වෙළඳපොල ගනුදෙනුවල පහළයාමක් දක්නට ලැබීමත් සමග අදාළ නීති ලිහිල් කෙරිණි.
මේ අතර ජාතික ඉතිරිකිරිමේ බැංකුවේ ආන්දෝලනාත්මක කොටස් ගනුදෙනුවෙන් පසු, ඉකුත් බදාදා සිට කොටස් ගනුදෙනු සදහා නව රෙගුලාසී ලිහිපයක් හඳුන්වාදීමට ද සුරැකුම්පත් හා විනිමය නොමිෂන් සභාව පියවර ගත්තේය.
එතැන් සිට මේ දක්වා කොළඹ කොටස් වෙළඳපොල් ගනුදෙනුවල දක්නට ලැබෙන්නේ පහළ යාමකි.
කොටස් වෙළඳපොල ගනුදෙනුවලට බලපෑමක් සිදුවන විනිමය අනුපාතය මෙන්ම පොලී අනුපාතය ද මේ වනවිට ඉහළ ගොස් තිබේ.
අමෙරිකානු ඩොලරය රැපියල් 125කට අඩු අගයක පැවතිය යුතු බව රජය දිගින් දිගටම පැවසුවත් එය අද වනවිට රැපියල් 131යි ශත 75කි.
http://newsfirst.lk/sinhala-news/?view=news_more&id=7552