පසුගිය දින කිහිපයේදීම පහළ ගිය කොළඹ කොටස් වෙළඳ පොළ අද සුළු වශයෙන් ඉහළ ගිය අතර සමස්ත මිල දර්ශකය සියයට 0.08 කින් ඉහළ නැගුණි.
මේ අනුව, සමස්ත මිල දර්ශකය ඒකක 4.03 කින් ඉහළ ගොස් ඒකක 4,928.64 ක් වෙද්දී මිලංක මිල දර්ශකය සියයට 0.04 කින් ඉහළ ගොස් ඒකක 4,359.68 ක්වී තිබේ.
S&P Sri Lanka 20 මිල දර්ශකය සියයට 0.03 කින් පහළ ගොස් ඒකක 2,796.51 ක්වූ බව කොළඹ කොටස් වෙළඳ පොළ දත්ත වලින් අනාවරණය වේ.
දිනයේ පිරිවැටුම රුපියල් මිලියන 368.23 ක් වෙද්දී රුපියල් මිලියන 117.65 ක විදේශීය මිලදී ගැනීම්ද රුපියල් මිලියන 32.50 ක විදේශීය විකුණුම්ද වාර්තා වී ඇත.
පිරිවැටුමට වැඩි දායකත්වයක් ලබාදෙමින් මෙරට පැරණි මූල්‍ය සමාගමක් වන Central Finance කොටසක් ශත 50 කින් පහළ ගොස් රුපියල් 129.40 ක්වී කොටස් 575,762 ක් ගනුදෙනු වී තිබේ.
මේ අතර, PC Pharma කොටසක් ශත 20 කින් පහළ ගොස් රුපියල් 12.30 ක්වී තිබෙන අතර ගනුදෙනු වී තිබෙන කොටස් ප්‍රමාණය මිලියන 5.24 කි.
PC House Holdings කොටසක් ශත 50 කින් පහළ ගොස් රුපියල් 13.40 ක් වෙද්දී කොටස් මිලියන 3.7 ක් ගනුදෙනු වී ඇති අතර Carsons Cumberbatch PLC කොටසක් ශත 10 කින් ඉහළ ගොස් රුපියල් 464.00 ක්වී ඇත.
ගනුදෙනු වූ Carsons Cumberbatch PLC කොටස් ප්‍රමාණය 60,054 කි.
මේ අතර, කාමර 104 කින් යුක්ත Club Palm Bay හෝටලය අයත් Marawila Resorts PLC සමාගම පවසා තිබෙන්නේ එම හෝටලයට අළුතින් කාමර 56 ක් එක් කිරීමට සැලසුම් කර තිබෙන බවයි.
http://www.vimasuma.com/new_full_story.php?subcatcode=2&newscode=1564733694